Friday, August 20, 2021

අසීමිත කායික ශ්‍රමය හෙවත් ටෙස්ලා බොට් ගේ ආගමනය

ටෙස්ලා බොට් නම් හියුමනොඩ් රොබෝව හදුන්වා දෙන්නට ඊලොන් මස්ක් කරන කතාව මේ.

මුලින්ම කියන්න ඕනෙ මේකෙ ඉන්නෙ රොබෝ කෙනෙක් නෙවි ටෙස්ලා බොට් තවම හදා නෑ. මෙතන වැදගත් ඊලොන් ගෙ කතාව පමණයි.

ටෙස්ලා බොට් හදන්නෙ එදිනෙදා කායික ශ්‍රමය රිප්ලේස් කරන්න. එදිනෙදා ජීවිතේ කටයුතු රාශියක් කරවා ගන්න පුලුවන් ටෙස්ලා බොට් ට කියල. ගැඹුරින් හිතල කරන දේවල් කරන්න බෑ. ඒත් එකම දේ නැවත නැවත කරන කායික ශ්‍රම සැපයුම් කල හැකියි. මිනිසුන්ට කරන්න අමාරු වැඩ කරවා ගන්න පුලුවන්. හිතාමතාම මිනිස් හැකියා සීමා ගානට සීමා වෙන්න රොබෝව හදනවා කියන්නෙ. (ඒව ඉතින් මිනිසුන්ගෙ හිත සනසන්න කියන කතා, දැන් බැරි වුනත් - දැනටත් පුලුවන් - මිනිසුන්ව ඉක්මවන තත්වයන් හදාගන්න වැඩි කලක් යන්නෙ නෑ තරගය එක්ක)

ඊලෝන් මේකට කියන්නෙ අන්ලිමිටඩ් සප්ලයි ඔෆ් ෆිසිකල් ලේබර් කියල. එනම් වාණිජ අවශ්‍යතා උදෙසා කායික ශ්‍රමය අසීමිතව සපයා ගන්න පුලුවන්. මිළ ඉහළ වුණත් පඩියක් නොගෙවන නිසා එහි ආයු කාලය තුල විශාල වාණිජ අගයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ අපි දකින්නෙ කායික ශ්‍රමය වැය කරන රැකියා වල අවසානයේ ආරම්භක මොහොත.

ඊලොන් ම කියන පරිදි මේකෙන් පස්සෙ මිනිසුන් ලවා කායික ශ්‍රමය වැයකරල රස්සාවක් කරවන එක හුදෙක් තේරීමක් විතරයි. අවශ්‍ය නම් එහෙම නොකර ඉන්න පුලුවන්. ඊලොන් පිලිගන්නව ඒ සමගම එන විරැකියා ප්‍රශ්නය ගැන. නිකමට හිතන්න කොයිතරම් රස්සා මේ රොබෝට රිප්ලේස් කල හැකිද කියල. ටික ටික ඒක වේවි. පළමු ලෝකෙ ප්‍රාග්ධ්නය වඩාත් ලාභ මේ ක්‍රමවේදයට ඉන්වෙස්ට් වෙනකොට තෙවනි ලෝකෙට ඇදිල ආපු ශ්‍රම ඉල්ලුම නතර වේවි.

ඒ සමග එන විරැකියාවට පාරට බැහැල උද්ඝෝශණ කරල පලක් නෑ. කාටද කියන්නෙ? ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. ටෙක්නොක්‍රසියේ සියුම් ඒකාධිපතිත්වයේ තියෙන බයානකම දෙයනම් එයට මුහුණක් ඉලක්කයක් නමක් නැති වීමයි. ඒකාධිපතියෙක්. හැබැයි පේන්නෙ නෑ. මොකවත් කරන්න බෑ. විරෝධය පළ කරන්න බෑ. පඹයෙක්වත් හදල පුච්චන්න බෑ. අද්‍රව්‍ය අනාමික අදෲශ්‍ය ඒකාධිපතියෙක්.

ඊලෝන් යෝජනා කරනව යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් දෙන්න ඕනෙ කියල. එනම් සියලු මිනිසුන්ට මූලික ආදායමක් නිකම් දෙන්න. ආණ්ඩුවෙන් දෙන්න බෑ, මොකද ආණ්ඩු කියන්නෙ වැඩ කරන මිනිසුන්ගෙන් එන බද්දෙන් දුවන එකක්, මිනිස්සු වැඩ නොකරනකොට ආණ්ඩුවට වන්දි දෙන්න විදියක් නෑ. ඒක බොහොවිට දෙන්න ඉඩ තියෙන්නෙ මේ ටෙක්නොක්‍රටික සමාගම්. ඒත් ඒක එක පාර වෙන එකක් නෑ. බොහො විට නිකම්ම ලැබෙන එකකුත් නෑ. ඒ නිසා ලෝකෙ තරමක ඝට්ටනයක් වෙන්න නියමිතයි ඊට කලින්.

යුනිවර්සල් බේසික් ඉන්කම් කියන්නෙ එකම ප්‍රශ්නෙ නෙවි. කායික ශ්‍රමය කියන්නෙ සීමිත සම්පතක්. අපි ඉන්න ආර්තිකය හැදිල තියෙන්නෙ ඒ පදනම උඩ. එතකොට ඒ පදනම ඉවත් වෙල කායික ශ්‍රමය අසීමිත සම්පතක් වුණාම වෙන්නෙ මොකද්ද? ඒක අපි දන්න දෙයක් නොවේ. ඒක අපිට තවම හිතන්න පුලුවන් දේකුත් නොවේ. ආර්තිකය කියන්නෙ බයානක සර්පයෙක් තද කරල අල්ලන් ඉන්න තැනක් රිලිස් කලාම ඌ හැරිල හපනවා.

උදාහරණයකට මේ කතාව ගන්න. ලෝකයේ උන්නු ධනවත්ම මිනිහා කියන මාලි අධිරාජ්‍යයේ මන්සා මූසා නම් රජු මක්කම යන්නෙ ඔටුවන් පනහක වගේ පිට මත රත්‍රන් තොග පටවාගෙන. ඔහුගෙ ගමනෙදි ඔහු සියලු අවශ්‍යතා ඉටුකරගන්නෙ මේ ට්‍රිප් එකට ගෙනගිය පොකට් මනි දීමෙන්. ඔහුට යමක් මිලට ගන්න ඕනෙනම් ඒක ගන්නවමයි රත්‍රන් කීයක් ගියාද කියනෙක නතින්. ඔහුට කා ගැන හෝ පැහැදීමක් ආවොත් ඔහු රත්‍රන් කෑල්ලක් දෙනව. කා ගැන හෝ අනුකම්පාවක් ආවොත් හිගන්නෙක් හම්බුනොත් ඒත් එහෙම්මයි. මන්සා මුසා තමන්ගෙ ආතල් එකට ගෙනා පොකට් මනි වියදම් කරල ආපහු යනව. ඒ සමගම අරාබියෙ (තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයෙ) ආර්තිකේ කලප්ස් වෙනව. ඇයි? ආර්තිකය නිර්මාණය වෙලා තියෙන්නෙම රත්‍රන් සීමිත වටිනා සම්පතක් කියල කියන පදනමින්. මන්සා මූස ඔටුවො පනහක රත්‍රන් තොගයක් රිලිස් කලාම තාවකාලිකව රත්‍රන් අසීමිත වෙනව. ආර්තිකයට මේක දරාගන්න බෑ. සම්මුති පවත්වන්න බෑ. ආර්තිකය කඩා වැටෙනවා.

ඊලොන් ගෙ අසීමිත කායික ශ්‍රමයෙ කෙලවර ඒ වගෙ අමුතු දෙයක් වෙන්න පුලුවන්. ඒක කාලයට තමා බාරදෙන්න වෙන්නෙ.

3 comments:

  1. එතකොට රොබෝලා හදන්න අමුද්‍රව්‍ය සහ රොබෝලා සඳහා බල ශක්තිය අසීමිතව නැති නිසා.
    ඒ සම්පත් අයිති පිරිස නායකයෝ වෙලා ඉන්න වැඩවසම් යුගයක් බිහිවෙයි.

    ReplyDelete
  2. අැයි මේ ටෙක්නොක්‍රසිය කියන්නෙ. එ් වචනය ගැලපෙන වචනයක් නෙවෙයි. ටෙක්නොක්‍රසිය කියන්නෙ හැකියාව මත පදනම් වෙලා ඉහලට පැමිනීමේ ක්‍රමය. මෙරිටොක්‍රසිය වගේම තමයි. නැතුව ටෙක්නොලොජි සෙක්ටර් එක මගින් දේශපාලයට වෙන බලපෑමක් ගැන නෙවෙයි

    ReplyDelete
    Replies
    1. Technocracy is a form of government in which the decision-maker or makers are selected on the basis of their expertise in a given area of responsibility, particularly with regard to scientific or technical knowledge. This system explicitly contrasts with representative democracy, the notion that elected representatives should be the primary decision-makers in government,[1] though it does not necessarily imply eliminating elected representatives. Decision-makers are selected on the basis of specialized knowledge and performance, rather than political affiliations, parliamentary skills, or popularity.[2]

      - Wiki

      Delete