Wednesday, January 4, 2023

ඔස්ට්‍රෙලියාවේ ඕ ලෙවල් ෆේල් වුණොත්...

උත්සාහය ඕලෙවල් ෆේල් කියන එක ඔස්ට්‍රෙලියාව එක්ක සන්සන්දනය කරන්න. ඇපල් ඔරේන්ජ් සන්සන්දනයක් හේතු කීපයක් නිසාම. ඒ නිසා කතාවෙන් සාරයක් මිසක් අමු අමුවෙ කොපි අයිඩියාවක් ගන්න බෑ.

ඔස්ට්‍රෙලියාවෙ ඕලෙවල් කියල එකක් නෑ. එක ගැම්මට කෙලින්ම ඒ ලෙවල් වගෙ තියෙන එච් එස් සී හෙවත් උසස් පාසල් සහතිකේ එක තමා තියෙන්නෙ. ඒ සදහා ගත කරන පාසල් කාලය වසර 13ක් (කින්ඩගාට්න් හෙවත් බාළාංශ පන්තියත් එක්ක). වයස 4/5 අතර පටන් ගන්න නිසා ලංකාවට වඩා අවුරුද්දක් හෝ දෙකක් අඩු වයසින් තමා පාසල ඉවර වෙන්නෙ.

ඉතින් ඔස්ට්‍රෙලියාවෙ ඕලෙවල් මට්ටම ලෙස සලකන්න වෙන්නෙ දහය වසර විතර. එතනින් කඩ ඉම් විබගයක් නැතත් ඔය හරියෙදි ඩ්‍රොපවුට් වෙන අය ඉන්නව. ඒ ඉගෙන ගන්න බැරි කමට වඩා වෙනත් පුද්ගලික පවුල් සමජිය හේතු නිසා. ආර්තික ප්‍රශ්න, නොමනා පුරුදු, ගෙවල්වල ගැටලු, සිසුවියන් නම් ගැබ් ගැනීම් ආදී විවිධ හේතු. ඒ වගේම එච් එස් සී විබාගෙ එතරම් හොදට පාස් නොවීම නිසාත් පාසල් ඉවර කල පිරිසක් සමාජයට එකතු වෙනව විවි වලට යාගන්න බැරි.

මේ සිස්ටම් එකෙන් එලියට යන මිනිසුන්ට එලියට ගිහින් කරන්න ගොඩක් දේවල් නෑ. ඔවුන්ගේ ජීවිත බොහො දුරට අනාතයි. ඒ නිසා ඔවුන් නගා හිටවන්න තෲතියික පාටමාලා සපයනව රජය. ඔස්ට්‍රෙලියාවෙ ටේෆ් ආයතනය හරහාත් ඒ හා අනුබද්ධ පුද්ගලික වෲත්තිය පුහුණු ආයතන හරහාත් මේ අයට වෲත්තිය පුහුනුව සපයා දෙනවා. සාමාන්‍ය ස්මාජ සම්මතයෙන් නම් පුංචි පුංචි දේවල් ඉලෙක්ට්‍රිකල් වැඩ ඒසී පයිප්ප වැඩ මේසන් වඩු මිකෑනික් වේටර් ඔෆිස් ඇඩ්මින් චයිල්ඩ්කෙයා සෙකට්‍රි රිසෙප්ශනිස්ට් එකවුන්ටින් ක්ලෙරිකල් ග්‍රැෆික් ඩිසයින් සෞඛ්‍ය සේවා රියැදුරු ඔය වගෙ සාමාන්‍ය සමාජෙ එදිනෙදා රස්සා, සර්ටිෆිකට් එකක් ඩිප්ලෝමා එකක් වගෙ වෙනකම් ලබාගන්න පුලුවන්. ගැලපෙන කෝස් තියේනම් මේ සහතික භාවිත කර විවි වලට පස්සෙ ඇතුල් වෙලා ඩිග්‍රි සිට පී එච් ඩී එකක් වෙනකම් වුනත් යන්න පුලුවන්, එහෙම කරන අය අඩු වුනාට.

මේ සර්ටිෆිකට් හා ඩිප්ලෝමා සියලු ආකාරයේ රස්සා වලට අවශ්‍යයි (ඒකයි ඒව නැතුව කල හැකි දේ සීමිතයි කිව්වෙ). පාසල් හැර යන්නන්ට කෝස් ෆී ගෙවන්න බැරි නිසා ඔවුන්ට ඇප්‍රෙන්ටිස්ශිප් හදාගන්න පුලුවන්. කිසියම් ආයතනයක් ඔවුන් පුහුණු වන ශ්‍රමිකයන් ලෙස බදවාගෙන කෝස් ෆී ත් ගෙවල එයාලටත් පොඩි පඩියක් ගෙවනව. ඒ පඩිය අවම වැටුපෙන් බාගයක වගෙ රේට් එකක යන්නෙ. සමහර ආර්තික ගැටලු තියෙන පාසල් හැර යන්නන්ට උගන්වන වෲත්තිය පුහුනු ආයතන වලට රජයෙන් ගෙවනව. ඒ සමහර තැන්වල ඔවුන්ව ගයිඩ් කරන්න බලාගන්න නිලදාරින් දාල තියෙනව (නෙවිනම් ප්‍රශ්න එක්ක ඔවුන් හරියට කෝස් එක ඉවර කරන්නෙ නෑ) කන්න බොන්න පවා දෙනව.

ඔය මං විස්තර කල වෲත්තිය පුහුනු අවස්තා පාසල් යන දරුවන්ටත් ඔප්ශන් එකක් ලෙස ලබාගන්න පුලුවන්. පාසලේ අන්තිම අවුරුදු තුනේ කෙනෙකුට අවශ්‍ය නම් පෙරකී වෲත්තිය පුහුණු පාටමාලා (තෝරාගත් කීපයක්) පාසල් විශයමාලාවෙ කොටසක් ලෙස එකතු කරගන්න පුලුවන්. එහෙම කල අයට ඒ කෝස් කම්ප්ලිට් කිරීම විවි ප්‍රවේශයට වාසියක් වෙනව. යම් හෙයකින් විවි ප්‍රවේශ වීමට බැරි වුනොත් පාසලින් එනකොට ම සහතිකයක් අරගෙන එන්නෙ. හැබැයි මේක බලෙන් අල්ලල පාසලෙන් ඉවත් කරල කරන වෲත්තිය පුහුනුවක් නෙවි, සාමාන්‍ය පාසල් ධාරාව තුලම වෙන එකක්. ඒ සමහරුන්ට ඕනෙ නම් ඇප්‍රෙන්ටිස්ල හැටියට සතියට පැය කීපයක් තෝරාගත් විශයට අදාලව රස්සාවකුත් කල හැකි. ඔවුන්ට පෙරකී අඩු රේට් එකෙන් වැටුපකුත් එනව.

සමස්තයක් ලෙස මේ පද්ධතිය තුල 90%කට වඩා පාසල් හැර යන්නන්ගෙ ජීවිත අනාත නොවී හරි පාරකට දාගන්න සමත් වෙනවා. එසේම සමාජයේ එදිනෙදා වැඩ කටයුතු වලට අත්‍යාවශ්‍ය වෲත්තින් සියල්ල වගෙ පුහුණූ සහ වෲත්තියභාවය සහිත සේවකයින්ගෙන් සිද්ද වෙන එක ජීවන තත්වය උසස් වෙනන් බලපානව. ඔය බොහෝ සංකරමණිකයන් චෝදනාත්මකව කියන "අපිට ඔඩ් ජොබ් එකක්වත් ගන්න බෑ සහතිකයක් නැතුව" කියන කතාවෙ මුල මේකයි.

මේ සියල්ල වෙනුවෙන් රජය ලොකු මුදලක් වැය කරනවා. ඒ මුදල නිසා සමාජෙන් ලොකු පිරිසක් ඒලියනේට් වෙලා හොර මැරකම් වැඩි වෙලා ජීවිත විනාස වෙන ගමන් අනිත් මිනිසුන්ටත් ඉන්න බැරි තත්වයක් හැදෙන එක අඩුවෙනව වගේම නිවැරදි වෲත්තිය හැකියාව තියෙන අය හැම රස්සාවටම සපයා ගන්න අවස්තාවක් ලබාදෙනව. ප්ළමු ලෝකෙම මෙහෙම සිස්ටම් නැති රටවල සමාජෙ පහළ තට්ටුව නිසා යහපැවැත්මට තියෙන හානිය බැලුවම මේකෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන්. සුබසාධක ආර්තික මොඩලයක් ක්‍රියාත්මක වෙන ආකාරය මේ. මේක ධනවාදය හෝ සමාජවාදය සම්බන්ද කතාවක් නෙවි. පවතින ධනවාදි රාමුවත් එක්ක ගානට අනුගත වෙලා තියෙන්නෙ.