Saturday, October 15, 2022

වඩා වටින්නෙ මොකද්ද?

"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.” 

අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ. 

"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ" 

මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න. 

ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත. 

ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද? 

ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක. 

එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ. 

මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව. 

ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ. 

සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ. 

ඇත්තෙන්ම මේ  කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්.  පරිභෝජනය අඩුවීම  - කෙතරම් කුරිරු  ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්. 

රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්; 

"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?" 

කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.

වෝක් ලිබරලිස්ම් කියන්නේ නව වික්ටෝරියානු සංස්කෲතියකට

එකදාස් හයසිය හත්සිය ගනන් වල බිරිතානිය කියන්නෙ අමුතුම සංස්කෲතියක්. එකදාස් පන්සිය ගණන් විතර වෙනකම් කතෝලික පල්ලියේ දැඩි ග්‍රහණය අස්සෙ හැදිලා සංස්කෲතිකව පාලනය වෙලා ඒ නිසාම රජාටත් ඩිවෝස් වෙන්න බැරුව ගිහින් අග බිසවගෙ බෙල්ල කපල මිස නිදහස් වෙන්න බැරි නිසා රජා පනිනව පල්ලි ගැටෙන් එලියට. ඒ පාර එක්දාස් හයසිය ගනන් වල ඔය ට්‍රාන්සිශන් එකේ හැල හැප්පීම් සහ ලිබරල් චින්තනයේ ඉතාම මූලික අවස්තා නිස ලේ හලාගෙන මිනි මරාගෙන ඉවර වෙලා අන්තිමේ සෙට්ල් වෙන්නෙ සැහෙන නිදහස් සංස්කෲතියකට. ඔය නිරුවත ලිංගිකත්වය ආදී දේවල් ගැන සැහෙන (සාපෙක්ශව) ලිබරල් සමාජයක්.

ඔන්න ඕක ඉස්මුරුත්තාවට යන ගානට එනකොට සමාජෙ උඩ ස්තරයෙන් එනව පියුරිටන් වැඩසටහනක්. ඒ පියුරිටන් වැඩසටහන තමා සංස්ක්රූතික සීමා නැවත ස්තාපනය කරන්නෙ. ඒ වගේම සුලු වරදක් කලත් දඩුවම් කරන්නෙ (ඒ දඩුවම් නිසා තමා හිරගෙවල් පිරෙන්නෙ හා ඉඩ නැතුව ඔස්ට්‍රෙලියාව එලිමහන් හිර කදවුරක් වෙන්නෙ). ඔය බ්‍රිට්ටා නීතියට අකුරට ජීවත් වෙන්න පුරුදු වන්නෙ මෙතනදි. අවසානෙ මේ පියුරිටන් වැඩසටහනේ මස්තකප්‍රාප්තිය තමා වික්ටෝරියානු සංස්කෲතිය හා සදාචාරය. ඒකට අමුතුවෙන් විස්තර ඕනෙ නෑනෙ. ලෝකෙ තිබ්බ පියුරිටන් ම එක්ස්ට්‍රීම් ම හා අපි දකින තාලෙට පසුගාමීම සංස්කෲතියක්. කාන්ත හින්සක ලමා හින්සක යුගයක්.

කතාව ඉවර නෑ. දැනුයි කතාව පටන්ගන්නෙ.

ඕන්න ඔය වික්ටෝරියානු පන්නෙ යුගවල සීමාකාරි පියුරිටන් ක්‍රමේ එක්ක ඝට්ටනේ තමා නූතන චින්තනය බිහිවන්නෙ. ඒකත් බෝම හැල හැප්පීම වෙලා තමා බෝම මෑතකදි ලිබරල් චින්තනය දක්වා එන්නෙ. මේ ලිබරල් චින්තනේ අමු හිපි ටයිප් එකක්. එනිතින් ගෝස්. අතිශයින්ම ලිබරල්. හැටේ දශකෙ ඕකෙ සන්ධිස්තානයක්.

ඒ අතිශයින්ම ලිබරල් සිස්ටම් එකත් ආයෙ නවතින්නෙ අර එකදාස් හත්සිය ගනන් වල බිරිතානිය වගෙ තැනක. එතනදි ආයෙත් සමාජෙ පිරිසක් මේකෙ කුණු සුද්ද කරන්න පටන් ගන්නව. සමාජෙ ඉහල කොනකින් එන්නෙ, ඒ කිව්වෙ ඔය ප්‍රසිද්ධ චරිත ස්ක්‍රීන් එකේ නිතර ඇහැට පේන මිනිස්සු ආදියගෙන්. ඔවුන් මෙන්න මේ එනිතින් ගෝස් යුගේට දාන නීතිරීති සීමා පියුරිටන් සන්කල්ප තමා ඔය පොලිටිකල් කරෙක්ට්නස් කැන්සල් කල්චර් ආදිය හරහා ගිහින් අද වෝක් ලිබරල් තත්වය දක්වා විකාශය වන්නෙ. ඒක කොච්චර කේස් ද කිව්වොත් මේ ගැන මන් ෆේස්බුක් පෝස්ට් එකක තව පැහැදිලි කරන්න ගියොත් ලියවෙන වදන් කීපෙකට මාකයිය මාව මාසෙකට ඔස්ට්‍රෙලියාවෙ හිර කදවුරකට ... නෑ සොරි පෝස්ට් රිස්ට්‍රික්ශන් මහ උලු ගෙදරට යවනව.

මේක තව එහාට කොහෙ යයිද දන්නෙ නෑ. හැබැයි දීර්ඝ මානව ඉතිහාසයේ පැටන් එක බැලුවම මේ වෝක් ලිබරලිස්ම් කියන්නෙ පියුරිටන් මූව්මන්ට් එකක්ම තමා. ඉතින් ස්වභාවයෙන් කෝඩ් ඔෆ් කන්ඩක්ට් වලින් වෙනස් වුනාට මේක නියෝ වික්ටෝරියන් මොඩල් එකක් ම තමා. වෙනත් බසකින් කිව්වොත් වෝක් ලිබරලිස්ම් කියන්නෙ ලිබරල් සමාජෙ වචනාර්තයේ ලිබරල්භාවයේ අවසානය. තවත් අලුත් වික්ටෝරියන් යුගයක්.

ටිපර් පාක් කල අය දැන් එන්න එපා ට්‍රේලර් උස්සන්. මම ඔය කිව්ව මතවාද එකක්වත් ස්ට්‍රික්ලි ෆොලෝ කරන්නෙ නෑ. එකකටවත් භක්තිවන්තව බැදිල නෑ. මන් මේක නිකම් ඇනලයිස් කරනවා පමණයි. වෝක් ලිබරලිස්ම් කාලෙ ජීවිතේනම් පහසුයි කියල මට ෆීල් වෙනව. 1800 ගනන් මැද වික්ටෝරියා ඇන්ටි බලේට ආපු කාලෙත් එහෙම හිතෙන්න ඇති සමහර උන්ට. කෝමත් නෝම් එකට එලියෙන් ඉන්න උන්ටනෙ කැසිල්ල. මන් නෝම් එකේ සැපට ඉදන් හවසට හෑලි ලියන එකෙක් නිසා වෙන්න ඇති චන්දයක් තිබ්බොත් මේ පවතින මොඩලෙට තමා දෙන්නෙ.

ඒත් මේක පියුරිටන් මූව්මන්ට් එකක්. නියෝ වික්ටෝරියානු යුගයක්.