Sunday, November 20, 2022

අපි මේ යන්නෙ ආපස්සට නේද?

සාස් සම්බන්ධ පර්‍යේශණයකට හවුල්වන 19 වියැති පර්‍යේශණාගාර සහායිකාවක් හොයා ගන්නව ඉතාම ලේසියෙන් සිරුරේ පවතින රෝග හඳුනාගන්නත් ඒවට ප්‍රතිකාර කරන්නත් පුලුවන් කියල. ඒ සඳහා සිරුරට පොඩි පැච් එකක් අලවල ඒ මගින් රෝග හඳුනා ගන්නත් සිරුරට ම සවිකරන සිරින්ජයකින් ඊට අවශ්‍ය ප්‍රතිකාර නිකුත් කරන්නත් ඇය සමත් වෙනව. ඒ සඳහා ඇය පේටන්ට් එකක් ලබා ගන්නව.

මේ තරුණිය බෝන් ජිනියස් කෙනෙක්. ඇය පාසල් කාලෙ දක්ශ ප්‍රොග්‍රැමර් කෙනෙක් සහ ඔන්ටප්‍රිනර්කෙනෙක්. කම්පයිලර්ස් හදල චීන විශ්ව විද්‍යාල වලට විකුණනව. මේ මත කුඩා පරිමාණයෙ ව්‍යාපරයක් ඇය හදනව. ඒත් ඇය ඉගෙන ගන්න තෝරා ගන්නෙ කෙමිකල් ඉන්ජිනියරින්. හැබැයි සමර් එකේ වැඩ කරන්නෙ සාස් ලැබ් එකක. පේටන්ට් ගන්නෙ බයෝ ටෙක් වලට. තාම 19 යි කෙල්ලට.

කෙල්ලගෙ පවුල ගත්තත් සාමාන්‍ය පවුලක් නෙවි. කෙල්ලගෙ පරපුරේ ආදි මුතුන් මිත්තෙක් තමා කොමාශලි යීස්ට් හදන එක මහාපරිමාණයෙන් පටන් ගන්නෙ. ඒ නිසා ඒ මත ඉදිවූ දැවන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක අතීතයක් පවුල සතුයි. අනික් බොහෝ ළමයි වගෙ ජීවිකාවක් හොයන්න හෝ ආසා දෙයක් කරන්න නෙවි එයා ඉගෙන ගන්නෙ. එයාට ලෝකෙ ඇචීව් කරන්න තියෙන්නෙ සමාජයේ ප්රකට නමක් පමණයි. තාත්ත දැනට්මත් සමාගමක අධ්‍යක්ශක කෙනෙක් සහ පස්සෙ රාජ්‍ය ආයතන රාශියක විධායක නිලතල දරන කෙනෙක්. අම්ම වයිට් හවුස් එකේ ඉහළ නිළධාරිණියක්. අසල් වාසින් පවුලේ මිතුරන් වෙන්නෙ වොශින්ටනයෙ සෙනෙටර් ලා ඩිප්ලොමැට් ලා ආණ්ඩුවේ කැබිනට් මට්ටමේ තනතුරු දරන්නන් ධනවත් ව්‍යාපාරිකයන් එහෙම. පවුලේ තවත් කරන්න යමක් ඉතුරු නෑ. සිම්ප්ලි අහවලාගෙ දුව කියල අම්ම හෝ තාත්තගෙ නම කිව්වම ඉහළ සර්කල් වල කවුරුත් දන්න සයිස්. මේ කෙල්ල අවුරුදු 10 දි විතර තාත්තට ලියුමක් ලියනව "මම ලෝකෙට අලුත් දෙයක් හොයාගෙන ප්‍රසිද්ද වෙනව කියල".

ඉතින් 19 වෙද්දි හොයාගන්නව. සිරුරට ඇලුණු පැච් එක තවත් දියුනු කරගෙන ඇඟිල්ලෙන් ගන්න ලේ බිදුවකුත් උපකාරයෙන් පිළිකා වැනි විශාල රෝග ප්‍රමාණයක් ඩයග්නෝස් කරන්න සහ ඒ උපකරණයෙන්ම ඒවට බෙහෙත් දෙන්න හෙවත් "සිරුරේ අලවාගෙන සිටින වෛද්‍යවරයා" බිහි කරන්න ඇය සමත් වන්නෙ වයස 19 දි. සෙකන්ඩ් යියර් එකට ගෙවන්න ගෙදරින් දුන්න සල්ලිත් අරන් කෙල්ල අලුතෙන් සමාගමක් පටන් ගන්නෙ ස්ටැන්ෆර්ඩ් විවිට සමු දීලා.

මේක සැහෙන්න හිට් වෙන අදහසක්. අපි හැමෝම ලෙඩ වෙනව අපි හැමෝටම වෛද්‍යවරයෙක් ඕනෙ. ඒත් ලෙඩ වෙලා වෛද්‍යවරුන් මුණ ගැහිලා ඔවුන්ගෙන් රෝගයන් හරියට නීර්ණය කරගෙන බෙහෙත් ගන්න එක හරිම අසීරු ක්‍රියාදාමයක්. වැරදි සැහෙන්න සිද්ද වෙනව. ඒත් වෛද්‍යවරයා කියන්නෙත් ඉන්පුට් දත්ත සමූහයක් බලල කිසියම් තීරණයක් ගන්න කෙනෙක්. ඉතින් සිරුරේ පැළදිය හැකි
වෛද්‍යයවරයා හෙවත් ප්‍රොසෙස් එකේ ඔටෝමේශන් එක කියන්නෙ විද්‍යාවෙ තාක්ශනයේ සිහිනයක්. ඇත්තෙන්ම් කිව්වොත් හොලිවුඩ් සයිෆයි විද්‍යා තාක්ශණ සිහිනයක්. ක්ලැසිකල් විද්‍යාව හා තාක්ශණය කියන්නෙ මහ බෝරින් සබ්ජෙක්ට් එකක් නිසා බොහො දෙනා ආස හොලිවුඩ් වලින් උගන්වන සයිෆයි විද්‍යා තාක්ශණ සිහිනයට. බොහො දෙනෙක් හිතා ඉන්නෙ ඒව මේ බොහොම නුදුරු අනාගතෙ එහෙම්ම සිද්ද වෙනව කියල. ඇත්තෙන්ම අපිට හොලිවුඩ් වලින් දෙන චිත්‍රයත් ඕක කවද හෝ කරන්නෙ සුපර් ජිනියස් 19 වගෙ වයසෙ කෙනෙක්ම තමා කියල. ඉතින් ඒක ඇත්තට වුණාම සමාජයෙ ජනප්‍රිය වීම පුදුමයක් නෙවි.

අනික ඇගේ සමාගම උපත ලබන්නෙ වොශින්ටනයෙ රෙඩ් කාපට් සමාජයෙන්. "අහවලාගෙ දුව" සුපර් ජිනියස්, එයා සමාගමක් පටන්ගෙන කිව්වම පෙර කී ඉහළ දේශපාලකයින් රජයේ ඉහළ තනතුරු දරන්නන්, ආයෝජකයින්, ධන කුවේරයින් ඒ වටා ඒකරාශි වෙනව. වයස 19 කෙල්ලගෙ සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලයෙ ඉන්නව හිටපු හෝ අනාගත ඇමරිකන් රාජ්‍ය ලේකම් වරු දෙන්නෙක් ආරක්ශක ලේකම් කෙනෙක් හා "අධ්‍යාපන ලේකම්" (සෙක්‍රටරි ඔෆ් එඩියුකේශන්) කෙනෙක්. ඉතිරියත් සෙනෙටර්ස් ලා ලොකු ආයෝජකයො එහෙම තමා. මේ සමාගමට ආයෝජනය කරනව රුපට් මර්ඩොක් වෝල්ටන් පවුල වගෙ ලොකු ධන කුවේරයො. සමාගම ඩොලර් බිලියන නවයක වටිනාකම්ක් දක්වා යනව කෙල්ලට තවම 30 ක් නෑ. ලෝකෙ ලාබාලම බිලියනපතිනියක් ලෙස ඇය හැමොම හදුනාගන්නව. අර කිව්ව "නම" ඇය හදනව.

ඒත් මේකට සතුරො ඉන්නව. ඇගෙ විවියෙ වෛද්‍ය අංශයෙ මහාචාර්‍ය වරයෙක් මේ අදහස මුල කාලෙම අහල ඕක ඔහොම කරන්න බෑ කියනව. තවත් වෛද්‍ය වරයෙකුත් එය ප්‍රතික්ශේප කරනවා. ඒත් මේ තරුණිය තමන්ගෙ අදහස කෙරෙහි එක එල්ලෙ යොමුවෙලා ඉන්නෙ. මේ වගෙ පරණ අදහස් ඇය සළකන්නෙ සම්පුර්නයෙන්ම බොරු බයිලා කියල. මේවයින් තමා ඇය තවත් තමන්ගෙ අදහස වෙනුවෙන් කැප වෙන්නෙ. සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් අලුතෙන් යමක් කරනකොට ඒ විශයෙ ප්‍ර්‍රවීණයො ඒකට විරුද්ද වෙනවනෙ. හැබැයි ඇයට තිබ්බ කන්ටැක්ට් සර්කල් වලින් ඇය සමත් වෙනව තමන්ගෙ මතය හරි කියන විදව්තුන් හොයාගන්න. ඒයාල තම සමාගමේ ඉහ්ල තනතුරු වලට ගන්න වගේම එහෙම විද්වතුන් ඉන්න විවි වල ඇයව බෝඩ් එකට පවා ඇතුලු කරගන්න ඇයට පුලුවන් වෙනව.

ඉතින් දැන් ඒ සමාගම ලෝකෙ ඉහළීන්ම තියෙන සමාගමක්. දැන් සිරුරේ පළදින වෛද්‍යවරයා පැළදගෙන පිළිකා දියවැඩියා හර්ද්‍යාබාධ ලේ කැටි පැරලයිසින් වගෙ රොග හොයාගන්න මිනිසුන්ට පුලුව්න්. දැන් ඉස්සර වගෙ වෛද්‍යවරයා හමුවන්න යන්න ලොකු වුවමනාවක් නෑ.පහසුවෙන්ම තමන්ටම තමන්ටම ප්‍රතිකාර කල හැකියි. ඇත්තෙන්ම මේක ඇයගෙ බසින් කිව්වොත් වෛද්‍යවරයා ජනතාකරණය කිරීමක්.

එලිසබෙත් හෝම්ස් ගෙ නඩු තීන්දුව කියෙව්ව කවුරුත් දන්නව මං අන්තිමට ලිව්ව පැරග්‍රාෆ් එක බොරුයි කියල. ඒක ඇත්ත වෙන්න තිබබ් වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍යවේදියෙක් නොවෙන්න. එලිසබෙත්ගෙ සල්ලි හා බලය එක්ක නොකඩවා එල්ලවන නිති ක්‍රියාකරකම් මැද්දෙ සමාගමේ ඇතුලෙන් තොරතුරු අරගෙන පබ්ලිශ් නොකරන්න.

ඒත් මට පෙන්නන්න ඕනෙ, ඒක එහෙම වෙන්න තිබ්බෙ නැද්ද? එලිසබෙත් හෝම්ස් පටන් ගත්ත තෙරපි ඇන්ඩ් ඩයග්නෝසිස් හෙවත් තෙරනෝස් සමාගම බිලියන නවයක වටිනාකමක් ලබාගනන් කොටත් ඒ සමාගම නිපදවන රෝග නිර්ණය කරන ක්‍රමවේදය සාර්තක වෙලා නෑ. ඒක කවදාවත් සාර්තක වෙලා නෑ. අර වෛද්‍යවරුන් දෙන්න කියූ සේම ඒක තනිකර හෝක්ස් එකක් පමණයි. ඒ වුණාට ඇයට තව සුලු ප්‍රමාණයක වෙනසක් කරල පෙර කී සුපිරි තත්වයෙන් පවතින්න ඉඩක් තිබ්බෙ නැද්ද? ටෙක්නොක්‍රසියෙ අනිකුත් සමාගම් කරන්නෙ ඒකම නෙවිද?

එලිසබෙත් හෝම්ස් "හොයාගත්ත" දේ හොයාගන්න නෝමල් ප්‍රොසෙස් එකකනම් දශකයකවත් ලැබ් ටෙස්ටින් වෙන්න ඔනෙ. කේසස් බරගාණක් ට්‍රයි කරන්න ඕනෙ. ඒ හරහා යන්ත්‍රය කෙතරම් සක්ස්සස් රේට් තියාගන්නවද බලන්න ඕනෙ. වඩාත්ම වැදගත්ව ඒ හරහා යන්ත්‍රය වෙනස් කරන්න ඕනෙ. එලිසබෙත් කරන්න ගියෙ බැරි වැඩක් නෙවි. කරන්න ගිය විදිය පමණයි අවුල්.

දැන් මොහොතකට හිතන්න ලෝකෙ ප්‍රශ්න විසදන අනිකුත් "තනි පුද්ගල" ව්‍ය්වසායකයින් මෙයාට වඩා වෙනස් වෙන්නෙ කෝමද කියල. මේ ව්‍ය්වසායකයින් අත තියන ෆීල්ඩ් වල දීර්ඝ කාලින විශය දැනුම ඔවුන්ට තියේද? කොහෙත්ම නෑ. ඒ ෆීල්ඩ් වල දේවල් සිද්ද වෙන දශක ගණන් ගෙවෙන මන්දගාමි එහෙත් සීසන් වෙච්ච ක්‍රමවේදයන් ෆොලෝ කරන්න මේ අධිවේගි සුපර් ජිනියස් මිනිස්සු සූදානම් ද? කොහෙත්ම නෑ. ඔවුන් ඇත්තෙන්ම මේ ගමන එන්නෙම පවතින දැනුම් පද්දතියට පයින් ගහල. සමහරු කියනව ඔයා එහෙම කිව්වට අදාල විශයෙ ලෝකෙ ඉන්න සුපිරිම මොළ එයාල හයර් කරන්නෙ කියල. වෙන්න පුලුවන් ඒත් ලෝකෙ ඉන්න සුපිරි මොළ වලින් මේ අදහසට යස් සර් කියන සබ්සෙට් එක. නෝ කියන උන්ව එලෝල දානව.

මට ෆෝකස් කරන්න ඕනෙ ව්‍යාජ ව්‍ය්වසායක අදහසක් මත ආයෝජකයින්ට වංචාවක් කළා (වයර් ෆ්‍රෝඩ්) කියල සිරයට නියම වෙච්ච (සමහර විට ඇපීල් කරන්න ඉඩ තියෙන) වොශින්ටනයෙ රෙඩ්කාපට් පවුලක උපන් එලිසබෙත් හෝම්ස් ට ඇගිල්ල දිගු කරල මෙන්න මේකි හෙර කියන්න නෙවි. තරුණ වයසෙදි බලය ආවම එන "මං තමා හරි" කියන මතෙන් එහාට එලිසබෙත් තුල තිබ්බෙත් ලෝකය වෙනුවෙන් යමක් කිරීමේ ආසාවක් පමණයි. ඒ වගේම එයා ආවෙ හොරපාරෙ නෙවි. අනිත් අය වගේම පේටන්ට් අරන් අනිත් අය වගේම සියලු ආයතන වල සහතික කිරිම් එක්ක. මේක එලිසබෙත් ගෙ වරදක් නොවෙන්නෙ ඒකයි.

මට අහන්න තියෙනෙන් ලෝකෙ මෙතෙක් පවත්වාගෙන යන ස්ලෝ ස්ටෙඩි සිස්ටම් වලට පයින් ගහල නැගිටල එන ටෙක්නොට්‍රසියෙ සුපර් ජිනියස් සී ඊ ඕ තනි මොළ වලින් ලෝකෙ අනාගතෙ තින්දු කිරීම තනිකරම තෙරනෝස් එක වගේම නේද කියන එක. එයාල බිහිවෙන්නෙත් එලිසබෙත් ව වැළදගෙන ඇයව ඉහලට එසවූ උගත් ධනවත් සමාජෙන්ම නේද? ඔවුන්ට ඇපෲවල් එන්නෙත් එලිසබෙත් ට ඇපෲවල් දීපු ආයතන වලින් ම නේද? ෙ මේ කන්ටෙක්ස්ට් එකේ එලිසබෙත් හා මස්ක් අතරෙ වෙනස මොකද්ද?

එලිසබෙත් හෝම්ස් නම් අහිංසක බොහො විට අවංක සහ ලෝකයෙ යහපත වෙනුවෙන් යමක් කරන්න උත්සහ දැරු තනි තරුණියට ද අපි චෝදනා කරන්න ඕනෙ? නෙවිනම් පහුගිය අවු 40 විතර ලෝකෙ ප්‍රශ්න විසදන්න අපි හදාගෙන ඉන්න සිස්ටම් එකටද?

එලිසබෙත් ගෙ සිට ඊලොන් මස්ක් වෙනකම් මේ ඔක්කොම අයිති වෙන්නෙ අතීතෙ උන්නු ඒකාධිපති කුමාරවරුන් රජුන්ගෙ ලෝකෙටම නේද?

අපි මේ යන්නෙ ආපස්සට නේද?

Saturday, October 15, 2022

වඩා වටින්නෙ මොකද්ද?

"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.” 

අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ. 

"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ" 

මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න. 

ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත. 

ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද? 

ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක. 

එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ. 

මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව. 

ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ. 

සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ. 

ඇත්තෙන්ම මේ  කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්.  පරිභෝජනය අඩුවීම  - කෙතරම් කුරිරු  ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්. 

රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්; 

"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?" 

කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.

වෝක් ලිබරලිස්ම් කියන්නේ නව වික්ටෝරියානු සංස්කෲතියකට

එකදාස් හයසිය හත්සිය ගනන් වල බිරිතානිය කියන්නෙ අමුතුම සංස්කෲතියක්. එකදාස් පන්සිය ගණන් විතර වෙනකම් කතෝලික පල්ලියේ දැඩි ග්‍රහණය අස්සෙ හැදිලා සංස්කෲතිකව පාලනය වෙලා ඒ නිසාම රජාටත් ඩිවෝස් වෙන්න බැරුව ගිහින් අග බිසවගෙ බෙල්ල කපල මිස නිදහස් වෙන්න බැරි නිසා රජා පනිනව පල්ලි ගැටෙන් එලියට. ඒ පාර එක්දාස් හයසිය ගනන් වල ඔය ට්‍රාන්සිශන් එකේ හැල හැප්පීම් සහ ලිබරල් චින්තනයේ ඉතාම මූලික අවස්තා නිස ලේ හලාගෙන මිනි මරාගෙන ඉවර වෙලා අන්තිමේ සෙට්ල් වෙන්නෙ සැහෙන නිදහස් සංස්කෲතියකට. ඔය නිරුවත ලිංගිකත්වය ආදී දේවල් ගැන සැහෙන (සාපෙක්ශව) ලිබරල් සමාජයක්.

ඔන්න ඕක ඉස්මුරුත්තාවට යන ගානට එනකොට සමාජෙ උඩ ස්තරයෙන් එනව පියුරිටන් වැඩසටහනක්. ඒ පියුරිටන් වැඩසටහන තමා සංස්ක්රූතික සීමා නැවත ස්තාපනය කරන්නෙ. ඒ වගේම සුලු වරදක් කලත් දඩුවම් කරන්නෙ (ඒ දඩුවම් නිසා තමා හිරගෙවල් පිරෙන්නෙ හා ඉඩ නැතුව ඔස්ට්‍රෙලියාව එලිමහන් හිර කදවුරක් වෙන්නෙ). ඔය බ්‍රිට්ටා නීතියට අකුරට ජීවත් වෙන්න පුරුදු වන්නෙ මෙතනදි. අවසානෙ මේ පියුරිටන් වැඩසටහනේ මස්තකප්‍රාප්තිය තමා වික්ටෝරියානු සංස්කෲතිය හා සදාචාරය. ඒකට අමුතුවෙන් විස්තර ඕනෙ නෑනෙ. ලෝකෙ තිබ්බ පියුරිටන් ම එක්ස්ට්‍රීම් ම හා අපි දකින තාලෙට පසුගාමීම සංස්කෲතියක්. කාන්ත හින්සක ලමා හින්සක යුගයක්.

කතාව ඉවර නෑ. දැනුයි කතාව පටන්ගන්නෙ.

ඕන්න ඔය වික්ටෝරියානු පන්නෙ යුගවල සීමාකාරි පියුරිටන් ක්‍රමේ එක්ක ඝට්ටනේ තමා නූතන චින්තනය බිහිවන්නෙ. ඒකත් බෝම හැල හැප්පීම වෙලා තමා බෝම මෑතකදි ලිබරල් චින්තනය දක්වා එන්නෙ. මේ ලිබරල් චින්තනේ අමු හිපි ටයිප් එකක්. එනිතින් ගෝස්. අතිශයින්ම ලිබරල්. හැටේ දශකෙ ඕකෙ සන්ධිස්තානයක්.

ඒ අතිශයින්ම ලිබරල් සිස්ටම් එකත් ආයෙ නවතින්නෙ අර එකදාස් හත්සිය ගනන් වල බිරිතානිය වගෙ තැනක. එතනදි ආයෙත් සමාජෙ පිරිසක් මේකෙ කුණු සුද්ද කරන්න පටන් ගන්නව. සමාජෙ ඉහල කොනකින් එන්නෙ, ඒ කිව්වෙ ඔය ප්‍රසිද්ධ චරිත ස්ක්‍රීන් එකේ නිතර ඇහැට පේන මිනිස්සු ආදියගෙන්. ඔවුන් මෙන්න මේ එනිතින් ගෝස් යුගේට දාන නීතිරීති සීමා පියුරිටන් සන්කල්ප තමා ඔය පොලිටිකල් කරෙක්ට්නස් කැන්සල් කල්චර් ආදිය හරහා ගිහින් අද වෝක් ලිබරල් තත්වය දක්වා විකාශය වන්නෙ. ඒක කොච්චර කේස් ද කිව්වොත් මේ ගැන මන් ෆේස්බුක් පෝස්ට් එකක තව පැහැදිලි කරන්න ගියොත් ලියවෙන වදන් කීපෙකට මාකයිය මාව මාසෙකට ඔස්ට්‍රෙලියාවෙ හිර කදවුරකට ... නෑ සොරි පෝස්ට් රිස්ට්‍රික්ශන් මහ උලු ගෙදරට යවනව.

මේක තව එහාට කොහෙ යයිද දන්නෙ නෑ. හැබැයි දීර්ඝ මානව ඉතිහාසයේ පැටන් එක බැලුවම මේ වෝක් ලිබරලිස්ම් කියන්නෙ පියුරිටන් මූව්මන්ට් එකක්ම තමා. ඉතින් ස්වභාවයෙන් කෝඩ් ඔෆ් කන්ඩක්ට් වලින් වෙනස් වුනාට මේක නියෝ වික්ටෝරියන් මොඩල් එකක් ම තමා. වෙනත් බසකින් කිව්වොත් වෝක් ලිබරලිස්ම් කියන්නෙ ලිබරල් සමාජෙ වචනාර්තයේ ලිබරල්භාවයේ අවසානය. තවත් අලුත් වික්ටෝරියන් යුගයක්.

ටිපර් පාක් කල අය දැන් එන්න එපා ට්‍රේලර් උස්සන්. මම ඔය කිව්ව මතවාද එකක්වත් ස්ට්‍රික්ලි ෆොලෝ කරන්නෙ නෑ. එකකටවත් භක්තිවන්තව බැදිල නෑ. මන් මේක නිකම් ඇනලයිස් කරනවා පමණයි. වෝක් ලිබරලිස්ම් කාලෙ ජීවිතේනම් පහසුයි කියල මට ෆීල් වෙනව. 1800 ගනන් මැද වික්ටෝරියා ඇන්ටි බලේට ආපු කාලෙත් එහෙම හිතෙන්න ඇති සමහර උන්ට. කෝමත් නෝම් එකට එලියෙන් ඉන්න උන්ටනෙ කැසිල්ල. මන් නෝම් එකේ සැපට ඉදන් හවසට හෑලි ලියන එකෙක් නිසා වෙන්න ඇති චන්දයක් තිබ්බොත් මේ පවතින මොඩලෙට තමා දෙන්නෙ.

ඒත් මේක පියුරිටන් මූව්මන්ට් එකක්. නියෝ වික්ටෝරියානු යුගයක්.