Saturday, January 27, 2018

පෙර පාසල් සහ බස් හෙවත් රාජ්‍ය යාමනයේ මුග්ධ භාවිතා

පෙර පාසල් කියන්නේ මට ටිකක් සමීප සබ්ජෙක්ට් එකකි. ඒ නිසා මේ ගැන ගණන් ඉලක්කම් සමග කතා කල හැකිය. සිඩ්නි නගරයේ පෙරපාසල් පවත්වාගෙන යන්නේ දිනකට එක්තරා මුදලක් දරුවෙකුගෙන් අය කිරීමෙනි. මව පියා දෙදෙනාටම රස්සා නොකර ඉන්න බැරි ගානට දුවන නගරයක් නිසා ඉතාම කුඩා අවධියේ සිටම ළමයින් ඉන්නේ මේ පෙරපාසල් වලය. ඒ නිසාම ඒවායේ තත්වය උසස් ලෙස පවත්වා ගන්නට අවැසි ය. තද යාමන නීති පද්ධතියක් මෙන්ම රජයෙන් ඒ සඳහා විශාල මුදලක් ද වැයවන්නේ එබැවිනි. මුදල ගෙවන්නේ පෙරපාසල් බිලෙන් කොටසක් ලෙස මව්පියන්ටයි.

රජය විසින් ද පෙරපාසල් පවත්වාගෙන යයි, ඒවායේ මිල ගණන් ස්ථාවර ඉලක්කමක පවතී. එහෙත් පුද්ගලික අංශයට වෙනත් පෙර පාසල් පවත්වා ගන්නට බාධාවක් නැත. එසේම ඒවායේ මිල ගණන් අඩු හෝ වැඩි කරන්නට ද බාධාවක් නැත. එසේම ඒවායේ ලබාදෙන දේවල් වල නීතිමය සීමා ඇත්තේ පහල අන්තයට පමණි. අඩුම තරම ලෙස හඳුනා ගන්න කිසියම් සේවා මට්ටමක් ලබාදීම අනිවාර්ය වේ. ඊට වැඩියෙන් දෙන ඒවා ගැන ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව යහපත ආදිය සම්බන්ධ සීමිත කොමන් සෙන්ස් නීති පමණි [උදාහරණයකට පෙර පාසලක සත්වෝද්යානයක් හදන්න හෝ බාර් එකක් දාන්න බැරිය]

පුද්ගලික අංශයේ පෙර පාසල් වලට ආදායම වැඩි කරගැනීමට අවශ්‍යය. රිසි සේ මිල ඉහල දැමිය නොහැක්කේ රජයෙන් එක්තරා මිලකට සේවා සපයන නිසාය. ඒ නිසා ඒ ගණන දෙපැත්තේ එක්තරා මට්ටමක් තුල රැඳෙන්නට ඔවුන්ට සිදුවේ. මේ නිසා පුද්ගලික අංශය එක්කෝ සේවාව කුණු කොල්ලයට දී දරුවන් ගණන වැඩි කරගන්නට බලති. එහිද ප්‍රායෝගික සීමා ඇත. එක ගානකට වඩා අඩුවෙන් බිස්නස් එක වයබල් නැත. ආණ්ඩුව ඉන්නේ ඒ ගණන ආසන්නයේමය.

අනෙක් ක්‍රමය නම් වැඩිපුර ෆීචර්ස් දීමයි. ඒ අනුව එක්කෝ වැඩි ෆීචර්ස් මගින් වැඩි දරුවන් පිරිසක් එකතු කරගන්නට හෝ වැඩි ෆීචර්ස් වෙනුවෙන් වැඩිමිලක් අයකරන්නට පිළිවන.

මේ අනුව මා දන්නා එක පෙර පාසලක් යෝගා, සංගීතය, විවිධ භාෂා, ලෙගෝ [බිල්ඩින් බ්ලොක්ස්] ආදී පහසුකම් සපයා දිනක මිලට 30% පමණ එකතු කරන්නට පවා පෙළඹුණි. මෙහි සාර්ථකත්වය තවම නොදන්නා නමුත් මේ ගැන මාධ්‍ය හරහා ලොකු හා හෝවක් ඇතිවිය.

සමහර මාධ්‍ය වෙදිනියකට අනුව සමහර දරුවන්ට බේසික් දේවල් ලැබෙද්දී මේ දරුවන්ට අසාමාන්‍ය දේවල් ලබා දීම වරදකි. එහෙත් මේවා පාලනය කරන හෝ ඉවත් කරන නීති වැටුණේ නැත. මේ වෙනස්කම් කොහෙන් හෝ ඇතුළු වීම වැදගත් ය. මේම ව්‍යාපාර සැලසුම සාර්ථක වුවහොත් බොහෝ දෙනෙකු මේ පහසුකම් කොපි කරනු ඇත. ඒ අනුව කාට හෝ නැති නිසා හැමෝටම නැති කිරීම වෙනුවට, කාට හෝ ලැබීම නිසා හැමෝටම හෝ වැඩි පිරිසකට අනාගතේ ලැබෙන තත්වයක් නිර්මාණය වේ. දියුණුව කියන්නේ එහෙම එකකි. අර මාධ්‍යවේදිනිය නෙගටිව් තින්කර් කෙනෙක් ලෙස එදාම නම් කරන්නට අනෙක් අය ඉදිරිපත් විය.

අප රාජ්‍ය යාමනය අගයන්නේ රාජ්‍ය යාමනය සහ සම්මත මිලට දෙන රාජ්‍ය අංශයේ සීමිත සේවාව නැතිනම් පෙර පාසල් ඉතාම අප්‍රසන්න කොලිටියක් නැති අධි මිල ස්ථාන වන නිසාය. එහෙත් ඒ මූලික සේවාව සහ යාමනයෙන් එහාට රජය අවශ්‍ය නැත. ඒ මත නිදහස් වෙළඳපොල නිර්මාණය විය යුතුය. ඒ මත වැඩියෙන් සේවා සපයා වැඩියෙන් කස්ටමර්ලා අද්දා ගන්න හෝ වැඩි මිලක් අය කරන්න නිදහස දිය යුතුය.

සටහන ලිව්වේ ලංකාවේ පුද්ගලික දුරගමන් බසයක් නොමිලේ වයිෆයි සහ ශීතකරණ සේවා ලබා දීමට එරෙහිව උසාවි නියෝගයකින් ඒවා ඉවත් කරවීම අළලා ය [
සමහරවිට රියල්  සිද්ධිය වෙන එකක්  වෙන්නට  ඉඩ ඇති මුත් දැනට  දන්නේ  එහෙමය].   

මේක බස් එකක පොඩි සීන් එකක් වුනත් මේ රාජ්‍ය යාමනය වැරදි ලෙස යොදා ගන්නා අවස්ථාවකට කදිම උදාහරණයකි. රජය කල යුතුව තිබ්බේ බසයක වයි ෆයි හෝ ශීතකරණ පවතීනම් ඒවා පවත්වාගතයුතු ආකාරය නීතිගත කිරීම මිස එකතැන පල්වෙන අනික් ඒවායේ පහල තත්වයට මේ සේවාව බලෙන් ඇද දැමීම නොවේ.

ඔස්ට්‍රේලියාව සහ ලංකාව විශාල රාජ්‍ය අංශ සහිත සුබසාධක රාජ්‍ය දෙකකි. එකක් දියුණුව දෙසටත් අනික පරිහානිය දෙසටත් යන්නේ භාවිතාවේ වෙනස නිසාය.

Saturday, January 13, 2018

සිංගප්පුරු කතන්දර - 1 කොටස

සිංගප්පූරුව වකිමි හත්සිය ගානක ජනගහනය මිලියන දහයක් පමණ වන ඉන්දුනීසියා සහ මැලේසියා රටවලින් වටවූ දූපතකි. ලෝක සිතියමක් ගෙන එකවරක් බලා මේ දූපත දැකගන්න බැරිය. විශාලත්වය අඩු කමත් වඩා පැහැදිලි වෙනත් දූපත් මැද අහුමුල්ලක් වීමත් නිසාවෙනි.

ලෝක සිතියමක් අතට ගෙන බලන ඕනෑම කෙනෙකුට නොවරදි පෙනෙන ඉන්දීය සාගරයේ මැද වගේ පිහිටි සිගප්පුරුව වගේ සිය ගුණයක් පමණ විශාල දෙගුණයක් පමණ මිනිසුන් සිටින පැහැදිලි දූපතක් ඇත. අනාදිමත් කලෙක සිට ලෝ වැසි බොහෝ ජනයා විවිධ නම් වලින් ඒ දූපත හඳුනා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන කාටත් එය වැදගත් සන්ධිස්ථානයක් බැවිනි. ටොලමි ගේ මුල් සිතියම් වල එය ඉන්දියාව තරම්ම ලොකුවට සටහන් වූයේ එහි ස්තානිය වැදගත්කම ටොලමිගේ යුගයේ උන්ට දැනෙන ආකාරය නිසාය. අන්න ඒ දූපත ශ්‍රී ලංකාව බව මේ ඇපල් හෙල්ප් ලයින් එකට දැන්විය යුතුවේ.

Image may contain: text

ලංකාව සංවර්ධනය කිරීමට දේශීය ස්ව්‍යන්පෝෂිත කෘෂි කොමියුනිස්ට් ලිබටේරියන් ජර්මන් රුසියන් ඇමරිකන් බ්‍රිතාන්‍ය ආදී විවිධ සුරංගනා කතා දේශනා කරන උදවියට අප කියා සිටි එකම දෙයනම්, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව ගිය දුරෙන් 1/10 යාමට මුළු ලංකාවම නොව එහි එක නගරයක් සූදානම් කරන්නේ නම් සංවර්ධනය යනු නොවැලැක්විය හැක්කක් බවයි. ඒ කතාවට සාක්ෂියක් ලෙස මේ පින්තුරය ලබා දිය හැකිය. 2018 [හෝ 2017] දවසක කෙනෙක් මෙසේ විමසන තැනට අප අපව පත්කර ගත්තේ මන්දැයි විමසන තැන ඒ සංවර්ධන කතාව බේස් කල යුතුය.