Wednesday, November 11, 2015

බඩගෝස්තරවාදය

ලංකාවේ ඇති රාජ්‍ය අංශය සමාජවාදය ලිබරල් වාදය හෝ ධනවාදය කියලා එකක් නැහැ.
  • රාජ්‍ය අංශය = පවුල් සහ එක්ස්ටෙන්ඩඩ් පවුල් [දෙපාර්ශ්වයේම]
  • සමාජවාදය = තියෙන සියල්ල නාස්ති කර සියලු දෙනාටම නැතිකිරීමෙන් සමානත්වය බිහි කිරීම, එතුලින් තමන්ගේ එලීට් පවුල්වලට ඇති සැපසම්පත් සෙසු ජනයාට ලබාගන්න ඉඩ නොදීම
  • ධනවාදය = ආණ්ඩුවේ එව්වා ටික තමන්ගේ හිතවතුන් අතර බෙදා දීම
  • ලිබරල් වාදය = උන්ට අවැසි සේ ඕනෑම බාල තුප්පහි ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න දී නිසි බලධාරීන් වැටුප් සහිත පූර්ණ කාලින නිවාඩු තත්වයට හෙවත් ඔහේ නිකම් සිටින තත්වයට පත් කරවීම 

මේ සියල්ලටම අවශ්‍ය නම් බඩගෝස්තරවාදය කියා කිව හැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආ විට සියල්ල ආණ්ඩුවට ගෙන ආණ්ඩුව යටතේ ආයතන සාදා ඒවායේ තනතුරු තමන්ගේ පවුල් වල එවුන්ට බෙදා දේ. ඒ තනතුරු වල බලතල පඬුරු පාක්කුඩම්, ලිංගික සේවා, රට සවාරි කුට්ටි ආදියෙන් සන්තර්පණය වෙමින් උහු වැජඹෙති. සමාජවාදය තිතට දුවනවා, දේශීය පද්ධති නිර්මාණය වෙනවා, මහජනයා නියෝජනය කරන රාජ්‍ය අංශය අතේ රටේ වැදගත් සියල්ල පවතිනවා කියා මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

එජාපය පැමිණි විට ඒවායේ වැරදි අඩුපාඩු පෙන්නා දී ඒ ආයතන සියල්ල කුණු කොල්ලෙට සිය හිතවතුන් හට පාසල් මිතුරන්ට ලබා දේ. එවිට ධනවාදය ක්‍රියාත්මක වෙනවා ලිබරල් ආර්ථිකයකට අපි යන ගමනක් කියමින් මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

ඉඩ ලද විටෙක ඒ දෙපාක්ෂිකයෝ ලංකාවේ සමාජවාදය සහ රාජ්‍ය ව්‍යවසායට එරෙහිව ධනවාදය හා ලිබරල් ආර්ථික ක්‍රම ගැන සමාජ  ජාල  වල   පතරංග සංවාද කරති