Wednesday, November 11, 2015

බඩගෝස්තරවාදය

ලංකාවේ ඇති රාජ්‍ය අංශය සමාජවාදය ලිබරල් වාදය හෝ ධනවාදය කියලා එකක් නැහැ.
  • රාජ්‍ය අංශය = පවුල් සහ එක්ස්ටෙන්ඩඩ් පවුල් [දෙපාර්ශ්වයේම]
  • සමාජවාදය = තියෙන සියල්ල නාස්ති කර සියලු දෙනාටම නැතිකිරීමෙන් සමානත්වය බිහි කිරීම, එතුලින් තමන්ගේ එලීට් පවුල්වලට ඇති සැපසම්පත් සෙසු ජනයාට ලබාගන්න ඉඩ නොදීම
  • ධනවාදය = ආණ්ඩුවේ එව්වා ටික තමන්ගේ හිතවතුන් අතර බෙදා දීම
  • ලිබරල් වාදය = උන්ට අවැසි සේ ඕනෑම බාල තුප්පහි ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න දී නිසි බලධාරීන් වැටුප් සහිත පූර්ණ කාලින නිවාඩු තත්වයට හෙවත් ඔහේ නිකම් සිටින තත්වයට පත් කරවීම 

මේ සියල්ලටම අවශ්‍ය නම් බඩගෝස්තරවාදය කියා කිව හැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආ විට සියල්ල ආණ්ඩුවට ගෙන ආණ්ඩුව යටතේ ආයතන සාදා ඒවායේ තනතුරු තමන්ගේ පවුල් වල එවුන්ට බෙදා දේ. ඒ තනතුරු වල බලතල පඬුරු පාක්කුඩම්, ලිංගික සේවා, රට සවාරි කුට්ටි ආදියෙන් සන්තර්පණය වෙමින් උහු වැජඹෙති. සමාජවාදය තිතට දුවනවා, දේශීය පද්ධති නිර්මාණය වෙනවා, මහජනයා නියෝජනය කරන රාජ්‍ය අංශය අතේ රටේ වැදගත් සියල්ල පවතිනවා කියා මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

එජාපය පැමිණි විට ඒවායේ වැරදි අඩුපාඩු පෙන්නා දී ඒ ආයතන සියල්ල කුණු කොල්ලෙට සිය හිතවතුන් හට පාසල් මිතුරන්ට ලබා දේ. එවිට ධනවාදය ක්‍රියාත්මක වෙනවා ලිබරල් ආර්ථිකයකට අපි යන ගමනක් කියමින් මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

ඉඩ ලද විටෙක ඒ දෙපාක්ෂිකයෝ ලංකාවේ සමාජවාදය සහ රාජ්‍ය ව්‍යවසායට එරෙහිව ධනවාදය හා ලිබරල් ආර්ථික ක්‍රම ගැන සමාජ  ජාල  වල   පතරංග සංවාද කරති

8 comments:

  1. ලංකාවේ තිබුනේ සහ තියෙන්නේ වැඩවසම්බව , සමාජ සංස්කෘතික පසුගාමීත්වය පිරි විකෘති ධනවාදයක්.

    ReplyDelete
    Replies
    1. වැඩවසම් කියන එකට එකඟ නැහැ. ඒ වගේම සංස්කෘතික සම්බන්ධය ලෝකේ ඕනෑම රටක තියෙන දෙයක්.

      මම නම් කියන්නේ ලංකාවේ තියෙන්නේ මහා අවස්ථාවාදී එකක් විනා සාම්ප්‍රදායික මට්ටමින් හෝ ප්‍රතිපත්ති ගරුක දෙයක් නොවේ. අමු අවස්ථාවාදී බඩ ගෝස්තර වාදයක්

      Delete
  2. ඔබේ විසඳුම හෝ කල යුත්තේ කුමක් කියාද ඔබ සිතන්නේ ?

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයා මේ වගේ සංකීර්ණ ප්‍රශ්නෙකට බ්ලොග් එකකින් උත්තරයක් හොයන්න අමාරුයි. එහෙත් අපිට යා හැකි දුර ගියොත්...

      අර පෙර කොමෙන්ටුවේ කෙනෙක් කියන පරිදි වැඩවසම් හෝ සාම්ප්‍රදායික බවකින් වත් ප්‍රතිපත්තිගරුක දෙයක් ලංකාවේ නැහැ. මේ වැරදි වෙන්නේ සිස්ටම් එකේ වරදින් නොවේ. සිස්ටම් හිතාමතා බයිපාස් කරන මිනිසුන්ගේ වරදින්. ඔහේ කරන්නන් වාලේ නොවේ මේවා කරන්නේ දැනගෙන සැලසුම් සහගතව. ඒ නිසා තමා වෙනස් කරන්න අමාරු.

      ලෝක සම්මුතියේ තියෙන උත්තර වෙන්නේ ලිබරල් පිරිසිඳු ආර්ථිකයක්. හෝ සමාජවාදී ආර්ථිකයක්. මගේ මතයනම් ඔය දෙකම බිම හිටවන්න බැහැ අපේ මිනිසුන්ගේ පෙර කී කපටි අවස්ථාවාදී හැසිරීම නිසා. ඒ නිසා අපි පූර්ණ ලෙස ලිබරල් මොඩලයක් හැදුවත් පූර්ණ සමාජවාදය හැදුවත් මේ බඩගෝස්තරවාදය එව්වා අස්සෙනුත් පනින බවයි මගේ මතය.

      සමහරු කියනවා "හිතකර ඒකාධිපතිවාදය" හරහා මේවා විසඳන්න. ඒක හරිගියොත් කළහැකි තමා. කීපයක් කම්බස් වෙයි. හිරේ යයි. හැබැයි සිංගප්පුරුවේ මැලේසියාවේ වගේ සංවර්ධනය කරන්න අපිට පුළුවන්. ගැටලුව එහි අවදානම. "හිතකර ඒකාධිපතියා " කියන තරම් හිතකර නොවුනොත් අපි නවතින්න්නේ සිම්බාබ්වේ හෝ උතුරු කොරියාවක. අපේ කට්ටියගේ හැටියට එහෙම වෙන චාන්සස් වැඩියි

      ඒ නිසා කෙටිකාලින උත්තරයක් නැහැ.

      කෙරෙන්න ඕනේ බෝට්ටුව හොල්ලන එක. හෙවත් සිස්ටම් එකේ පැලපදියම් වූ දේශපාලන දර්ශන වෙනුවට අලුත් අයගෙන් අලුත් දර්ශන සමාජගත කිරීම. උදාහරනෙකට ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රික ගත්තම, එයා නෝමල් ශ්‍රීලනිප උන්ට වෙනස්. එහි බලපෑම් පක්ෂයට ආවා [චන්ද්‍රිකාගේ නොහැකියාව නිසා හරි නොගියට 1994 ඇය එක්ක උන්නේ සාම්ප්‍රදායික ස්රිලනිපයන් නොවන විශාල උගතුන් බුද්ධිමතුන් ප්‍රමාණයක්]. මම හිතන්නේ නෝම් එකට එළියෙන් ඉන්න අය දේශපාලනය තුල ඉහලට ගන්න එක තමා වෙන්න ඕනේ. කියන තරම් ලෙහෙසි නැහැ.

      මම පුද්ගලිකව හිතනවා ඔය ධනවාදය සමාජවාදය කියන ක්ලැසිකල් ස්ට්‍රීම් දෙකෙන් අවස්තානුරූපිව තෝරාගත් සංකලනයක් තමා වෙන්න ඕනේ කියලා. ලේබල් ගහන්න ට්‍රයි කරන්නේ නැහැ. හැබැයි එහෙම එකක් වෙන්න අවශ්‍ය බුද්ධිමය නෙත අපේ සිස්ටම් එක විසින් වසා දැමෙනවා.

      Delete
  3. එකඟයි. ශෝට් ඇන්ඩ් ස්වීට්.

    http://raj1st.blogspot.com/2016/09/blog-post_15.html

    ReplyDelete
  4. හිතකර හෝ අහිතකර ඒකාධිපතියෙකුට මම නං අකමැතියි

    ReplyDelete