Sunday, December 20, 2015

ෂෙන්ජෙන් "අනවසර පදිංචියේ" නඩු තීන්දුව

හැත්තෑව දශකයේ අගබාගේ චීනයේ පර්ල් නදී ඩෙල්ටාව ආශ්‍රිතව තියෙන කඳු ගැට සහිත උස බිමක  පිහිටි ගොවි-ධීවර ගමක් මූලික කරගෙන චීනය තමන්ගේ මහා ආර්ථික විප්ලවය පටන් ගන්නවා විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කරමින්. ෆැක්ටරි හදනවා. පිටින් ඇවිත් විශාල ශ්‍රම බලකායක් පදිංචි කරනවා.

ගොවීන්ට අයිති නිවාස තිබ්බ කුඩා ගන්ගොඩවල් වට කරගෙන සද්දන්ත නගරයක් හැදෙනවා. අදටත් ඒ නගරය මැද ඉතිරි කුඩා ගංගොඩවල් ක්‍රමයෙන් ස්ලම් බවට පත්වෙලා අමුතුම නාගරික සැකැස්මක් හදලා තියෙනවා.

ගතවුණු දශක හතරට මදක් අඩු කාලේදී මේ නගරය තිස් දාහක සිට මිලියන දාහතරක සුවිසාල මෙගාසිටියක් දක්වා පුළුල් වෙනවා. ලෝකයේ වේගයෙන්ම බිහිවූ මෙගා සිටිය. ජනගහනයෙන් 99% ක් පිටස්තර වෙච්ච එකම නගරය. චීන අවුරුද්ද කාලෙට සියලු නාගරිකයන් නගරය දමා ගිහින් මළ නගරයක් වගේලු තියෙන්නේ.

ආ එතකොට අර කඳු ගැට. කඳු ගැට එක්ක කොහෙද ෆැක්ටරි ගහන්නේ. වැඩේ පටන් ගනිද්දිම ඩෝසර් කරලා කඳු ගැට ටික එහෙම පිටින්ම සමතලා කරනවා. ඒ පස් අරගෙන නිම්නයේ කඩතොළු වගුරු හා පහත්බිම් පුරවලා පොලොව සමතලා කරගෙනයි වැඩේට බහින්නේ.

මේ නගරය ෂෙන්ජෙන්. නගර සැලසුම්කරුවන්ගේ පර්යේෂණාගාරය. චීන ආර්ථික විප්ලවයේ අදටත් එන්ජිම් ඔතන. හෙට අනිද්දා තවත් නාගරික කීපයක් එක්ක භෞමික ලෙස එකතු වුනාම මිලියන හැත්තෑව ඉක්මවන ලෝකයේ ලොකුම නගරය ලෙස සමහරු හඳුන්වන කලාපය ඕක. සමහරු කියන්නේ ඒ නගරය ගිගා සිටි එකක් කියලා.

හැබැයි ස්වභාවධර්මය කියන්නේ ඉතාම හෙමින් නඩු අහන උසාවියක්. කඳු ගංගා නිම්න ආශ්‍රිත පරිසර පද්ධතියක්  වනසා  ස්වාභාවික 30000 ක ජනගහනය කොටු කර ස්වාභාව ධර්මයට එරෙහිව  "අනවසර" මිලියන දාහතරක් මිනිස්සු  හා ෆැක්ටරි කෙලකෝටියක් ගහපු එකේ නඩු තීන්දුව දීලා තියෙන්නේ දශක හතරකට පස්සේ දැන්.






2 comments:

  1. (මේක හොඳ වගතුග එකට)
    ‍‍‍‍‍//මිලියන දාහතරක//
    මේක චීනයට සෑහෙන්න පහරක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. [[මේක චීනයට සෑහෙන්න පහරක් වෙයි නේද?]]

      ම්ම්හු දැනෙන එකක්වත් නැහැ. නගරේ ඉතිරි ටිකේ ඉතුරු වෙලා අ ඉන්න එවුන් දැනුත් වැඩ ඇති. අනික මිලියන 14 ක නගරෙක දහස් ගානකට විතරනේ බලපෑවේ.

      [[මේක හොඳ වගතුග එකට]]

      ඔව් ෂෙන්ජෙන් පෝස්ට් එකක් පයිප්ලයින් එකේ තියෙනවා, මීට වඩා තොරතුරු දාන්න ඕනේ . වගතුග නතර කලේ බ්ලොග් ලියන එකෙන් එදිනෙදා ජීවිතේට බාධා වෙන නිසා. මේ දවස්වල සන්කීරන් වද කීපයක් තියෙන නිසා.

      එත් සතියකට එකක්වත් ලියන්න ඕනේ. ආයිත් පටන්ගන්න ඕනේ.

      Delete