Friday, December 29, 2017

ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරන ක්‍රමවේදය හද්දා මෝඩ ගණිතමය මිස්ටේක් එකකි

මේ බ්ලොග් සටහනේ මම වෙනස් දේවල් දෙකක් කියවන්නාගෙන් බලාපොරොත්තු වෙනවා

එකක් තමා මේ ලියන කරුණු වැරදිනම් ඒවා නිවැරදි කරන්න. දෙවනුව ඔබට හැකිතාක් මීට ප්‍රචාරය ලබා දෙන්න. මා දන්නා තරමින් මේක හරි ගස්සන්න පුළුවන් වැරැද්දක්.

මාතෘකාව වනුයේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය. මගේ මේ ගැන අත්දැකීම් පරණ සහ අසම්පූර්ණ නිසා වරදින්න පුළුවන්. හැබැයි මේ තමා මා දන්නා තරමින් උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය.

1. 40% පමණ ජාතික මට්ටමේ මෙරිට් ලිස්ට් එකකින්.

2. 5% පමණ විවිධ බාහිර ප්‍රමුඛතා

3. ඉතිරි 55% ඒ ඒ දිස්තිරික්කයේ මුළු ජනගහන අනුපාතය අනුව බෙදෙන කෝටාවකින්.

මෙතැනදී මම ෆෝකස් කරන්නේ අංක තුන හෙවත් ජන අනුපාතය මත කරන තේරීම ගැන. ඒ ඒ දිස්ත්රීක්කේ කටෝෆ් මාක් කියල එකක් එන්නේ මේ ස්ථරයෙන්.

දිස්ත්‍රික් ජන අනුපාතවලට විවි ප්‍රවේශ අවස්ථා දෙන්න තීරණය කල එක හේතුවක් වනුයේ අධ්‍යාපන අවස්ථා සෑම දිස්ත්‍රික්කයකම සමාන නොවීම. ඒ නිසා රටටම එකම කටෝෆ් එකක් දැම්මොත් පහසුකම් අඩු පළාත් වලට ලොකු ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය සහ ජාතික පාසල් සංකල්ප තියෙන නිසා විෂමතා වැඩි වෙනවා. ඒ නිසා වෙනස් කටෝෆ් කීපයක් දිගටම තියාගන්න වෙන බව ගැන විවාදයක් නෑ.

හැබැයි දැනට අපි මේකේ අසාමාන්‍යතාවයක් දකිනවා, එනම් කොළඹ මහනුවර වැනි දිස්ත්‍රික්ක කීපයක සිසුන්ට දරාගන්න බැරි තරම් අමාරු කටෝෆ් එකක් ලැබෙන්නේ. මේ නිසා ඒ දිස්ත්‍රීක්ක වල ඉහල ප්‍රතිපල ගත්ත සිසුන්ටත් රජයේ විවි අවස්ථා අහිමි වෙනවා. මේක ලොකු ගැටලුවක්. අපි උත්සහ කරන්නේ ඊට හේතු සහ හැකි තරමින් විසඳුම් ගැන කතා කරන්න.

ඇයි මේ සමහර දිස්ත්‍රික්ක වල කටෝෆ් අසාමාන්‍ය ලෙස ඉහල යන්නේ?

1. පළවෙනි හේතුව නම් පුදුමාකාර එකක්. එය තමා මේ කරන ගණනය ගණිතමය ලෙස වැරදි නිසා. දිස්ත්‍රික්කයක පාසල් වල සිසුන් ඒ දිස්ත්‍රික්කයේ ජන කෝටාවෙන් යවන එක නිවැරදි වන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක වල සිසුන් ඒ දිස්ත්‍රික්කයෙන් පිට පාසලකට නොයන තාක් පමණයි. හැබැයි යම් සිසුවෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ නැතුව වෙන දිස්ත්රික්කෙක පාසලක ඉගෙන ගතහොත් ඒ සිසුවාගේ සහ පවුලේ ජනගහන ඉලක්කම පිරෙන්නේ එක දිස්ත්‍රික්කයක වුනාට එයා පාවිච්චි කරන්නේ වෙන දිස්ත්රීක්කයක කෝටාව.

මේකට උදාහරණයක් තමා කළුතර ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ කටෝෆ් අඩු වෙලා කොළඹ ඉහල යාම. කළුතර ගම්පහ දෙකෙන් සැලකියයුතු   සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ කරන්නේ කොළඹ දිස්ත්රීක්කේ. ඒ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල ජන සංඛ්‍යා  කළුතර හෝ ගම්පහ කෝටා ඉහල දැම්මට ඔවුන් විවි යන්නේ කොළඹ කෝටාවෙන්. කොළඹ කටෝෆ් වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් මේක.

මේ වැඩේ වැරදියි, අසාධාරණයි නෙවි ගණිතමය ලෙස ම වැරදියි. මම හිතන්නේ විවි ප්‍රවේශය සම්බන්ධයෙන් කල යුතුම සහ ලෙහෙසියෙන් කල හැකි වෙනස්කමක් වන්නේ මේ වැරැද්ද හදන එක.

කොහොමද මේක වෙන්න ඕනේ? විවි ප්‍රවේශයට අදාළ මුළු කුලකය කවුද? උසස් පෙළ ලියන ළමයි. එහෙමනම් අනුපාත හදන්න ඕනේ ඒ ඒ දිස්ත්රීක්කෙන් උසස් පෙළ අයදුම් කල සිසු ගණන් වලින්. මුළු නියැදිය යම් ගණනක් නම් ඒ අනුපාතයට අපි අවස්ථා බෙදනවා. එතකොට ඒ නියැදියෙන් වඩාත් නිරවද්‍ය උප නියැදි තේරෙන්න පුළුවන්. උසස් පෙළ සිසුන් ගණනේ අනුපාතයට අවස්ථා බෙදලා කෝටා හැදුවනම් තමා නිවැරදි. එහෙම කලොත් ඔය අසාමාන්‍ය ලෙස වැඩි කටෝෆ් තියෙන දිස්ත්‍රීක්ක වල කටෝෆ් අඩුවෙනවා.

මේක කරන්න බැරි එකක් නෙවි. වැඩියෙන් වියදමක් යන එකකුත් නෙවි. සිම්පල් ගණිත ගැටලුවක් පමණයි ඒකත් කරන්න කිසිම අමාරුවක් නෑ.

මේක කියවන හැමෝගෙන්ම තදින්ම ඉල්ලා සිටිනවා මේ සරළ වෙනස වත් කරගන්න උත්සහ කරන්න කියල. මොකද මේක අසාධාරණයක් දේශපාලන මතයක් නෙවි. මැතමැටිකලි කරන වරදක්.

2. දැන් මේ දිස්ත්‍රීක් පදනම භාවිතයේදී කරන උපකල්පනයක් තමා දිස්ත්රීක්කයක පාසල් ඔක්කොම එකම ගානේ ඇති වෙනත් දිස්ත්රීක්කයක ඒවා අනිකට වඩා එක පිටින් වෙනස් කියල. ඉස්සර එහෙම ඇති.  දැන් ඕනෙම දිස්ත්රීක්කෙක ඉතා හොඳ පාසල් රාශියක් තියෙනවා. ඒ වගේම කාලයක් මේ සිස්ටම් එක දුවලා ඉතාම අවුල් ජරා පාසල් පවා හැම දිස්ත්රීක්කෙම තියෙනවා. කොළඹ දිස්ත්රීක්කෙම තියෙන සැහෙන ප්‍රමාණයක් පාසල් ගන්නම දෙයක් නෑ. තව දුරටත් මේ දිස්ත්‍රීක් මත තීන්දු වෙන ක්‍රමය තාර්කික ද? මම හිතන්නේ දිස්ත්රීක්කේ වෙනුවට වෙන වෙනම පාසල් තමා සැලකෙන්න ඕනේ. පාසල් වල තත්වය බලල තමා කටෝෆ් එන්න ඕනේ. පාසලෙන් පාසලට වෙනස් කටෝෆ්.

3. එහෙම පාසලින් පාසලට බලන්න අමාරු නිසා පාසල් 
කැටගරි කීපෙකට ක්ලස්ටර්   කරන්න පුලුවන්. වාර්ෂිකව පාසල් වල තත්වයන් සලකා ඒවා විවිධ කැටගරි වලට වර්ගීකරණය කරනවා. කැමති කැටගරි ගණනක් තියා ගන්න පුළුවන්. ඒ ඒ කැටගරි වල උසස් පෙළ කරන මුළු සිසු ගණන් බලල ඒ අනුපාතයට කැටගරි අතර විවි ප්‍රවේශ තීන්දු කල හැකියි. දැන් තියෙන විදිහමයි. හැබැයි දිස්ත්‍රික්ක වෙනුවට රටේම පාසල් අතර හැදෙන කැටගරි . ඒ ඒ කැටගරියේ සිසු අයදුම්කරුවන් ගණනේ අනුපාතයට ඒ කැටගරියට ලැබෙන විවි කෝටා එක තීන්දු වෙනවා. මේක තමා පාසල් අතර අසාධාරණය අඩුකරන්න තියෙන හොඳම විදිහ. මේක කෙරුනොත් ජනප්‍රිය පාසල් වලටම රිංගන ලෙඩෙත් තරමක් සුව වෙන්න පුළුවන්. මොකද එතරම් හොඳ නැති පාසලක උසස් පෙළ කටෝෆ් එක එතරම් වැඩි නෑ.

--------------


ඔය තමා දැනට පවතින සිස්ටම් එක එහෙමම තියෙද්දී ඉලක්කම් එක්ක සෙල්ලම් කරන අමාත්‍යංශ  වල නෝනා මහත්තුරුන්ගේ ගණන් හදන ක්‍රම පමණක් වෙනස් කරලා වඩාත් නිරවද්‍ය සහ සාධාරණ ක්‍රමවේදයක් හදන ක්‍රම.

උසස් පෙළ පවත්වන  හැටි හොඳද? විවි අධ්‍යාපනය නිකම් දෙන්න ඕනෙද? විවි ප්‍රවේශය මිස් වෙන සිසුන්ට වෙන්නේ මොකද්ද? ඔය වගේ බරපතල ප්‍රශ්න කතාවෙන් අහක දැම්ම.

මේ ටිකවත් කෙරුනොත් ලොකු දෙයක්.

ප.ලි. කියවනමිනිස්සු  පළවෙනි පොයින්ට්  එක  බලල  අහනවා  මේක  මෙච්චර ගොන්  වෙන්න පුළුවන්ද  ඔහේට වයර්  මාරු  වෙලාද  කියල.  ඒ  සන්වාදය  අතරෙ  කස්සප  ගම්ලත්  මහතා  මෙන්න මෙහෙම  ශාක්ශි  සහිතවම  ඔප්පු  කරනවා  ඒක  එච්චරම  ගොන්  තමා  කියල.  මේ  යු  ජී සී  එකේ  හැන්ඩ්බුක්  එකෙන් කියල  එතුමා කියන්නෙ. ස්තුතියි කස්සප

Image may contain: text

Wednesday, December 13, 2017

ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය යයි [චායාරූප රහිතයි]

පසුගිය සඳුදා උදෑසන හයහමාරට පමණ නොදුම්රිය [විදුලි කෝච්චි දුම් දමන්නේ නැත] මගට වන් ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මළේය. ඒ අප සිටින ස්ථානයට නැවතුම්පොළ කීපයක් නගරය දිහාට වන්නටයි.

උදෑසන ගෙවී යත්ම ඔෆිස් යන්නට ගිය පරක්කු ජනතාව වන අපිට සේවකයෙකු පවසා සිටියේ මාරාන්තික අනතුරක් නිසා සියලු නොදුම්රිය ප්‍රමාද වී ඇති බවයි. ස්ටේෂන් කීපයක් කොටමින් ගොස් වෙනදාට වඩා පරක්කු වී ඔෆිස් යාගත හැකිවිය.

නොදුම්රිය කොටන අතර සුහුරු බණුවෙන් අන්තර්ජාලය පිරික්සූ විට ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය ගිය බවක් කියා තිබුණි. දහවලේ කෑම වෙලාවේ නැවත පිරික්සූ මුත් ඊට එහා මොකුත් තිබ්බේ නැත. රාත්‍රියේ ගෙදර පැමිණ කියවූ විට ට්‍රෙස්පාසරයා නිසා පොලිසිය ක්‍රයිම් සීන් එකක් මාක් කර ඒ මාර්ග වල නොදුම්රිය ධාවනය පැය කීපයකට අඩාල කල බවත්, අපේ නොදුම්රිය සේවා මාර්ග භාවිතාවේ කටෝෆ් එකට ඇවිත් නිසා උදේ පරක්කුව හවසටත් බලපාන බවත් රාත්‍රිය වනතුරු සියලු නොදුම්රිය ප්‍රමාද වූ බවත් දකින්න ලැබුණි.

දැන් මේ සිදුවීම වී දින දෙකක් ගෙවුණු මුත් තාමත් අන්තර්ජාලයේ මේ ගැන ඇත්තේ එපමණකි.

ඇත්තෙන්ම මේ ට්‍රෙස්පාසරයා මොකෙක්ද? ගැහැණියෙක් ද පිරිමියෙක්ද පිටසක්වල ජීවියෙක්ද? කිසිවක් සොයාගත නොහැක. ඌ දුම්රියේ හැපුණා ද පැන්නා ද අපි දන්නේ නැත. දුම්රිය මාර්ග බාහිරයට සීල් තබා ඇති නිසා මහාමාර්ග ගේට්ටු වෙනුවට බයිපාස් ඇති නිසා [බටහිර සිඩ්නි වල මා තවම දැක ඇත්තේ එකම එක රේල් ගේට්ටුවක් පමණි] නිකම් අහම්බෙන් වූවක් නම් නොවේ. මේ ගැහැනියක් නම් දරුවෙකු සමග ජීවන බර දරන්නට බැරුව පැන්නාද? කොලුවෙක් නම් වලත්ත කමට අකුරු පේන්ට් කරන්න ගොහින් හැපුනාද මේ කිසිවක් කොහෙවත් නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේවා දෙන්න ඕනේ නැද්ද?

පොලිසිය සහ මාර්ග සේවකයින් එතනට ගිය වෙලාවේ ගත්තු ෆොටෝවක් නිවුසියක හෝ ගොසිපයක නැත. මේවා ලීක් කිරීමේ වගකීම පොලිසිය සහ සේවකයින් සපුරා පැහැර හැරියාද? මිනිය අස් කරන්නට පෙර ඔලුව කඳින් වෙන්වූ ඒ ත්‍රාසය හා ශෝකය මුසු පින්තුරය මාධ්‍ය වලට ගන්න දෙන්න බැරිද? ඒ මොහොතේ අසල මගක ගිය එකෙකුට ෆෝන් එකකින් මේවා ෆොටෝ ගන්නට බැරිවීද ? මගීන් නොදුම්රිය පොලේ සිට තම ජීවිත පරදුවට තබා එතනට ඇවිද ගොස් මේ අනුවේදනීය මොහොත චායාරූප ගත නොකළේද? මාර්ගයේ ආරක්ෂාවට හෝ ගෙදරක ඇති සී සී ටී වී පටයක මේ අනතුර සටහන් වී නැද්ද? කළු අළු පසුබිමේ අපැහැදිලි ට්‍රෙස්පාසරයා රාමු අඩු නිසා ටික් ටික් ගා පැන පැන යන නොදුම්රිය ටොක් ටොක් ගාගෙන පනිමින් එන ඒ දෙන්න හැපෙන දඩස් ගා වැටෙන සීන්ස් පෙන්නන්න බැරිද?

දෙදිනක් ගියද තවමත් ට්‍රෙස්පාසරයා ගේ නිවසට කිසිවෙක් ගොස් නැත. ප්‍රේමයේ විරහයෙන් විබාගේ අබාගෙන් ඔහු හෝ ඇය තැවුණු හැටි ගැන අපිට පිටු එකාමාරක කඳුළු කතාවක් නැත. අම්මා බෝම දුකෙන් ඉන්න ෆොටෝවක් නැත. ට්‍රේස්පාසරයාට ද අම්මෙක් ඇතිවා විය යුතුය. ඒ අම්මා ට සෙලිබ්‍රිටියක් වෙන්නට අයිතියක් නැද්ද? රාත්‍රී රූපවාහිනියේ මේ පවුලේ කඳුළු කතාව ගැන "විශේෂාංගයක්" පුරා සතියක් හැමදාම නොයන්නේ ඇයි? ඔලු කට්ට කුඩු වෙච්ච පුළුන් දමා වෙළුම්පටි දැමු ට්‍රෙස්පාසරයාගේ මෘත දේහය වළලා පණුවන් දමන තුරුත් රූපවාහිනියේ පෙන්වන්නේ නැත්තේ ඇයි? අර වෙන්ට්වර්ත්විල් ඇක්සිඩන්ට් එකේ ෆොටෝ මෙන්න අපෙන් විතරයි කියා මගේ ෆේස්බුක් වෝල් එකේ ලින්ක් ප්ලීස් වැටෙන්නේ නැත්තේ ඇයි?

දෙන්නට කිසිම පින්තුරයක් නැතිනම් යහතින් ඉන්න එකෙකුගේ හෝ පින්තුරයක් ෆෙස්බුකියෙන් උස්සා නොදුම්රියක පින්තුරයක් සමග ඇල ඉරකින් වෙන්වන සේ පාස්පෝට් සයිස් එකක් හදා එය පත්තර හෙඩිම අයිනෙන් එල්ලන්නේ නැත්තේ ඇයි?

මේ කිසිවක් නැත.

මේවා ජනයාට අකැප ද? ඔස්ට්‍රේලියාවේ උන්නත් අපේ හදවත් උණු වන්නේ නැද්ද? ඒ උණුවන හදවත් වලට අනේ අපොයි කියවෙන අතර දැන්වීම් පටි වල වටිනාකම් ඉහල යන්නේ නැද්ද? විකුණන්න ඇති මගුලකුත් නැති රටේ ඔහොමවත් ඔන්ටප්රිනර්ශිප් නැද්ද? සිරාවටම මේ මළ මිනියට කිසිම වටිනාකමක් නැද්ද?

මා උපන් ලංකාවේ නම් ජීවතුන් තර සිටිනා කාලයට වඩා වටිනාකමක් මේ ට්‍රේස්පාසරයාට දෙන්නට අපේ පොලිසිය මාධ්‍ය ගොසිප් ඒ හැමටම සහය දෙන ජනයා පෙළඹෙනවා නොඅනුමානය.

ප්‍රවුඩ් මි. සෑඩ් මි.

Sunday, December 10, 2017

දෙමල බෙදුම්වාදය කුඩු පට්ටම් කරන විග්නේස්වරන් මහතා

සිංහල සහ දෙමල වාර්ගිකයන්ගේ/ජාතීන්ගේ අතීතය ගැන විග්නේස්වරන් මතය වඩාත් සවිස්තරව කියවෙන දෙවැනි ලිපියක් ඒ මහතා පළකර තිබේ.

දුටුවනින් ප්‍රශ්න කලයුතු කාරණා කීපයක් දකින්න ලැබෙන අතර එහි සමහර දත්ත පවතින දැනුම තුල නිරවද්‍ය වන බවක් නොපෙනේ. එහෙත් ඒ ගැන සංවාදය කරන වගකීම සහ වෘත්තීය නිපුනතාවය හිමිවනුයේ විෂය ප්‍රාමානිකයන්ට නිසා ඒ ගැන වැඩිපුර ලියන්නේ නැත.

විග්නේස්වරන් නගන පහත තර්ක සලකන්න.

1. විජය කෙනෙකු ලංකාවට ආ බවට ඉන්දීය මූලාශ්‍ර නැත. ඒ නිසා එය තනිකර වංශකතා කරු ගේ නිර්මාණයකි [මෙය විවාදාත්මක එහෙත් සපුරා අහක දැමිය නොහැකි කතාවකි]

2. විජය හෝ වෙනත් කාට හෝ බිරියන් ගෙනාවේ මදුරා පුරයෙන් හෙවත් පාන්ද්‍ය දේශයෙන් නිසා ඔවුනුත් අර්ධ දමිළ වේ [මෙය සිංහල වංශකතා අනුව ද එසේමය]

3. විජයාගමනයට පෙර පටන් ලංකාවේ පැවති ශිෂ්ටාචාරය දකුණු ඉන්දීය කලාපයේ හෙවත් අනාර්ය ශිෂ්ටාචාරයකි [තාර්කිකව නිරවද්‍ය ලෙස සැලකිය හැකිය]

4. දේවානම් පියතිස්ස සහ පූර්වජයෝ දමිළ බස කතා කළෝය [කිසිම තාර්කික පදනමක් නැත. ඒ කාලවල සෙල්ලිපි ලියවී ඇත්තේ දෙමලෙන් නොවේ. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

5. සිංහල බස බිහිවන්නේ දෙවානම්පියතිස්සට සියවස් අටකට හෝ දුටුගැමුණු ට සියවස් හයකට පසුය. ඒ අනුව මේ රජුන් ද දමිළ බෞද්ධයෝ ය [සිංහල බස එහි පූර්ව අවස්ථා එක්ක දක්වන සම්බන්ධය දමිලයෙන් පිටස්තරය. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

6. අනුරාධපුරයේ දමිළ රජුන් දමිලයින් ලෙස සැලකුවද සිංහල රජුන් සිංහල ලෙස වංශකතා වල සලකා නැත [මගේ කෙටි දැනුමෙන් මෙය නිරවද්‍ය නොවේ. සිංහල කියන යෙදුම විජයාදී පරපුරට යෙදෙන බව මගේ මතකයයි. එහෙත් මෙවරත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

තර්කයේ පහසුවට ඒ මහතා කියන කතාව නිවැරදිය කියා සලකමු. එපමණකින් ම පවා දමිළ බෙදුම්වාදයේ ඉතා වැදගත් තර්කයක් බිඳ වැටේ.

ඔහුට අනුව ලංකාවේ රාජ්‍ය කල මිනිසුන් දමිළ බස කතා කල මිනිසුන් පිරිසකි. විජය නම් කෙනෙක් පැමිණි නැති අතර අනාදිමත් කලෙක සිට දකුණු ඉන්දීය ශිෂ්ටාචාර සලකුණු සමග ඔවුහු ජීවත් වූහ, පසුව අශෝකගෙන් බුදුදහම සහ පාලි බස ඔවුන්ට දායාද විය. පසුව ඒ පාළි බස දමිළ බස සමග මිශ්‍ර කොට සිංහල බවට හරවන ලද්දෝය. එදා පටන් අද දක්වා සිංහල කියන්නේ ඒ ප්‍රජාවටයි. මේ මගේ මතයක් නොව විග්නේස්වරන් කියන මතයයි.

විග්නේස්වරන් මේ හරහා වැදගත් කාරනාවක් පිලි ගනියි. එනම් කිනම් බසක් කියෙව්වත් කිනම් සංස්කෘතික ලක්ෂණ දරුවත් සින්හල නම් ප්‍රජාව එදාපටන් ලංකාවේ හිටි අය බවයි. ඔවුන් රටේම පැතිරී හුන් බවයි. අනුරාධපුර අගනුවර ඔවුන්ගේ රාජ්‍ය කාල අමුතුවෙන් සිංහල ලෙස ලියා නැතිමුත් දමිළ රාජ්‍ය කාල එසේ ලිවීමෙන් ඒ දෙවැන්නා ගේ බාහිර භාවය සනිටුහන් වේ. ලෝකයේ වෙනත් බොහෝ ජාතින් මෙන්ම සිංහල ප්‍රජාවත් උතුරු දකුණු ඉන්දියා දේශ සහ දූපතේ පාරම්පරික ජනයාගේ මිශ්‍රණ විය හැකිය. පාන්ද්‍ය සම්බන්ධය ඒ නිසා අමුත්තක් නොවේ. ඒ සියලු සම්බන්ධ වලින් බිහිවූ එක ප්‍රජාවක් ඒ මුළු කාලයේම සිය අනන්‍යතාවය බිහිකරගත් බව පමණක් වැදගත් කාරණයකි. මොන බසක් කතා කලාද මොන සංස්කෘතියකින් පටන් ගත්ත ද යන්න අදාළ නැත.

මේ සියල්ල අනුව සිංහල නමින් දැන් හැඳින්වෙන ප්‍රජාව මිස ඇතැම් බෙදුම්වාදීන් කියන්නාක් මේන් දමිළ ප්‍රජාව ලංකාවේ අනාදිමත් කලෙක සිට පාලනය ගෙනගිය ස්වදේශික මුල් පදිංචි කාර ඉන්ඩිජිනස් හෝම්ලෑන්ඩ් එකක හිමිකරුවන් නොවේ, අදාළ අර්ථදැක්වීම හිමිවන්නේ දේවානම් පියතිස්ස දුටුගැමුණු ආදීන්ගෙන් පැවතෙන ප්‍රජාවට බව විග්නේස්වරන් කතාවෙන් ගම්‍ය වේ.

ප්‍රජාවෝ කාලය තුල බස සංස්කෘතිය ක්‍රමිකව වෙනස් කරති. ඒවා ගැන විග්නේස්වරන් හරි හෝ වැරදි විය හැකිය. දෙමල බසට වඩා අතීත පැවැත්මක් දිනා සිංහලය ලෝක වාර්තාවක් කරන්නට කාටවත් ඇම්මක් ඇති බවක් නොපෙනේ.

එහෙත් විග්නේස්වරන් අතින් දෙමල බෙදුම්වාදයේ එක සුරංගනා කතාවක් මනාකොට බිඳ වැටෙන බව පමණක් අපි දකින්නෙමු.

Saturday, December 9, 2017

ගීසා හි පිරමීඩයේ ප්‍රවේගය ආලෝකයේ අක්ශාන්ශයට සමානද?

අපි මිත් බස්ටර සේවා සපයන්නේ නෑ. ලෝක ගෝලේ ලස්සන වන්නේ සුට්ටක් මෝඩ සුට්ටක් ලස්සන කෙල්ලන් සොරි කතන්දර නිසා කියා හිතනවා. විවිධ මිත්‍යා නැත්නම් මේක මාර පාලු ලෝකයක්. ඒ වුනාට ඉඳහිට අපිට රිදෙනකම් ඇනෙනකම් පෙනෙන බූත කතා දැක්කම එකක් දෙකක් එක්ක ගණුදෙණු කරන්න හිතෙනවා. ඒ එහෙම එකක්. ඔය පහල තියෙන්නේ සීන්ස් එක.




මට වගේ ඔබටත් මේක දැකලම එපාවෙලා ඇති. මේ හදන්නේ ඔය කුනුහරුපේ දිග පළල හොයන්න. අවසානේ තීන්දු නෑ. වී රිපෝට් යූ සපෝට්.

ඉස්සරින්ම කතාව ඇත්තද? අක්ෂාංශය [ආසන්නව] හරි. ආලෝකයේ රික්තය තුල ප්‍රවේගය [හෙවත් අයින්ස්ටයින් භෞතික විද්‍යා සංකල්ප වල පවතින ප්‍රවේගයේ උපරිමය] නිවැරදියි.

1. ඉස්සරින්ම සරල සාමාන්‍ය  දැනුම. ඔය දෙකේ ඒකක දෙකක්. ඒකක වෙනස් වුනාම [ඒකක කියන්නේ මිනිස් අර්ථ දැක්වීම් නිසා] වටිනාකම් හි තේරුමක් නෑ.

2. මීටරය අර්ථ දැක්වෙන්නේ පිරමීඩයට පස්සේ නිසා මේක සත්‍ය නම් සලකන්න වෙන්නේ කාලය ඔස්සේ ඉදිරියේ වෙන්න තියෙන දෙයක් එක්ක අතීතේ දෙයක් පෑහීමක් කියල. එනම් ගීසාවේ  පිරමීඩ්  එක  හදන්න  පොලොව  සකසන එකා  තව  අවුරුදු  දාස්  ගානකින් මිනිස්සු  මීටරය  අර්ථදක්වාගෙන  අක්ෂාංශ  අර්ථදක්වාගෙන  ආවාම  මෙන්න  මෙතන  අක්ශාන්ශේ  අර  ආලෝකයේ  රික්තයේ  ප්‍රවේගය  එක්ක  ගානට  සෙට්  වේවා  කියල  කොරල  තියෙන්නේ. 

3. අක්ශාන්ශයක් කිමි 111 වෙනවා. ආසන්නව 100 කියල හිතුවොත්. 29.9792458 කියන එක සෙන්ටිමීටරේට තමා ගණනය වන්නේ. ගීසා පිරමීඩය මීටර දෙසිය ගානක්. ඉලක්කම හරිම උනත් ගීසා පිරමීඩයේ සයිස් එකත් එක්ක ලියන්න වෙන්නේ 29.978, 29.979 හෝ 29.98 වගේ ගානක් පමණයි. ඉතිරි ටික ඕනේ හැටියට ලියා ගන්න පුළුවන්. ඔය ටික අතරේ ඔක්කොම වැඩි ප්රෙසිෂන් අගයන් තියෙන්නේ පිරමීඩය තුල.

ඒ අනුව ආලෝකයේ රික්තයේ ප්‍රවේගය හෙවත් උපරිම ප්‍රවෙගයේ තත් ට මීටර් අගය මිලියන දහයෙන් බෙදා ලැබෙන අගය අක්ශාන්ශයක් කියා සැලකුවොත් එය ගීසා පිරමීඩයේ ඇතුලේ තියෙන එවැනි අක්ෂාංශ අගයන් 20000 න් එකක්.

ඔන්න ඕක හරි. වට් එවර් ඉට් මීන්ස්.

දැන්  අහවල්  බක්කද  ඕකෙන්  වෙනවා  කියන්නේ?

රාජාලියා සහ දෙවියන්ගේ නගරය

එක නගරයකි. රාජාලි කුරුල්ලෝ දෙදෙනෙකි. එක පොතක කොපි තුනකි.

ඒ දෙවියන්ගේ නගරයයි. දෙවියන් තැනු බව කියන නගරයයි. සාමයේ නගරයයි. සාමයක් කවදාවත් නොමැති නගරයයි. දෙවියන් යයි කියා මිනිසුන් තැනූ පුරෝගාමී නගරයයි.

තෝරාගත් ප්‍රජාව දෙවියන්ගේ නගරය තැනූහ. දෙවියන් ඒ නගරය තැනු බවට ඇදහූහ. දෙවියන්ගේ පළමු පොත ලියුහ.
දෙවියන්ගේ නගරයට මදක් ඔබ්බෙන් පහල වූ දෙවියන්ගේ පුත්‍රයා බව පැවසී මිනිසෙක් දෙවියන්ගේ පොත කොපි කර වෙනස් කළේය.

එක් රාජාලි කුරුල්ලෙක් දෙවියන්ගේ නගරය වැනසීය. බාල මහලු ගැහැණු පිරිමි සියල්ලෝ ම භක්ෂණය කළේය. මළ කඳන් වලින් පිරී ගිය දෙවියන්ගේ නගරයේ වෘක කැනහිල් ආදී වන සත්හු පිරී ගත්හ. දෙවියන්ගේ දෙවොල් බිඳ ලූහ. දෙවියන්ගේ පොත් ගින්නෙහි ලූහ.

සාමයේ දහම පහල විය. දෙවියන්ගේ පොත නැවත වරක් වෙනස්කම් සහිතව කොපි කෙරුණි. තෝරාගත් ප්‍රජාවෙන් මුක්ත වූ දෙවියන්ගේ නගරයේ සාමයේ දහම අදහන්නෝ එක්රැස් වූහ. සාමයේ නාමයෙන් යුදයේම යෙදුණහ.
බොහෝ කල් ගතවිය.

අනෙක් රාජාලි කුරුල්ලා පහල වී තිබුණි. ඌ දෙවියන්ගේ එක පොතක එල්බගෙන තිබුණි. තෝරාගත් ප්‍රජාවේ එකෙක් රාජාලි කූඩුවේ ම බිජු ලා තිබුණි.

අද දෙවියන්ගේ නගරයේ ඉන්නේ සාමයේ දහම වෙනුවෙන් යුද කරන්නෝය. තෝරාගත් ප්‍රජාව වෙනත් තැනක් තෝරාගෙන ඇත. ඒ සියල්ල නොසලකා රාජාලි කුරුල්ලා නැවතත් දෙවියන්ගේ නගරය තෝරාගත් ප්‍රජාවට පවරන්නට තීරණය කර තිබේ.

අනුන්ගේ දේවල් වල හොට පටළා එපා වී හුන් රාජාලියා තවත්නම් අනුන්ගේ දේවල් වල හොට නොදාන බවට පොරොන්දුවක් දී තිබුණි. එය ද බිඳ දමා මේ සා සුවිසල් හොට දැමීමක් කරන්නේ රාජාලියා දෙවියන්ගේ එක පොත් කොපියකට දක්වන අසීමිත අන්ධ භක්තිය නිසාද නොවේනම් තම කූඩුවේ ම බිජුලන තෝරාගත් ප්‍රජාවේ එකා ගේ බලපෑමෙන් ද කියා නොදනිමි.

එහෙත් එකක් පැහැදිලිය. සාමයේ දහම තව තවත් යුද වදින තෝරාගත් ප්‍රජාව තව තවත් මිනි මරණ මිය යන හෙට දවසකට කාලය පැමිණ තිබේ. රාජාලි හොට  දැමීම්  වලින්  තුවාල  කරගන්නේ  උන්  ය.

පරණ කතා

Friday, October 6, 2017

ඔරෙක්ස් පෑනෙන් දේදුනු නිර්මාණය කල හැකි බව දැනගත්තේ ශිෂ්‍යත්ව විබාගය දවසේය

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිපල අවුට් වී ඇත. ඒ නිසා බොහෝ දෙනා මයිසේල්ෆ් රචනා ලියා ඇත. මා දුටු ශිෂ්‍යත්වය වගේ නොස්ටල්ජියාවල සිට නොදකින් ශිෂ්‍යත්වය වැනි විවේචන දක්වා පරාසයක ඒවා විසිරේ. 

ඔරෙක්ස්  පෑනෙන්  දේදුනු  නිර්මාණය  කල  හැකි  බව මා දැනගත්තේ  ශිෂ්‍යත්ව  විබාගය  දවසේය. ඒත් මේ ඒ ගැන අහිංසක නොස්ටල්ජිය ටච් එකක් නොව වෙනත් ලොරි ටෝකකි.

විශ්ලේෂකයෝ වර්ග කීපයකි. අපි ඔවුන් දළ වශයෙන් කණ්ඩායම් වලට කඩමු.

1. ශිෂ්‍යත්වේ දක්ෂ ලෙස ෆේල් වූ අය [එයාල කියන්නේ එහෙමය]. එහෙම වුනත් අද උන් ඉන්න තැන ගැන අපට ආඩම්බර විය හැකිය.

2. මෙලෝ මහන්සියක් නැතුව පිස්සු කෙළිමින් හිඳ පාස් වුන අය. ටියුෂන් නොගිය නිසා තමයි මම පාස් වුනේ කියා උප වර්ගයක් ඇත

3. ශිෂ්‍යත්වේ ගැන මෙලෝ මතකයක් නැති අය. සමහරු පාස් වුනේ නිකම්මය මෙලෝ මතකයක් නැත, තව සමහරු ෆේල් උනේ නිකම්මය මෙලෝ මතකයක් නැත.

4. අම්මලාගේ ඇම්ම [ හෙවත් ටෙක්නිකලි ස්පීකින් ටයිගර් පේරන්ටින් ] නිසා ශිෂ්‍යත්වයට අකමැති අය. වාර්ෂිකව මවිපියන් දරුවාට අමන ලෙස සැලකීමෙන් ඉස්මතුවන විවිධ සිද්ධි ගැන උදාහරණ සහිතව මේ අය අදහස් දක්වති.

5. ඔය විබාගේ නිසා අපි තැනකට ආවේ ඒ නිසා කුහක කතා නොකියන ලෙස කියන අය

6. මන් දන්නා ඕක පාස් එවුන් ඔක්කොම විනාස වුනා කියන අය

7. ඔය ඔක්කොම ලොකු පාසල් වලට යන්න තියෙන උණ නිසානේ කියන අය

8. මම

මේ මුල් අංක හතටම සාධාරණ පොයින්ට් ඇත. තාත්වික උදාහරණ ඇත. නොස්ටල්ජිය කතා ඇත. ඔවුන් බොරුකාර පොරටෝක් කාරයින් නොවේ. එහෙත් ඔවුන් හතම කවර් කරන්නේ සමස්තයෙන් සුළුතරය නිසා මම බහුතරය වෙනුවෙන් පෙනී සිටිමි. අංක අටට මම කිව්වේ ඒ නිසා මිස මේ මම ගැන කතාවක් නිසා නොවේ [මේ දවස්වල මම ගැන කතා කරන්නට ෆේස්බුක් එකේ පිරිසක් වෙනම පත්කර තිබේ].

පළමු වැදගත් පොයින්ට් එකනම් ශිෂ්‍යත්වය පවත්වන හේතුවයි. ලංකාවට ශිෂ්‍යත්ව විභාගයක් අවැසි වන්නේ පාසල් අතර ඇති පරතරය නිසාවෙනි. ඒ පරතරයන් හුදු දුර නිසා හෝ දුෂ්කරත්වය නිසා පමණක් ඇති වූවන් නොවේ. එකම රජයක් යටතේ පාලනය වුවද පාසලින් පාසලට වෙනම ඉතිහාස කතාවක් ඇති රටකි ලංකාව. ඒ අනුව එකිනෙක පෙනෙන සීමාවේ පිහිටි පාසල් දෙකක වුවද අහසට පොලොව වැනි වෙනසක් ඇතිවිය හැකිය. ඊට අමතරව ලංකාවේ තැන තැන ඇති නාගරික කුට්ටි හැර සෙසු ගං සියල්ල පවතින්නේ හද්ද ග්රාමියත්වයකය. අධ්‍යාපනයට පරිබාහිර වූ විවිධ හේතු [ප්‍රවාහනය පදිංචි ස්ථාන වැනි ඒවා පවා] නිසා ගුරුවරු මේ ස්ථාන අප්‍රිය කිරීම නිසා ද අර්බුදයක් හටගනියි. ශිෂ්‍යත්වය සමාජ අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසාවෙනි. කිනම් හොඳ නරක තිබ්බත් ශිෂ්‍යත්වය නොවෙන්න සමාජයේ එක්තරා සිසුන් පිරිසකට තමා ලද අධ්‍යාපනය ලබන්න ඉඩ නොලැබේ.

ඉහත ලිස්ට් එකේ ශිෂ්‍යත්වේ ෆේල් වී මාර පොරවල් වූ අය එක්කෝ කුඩා කල සිටම ගියේ ලොකුවයින් ඉස්කෝල වලටය. නොවේනම් ග්‍රාමීය පරිසර වල ඔවුන් අධ්‍යාපන සාර්ථකත්වය කරා යද්දී එසේ යා නොහැකි වූ තවත් සියගානක් ඔවුන්ට අමතකව ගොසිනි. සමස්තයක් හැටියට මව්පියන් සතු හැකියාවකින් අහවලිස්ට් හෝ අහවලියන් කෙනෙක් ලෙස බෞතිස්ම නොවන ලද ශිෂ්‍යත්වේ ෆේල් එකෙකුගෙන් අධ්‍යාපන කන්ද නැග්ගේ එහෙමත් එකෙකි. ඒ එකා කොච්චර දුර්ලභ ද යත් එය පට්ට කනා පාරක්  මිස කොහෙත්ම සැලසුම් කල නොහැක්කක් කියා සිතීමට සාධාරණ හේතු ඇත. ඒ  එකෙක්වත්  වැරදිලාවත්  තම  දරුවෙක්  ඒ  කනා  පාර  දිගේ  එවන්නේ  නැත.

එසේ මව්පියන් සතු හැකියාවකින් අහවලිස්ට් හෝ අහවලියන් කෙනෙක් නොවූ ශිෂ්ත්වේ ෆේල් වී  අධ්‍යාපන කන්ද නොනගීන එවුන් අද පෝස්ට් නොදමති. අවාසනාවකට දූපතේ නිහඬ බහුතරය ඔවුන් වේ. අංක අටට මම කියා කැටගරියක් දැම්මේ ඔවුන් ගැන කතා කරන්නයි. ශිෂ්‍යත්වය ෆේල් වීම අධ්‍යාපන කන්ද නොනගීමට ඔවුන්ට බලපෑ ප්‍රබලම හේතුවයි. ඒ නිසාම ඔවුහු ශිෂ්‍යත්වයේ යහපත් පැත්ත මෙන්ම අයහපත් පැත්ත ගැන ද එකවර දර්ශීය උදාහරණ සපයති.

ශිෂ්‍යත්වය අමන විබාගයකි. ඒ ගැන කිසිම තර්කයක් නැත, එය පවත්වන වයස ඊට සුදුසුද, එය පැවැත්වෙන කටපාඩම් ක්‍රමවේද ඊට සුදුසුද, තෝරාගත්  විෂය  සහ  විෂය  නිර්දේශ සුදුසුද, ඒ සඳහා කෙරෙන ටියුෂන් මැරිල්ල සහ ටයිගර් පේරන්ටින් ක්‍රමවේද ඊට සුදුසුද, එසේ පිරිසක් තෝරාගෙන උන්ට සුපිරි අවස්ථා දීම සුදුසු ද ආදී ලෙස විවිධ තර්ක රාශියක් ඇත.

එහෙත් ඒ හරහා පහ වසරේ ඒ දවසේ කිනම් හෝ හේතුවකට දක්ෂ ලෙස මුහුණ දෙන සැලකිය යුතු ප්‍රතිශතයකට කවදාවත් නොලැබෙන අවකාශයක් ලැබේ. ඒ අයගේ පාදස්පර්ශයෙන් පූජනීය වන කිසියම් තෝරාගත් පාසල් කීපයක සුවිශේෂී තරගකාරී බවක් ඇතිවේ. එහි පාරිසරික තත්ත්ව ඔවුන්ට මෙන්ම ඒ සුපිරි පාසල් වලට මව්පිය හැකියාවෙන් ආ අයටද උරුමය. සුපිරි පාසලට මව්පියන්ගේ හයියෙන් ගිය අයටත් යන්න ඒ පාසැල සුපිරි තත්වයක් නිර්මාණය කරන්නේ එයට එන ශිෂ්‍යත්ව පාස් උන්ගේ හැකියාවන් තුලිනි. ඒ තුල නිර්මාණය වන සුපිරි අධ්‍යාපන රාමුව හෙවත් ස්පිරිට් එක මත ලංකාවේ අධ්‍යාපන අවුට්පුට් එකෙන් විශාල ප්‍රතිශතයක් පවතියි. රටක් ලෙස ලංකාව ලෝකයේ තමන්ගේ කැලාසියේ රටවලට වඩා උගතුන් තැනීම අතින් ඉහලින් සිටින්නේ මේ තත්වය නිසාවෙනි. අද ශිෂ්‍යත්වයට බණින බහුතරයක් කෙලින් හෝ වක්‍රව ශිෂ්‍යත්වය විසින් නිර්මාණය කල තත්වය නිසා ඉහලට ආ  අයයි. මුළු රටම එහි ප්‍රතිලාභ ලද අයයි.

ශිෂ්‍යත්වය ගැලෙව්වොත් මේ සියල්ල කඩා වැටීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙනම් ඉගෙන ගන්නේ ඉගෙනුම සහ පවුල් බලය උපතින් ගෙනා කීපයක් පමණි. ඉස්සර වැඩ කෙරුණේ එහෙමය. ඒ කාලේ ජොබ් දුන්නේ ඉගෙනීමට වඩා ඉස්කෝලේ නමටය. ඒ කාලේ උසස් පෙළ සමතෙක් කියන්නේ පට්ට වැඩ්ඩෙකි.

එහෙත් ගැටලුව ඇත්තේ සමස්තය සහ ස්පිරිටය විඳින මේ ප්‍රගතිය පිටුපස බහුතරයක් විඳින අගතියක් ඇති නිසාය. සාපේක්ෂව කොහොමත් අධ්‍යාපන මට්ටමින් පහල පාසල් ශිෂ්‍යත්වෙන් ඉගෙනුමට දක්ෂ සිසුන් ඉවත්ව යාමෙන් සපුරා බිඳ වැටේ. ඒවායේ අධ්‍යාපනික රාමුව පැවතෙන්නේ යන්තමිනි. ගුරුවරුන් පවා ඔවුන්ට සලකන්නේ නොහොබිනා මැට්ටන් රැලකට මෙනි, ශිෂ්‍යත්වයේ අයහපත් බලපෑම එන්නේ ඔවුන්ටයි.

දෙවැනි අවාසනාවන්ත පාර්ශ්වය නම් ටයිගර් පේරන්ටින් වල මානසික පීඩනය නිසා විනාස වන අයයි. ටයිගර් පේරන්ටින් වචනය වැඩියෙන්ම  යෙදෙන චීනයේ එක මවක් සිය දරුවා අනවශ්‍ය ලෙස තමාගේ ආදරයේ සුරතල් වීම වැලකීමට ඇය තමන් අරන් හදාගත් කෙනෙකු බවත් තමන් ආදරයට වඩා දෙන්නේ අධ්‍යාපනය බවත් කීවාය. මේ නිසා අම්මා දුවට සැලකුවේ සමාගමක ප්‍රධානියෙක් ගෝලයාට සලකන පරිද්දෙනි. අවසානයේ ඇය ඉහල උගත්කමක් සහ මව් සෙනෙහස අහිමි වීමේ මානසික ආතතයකින් ජීවත් වේ. ලංකාවේ  නම්  දරුවන් සියදිවි  නසාගන්න සිද්ධි  පවා  වාර්තා වේ. කෙසේ වෙතත් ටයිගර්  පේරන්ටින්  කියන්නේ  රෝගයක්  නොව  සිම්ටම්  එකකි.  ටයිගර්  පේරන්ටින්  නැති  කරන්නට  අම්මලට  බෙහෙත්  කර  බැරිය  අධ්‍යාපන  පද්ධතියට  බෙහෙත්  කල  යුතුය.

කතාවේ අවසානය හිතන තරම් සිම්පල් නැත. ශිෂ්‍යත්වය විසින් නිර්මාණය කරන ගැටළු වලට විසඳුම එය කැන්සල් කිරීම නොවේ. එය හරියට තරබාරුකමට විසඳුමක් ලෙස කිසිම ආහාරයක් නොදී උන්නා වැනි වැඩකි. ශිෂ්‍යත්ව තරබාරු කමට අවශ්‍ය නිසි ඩයටින් ප්ලෑන් එකනම් පාසල් අතර පරතරය අඩු කිරීමයි. එය කිසියම් දුරට හෝ සාර්ථක කලොත් සිසුන් ශිෂ්‍යත්වය සමත් වුවත් පාසලේ ම සිටිනු ඇත. එහෙම වෙනවානම් මව්පියන් ඕනවට වඩා දරුවන් මරවන්නේ නැතිව සිටිනු ඇත. එහෙම තත්වයකදී ශිෂ්‍යත්වය තිබ්බත් නැතත් මහලොකු වෙනසක් ඇත්තේ ද නැත. ඒ තත්වයක කාට හෝ අවැසිනම් පමණක් පාසල මාරු කරන්නට මේ විබාගය යොදා ගත හැකිය.

පෙර පරිච්චේදයේ කී දෙය කරන්නට ලෙහෙසි නැත. විවිධ ආණ්ඩු වල වාගාලාප රාශියක් ආවත් කරන බවක් පෙනෙන්නට ද නැත. එසේ නොවෙන තත්වයක බිහි වන්නේ විෂම චක්‍රයකි. ඒ විෂම චක්‍රයේ ශිෂ්‍යත්වය යන හැටියට පවත්වා ගැනීම මිස වෙන විකල්පයක් නැත. අවාසනාවකට රටේ බර බහුතරයක් අධ්‍යාපනයෙන් පස්සට තල්ලු කර සමස්ත අධ්‍යාපන අවුට්පුට් එකට ස්පිරිට් එකක් සැපයීම දිගටම සිදුවනු ඇත.

මෙය ශිෂ්‍යත්වය සහ ටයිගර් පේරන්ටින් වලින් පීඩා විඳින ලංකාවට මෙන්ම නිව් සවුත් වේල්සයට ද පොදු කතාවකි. අදාළ ගැටළු දෙකම ලංකාවටත් වඩා තදින් මෙහි ඇති අතර අපේ ශිෂ්‍යත්වය ලංකාවේ එකටත් වඩා ටෆ් එකකි.

කෙසේ වෙතත් නැවත අපි ප්‍රශ්නයට ආවොත්; ඔබ දරුවෙකුනම් කල යුත්තේ නාකි ඇන්ටිලා අන්කල් ලා ආතල් එකට ෆේල් වී හෝ නිකම්ම වගේ පාස්වී දෙන නොස්ටා ටෝක් දෙස නොබලා කලාතුරකින් කෙනෙකුට ලැබෙන මේ අනගි අවස්ථාවට ඇතුළු වීමට මහන්සි වී උත්සහ කිරීමයි. ඔබ මවක් හෝ පියෙක් නම් කල යුත්තේ ඔබේ දරුවා ඊට මැරවීම නොව දරුවාට ඒ ඉලක්කය කරා යාමට නොහැකි වුවහොත් ඔබ ඒ වෙනුවෙන් කරන ද්විතීයික සැලසුම සකස් කිරීමයි. ඔබ දෙපළම පුරවැසියන් ලෙස කල යුත්තේ ශිෂ්‍යත්වය කැන්සල් කරවීම නොව ශිෂ්‍ය්තවය තිබ්බත් මෙලෝ වැඩක් නැති ගානට දුර්වල පාසල් වලින් වැඩි තරමක් වත් නගා සිටුවන්න උත්සහ ගැනීමයි.

කියන්න  ලෙහෙසිය. ඒත් මේවා මෙහෙම  සිද්ධ  වෙන්නට  දේදුණු  හතක්  එකවර  පායන්න  ඕනෑය. මම ඔරෙක්ස්  පෑනෙන්  දේදුනු  නිර්මාණය  කල  හැකි  බව  දැනගත්තේ  ශිෂ්‍යත්ව  විබාගය  දවසේය.  හතට වඩා නිර්මාණය  කර  ඇත්තෙමි.

Thursday, August 3, 2017

Those scary AI programs that can take control overnight

Facebook creates AI bots to chat with humans. In the experimental level, they were given a chance to communicate with each other and there is a reinforcement learning program that provides measured feedback, hence they are expected to develop a good human like language as time goes.

But for some reason, an obvious bug in reinforcement feedback, the bots developed a non-human like more logical but less expressive languag
e which looks like utterly harmless gibberish.

"i can i i everything else,"
"i i can i i i everything else,"
"Balls have zero to me to me to me to me to me to me to me to me to,"


Following is what some media agencies reported.

"FB detected AI developing their own language and closed down the system" [well, developing their language was the objective]
"this is a conspiracy, to take over humanity" [how? via FB chat screens?]

Facebook issued a media note saying that they did not shut down the division. Developer accepted that it must have been a bug in learning algo and stated that he removed the bot for bug fixing. Yet the conspiracy theorists make their noise loud. Hope the biggest fools of all - the Hollywood - won't pick it from here.

To go with this some philosopher who has no understanding of AI has given a famous problem of paper clips which sounds like the dumb most idea I ever heard.

"Suppose we have an AI whose only goal is to make as many paper clips as possible. The AI will realize quickly that it would be much better if there were no humans because humans might decide to switch it off. Because if humans do so, there would be fewer paper clips. Also, human bodies contain a lot of atoms that could be made into paper clips. The future that the AI would be trying to gear towards would be one in which there were a lot of paper clips but no humans."
— Nick Bostrom, 2003

AI programs are human created within human set limitations. They are given human knowledge to do human work. They only arbitrate from human control in learning from that knowledge to do that work. They cannot overnight rewrite their programs and gain co
ntrol of nuclear weapons, or build robot armies by hacking into a lab. They [if we consider them as individuals] can at most do their job best or otherwise worse.

Of course, there is Genetic Programming [reminded by a good friend in the discussion] which can write their own codes or rather combine given code segments to achieve better results. But they also can do all that within the universe that humans define them to work in. The AI does not have an intuition to take them out of that box, or comprehend anything out of it. An AI system with genetic programming that you write to calculate best algo for stock trading cannot secretly grow and gain control of US nuke subs. You cannot develop a general purpose all human problem solver AI that can re-program itself.

Elon Musk only said that these programs should be regulated, not because they can secretly overgrow, but because they can be utilized to harm ourselves by us.

AI cannot harm humans but humans can use them for harmful activity. Following video shows one which is still making an innocent gesture over humanity but can be developed to achieve horrendous goals. Regulation is needed against that kinda acts of humans.

Atlas of Boston
Dynamics

Wednesday, July 5, 2017

ලාබ ඉලක්ක නොවන එහෙත් මුදලට ලබාදෙන අධ්‍යාපන සේවයක් වෙනුවෙන් පෙනී සිටිමු

බොහෝ දෙනෙක් වැරදි වචන යොදා ගන්නවා අධ්‍යාපන ආයතන වර්ගීක්රණය සම්බන්ද්යෙන්. එය මනින්නේ මෙන්න මෙහෙම.

1. රාජ්‍ය ආයතන [ඒ නිසා ලාබ ඉලක්ක කර නොගත්]
2. රාජ්‍ය නොවන ලාබ ඉලක්ක නොකරන [කිසියම් ස්වාධීන පදනමකින් දුවන මුදලාලිලා නැති]
3. රාජ්‍ය නොවන ලාබ ඉලක්ක කරන [මුදලාලි]

දැන් කෝස් ෆී ගෙවන එක මේ තුනේම වෙන්න පුළුවන්. හැබැයි කෝස් ෆී ගෙවීම නෙවි වැදගත් දේ. ආයතනයේ අරමුණ. එහෙත්  ලංකාවේ ශිෂ්‍ය සටන්  කරුවන්  එල්බ ගෙන ඉන්නේ කෝස් ෆී එකේ.

එසේම  අයිතිය  රජය සතු  නැති  සියල්ල සලකන්නේ පුද්ගලික ඒවා ලෙස. සමහර පුද්ගලික අධ්‍යාපන ආයතන ගෙන යන්නේ කිසියම් පදනමක්, කමිටුවක් හෝ රාජ්‍ය නොවන ආයතනයකින්. මේ කිසිවෙක් ලාබය අරමුණු කරන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ බාගයක් විතර එහෙමයි [අනිත් බාගේ ආණ්ඩුවේ]. ඒ ආයතන වල ආදායම මුලුමනින් වැය කරනවා. ඒ බොහොමයක් ලෝකල් උන්ට උපරිම සහන දෙනවා. හැබැයි විදෙස් උන්ගෙන් ෆුල් ෆී ගන්නවා. කිසියම් අමතර මුදලක් ඉතිරි වුනොත් ඒවා එක්කෝ රිසර්ච් වලට දානවා නැත්නම් කෝස් ෆී අඩු කරනවා හෝ කොලිටි නග්ගනවා.

අතලොස්සක් - බොහෝවිට නොදියුණු අපිළිවෙල රටවල - තියෙනවා කොම්පැනියකින් දුවන ඒවා. උන් ලාබය බලාගෙන යන්නේ. නෝමල් කොම්පැනියක් වගේ. ඉතින් වියදම අවම කර ආදායාම උපරිම කරන අරමුණ තියෙන්නේ.

මේ දෙන්නම මුදලක් අය කරනවා. වඩාත් වැදගත් ඔවුන්ගේ අරමුණ. ලාබය ඉලක්ක කරන එකාට වැදගත් මාජින් එක. එහෙම නැති එකාට වදගාත් කොලිටිය අඩු මිල ආදිය.

ආයතනය අරමුණු කරන්නේ ලාබය නම්, කෝස් ඒකෙ කොලිටිය එහි ඉන්න කාටවත් අදාළ නෑ. සිසුවාට ඕනේ ලේසියෙන් පාස් වෙන්න. අම්මලට ඕනේ රිපීට් නොවෙන්න. පාසලට ඕනේ වැඩි ලාභයක් ගන්න අඩු රිසෝසස් දීලා. මෙතැන කොලිටිය ගැන වොරියක් නැහැ. කොලිටිය බල්ලටම ගියොත් මිස හයිලයිට් වෙන්නේ නැහැ.

සමහර රටක් තියෙන්න පුළුවන් නීති මගින් යාමනය කරන. මේක ලෙහෙසි නෑ. හැබැයි කෙරෙන තැන ලෝකේ තියෙනවා. ලංකාව එහෙම රටක් නොවේ.

එතකොට අද සයිටමය කොලිටි ගයිඩ් ලයින් තෘප්ත කලත් හෙට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ලාබ ඉලක්ක කරන උපාධි දෙන්න සුදුසු නැහැ රටේ ජීවන තත්වයට බලපාන කිසිම විෂයකට. මේක සයිටමයට නෙවි තියරිටිකලි ලාබ ඉලක්ක කරන ඕනෙම එකකට පොදුයි.

රටකට අවශ්‍ය නම් එහෙම එකක් දුන්නට කමක් නෑ පිටරට සිසුන්ට පමණක් උගන්නන. ඒ සල්ලි හොයන්න. පිටරටවල් නිසා උන්ට මොකක් උනාම අපිට මොකද කියන ආත්මාර්ථකාමී සිතිවිල්ලෙන්. [එහි වරදක් නැහැ, ධන ඉපයීම ආත්මාර්ථකාමී තමා]

කෙනෙකුට දිගටම අන්තරේ එක්ක කෝස් ෆී කතාව ගෙනියනවා නම් ලයිෆ් ටයිම් පුළුවන්. හැබැයි මේක වෙනස් කතාවක්. අවාසනාවට  කවුරුත්  මේ  පොයින්ට්  එක  ගැන කතා කරන්නේ නෑ. 


අද ලංකාවේ වෙලා තියෙන්නේ ලාබ ඉලක්ක නොකර මුදල් ගෙවා අධ්‍යාපනය දෙන ලෝක සම්මුතියට පිටුපා දිගටම නිකම්ම දෙන්න ගිහින් අවසානේ කළුකඩ කාරයින් රට පුරා පැතිරෙන එක. ඉස්සර ප්‍රවාහනේ උනෙත් මෙහෙම එකක්. වෙන රටවල ආණ්ඩුවේ ප්‍රවාහනය ගැටළු ඇති කල නිසා රාජ්‍ය සමාගම් හෝ සබ්සිඩි [ටිකට් සල්ලි නොවේ] මත දුවන සේවා සමාගම් වලට ප්‍රවාහනය දෙනකොට ලංකාව එහෙම කලේ නෑ. අවසානේ වැඩේ කරගන්නම බැරි උනාම මාෆියා බස් කල්ලි වලටයි තනි තනි බස් කාරයින්ටයි පාරවල් ඇරියා. එකම පාරක උන් ඔක්කොම දාලා විකෘති තරගයක් හැදුවා. අද ලංකාවේ ප්‍රවාහනය බල්ලට ගියේ ඒකයි. ලෝක සම්මතයට පිටුපාලා රාජ්‍ය පාලනය බදාගෙන ඉඳල අන්තිමාට ආයිත් ලෝක සම්මතෙට පිටුපාලා කළුකඩ කාරයින්ට ඉඩ දීම. අද අධ්යාපනයට වෙන්න යන්නෙත් ඕකමයි.

ලංකාවට අවශ්‍යනම් පුළුවන් පවතින රාජ්‍ය විවි වල ඉන්ටේක් එක පස්ගුණයක් කරලා ඉන් 4/5 කට මුදල් අයකරන්න -  එක වරම  නොවේ  වසරින්  වසර ගෙවන  සිසුන් වැඩි  කරමින්. වර්තමානයේ නිකම් දෙන සිසුන්ට නොමිලේ කොහොමත්. හැබැයි තව ඒ වගේ හතර ගුණයක් ඉන්නවා ගෙවන. මේ හතර ගුණය උසස් පෙළ සහ මූල්‍ය හැකියාව කියන දෙකෙන්ම තෝරන්න පුළුවන්. ඒ තේරීමේදී සිසුන්ට ණය මුදලක් [නැවත අය කරන] දුන්නට කමක් නෑ.

ඔබ දකීවි මේ සිස්ටම් එක ඔක්කොම කෝස් වලට වැලිඩ් නෑ සමහර කෝසස් වෘත්තිකයන් හදන්නේ නෑ කියල. එතැනදී ඒවා ඔයතියෙන ආකාරෙටම දුවනවා.  මොකද ඒවා ඉගෙන ගන්න අය ඉලක්ක කරන්නේ ඉගෙනුම මිස වෘත්තීය නොවේ. ඔවුන්ට ලෝන් දාලා ගෙවන්න බෑ. තරගය  පවතින්නේ 
වෘත්තිකයන් හදන  කෝසස්  වලට.

ලංකාව ලාබය ඉලක්ක නොකරන එහෙත්  මුදල් අය කරන අධ්‍යාපනය නොකරන නිසා සහ  සිසුන් කෝස් ෆී එකටම දිගටම විරුද්ධ නිසා අවාසනාවකට දිනන්නේ කළු කඩ කාරයෙක්. අද සයිටමය බිහි වන්නේ වෙළඳපොලේ ඊට ඉල්ලුමක් තියෙන නිසා. වෙළඳපොලේ ඉල්ලුම තියෙන දේවල් කවදාවත් නීති දාලා පරදන්න බෑ. අද හෙට මේ ආණ්ඩුවෙන් හෝ ඊ ගාව එකෙන් උන් දිනනවා. සිසුන්ට වෛද්‍යවරුන්ට සහ කොලිටිය ගැන කතා කරන හැමෝටම කියන්නේ කෝස් ෆී එකට ගහන එක වෙනුවට ලාබ අරමුණට පහර දෙන්න. හැකිනම් ලාබ ඉලක්ක නොවන ස්ලිට් වගේ ආයතනයකට සයිටමයේ වෛද්‍ය පීටය අනුයුක්ත කරගන්න බලන්න. නොවේනම් දිනක පරාජිතයා ඔබ මිස අන් කිසිවෙකු නොවේ.

සයිටමය  වගේම  සයිටමය  බිහි  කල වෙළඳපොල  තත්වයන්ටත්   විසඳුමක්  දෙන්න  බලන්න. නැතිනම්  මේ බෙහෙත්  කරන්නේ  සිම්ටම් එකට.  

Thursday, June 29, 2017

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විධායක ජනාධිපතිකම අහෝසි කළ වගයි

2015 ජනවාරි  අට වැනිදා පොරොන්දු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නයි. එහෙත් එය සිදු වූ ආකාරය ඔබ දන්නවාද?

පොරොන්දු ප්‍රකාරව ගරු ජනාධිපති තුමා බලය ගත් වහාම එනම් දිවුරුම් දුන් වහාම සිදු කර ඇත්තේ තම විධායක බලතල අහෝසි කිරීමයි. එහෙත් තවදුරටත් එතුමා ජීවත් විය යුතු නිසා තනතුරට සම්බන්ධ සුළු සුළු යැපීමට අවශ්‍ය අවම දේවල් එනම් බෝල් පොයින්ට් පෑනක්, ජොගින් සූට් එකක් වගේ විශාල දේවල් හෝ බෙන්ස් කාර් රට සපත්තු වැනි සුළු දේවල් කීපයක් එතුමාගේ අවම පැවැත්මට ඉතුරු කරගෙන ඇත.  අහෝසි  කරන  එකේ   අමුතුවෙන්  කියන්න  දෙයක්  නැති  නිසාත් එතුමා ෂෝ   එකට  දේවල්  කරන  කෙනෙක් නොවන  නිසාත්  මෙය  ලොකුවට  රටට  දැනුම්  දුන්නේ නැත. කෙසේ  වෙතත්  දැනට විධායක ජනාධිපති ධුරයේ එතුමා කටයුතු නොකරයි

එහෙත් තම අවංක භාවය නිසා කලබලේට අහෝසි කළ ද අගමැති වරයාට බලතල පවරන්නට එතුමාට අමතක විය, ඒ නිසා තවම ඉන්නේ නාමික අගමැති වරයෙකි. ඔහු හුදෙක් පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවන ආණ්ඩුවේ නාමික නියෝජිතයෙකි. තනතුරේ කටයුතු එලෙසින්ම ඉටු කරන එතුමා පාර්ලිමේන්තු සංවාද වල විකට කතා කීම [ඒ තුලින් එහි මොරාල් එක පවත්වා ගන්න පිළිවන] සහ විදෙස් රටවල ආණ්ඩුව නියෝජනය කරමින් සංචාර කිරීම සිදුකරයි. ඊට එහා දෙයක් කරන්නට එතුමාට බලයක් නැත. විධායක බලතල පවරා දී නැති නිසාය.

විධායකයේ ඉතිරිය කැබිනට් එකයි. ප්‍රකාශකයින්ම බරගානක් ඉන්නා මේ මෙගා කැබිනෙට්ටුවේ ඇමති වරු තමාට පැවරුණු බලතල පාවිච්චි කරති එහෙත් විධායක ජනාධිපති කෙනෙකු නැතිනිසා ඔවුන් අතර නිසි එකාග්‍රතාවයක් නැත. තනි තනිව ගන්නා තීන්දු විවාදාත්මකය. උදාහරණයකට ගංවතුර අවස්තාවක ආපදා ඇමතිවරයා සිතුවේ අඩු මිලට ගුවන් ටිකට්ටුවක් ලැබෙන තුරු ඇමරිකාවේ මහ මග බස් හෝල්ට් එකක නිදා ගැනීමටයි. මහජන මුදල් ඉතුරු කිරීම ආපදා කලමනාකරයට වඩා වටින බව ඔහුගේ මතයයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සිතන්නේ තමා නියෝජනය කළ යුත්තේ අධ්‍යාපනය විකුණන වෛද්‍ය විද්‍යාලය බවයි. ක්‍රීඩා ඇමති තුමා ක්‍රිකට් නගා සිටුවීමට හොඳම පන්දු යවන්නාට තරග තහනමක් දුන්නේය. මේවා විධායක ක්‍රියා වන නමුත් ජනාධිපති තුමා තනතුර හැර ගිය නිසා නිසි  මෙහෙයවීමක්  නැති  කමින් ඒවා එතරම් නිවැරදි නැත.

දැන් සාලාවේ සාමසර කන්දේ ගංවතුරේ කුණු කන්දේ බණ්ඩාරවෙල මිනිස්සු පාරට බැස ඉල්ලුවාට විසඳුම් දෙන්නට හැකියාවක් නැත. විධායක ජනාධිපතිතුමා බලතල හැර ගොසිනි. ඒ යද්දී අගමැති තුමාට බලතල පවරා දෙන්නට අමතක වී ගොසිනි. 

Sunday, June 18, 2017

බිම්බරක් සෙනග දැන් නැත - චන්ද්‍ර සූර්යයා වෙනතක - හද්ද ගන් තුලානේ විඳවන්නෙ මොකටදෝ

මේක  මට  ඇත්තටම  වෙච්ච  වැඩක්  නොවේ  කියා  සමාජයේ  කටකතාවක්  තියෙනවා.  හැබැයි  මේක  වුණා  වගේ  ලියන්න බලාපොරොත්තු  වෙනවා.  ඒ  හරහා  පොඩි  නාසිසිස්ටික් ආතල්  එකක්  ගත්ත   කියල  චෝදනා  කරනවානම්  ඔහේ  කරපුවාවේ.  ලයිෆ්  ඉන්  ප්ලාස්ටික් - ඉස් නාසිසිස්ටික් කියල  ඩෙන්මාක් දේසේ  සුන්දර  ගැනු  ළමයෙක්  කියල  තියෙනවනේ.

රායිට්  මේකයි  සිද්ධ  වුණේ.  දැන්  මම  ලිව්වනේ  සුනිල්  සහ  නන්දා  දෙපළගේ  සුභාවිත විප්ලවීය  ගීත  සංධ්වනිය  වන පවන  ගැන  සමාජ  විද්‍යාත්මක  විවරණයක්.  ඊට  පස්සේ  මට  දැන්  බේරිල්ලක්  නැහැ විප්ලවීය  ගීත ගැන  සමාජ  විද්‍යාත්මක  විවරණ  ඉල්ලලා  පත්තරවලින්.  මේ  වතාවේ  ජර්නස්ලිස්ට්  කෙනෙක්  කතාකලේ රත්න  ශ්‍රී  ලිව්ව  කපුගේ  ගයන 'බිම්බරක්  සෙනග'  ගීතය  ගැන කතා  කරන්න.

ජර්නලිස්ට්  කිව්වට  පිටකෙනෙක්   නොවේ.  වෛද්‍යාචාර්ය මිහිඳු  ඉඳුනිල් ජයරත්න  මැතිඳුන්.  එතුමා  මේ  දවස්වල   නෙවිල්   ප්‍රනාන්දු  අනුස්මරණ  උත්සව වලට   දිගටම  නිවාඩු නිසා   දැන්  පාට්  ටයිම්   ජර්නලිසම්  කරනවා.

දැන්  මේ  ඔරිජිනල් පුවත මාධ්‍යයේ  යන්නේ  මෙහෙමම  නොවෙන්න  පුළුවන්  මම  ලියන්නේ මට මතක  හැටියට. හරියට  ලියාගන්න  එක  එයානේ  කරන්න  ඕනේ. මම  ලෙඩා  එයා  ඩොකා  - සොරි  මම විචාරක  එයා  මාධ්‍යවේදී නේ.

සීන්  එකට  එන්ටර්  වෙන්නේ මෙහෙම.

ඔහු: "තනිවචන කොච්චර කටෝරද වචන එකට ඈදුවාම ඒ කටෝර වචන කොච්චර මට සිලුටු වෙනවද කියන්න හොදම උදාහරනයක් රත්න  ශ්‍රී  ලියු කපුගේ  ගයන 'බිම්බරක්  සෙනග'  ගීතය. අපි  මේ  ගීතය  ගැන  කතා  කරමු. මුලින්ම  ගීතය  අහල  ඉම්මු"

බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව දෝ 


ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි

මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි

බිම්බරක් සෙනග...

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි


වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා 

මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු
කඩුව බිම දමවු

බිම්බරක් සෙනග...


ඔහු: "සුභාවිත විප්ලවීය  සංගීතයේ දැවැන්ත  සන්ධිස්ථානයක්. ගෝලීය කරණය  බටහිර  ධනවාදය දිහාවට  බලෙන්ම  හාරාගෙන  ගිය  ලංකා  ආර්තිකය කියන  යෝද  ඇලේ  ඔරු  බැඳී  සියඹලාව ලෙස මේ  ගීය නැගී උන්නා.

 ඔය, .... "

[මට මතක  නැහැ හරියටම   පූර්විකාව. කෝම හරි මේ ගීය මාරයි කියල තමා කිව්වේ]

මම: "ඔය සින්දුව ඇඟට දැනෙන්නේ කම්පන සංගීත ප්‍රසංගයක අනූ එකේ විතර අහද්දී. පාරිසරික සාධක රාශියක්, පාසල් අවධියේ තිබ්බ විප්ලවවාදී අදහස් සහ කැරැල්ල මර්ධනයේ යටපත් වී ගිය හෙවත් යටපත් කරාපු අදහස් නැවත අවදිවෙන මොහොතක්. දැන් මම දරණ මතය ඊට වෙනස් වීම වෙනම කතාවක්"

ඔහු: "ඔබ ඒ  ගැන  දරණ  මතය  වෙනස්වීම  කනගාටුවට  කරුණක්.  ඊට  පෙර  කියන්න  ඔබේ  පැරණි  මතය"

මම: "ඉස්සරින්ම මම මගේ මතයේ  පොදු කොටස  කියල  ඉන්නම්.  ජයවර්ධන  රජය  ක්‍රියාත්මක  වුණේ  ඉතාම  අමන  ආකාරයට.  ඔවුන්  අමු  අමුවේ නියෝජනය  කලේ  තමන්ගේ  ගජ මිතුරු  ජාවාරම්කරුවන් - උන්ට  ධනවාදීන්  කියා  කියන්න  හොඳ  මදි. චන්දය අහේතුකව  ටර්ම්  එකක්   කල්  දාලා,  මිනිස්සු  බිය  ගන්නලා,  විපක්ෂය  කියල  තිබ්බ  පොඩි  කෑල්ලටත්  ප්‍රජා  අයිති  තහනම්, පක්ෂ  තහනම්  එතකොට කුමන්ත්‍රණ  චෝදනා  මත  හිර  දඬුවම්  දීලා,  රටට  කිසිම  වැදගත්කමක්  නොපෙන්වූ  බෙදුම්වාදී  විපක්ෂ  නායකයෙක්  එක්ක  තමන්ට  ඕනේ  දේ  ම  කරගෙන  ගිය  ආණ්ඩුවක්.  ආණ්ඩුව  මහජනයාට  පෙන්නුවේ  අපි  තොපි  ගැන ඩෝන්ට්  කෙයා  කියන  මතය.  ඒ  වගේම තපි  ඕනෙනම්  අපි  පස්සේ  වර  කියලා  ජොබ්  කාඩ්  සමාදාන  විනිශ්චයකාර  තනතුරු  ග්‍රාමෝදය  මණ්ඩල  එතකොට වගා  නිලධාරි  ආදී  තමන්ගේ  පක්ෂයෙන්  පහලට එන  ධූරාවලියක  රටම  එල්ලුවා. රජයෙන්  ඒලියනෙට්  වෙන  මිනිහට  කිසිම  විකල්පයක්  නැහැ.  ශ්‍රීලනිපයේ නිළ  නායකත්වයට  නඩු  දාලා  සයිඩ්  ලයින්  කරලා  අනුර  බණ්ඩාරනායක  වැනි  විසුළු  චරිතයකට  පක්ෂය  බාර  දුන්න.  ඊ  ගාවට  යම්කිසි  බලයක්  තිබ්බ  ජවිපෙ  තහනම්  කළා.  ඒ  වගේ  පසුබිමකයි  ඔය  සින්දුවට  පාදක  වන  පැලවත්තේ  විදෙස්  ආයෝජනයකට  කියා උක්  වවන්න  මිනිස්සු  පදිංචි  හෝ  මුඩු  ඉඩම්  වෙන්  කෙරුණේ.  ඉතින්  ඒ  වගේ  අමන  හැසිරීමකට  සංවේදී  කලාකාරයින්  ලෙස  ඒ  වෙලාවේ  එම  ස්ථානයේ  උන්නු  විරෝධතාවයට  පවා  සහබාගි  වුන  කෙනෙක්  ලෙස  රත්න  ශ්‍රී  ඔහොම  ලිව්ව  එක  සාධාරණයි. ඒ  නිසා  සිද්ධිය  හෙවත්  අවස්තාව  ගැන  මගේ  මතය  නොවෙනස්"

ඔහු: "හරි  ඒ  කොටස  තේරුම්  ගන්න  පුළුවන්. දැන්  වෙනස්  වුණේ මොකද්ද?"

මම: "ඔය  ටිකට  අමතරව ඒ  කාලේ  මම  හිතා  උන්නා  විදේශික  සමාගම්  වලට  දේශීය ග්‍රාමීය  පාරම්පරික  කෘෂි  ආර්ථිකය  කියන  මහා  අගනා  සම්පත  වනසන්න දෙන්න  බැහැ  මේක  මාර  අසාධාරණයි  කියල.  පැලවත්තට  පමණක්  සීමා   නොවී  මේ  චින්තනය  ලංකාවේ  ආර්ථිකය  මෙහෙයවීමේ,  විදේශ  ආයෝජන  හැසිරවීමේ,  සහ  සම්පත් භාවිතාවේ  පූර්වාදර්ශය  වෙන්න  ඕනේ  කියල. තරමක්  සමාජවාදී,  තරමක්  සාමුහිකවාදී,  තරමක් දේශියවාදී  සිහිනයක්. සතුරා  බටහිර, ධනවාදී, අධිරාජ්‍යවාදී පාර්ශ්ව.  අදටත්  ගීය  යෙදෙන්නේ  එහෙම  අර්ථයකින්. පොදුවේ  සංවර්ධන විරෝධී"

ඔහු: "සංවර්ධනයට අකමැති වීම  නොවේ, අකමැති ඒ හූරගෙනම යන එකට, පාගලා චප්ප කරලා දාන එකට"

මම: "ආපහු සින්දුවට ගියොත්, ඔහු විරුද්ධ හූරගෙනම යන එකට ද, පොදුවේ විදේශ  ආයෝජන  මත නිර්මාණය  වන  සංවර්ධනයට ද? දැන් අවු සියගානකට කලින් හටන් කළ හටන් බිමේ, පාරම්පරික සොහොනේ, මිනිස්සු වගා කළ හෝ පුරන් වෙච්ච ඉඩමේ නැතුව සංවර්ධනයට ලංකාවේ වෙන ඉඩම් තියේද?

ඔහු: "දැන් මොනරාගල සංවර්ධනය වෙලාද?"

මම: "සමහරවිට පැලවත්තෙන් යමක් වෙන්න ඇති. ඒක අපේ කළමනාකරණ ගැටළු නිසා විනාශ වුනා වෙන්නත් පුළුවන්. ජවිපෙ කැරැල්ලේ ප්‍රහාර වලටත් ලක් වුනා මතක හැටියට.

කතාව ඒක නෙවි, විදේශීය කාර්මික කෘෂිකාර්මික ආයෝජන වලට කැමතිද නැද්ද? මොකද ඔය සින්දුව අද භාවිතා වෙන්නේ මොනරාගල පැලවත්ත ගැන නෙවි, පොදුවේ විදේශීය ආයෝජන, ධනවාදී ආර්ථික සංවර්ධනය, ඉඩම් පවරාගනීම් ආදියට එරෙහිව.

පුද්ගලිකව මටත් ජයවර්ධන රජය ගැන ලොකු ප්‍රසාදයක් නැහැ, ඒ වුනාට ඔය කන්සෙප්ට් එකට ගහනකම් ඉතුරු වෙන්නේ ඔප්ෂන් කීපයයි. ඒ තමා අර වැසුණු දේශීය ආර්ථිකය, අපේ පෞරාණික ජීවන රටාව. ඒක නියෝජනය කරනවා කියන උන්වත් එහෙම ජීවත් වෙන්න   කැමති නැහැ අපි එතන ලත වේවි ඉද්දි සංවර්ධනය සහ ආයෝජන සිංගප්පුරුව මැලේසියාව තායිවානය කොරියාව ඉඳල තායිලන්තය චීනය වියට්නාමය හරහා අද බන්ග්ලාදේහය බුරුමය ඉතියෝපියාව රුවන්ඩාව කෙන්යාව වගේ අස්සටම ගිහින්, අපිව ඉග්නෝ කරලා""

ඔහු: "ඉතින්  අපිව ඉග්නෝ  කෙරෙන්නේ  ඇයි?"

මම:  "අපිට  උවමනාවක්  නැති  නිසා.  අපි  නිසි  පිළිගැනීමක්   එක්ක  විදෙස්  ආයෝජන  ගෙන්වන්නේ  නැති  නිසා.  අවිශ්වාසය  මූලිකම  හේතුව,  අනාරාධිතව  එන්නෙත්  නැහැනේ.

එක ප්‍රධානම ගැටලුවක් තමා  ඒ සංවර්ධනයට එරෙහිව කෙලින්ම පාරට බහින්න ඉන්න ජනතාව. සංවර්ධනය අවශ්‍යතාවයක් ලෙස සලකන්න සූදානම් නම් එය සැහෙන මධ්‍යස්ථ තැනකට ගෙන එන්න සමත් වෙනවා. එහෙනං  ආණ්ඩු  වලට  මිනිස්සුන්ට  ගහල බලෙන්  මන්නලා  කම්බි  ගහල  පොලිසිය  දාල  කරන්න ඕනේ නෑ.

සංවර්ධනයේ  නාමයෙන්  කෙරෙන ඕන   එකක්  මාර  සිරා  නැහැ.  එහෙත්  සංකල්පයක්  ලෙස  අපි  යන්න  ඕනේ  දිශානතිය  එය.  දේවල්වල  හොඳ  නරක  වෙන  වෙනම  සලකන්න  ඕනේ.  එක  ප්‍රොජෙක්ට්  එකක  වරදක්  තිබ්බත්  සංකල්පයට  ගහන්න  හොඳ  නැහැ.
"

ඔහු: "අපි මහා කාලකන්නි ජාතියක් නිදහසට ලෑස්ති නැති කාලෙක නිදහස හම්බුනා, කාර්මීකරණයට ලෑස්ති නැති කාලෙක ඒක බලෙන් පැටෙව්වා, සංවර්ධන වෙනුවෙන් ගෙව්න්න උන දඩය මාර වැඩියි , දන් අපි ඒකෙන් ඇති උන විකෘතියට අහුවෙලා හුල්ලනවා"

මම: "මම ඕක කියවන්නේ එහෙම්ම අනිත් අතට. ඔව් අපි මහා කාලකන්නි ජාතියක්. මිනිස්සු නිදහස ගැන සටන් කරද්දී ජාතික හැගීම ජාතුක අනන්‍යතා ගොඩ නගද්දී අපි සුද්දගේ සපත්තු ලෙව්වා. අපේ වාසියට රටේ මිනිහට චන්ද බලය අධ්‍යාපනය දෙන්න එපා කියල සුද්දට ගතු කිව්වා. එතකොට ලෝකේ කාර්මික දියුණුව ලබද්දී අපි රට සහලින් ස්ව්‍යන්පෝෂණය කර පෙරදිග ධාන්‍යාගාරය ආයි හදන්න හිතුවා. රටවල් ලෝකෙට විවෘත වෙලා ආයෝජන පස්සේ යද්දී අපි එවකට ආපු ආයෝජන වහල ආර්ථිකේ වහල දැම්ම. ඊට පස්සේ ලෝකේ බහුවිධ සංස්කෘතික චින්තනයෙන් මිනිස්සු දිහා ජන වර්ගය වෙනුවට ස්කිල් සෙට් එකෙන් [මේකත් වර්ගවාදයක්] බලද්දී අපි අපේ සුළු මහා වාර්ගික අම්මගේ රෙද්දවල් තෘප්ත කරන්න දැඟලුවා [තාම දඟලනවා සුළු මහා හැම වර්ගෙම වෙනුවෙන්. විද්වත්තු බෙදිලා කඩේ යනවා ඒ ඒ වර්ගවාදෙට]. දැන් කාර්මික සංවර්ධනය පවා  යල්  පැනගිය  එකක්.  කොස්ට්  එක නිසා  එයත්  වඩාත් නොදියුණු රටවලට යන කාලයක්.  මේක  සේවා සහ  තොරතුරු යුගය. එතනට දියුණු වෙන  ලෝකේ යද්දී දැන්  තමා  අපි හදිස්සියේ කර්මාන්තශාලා දාල රට හදන්න කතා කරන්නේ - හැබැයි  බලු  බල්ලෙක්  දැන්  එන්නේ  නැහැ. අපි අපේ විකෘතිය ගැන ඒ මදිවට ලෝකෙට බනිනවා."

ඔහු: "දැන් ඔය සින්දුව ගැන හිතන්නේ මොකද්ද?"

මම: "සින්දුවේ අර්ථය මට තේරෙන්නේ, පාරම්පරික ගම්බිම් සංවර්ධනය සඳහා [විදෙස්] ආයෝජන වලට ලබාදීමට එරෙහිව.

දැන් කවුද ඔය පාරම්පරික ගම්බිම් වල ජීවත් වන්නේ? ඉස්සර කෘෂිකර්මයෙන් යැපුණු පරම්පරාවල වර්තමාන මිනිසුන්. ඔවුන්ගේ ගොවිබිම්. දැන් ගොවිබිම් කිව්වම පුරන් වෙලා, හැල් වෙලා ගියපු ගොවිබිම් අස්සේ තැන තැන වගාකෙරෙන බූදල් බෙදිලා ඉතුරුවෙච්චි හුන්ඩු කුඹුරු කෑලි. දැන් ගොයිතැන් කරන එව්වයෙන් යැපෙන පවුල් ගණන බොහොම ටිකයි. හැබැයි ඉස්සර කෘෂිකර්මයෙන් යැපුණු පරම්පරාවල ඉතිරි මිනිසුන් කරන්නේ මොකද්ද?

වෑ තලෙන් එන සීතල හුළඟත් එක්ක බංඩි ගොයම මැද්දෙන් පයින් හෝ බයිසිකලෙන් ගම් මන්ඩියට ගාටලා එතනින් ලොරියේ පස්සේ ලෑලි ගහපු හෝ දෙකට නවල වෑන් එකට පටවන ලෝකල් ට්‍රාන්ස්පෝට් එකේ ළඟ ටවුමට ඇවිත් එතනින් බස් එකේ හෝ කෝච්චියේ යනවා එදා වේල හොයාගන්න. සමහර විට ගෑනියි මිනිහයි දෙන්නම. මධ්‍යම පන්තිකයා පමණක් නෙවි, කුලී වැඩ, මේසන් වැඩ, බේකරි වැඩ කන්කරු සිකුරිටි ඔක්කොම. උන්නේ ළමයි එක්කෝ අහල පහල කිව්වට කිලෝමීටර ගානක තියෙන ඉලුක් ගාල් අස්සෙන් ගිහින් දොලෙන් එගොඩවෙලා ගලෙන් බැහැලා යන හුට්ටලම් පොඩි ඉස්කෝලෙට යනවා අකුරක් මලවගෙන කන්න. නැතිනම් ඊටත් කට්ට කාලා ටවුමේ ඉස්කූල්ස් එකට ගාටනවා.

එතකොට උන් වසන යන එන බිම කියන්නේ සමහරවිට වාසයට නුසුදුසු නාය යන්න නියමිත එකක්, නැතිනම් අලියා ගහන තැනක් නොවේනම් වතුර නැති පලාතක්, නොවේනම් ගංගාවක පිටාර තැන්නක් [හෙවත් වසරෙන් කොටසක් ජලයෙන් යටවන පෙදෙසක්]. සිම්ප්ලි පාරම්පරික ලේබලේ තිබ්බට වාසයට වර්තමානේ නුසුදුසු තැනක්.

නාගරිකයා දැක්ක කිව්ව  ගැමි සුන්දර ජීවිතේ ඕකයි - ගැමියා නාගරිකයාගේ  අම්මට කියා කියනවා  ඒ  වෙලාවට.

දැන් ඔය මනුස්සයින් ඔය පාරම්පරික ගම්බිම් වල ජීවත් වන්නේ ඇයි? ඔය මිනිසුන්ගේ ජීවිතේ දුක් කන්දරාව තියෙන්නේ අර කට්ට කාලා ළඟ ටවුමට රීච් කරන එකේ නේද? ඌට පරචස් කීපෙක දීසන්ට් වාසස්ථානයක් ඒ ටවුමේ ඇත්නම් ජීවිතේ සැහෙන්න යහපත් වෙනවා නේද? වැඩි මූල්‍ය අවකාශයක් එනවා නේද? අර කිලෝමීටර ගානක තියෙන ඉලුක් ගාල් අස්සෙන් ගිහින් දොලෙන් එගොඩවෙලා ගලෙන් බැහැලා යන හුට්ටලම් පොඩි ඉස්කෝලෙ වෙනුවට ළමයි සංකේන්ද්‍රගත වීමෙන් නගරයේ ඉස්කෝලේ කොලිටිය තවත් නගිනවා නේද? [අපි උගත් ප්‍රාදේශීය හොඳ ඉස්කෝල එහෙම වුණේ ජනගහන ඝනත්වය නිසානේ]

ඒ මිනිහට පාරම්පරික ගම විසින් දෙන එකම දේ අවස්තාව අහිමි කිරීම පමණයි. කැප්පෙටිපොළලා හටන් කොරාපු මුතුන්  මිත්තන්ගේ ඇටකටු නිදන ඒ භුමිය ඔවුන්ට දෙන්නේ ඔච්චරයි.

ඒ මිනිස්සු අහල නාගරික වලට ගන්න පුලුවන්නම්, ගොවියට හේනක් කුඹුරක් හෝ ලංකාවේ වැඩිය නැති ගොවිපොලකට අවශ්‍ය ඉඩ ලැබෙනවා, අලියට සංක්‍රමණ අවකාශයක් ලැබෙනවා පහල ඉන්න එවුන්ට නාය යන අවදානම අඩුවෙනවා භුමිය නැවත වනගත වීමෙන්, ගංගා පිටාර අවහිරය වැලකිලා ගංවතුර වේගෙන් බහිනවා. සිම්ප්ලි ඔය පාරම්පරික ගම්බිම් කියනෙන් මේ මොහොතේ ස්වභාව ධර්මයට උස්සන පත මැද ඇඟිල්ලක්.

ඉතින් ඕකයි ගැටලුව. රත්න ශ්‍රී ලාගෙන් ඕනේ විප්ලවීය වෙනස නම් වර්තමානය වෙනුවෙන් අතීතකාමී මනස වෙනස්කිරීම  විනා අතීතය වෙනුවෙන් වර්තමාන මානසිකත්ව සැකසීම නොවේ. බිම්බරක් සෙනග ගැවසුනාට දැන් උන් නැහැ, මැරිලා. මැරිච්ච උන්ගේ ඇටකටු වෙනුවෙන් පනතියෙන උන් කටු කන්න ඕනේ නැහැ. චන්ද සූර්යයා ඉපදුනාට දැන් උන් පායන්නේ වෙන කොහාටවත්. කාලේ හරි එහෙට යන්න. පාරම්පරික ගම්බිම් කිව්වට සෑම මිනිස් වාසස්තානයක් ම ස්වභාව ධර්මයෙන් කුලියට ගත්තුවා. නිසි කල් පිරුණම එව්වා භුමි හිමියාට දීල හෝ රටේ යහපතට අතහැර වර්තමානය සොයා යන්න ඕනේ.

ඔය කතාවට තරමක් ආසන්න දෙයක් කලිනුත් ලිව්වා. මේ එහි ම දිගුවක්."

සංවාදය  එතනින්  සමාප්ත  වුණා.  කෙසේ වෙතත්  මේක  ඇත්තටම  වුණා  හෝ  නොවුණා,  කෙනෙක්  උපුටා  ගන්නවා  නම් [කලින්  එකක්  ගත්ත  නිසා  කියන්නේ]  නම්ගම්  මකා  ගන්න. මමනම්  මොකා  වුනත්  එතුමා  ප්‍රකට  වෛද්‍යවරයෙක්.

Thursday, May 25, 2017

එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ...

[(අ)ස්වාභාවික  විපත්ති  ම  වවාගෙන  කනවා  කියන උන්ට  තඩි  මැද  ඇඟිල්ලක්  හරිය]

ලංකාව වර්තමානයේ මුහුණදෙන මූලික අර්බුදයක් තමා තෙත් කලාපේ පදිංචි වෙලා වියලි කලාපිය චින්තනයෙන් සිතීම. ඔය සහලින් රට ස්ව්‍යන්පෝෂණය කිරීම වාරි සංස්කෘතිය අපේ පැරණි ගම, ඔය ඔක්කොම ඇවිල්ලා වියලි කලාපේ වියලි බව එක්ක ආපු දේවල්. පස්සේ මිනිස්සු ඒ පළාත අතහැර ගියා. ආපහු දැන් වියලි කලාපේ ඉන්නෙත් වැඩි හරිය තෙත් කලාපෙන් පහුගිය අවුරුදු 100 අස්සේ ආපු එවුන්.

ඉතින් දැන් වෙන්න ඕනේ අධික ජල ධාරිතා සහිත නිතර වහින වැස්ස හා සමගාමිව යන තෙත් කලාපිය පරිසර පද්ධතියේ නිර්මාණය කරගන්න පුළුවන් ශිෂ්ටාචාරය හදා ගන්න එක. එය මොකද්ද කියන එකවත් හිතා නැහැ. වියලි කලාපේ කළ වගාවම එද්දී උස්සගෙන ඇවිත් තෙත් කලාපේ අතුරාගෙන. කොටින්ම තෙත් කලාපේ වගා කොරනවද වෙළඳම් කොරනවද නිෂ්පාදන කොරනවද ටුවරිසම් කොරනවද ඔය වගේ මට්ටමකින් සුසමාදර්ශී වෙනසක් වෙන්න ඕනේ හරිනම්.

අසීරු පරිසරයක වගා කරන්න අවශ්‍ය සියුම් ජල තාක්ෂණයක් නිර්මාණය කිරීම මත දියුණු ශිෂ්ටාචාරයක් හදාපු ලාංකිකයාගේ පසු පරපුර ගංගා වල වතුර වැඩිනිසා ගංවතුර එනෝ එනෝ කියල කෑගහන එක අමු ජෝක් එකක්. අඩු වතුර ප්‍රමාණයක් නිසිලෙස බෙදාහරින්න බිසෝකොටු හැදුවානම්, කුඩා දිය මූලාශ්‍ර රාශියක ජලය විශාල පෙදෙසක බෙදා හරින්න සමෝච්ච රේඛාවක් දිගේ "දික් ගැස්සුණු වැවක්" වන යෝධ 'ඇල' හැදුවානම් ඒ වගේම සියුම් ආකාරෙට කළු කැළණි ගින් නිල්වලා ඇතුළු තෙත් කලාපිය ගංගා වල පිටාරයන් වලට තමන්ගේ තාක්ෂණික ක්‍රමවේද හදා ගන්න බැරි වුණේ ඇයි? තාමත් බැරි ඇයි? මේකත් වැව් හදාගෙනම ගොඩ දාන්න බෑ. වියලි කලාපයේ තින්කින් එකෙන් කරන්න බෑ.

ලංකාවේ ජල කළමනාකරණය ගැන පරමාදර්ශය වන්නේ "අහසින් වැටෙන එක දිය බිඳක් වත් මිනිසාගේ පරිහරණයට නොගෙන මුහුදට නොයැවිය යුතුය" කියන පරාක්‍රමබාහු රජතුමා කිව්වා කියා හිතන කතාවනේ. දැන් මේකත් හද්ද වියලි කලාපිය එකක්නේ. කොටින්ම අපි දන්නවද ඒ ස්පීච් එකේ ඊට කලින් රජතුමා කිව්ව ටික. එයාගේ ස්ටේට්මන්ට් එක බේස් කරන කන්ටෙක්ස්ට් එක. පෙර වගන්තියේ තිබ්බද "මේ වියලි කලාපයේ" කියල කෑල්ලක්. මොකද එතුමාගේ කාලෙත් තෙත් කලාපේ වතුර ඔහොම කාටවත් පරිහරණය කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නැහැනේ. කොටින්ම පරාක්‍රමබාහු රජතුමාම ඊට කලින් කළුතර හරියේ ප්‍රාදේශීය රජෙක් වෙලා ඉන්න කාලේ කළුතර වැහි ජලය ස්ටෝර් කළ බවට අපි අහල නැහැ. එයා කරලා තියෙන්නේ කළු ගඟේ පිටාර තැනි වල වතුර බස්සපු එක. ඒ තාක්ෂනය සහ සැලසුම හාත්පසින්ම වෙනස්. 
අහසින් වැටෙන වතුර වගුරු වල පිරෙමින් මිනිසුන්ට කරදර කිරීම නවතා හැකි ඉක්මනින් මුහුදට බස්සවා ඒ වගුරු ගොවිතැනට ගත්ත. මේක ඔහුගේ ක්‍රියේටිව් කම. සුදුසු තැනට සුදුසු දේ. අපි අවු 1000 ට ආසන්න කාලයක් ගිහිල්ලත් තාම ඔහුගේ කියමනක එල්ලිලා ඉන්නවා

අපි මොහොතකට හිතමු අර අහසින් වැටෙන කතාව රජතුමාගේ පොදු මතය කියලා. හැබැයි එයා තෙත් කලාපේ ඉන්න කාලේ ඒ මතය වෙනුවට ප්‍රයෝගික බිමේ යතාර්තයට තමා විසඳුම් දීල තියෙන්නේ. ලංකාවට ඕනේ එහෙම මිනිස්සු. මේ වියලි කලාපික ජල කළමනාකරණ චින්තනය උඩු යටිකුරු කරලා තෙත් කලාපේ වතුර ඉක්මනට බස්සගන්න උත්සහ කරන්නන්. අවාසනාවට පරාක්‍රමබාහු ම තමා ඒ ලිස්ට් එකේ පේන්න ඉන්න අන්තිමයා.

කතාවට කියන්න වගේ, "එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ - කන්ද කපවු - ගල් පෙරළවු - වේලි බඳිවු - ගමන බිඳිවු - ගංගාවේ" කිව්වම කැළණි ගඟටත් හිතෙනවා ඇති ඉඳල හිටලා ඔය කියන එකේ ටිකක් නැවතිලා යන්න. "එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ගංගාවේ" තින්කින් එක එන්නේ කවද්ද?


---------------------------------------------------------------------


ප.ලි.: කතාව  දිග  ඇරෙන  තරමට  පසු  ලිවීම්  වැඩි  කරන්න  වෙනවා.  මූලික  පෝස්ට්  එකේ  මම  කතා  කරන්න  උත්සහ  කරන්නේ  චින්තන  වෙනසක්  ගැන.  එනම්  වියළි පෙදෙස්වල ජල   කළමනාකරණය  ජලය එකතු  කිරීම  වැනි  වියලි  කලාපයෙන්  අපි  සංස්කෘතිකව  උස්සගෙන  ආපු  චින්තනය  වෙනුවට  තෙත්  කලාපේ  වතුර  ටික  ඉක්මනින්  ම  කොහෙට හරි   බස්සන  එක  ගැන. එතකොට එන   කතාව  තමා  කොහෙටද  වතුර  බස්සන්නේ කියන එක. මේ අරමුණින් තෙත්  කලාපේ අතිරික්ත  ජලය   දළ වශයෙන් ගොඩවල්  දෙකකට  බෙදන්න  කැමතියි  ඒවා කොහෙටද  යවන්න  ඕනේ  කියන  එක  සළකා.

1. කඳු  සහිත  ඉහල  ප්‍රදේශ වල ගංගා  නිම්න  පෝෂක  ප්‍රදේශ  ආදියට වහින   වතුර. මෙතන මට  වැදගත් කාරණය තමා උස  නිසා  එන  ජල-හිස  හෙවත්  වෝටර්  හෙඩ්  එක.  මේ  දත්තය  මත  ඒ  වතුර  කැමති  දිහාවකට  හරවගන්න  පුළුවන්. මේවා  පවතින  ගංගා  දිගේ  මූදට  යවන්න  බැහැ,  එතකොටනේ  ගංවතුර  එන්නේ.  ඒ  නිසා  මේවා  වෙන  කොහෙට  හෝ  හරවා  යවන්න  වෙනවා. එය මේ සටහනේ  අග කතාවට  ගන්නවා.

2. තෙත්  කලාපයේ   පහත්බිම්  වල  පවතින  ගංගා  පෝෂණ  ප්‍රදේශ  වලට වහින  වතුර. මේවා ඉතාම  අඩු  ජල  හිසකින්  යුක්ත  නිසා  ඒ වතුර කොහෙ
වත් දුර පළාතකට යවන්න බැහැ. කළ හැකි එකම දේ ආසන්න සාගරයට ඉක්මනින් යවන එක. ඒකත් වෙන්නේ නැත්තේ ජල හිස ඉතාමත් අඩු නිසා. වඩාත් ක්‍රියේටිව් අදහසක් අවශ්‍ය මෙතැනදී. මේක කුඩා කෙටි දුර ඇල මාර්ග සහ උමං පද්ධතියක් වෙන්න පුළුවන්. හදිසියට  පුරවන්න  වගුරු  වගේ  පද්ධති  තියාගන්න  වෙන්න  පුළුවන්.  මේ පද්ධතිය හදන්න ඕනේ භුමිය අධ්‍යන කරලා ස්වීට් ස්පොට් තෝරා ගැනීමෙන්. [පරාක්‍රමබාහු රජතුමා පස්දුන් රටේ කළා කියන ඉපැරණි ක්‍රියාදාමයත් අයිති වෙන්නේ මේ ගණයට. දැනටත් කළු ගඟේ ඉඳල බොල්ගොඩට ලන්දේසින් කනෙක්ෂන් එකක් දාල තියෙනවා]

ඔය පළවෙනි එකේ කිව්ව ඉහල ජල හිසක් සහිත වතුර බස්සන එක ගැන දිගු විස්තරයක් කලකට පෙර ෆේස්බුක් පෝස්ට් එකක් ලෙස දැම්මා. මේක ඒ කාලේ ආණ්ඩුව කළ ව්‍යාපෘති වලට ගැලපුනා. මේ ඒ කතාව.



වසර පහකට දහයකට වරක් දැවැන්ත නියඟයක් එන රටක් ලංකාව. ලංකාවේ තියෙන අර්බුදය නම් අරීයව විසිරුණු ජල පරිවහනයක් සහිත රටක් නිසා වියලි කලාපයට තෙත් කලාපයේ අතිරික්ත ජලය ස්වාභාවිකව ගලා නොයාම. මේ නිසා තෙත් කලාපයේ ගංවතුර ඇතිවී මාසයකින් දෙකකින් වගේ වියලි කලාපයේ නියඟය.

මෙච්චර කාලයක් වෙනත් ක්‍රම වලින් මේක පිරිමහ ගත්ත වුනත් දැන් මේ ගැන අලුතෙන් හිතන්න කාලය ඇවිත්. තෙත් කලාපයේ අතිරික්ත ජලය වියලි කලාපයට අරගෙන යාම ගැන ලංකාවේ අදාළ බුද්ධිමය සර්කල් වල කතා වෙන්නේ නැද්ද? මේක මහලොකු වැඩක් නොවේ කිමි දෙතුන්සීයක ඇලක්. ලංකාව මෑත කාලයේ කල ප්‍රොජෙක්ට් වල වියදම් හැටියට මේක කරන්න බැරි වැඩක් නොවේ. එක අතකට ලැජ්ජාවට කාරණයක් මෙච්චර පොඩි රටකට මේක කරගන්න බැරි ඇයි කියන එක.

ෆේස්බුක් එකේ මේවා කතාකලාට වැඩක් නැහැ තමයි. එත් මේ කතාබහ පත්තරේකවත් වෙන බවක් නොදකින නිසා, ලංකාව තාමත් මේ වැඩේ බ්ලයින්ඩ් ස්පෝට් එකක තබා තියෙන නිසා මේක ගැන අපි කතා කලාට වරදක් නැහැ මගේ හිතේ. සමහරවිට විෂය දැනුම සහිත අයගෙන් ලොකු දායකත්වයක් ලැබෙයි.

විදෙස් උදාහරණ නම් එමටයි. මුලින්ම නයිල් ගඟෙන් ඇලක් කපලා පහත්බිමක කෘතීම ජලාශයක් හදන්නේ ඉපැරණි ඊජිප්තුකාරයින්. පර්සියාවේ ඛනාත් වගේ දේවලුත් උදාහරණ. අපේ යෝධ ඇල කුඩා පරිමාණයෙන් මේ වැඩේට ගත්ත උත්සාහයක්. වැඩේට ගන්න තියෙන හොඳම උදාහරණය නම් ලෝකයේ දිගම ඇල වන චීනයේ "මහා ඇල" කිමි දහස් ගානක් දුර ගෙවාගෙන මහා ගංගා කීපයක් පහු කරගෙනයි මේ ඇල යන්නේ. චීනුන් මේ වෙද්දී උතුරු-දකුණු ඇල පද්ධතිය නමින් දකුණු චීනයේ ගංවතුර ජලය ඇතුළු මොන්ගොලියාවට ගෙනයන දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් කරමින් ඉන්නේ. චීනුන්ටත් වසර 50ක් යාවි ලු.

මේ ගැන හරි කතිකාවක් ඇති වුනොත් රජය මේකට අතගහන්න ඉඩතියෙනවා මොකද එයාලට අවශ්‍ය දේවල් ඔක්කොම මේ වගේ මෙගා ප්‍රොජෙක්ට් එකක තියෙනවා. ලංකාවේ වැඩ සිද්ධ වෙන කලාව බලලා කිව්වේ. අනික චීනුන්ට මේ ගැන සර්ප්ලස් දැනුමක් තියෙන නිසා උනුත් කැමති වේවි කොහෙට හෝ ආයෝජනය කරන්න

මගේ සත දෙකේ අදහස නම් යෝධ ඇල ආදර්ශයට ගෙන කැළණි ගඟේ සිට වියලි කලාපය පැත්තෙන් රවුමට දකුණේ ගින් ගඟ දක්වා පමණ වට රවුම් ඇලක් 200m-500m අතර සමෝච්ච රේඛාවක ගහන්න කියලා. අතිරික්ත ජලය කැමති අතකට බෙදාගන්න පුළුවන්.

Saturday, April 15, 2017

කුණු කතන්දර





මේක  ටිකක්  පරණ කතාවක්. මේ අපි මොරටුව හරියට පදිංචියට ආපු මුල කාලේ. පළාත එක්ක  සම්බන්ධකම්  තිබ්බට  මට පළාත අලුත්. ඉඩමක් හොයමින් උන්නේ ගෙයක් හදන්න, මොරටුවේ අහලකින් ගන්න බැහැ හෙණ ගණන්.

ඔය අස්සේ මම පත්තරේ දැක්ක ඉඩමක් අම්බානට ගාන අඩුයි. සාමාන්‍ය පර්ච් අගයෙන් බාගෙටත් අඩුයි. ඇත්තෙන්ම මේකමත් හේතුවක් කාරණා දන්නා මනුස්සයෙකුට ඒක නොගන්න. ඒත් ඔහොම මුල කාලේ අපි වගේ පිටින් ආපු ලොස් ඩයල් මෙන්ස්ට්‍රීම් එකට එන්ටර් වී ගන්න බැරි නිසා ෂෝට් කට් හොයනවනේ. ගත්ත කෝල් එකක්.

ලොකේෂන් එක කටුබැද්ද කැම්පස් එකට තරමක් කලින් අර පහුකාලෙක බෝම්බෙ තිබ්බ හරියෙන් ඇතුලට යන පාරක. මම කෝල් කලාම පොර මට ඉන්සිස්ට් කරලා කිව්වා උගේ ඉඩම තියෙන්නේ අහවල් තැන එතන මට ගැටලුවක් නැද්ද කියල. ඉතින් ගැටලුවක් තියෙන්න තැනක් දන්නේ නැහැනේ. මං කිව්වේ අවුලක් නැහැ කියල.

ඊට පස්සේ ඉතින් මම ගියා බලන්න. පයින් ම කොටමින් ගියේ. ගෙවල් ඉඩම් බලන්න පයින් ඕනේ යන්න. දුරවල් මීටර් වෙන්නේ එතකොට. හැබැයි මම ගියේ ඒ නිසා නෙවි වාහනයක් තිබ්බෙ නැති නිසා.

දැන් 255 පාරෙන් බැහැලා තරමක් දුර ගියා . හොඳ හොඳ ගෙවල් පහු කරගෙන හදාගෙන එන ගවලුත් පහු කරගෙන කට්ටි කඩන ඉඩම් වල ගණනුත් බලාගෙන යනවා යනවා ඉවරයක් නැහැ, මේ පොර මට කිව්වේ අහවල් කඩේ ලඟට ඇවිත් කෝල් කරන්න කියල. හරියට ඇඩ්රස් එකක් දුන්නේ නැහැ. ගිහින් ගිහින්  කඩේ ලඟදි කෝල් කළා. ඒ පාර කිව්වා පොඩි අතුපාරකට හැරෙන්න කියල. දැන් මේකේ යද්දී වෙලකට සෙට් වෙනවා. මම ආයිත් කෝල් කළා. ඒ පාර කිව්වා වෙල දිගේම එන්න වෙල ඉවර වෙද්දී කෝල් කරන්න කියල.


වෙල දිගේ ගිහින් නතර වුණේ අමුතුම තැනක. නෝමල් පොළොවක් වෙනුවට තිබ්බේ ගාබේජ් බෑග් පෙට්ටි ආදියේ කලෙක්ෂන් එකක්. සිම්ප්ලි කුණු ගොඩක්. දැන් ෆුල් අන්දොස්. මම ඒත් ටිකක් ඉස්සරහට ගියා. ඉස්සරහට යද්දී කුණු ගොඩේ ගතිය ගිහින් නිකම් තැනිතලා බිමකට ආවා, පාරක් හැදිලා තිබ්බ වීල් එකක් යාහැකි. කානුත් තිබ්බ දෙපැත්තේ. හැබැයි හොඳට බැලුවොත් පොලොව හැදිලා තියෙන්නේ පස් වෙච්ච කුණු වලින්. මීටර් පන්සීයක් විතර පළල කෑල්ලක් ඒකෙ තැන් වල ගහක් විතර උස කුණු කඳුගැට. ඒ කඳු අතර බිමේ මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. ගෙවල් කිව්වට පැල්පත්. ඒ ඒරියා එකේ උන්නු මිනිස්සු සාමාන්‍ය ඇහැට දකින අයට වඩා පෙනුමෙන් වෙනස්.

මේක තනිකරම ගමක්. වෙළෙන් සෙසු ලෝකයෙන් වෙන් වෙච්ච ගමක්. ගම නිර්මාණය වන්නේ සහ සමහරු යැපෙන්නේ කුණු ඩම්ප් කළ නිසා. මොරටුවේ ඉන්න කී දෙනෙක් ඔතනට ගිහින් ඇද්ද මන්දා. මගේ මිනිත්තු කීපයක අධ්‍යනය නම් කුණු මත ගොඩ නැගුනු සමාජ උප සංස්කෘතියක් මිනිස් ජනාවාස පද්ධතියක් ලෝකේ තියෙන බව. මං කියන්නේ අපිට ඔව්ව විකියෙන් කියවල සයිට් වලින් උස්සල දෙන්න පුළුවන්, හැබැයි ඒ වගේ නෙවි ඒ මහ පොළොවේ උනුත් එක්ක හිටන් ඉන්න කොට එන අදහස. හිතන්න එපා ඒ ඔක්කොම හද්ද නොදියුණු දුප්පත් කියල. ස්මාට් ෆෝන් එකෙන් නෙට් එන ඩයල් ඕකෙත් ඇති. හැබැයි එතන මුළු ජීවිතේම තනි වෙනස් උප සංස්කෘතියක්.

අපි එපා කියල ඩම්ප් කරන එව්වා තව කාට හරි ඉන්න ඕනේ වීම ම අමුතුයි නේද?

කොහොම උනත් මට එදා තේරිච්ච දේනම් කුණු සම්බන්ධයෙන් ඒ සී කාමර වල සුදු කරපටි සංවාද සහ ඇකඩමික හෝ වෘත්තීය වේදිකාවේ කෙරෙන කතාබහ හද්ද නිෂ්පල එකක් කියල. සිම්ප්ලි මේ කුණු කඳු සහ ඒ කඳුවල පත නිම්න අසබඩ වෙසෙන ජනයා කියන එකිනෙකින් වෙන්කළ නොහැකි තනි ටොපික් එක ඇඩ්රස් වෙලා නැහැ හතර මායිමකින්. මොරටුව ඔහොම නම් බ්ලුමැන්ඩල්  එතකොට  වැල්ලම්පිටිය/මීතොටමුල්ල කොහොම ඇද්ද? ඔය  උඩ  පින්තුරේ  තියෙන්නේ  මීතොටමුල්ල.  දැනගත්තේ මෙතනින්

සිංහල අවුරුද්ද දවසේ මීතොටමුල්ලේ ගොඩ ගැසෙන කොළඹ නගරයේ දෙවැනි කුණු කන්ද පුපුරා යාමෙන් නිවාස සීයක් දෙසීයක් විතර එක්ක ජීවිත නොදන්නා විශාල ගණනක් විනාශ වෙලා තියෙනවා. [ප.ලි. පසුව  දැනගත්  පරිදි  කන්ද  පුපුරා  නෑ.  එහෙත්  එහි අධික  බර  නිසා  එය  ඊට  යටින්  ඇති  බිම  දෙපසට   තල්ලු  කරමින් ගිලා බැහැල  තියෙනවා.  ඒ තල්ලු  වෙච්ච  පාර  තමා  දෙපස ගම්මාන  ඩෝසර් කළා වගේ තිබ්බේ].

ලෝක දෙකක් යා වෙලා, මම මේ රටට ආවම රස්සාවට සෙට් වුණේ ෆ්ලීට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා එකක් කරන්න, එකත් කුණු එකතු කරන තඩි සමාගමක. දැන් මේ රට පත සයිස් හිස් බිමක්. ඕනෙමනම් මීතොටමුල්ල වගේ සිය දහස් ගුණයක කඳු ගහන්න පුළුවන් මෙලෝ බක්කෙකුට හොයාගන්න බැරි තැන්වල. ඉන්දියාව වගේ දෙගුණයක රටක ඉන්නේ ලංකාවේ ජනගහනය. 95% විතර ඉන්නේ නගර කීපෙක. සෙස්ස හිස්. හැබැයි අර කොම්පැනිය එකතු කරන කුණු වලට කරන්නේ මොකද්ද දන්නවද? උන් ඒ කුණු පොඩි සයිස් කන්ටේනර් බොක්ස් බලට දාලා ඒක කම්ප්‍රෙස් කරලා සීල් තියනවා. ඊට පස්සේ සමාගමට අයිති උන් නඩත්තු කරන වෙන කිසිවෙකු පාවිච්චි නොකරන රේල් පාරක කිමි සිය  ගානක් එව්වා ගෙනිහින් අතහැර දැමු ගැඹුරු පතලක ඒ කුණු අඩුක්කු කරනවා. වසර තිස් හතලිස් ගානකින් ඕක පුරවනවලු.

මිනිස්සු දාන නගරසබා කුණු එකතු කරන්නේ සබාවෙ බදු සල්ලි වලින්නේ. ඉතින් ඒ සල්ලි වලින් කොහොමද මේ රේල්පාර හදාගෙන නඩත්තු කරන්නේ? අනික ඔහොම මධ්‍යගත නොවන සබාවල් වලින් මේ වගේ වියදම් සමාගමකට අවුට් සෝස් කරනෙන් කොහොමද? එහෙම නැතිනම් ඒ නගර සබා ඔක්කොම එකම වැඩපිළිවෙලකට ගන්නේ කොහොමද? ඕක මෙතැනදී අහන සුපුරුදු ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියාවේ අයට සල්ලි තියෙනවනේ. ඉතින් කරන්න බැරිද? නෑ මේක කරන්නේ පිටින් සල්ලි දාල නෙවි. මෙන්න මෙහෙමයි කරන්නේ.

සමාගම නගරසබාවල කුණු එකතු කරන්නේ නැහැ [පර්ත් වල කොහේ හරි එකක් කරනවා මගේ හිතේ ඒ විතරමයි] හැබැයි නගරසබා කෝපරේට් කුණු හෙවත් වාණිජ ආයතන වල කුණු එකතු කරන්නේ නැහැ. ඒ සියලු වාණිජ ආයතන කාට හෝ මුදල් ගෙවා කරවා ගන්න ඕනේ. මේ සමාගම තරම්ම ලොකු නැතත් එහෙම එකතු කරන සමාගම් අඩුම ගානේ පහක් හයක් මෙහෙ තියෙනවා. තමන්ගේ වාණිජ ආයතන වලින් සමාගම අය කරන මුදල පමණක් ප්‍රමාණවත් රේල් පාර නඩත්තු කරන්න. ඒ වගේම පතල පුරවන්න සමාගම පතල හාරපු උන්ට බිලක් ගහනවා. ඒ ඔක්කොම එකතු වුනාම තනි සිස්ටම් එකක් ලෙස වැඩ.

එතකොට නගරසබාවෙන් එකතු කරන මිනිස්සුන්ගේ කුණු? අන්න එව්ව බල්ක් සර්විස් ෆී එකකට සමාගම ගන්නවා. අරගෙන එව්වත් යවනවා අනිත් එව්වා එක්ක. එතැනදී නගරසබා ගෙවන ගාන පොඩියි මොකද පවතින සිස්ටම් එකේ තමා පිගි බැක් කරන්නේ උන්ගේ කුණු. මේක තමා ලංකාවේ ප්‍රවාහනයට තියෙන ප්‍රශ්නෙට අපේ සයිබර් මිතුරන් වතාවක් දුන්නු උත්තරේ. ලාබ ලබන කොටස හදලා [ප්‍රවාහනය අවට වෙළඳසල් ආදිය] උන්ටම දෙනවා පාඩු ලබන එකත් නඩත්තු කරන්න.

ධනවාදය සමාජවාදය අර වාදය මේ වාදය පානදුරා වාදයත් ඕක අස්සේ ඇති. හැබයි සිස්ටම් එක වැඩ. ලංකාවේ නම් අබාන්ස් එකත් උගේ කුණු එකතු ඩම්ප් කරන්නේ නගරසබාවේ කුණු කන්දටම නේද?

ඔන්න ඔහොමයි ප්‍රොබ්ලම් එක ඇඩ්රස් කරන්නේ. ඒ කුණු උප සංස්කෘති නැතුව. නිකම් කුණු හැසිරවීම පමණක්,

ලංකාවේ කුණු ප්‍රශ්නය හිතන තරම් පුංචි එකක් නෙවි. මගේ පුංචි අවබෝධය අනුව නම් ඒක රනින් රෙපයාර් කරමින් තුවාලෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ ප්‍රශ්නයක් මිසක මැජික් යෂ්ටි විසඳුම් දෙන්න පුළුවන් එකක් නෙවි.

මීතොටමුල්ලෙ පුපුරන්නේ  ඒ රනින් රෙපෙයා නොකිරීමේ ගැටලුව නිසා කියලයි මට හිතෙන්නේ.

ආ අර කටුබැද්දේ ඉඩම. හොරා වගේ මම ආපහු ආවා. පොර විනාඩි දහයකින් විතර කෝල් කරලා ඇහුව හොයාගන්න බැරිඋනාද කියල. මම කිව්වා දුර වැඩියි මම ආපහු යනවා කියල. ආ ඕකේ කියල තිබ්බ ෆෝන් එක පොරට පුරුදුයි වගේ ඕක වෙලාම. ඒක එච්චරයි.

Sunday, March 26, 2017

බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ

බ්ලොග් සම්මානයක් ගැන ලොකු කතාවක් යනවා, මේක ලියන්නේ වෙනද වගේ කොන් නොවී ඉන්න නෙවි. මේක මගේ දරදඬු දේශපාලන මතයක් එක්ක ලියන එකක් 

මේක වුණේ අදට වසර හතකට කලින්. එවකට ලංකාවේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ. ඒ කාලේ තිබ්බ මහින්දගේ යුද වැඩසටහනෙන් කැඩිලා ආපු මානෙල් මල් වියාපාරේ කියල එකක්. ඕක දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ. 2010 විතර ඔවුන් පටන් ගත්ත සම්මාන උළෙලක් තියල බ්ලොග් කාරයින්ට සම්මාන දෙන්න. ඕකත් දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ.

පළවෙනි සම්මාන වටේ පට්ට, ටැබූ ට සම්මානයක් දීල තිබ්බ පට්ට දේශපාලන බ්ලොගා ලෙස. සුපුරුදු පරිදි අතත්යභාවය ගැන ලොරි ටෝකක් දීල පොර ආවේ නැහැ. හැබැයි පස්සේ ලියල තිබ්බ ප්‍රේක්ෂකයෙක් ලෙස ගිහින් දැක්ක ටික වෙනම. රසිකට දීල තිබ්බ නොස්ටල්ජීය ආත්ම ප්‍රකාශනය ගැන සම්මානය. චාමි ව්‍යන්ග රචනය සහ පැරඩි අංශය දින්න. සූර්යාලෝකයට නිරාවරණය වුනොත් වාෂ්ප වෙන්න තියෙන අවදානම නිසා චාමි ආවේ නැහැ, විපුලව එවල තිබ්බ [ඒ වෙද්දී ඌ අබිනිස්ක්රමනේ කරලා නැහැ]. මේ අය විතරයි මතක මුන් මගේ ෆේවා හින්දා. තව තිබ්බ හෙළ බ්ලොගා කියල එකක්, ත්‍රස්ත විරෝධී නිර්මාණය අරක මේක. මානෙල් මල් එකේ නේ.

පළවෙනි එකේ ප්‍රධාන අමුත්තා කාලෝ ෆොන්සේකා. දර්ශනය රඹටි හැලෙන්න දාලා කාලෝ දුන්න දේශනෙකුත්. පට්ට.

ඕක අවුරුදු කීපයක් කෙරුනා. 2012 වෙද්දී සම්මාන උළෙල කරපු කට්ටියගේ නම වෙනස් වෙලා තිබ්බ නිල් බලකාය කියල. 2012 පොඩි සීන් එකක් වුනා රසික එක්ක. මොකද කිසිම කෙනෙක් නොදැන සම්මාන ලබාදෙන වෙලාවේ සම්බාවනීය අමුත්තන් අතර ඉඳල තිබ්බ අර රගරුත් ගහන චන්දෙත් ඉල්ලන රාජපක්ෂ බුවා. දීර්ග කාලින බ්ලොග්කරණය පිලිබඳ ස්වර්ණ ස්පේස් බාර් සම්මානය ගන්න ගිය රසික මේ ගැන පොඩි කොක්කක් ඇද ගෙන. රසිකට සාමාන්‍යයෙන් ඔය වගේ "කුප්‍රකට" දේශපාලක ඩයල් වලින් සම්මාන ගන්නවා තියා එකම වේදිකාවේ ඉන්න පවා අපුලයි කියල අපි දන්නවානේ. මේ කේස් එකේදී ඉවෙන්ට් ඕගනයිසර් කියල තිබ්බේ අපි නිල් බලකාය අපි අපේ ආරාධිතයෝ තෝරන්නේ ඔහෙට පාන් ද කියල. රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ආයි නිවාඩුවට ආවම හම්බෙමු කියල අමු සීන් එකයි. ඕක ගැන චාමි මොකද්ද කතාවක්   ලියල චාමිය වෙනුවට එදා ආපු විපුලය පස්සේ මොකද්ද වාහනයක් නිතර පන්නන සීන් එකකුත් උනා, අබිනිස්ක්රමනෙට හේතුවක් වුනා මගේ හිතේ ඕක.

ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව. 


වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්]

ඔක්කොම සීනියර් බ්ලොග්ගු [කිව්වේ පරණ එකාල] ගියේ නැහැ. ඒ වුනාට අලුතෙන් පිබිදෙන පුංචි බ්ලොග් කැකුළු එකතු කරගෙන වැඩේ කරගෙන ගියා. නොගිය උන් කීපයක් වහෙන් ඔරෝ ලිව්වත් ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු.

ඇත්තෙන්ම මේක ආයිත් වෙන්නේ නැහැ. 2015 අපි ඒ යුගය නිමා කලානේ, ආයිත් මෙහෙම තත්වයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. අපිට මාර ෂුවර් ඒ ගැන. ඒ නිසා මේක දැන් පරණ සීන් එකක්. මේ බ්ලොග් සම්මාන උළෙල මිසක් වෙන එකක් ගැන නොලිව්වේ එව්වා ගැන ලිව්වොත් කට්ටියට නොතේරෙන නිසා. 


බ්ලොග්  ලෝකෙට  අලුතෙන්  ආපු අය  සීරියස්  ගන්න  ඉඩ  තියෙන  නිසා කියන්න  ඕනේ.  මේක  වෙච්ච  දෙයක්  නෙවි. හදාපු  කතාවක්. හැබැයි  මෙතෙක්  නොවුණට හෙට වෙන්න බැරි  නැති  එකක්.

කොටිම්ම ඔය  මානෙල්  මල්  එකෙන්  ඔහොම  සම්මානයක්  දුන්නද  නැතිනම්  මෙව්වා  හදල  ලිව්වද  කියන  එකත්  අදාළ  නැහැ.  අදාළ  වන්නේ ඕනෑම තත්වයක ඕක  වෙන්න  පුළුවන්  බවයි. මල මොකද්ද දේශපාලන  ප්‍රවාහය  මොකද්ද  කියන  එක  වෙනස්  වෙන්න  පුළුවන්.


දැන් මෝරල කොලම මොකද්ද? බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ. ඕකයි කතාව.

මේ මුළු කතාවම දේශපාලනිකයි. බ්ලොග් ලිවීම තුල දේශපාලනයක් පවතී කියා හිතන දේශපාලන වැඩසටහන් තියෙනවා. ඒ දෙවැනි දේශපාලන වැඩ සටහන් වලට දිගටම ඒ අවකාශය තුල පැතිරී එහි අයිතිය දරන්න ඕනේ වෙනවා, සරල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සඳහා බ්ලොග් කරණයේ මධ්‍ය ලක්ෂය අවශ්‍ය වෙනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා.

හැබැයි බ්ලොග්කරණයේ මධ්‍ය ලක්ෂයක් නැහැ. මේක ලෝක බෝලේ වගේ ගෝලයක්. කැරකෙන්නේත් නැති නිසා මැද්දක් කියල එකක් නැහැ. හැම එකාම ඌ ඉන්න තැන මැද්ද කියා හිතාගෙන ඉන්නවා. ඒකයි මේක නිදහස් කියන්නේ. මේ සිදුවීමෙන් වෙන්නේ කෙනෙක් මේ බෝලය කරකවලා ධ්‍රැවයක් හදලා මධ්‍ය ලක්ෂය නිර්මාණය කිරීම. කාලෙකින් ඒක කැරකෙන්නේ එතන වටේ. 

අන්න ඒ දවසට සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි ඇවිත් සම්මාන දුන්නත් අපිට මොකුත් කියන්න බැහැ. ඇත්තෙන්ම කිව්වත්  කවුරුත් අහන්නේ නැහැ. බෝලේ කැරකෙන්නේ මධ්‍ය ලක්ෂය වටේ. අපි වටේ නොවේ.


පුද්ගලිකව මේ කාටවත් මගේ විරෝධයක් නැහැ, පරණ හිතවත්කම් එලෙසින්ම පවතී කියා හිතනවා. හැබැයි මම හිතනවා සම්මාන නොදිය යුතුයි කියල. නොගත යුතුයිත් කියල. මේ විවේචනය බ්ලොග් සම්මාන දීම ගැනීම එහි අභ්‍යන්තර දේශපාලනය ගැන විනා ගත්ත එවුන් දීපු එවුන් සම්මාන දෙන්න ආපු එවුන් වගේ සිල්ලර කරුණු ගැන නෙවි. 

මෙහෙම කිව්වම නිදහස සීමා වෙනවා සම්මාන දෙන්න සහ ගන්නත් නිදහස අවශ්‍යයි කියල මට විවේචනයක් එන්න බැරි නැහැ. ඕනෑම දෙයක් කරන්න, විවේචනය කරන්න, ඒ විවේචනය විවේචනය කරන්න ආදී ලෙස බාබර් සැලුන් එකේ සමාන්තර කන්නාඩි දෙක ඉස්සරහ අනන්තය දක්වා තියෙන නිදහස හැමෝටම තියෙනවා. ඉතින් මේ අපි කියන මතය. මේක කිව්වම අහිංසක බ්ලොග් කැකුළු වල සම්මාන වලට අවනම්බු වෙනවා වගේ කතානම් කියන්න එපා. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.


ආයිමත්, බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ 

සම්මාන දිනා ගත්ත අනාගතේ දිනා ගන්න හැමෝටම මගේ සුබ පැතුම්.

Wednesday, March 15, 2017

ලෝක සම්මතයේ පාටියට හොරෙන් කඩා පැනීම

කුඩා කාලයේ මා  ඇසුරු  කළ  පොතපත  අතර  වැඩියෙන්  තිබ්බේ  රුසියන් පොත්ය.  නිවෙස්  වලට  බෙදු සෝවියට්  දේශය  පොත  "ලෝකය  ගැන  දැනගන්නට තිබු"  එක  ප්‍රධාන  දොරටුවක් විය. බයිකල්  වෙරළක, යුක්රේන් ගොවිබිමක, උස්බෙකිස්ඨාන  කපු බිමක සොඳුරු පින්තුරවලින් අපේ  ළමා  සිහින  පිරවූ සෝවියට්  දේශය සඟරාව   කොමියුනිස්ට්  වාදයෙන්  අපට  වඩා  මදක්  වියපත්  පරපුරට බලාපොරොත්තුවක් දුන්නේය. ඒ  කිසිවක්  කුලාක් නමින් සිදුකල ඝාතන  ගැන  හෝ සිරකරුවන්ගේ  මල මිනි වළලා දැමීම  නිසා අද "මිනි  ඇට පාර" ලෙස  හඳුන්වන  සයිබීරියාවේ  කොල්මා  හයිවේ එක  ගැන කතා  කලේ  නැත. අප  ලද ඒ  ලෝක  දැනුම  හුදු  ෆැන්ටසියකි.

ලංකාදීපයෙන්  අපි  වික්ටර්  හාරා  ගැන  කියෙව්වෙමු. සිංහල පොතේ කැප්පෙටිපොලයන්  සුද්දාගේ  ආයුධ  අහක  දමා  හටන්  කළ  හැටි  කියා දුන්නේය. 
නන්දා සුනිල් දෙපල වම  සහ  රට  ජාතිය ගැන  කියා  දුන්හ. ඉන්දියන් බුද්ධිය   රට  හැර  ගලා ගොස්  බටහිර  ප්‍රාග්ධනය  පැකට්  කර  රටට  එවද්දී නන්දා සමග  අපි  සරුංගලේ  වරල්  සැලේ  ගැයුවෙමු.

අපේ  මුරලි  ලෝකය  දෙවනත්  කලේ  අමුතු  අතකිනි. අපේ මාලිංග  ස්ටම්ප්  කුඩු  කලේ  අමුතු  ඇක්ෂන්  එකකිනි.  විසල් ක්‍රිකට්  ලෝකයක  මිලියන  විස්සක්  වූ  අප ඒ ක්‍රිකට්  ලෝකයේ  අසාමාන්‍යතා  තොග වශයෙන්  නිපදවන්නෙමු.

මේ  කිසිවක් වැරදි  ලෙස  නොදකිමි.  එහෙත්  මුළු  කතාවෙන්  ගන්නට  ඇති  දේ  නම්  අපි අසාමාන්යතාවය  හඹා  යන  පිරිසක්  බවයි.  අපි  පද්ධතිය ප්‍රතික්ෂේප  කරන්නෙමු.  අපි  පද්ධතියට  පිටින්  අමුතු  යමක්  තනන්නට  වෙර  දරන්නෙමු.  අපි  පද්ධතිය  නොතනන්නෙමු.  අපි  ක්‍රමයට  විරෝධී  වන්නෙමු.

මේ  ක්‍රම  විරෝධය  එලියට  එන්නේ  වසරක්  පාසා  රතු  පටි  බැඳගෙන  චේ  වගේ මෝටර්  බයික්  පදින  ලාංකීය  කොලු  කෙල්ලන්ගෙන්  පමණක්  නොවේ.  ඒ  එළිපිට  අපි  දකින  ක්‍රම  විරෝධයයි.  ඊට  වඩා  අභ්‍යන්තරික  ක්‍රම  විරෝධයක්  අපි  බොහෝ  ලාංකිකයන්ගෙන්  දකිමු.

ලාංකිකයෝ  තාක්ෂණික  විෂය  මූලික  ක්ෂේත්‍රවල  කෙල  පැමිණියද  දක්ෂ  ඉංජිනේරුවන්  වෛද්‍යවරුන්  බිහිකළ  ද,  ලාංකිකයන්  අතරින් ඉදිරි පෙළ  මැනේජර්  වරුන්  පාලකයන්,  සාමාන්යධිකාරින්,  ව්‍යවසායකයන්  බිහි  වී  නැති  තරම්ය.  තාක්ෂණික  හෝ  විෂය  මූලික  අන්තවල  සිටින  අපේ  විද්වත්තු ඒ  අන්ත  ගැන  සතුටු  වෙති.  මැනේජරයින් ආයතන  ප්‍රධානින්  වැනි  මජරයන්  නොවීම  ගැන  තුටු  වෙති.  රටේ ජාතික මට්ටමේ  ව්‍යාපාරික  ව්‍යවසායක  මෙහෙයුම  පාදඩ දූෂිත  වංචනිකයන්ට  ඉතුරු  කරති. අක්‍රිය  සැඟවුණු  ක්‍රම  විරෝධය  මෙයයි.  චේ වෙන්න  දඟලන  කොලු  කෙල්ලන්ට  වඩා  පද්ධතියට  හානිකර  මෙයයි.

මේ  තුලින්  මගේ  මිතුරියක්  වරක්  ඇසු ඇගේ  අසල්වැසි  ඉගෙනුමට  දක්ෂ  තරුණයා  සත්‍යා  නදෙල්ලා  නොවුනේ  මන්ද,  ඒ  වෙනුවට  පූර්ණ  කාලින  වාම  දේශපාලන  ක්‍රියාධරයෙක්  වූයේ  මන්ද  කියන  පැනයට  සහ  මගේ  තවත්  මිතුරෙක් ඇසු  කවදාවත්  ලාංකිකයෙකුට  ෆෝචුන් 500 ව්‍යවසායකයෙකු  වෙන්න  නොහැකි  වනුයේ  මන්ද කියන  පැනයට පිළිතුරක්  ගැබ්ව  තිබේ.


බටහිර ප්‍රාග්ධනය  පෙරදිග  ශ්‍රමය  සොයද්දී උන්  ඉල්ලුවේ  සරල  තත්වයන්  කීපයකි. සම්මත  කරමවේදය  සමග  යාමේ  සරල  අවශ්‍යතාවය  පමණි. ඒ තත්වයන් ලබා දුන්නේ පෙරදිග  තිබු දියුණුම  පද්ධති  පමණක්  නොවේ.  සිංගප්පුරුව තායිවානය  මැලේසියාවෙන් පටන්ගෙන දකුණු  කොරියාව  චීනය හරහා  හමා  යන  ඒ  ප්‍රවාහය අද ඉන්දියාව  බංග්ලාදේශය  බුරුමය  තායිලන්තය  වියට්නාමය  වැනි  රටවලට  ද,  ඉනුත්  නොනැවතී ඉතියෝපියාව  කෙන්යාව උගන්ඩාව රුවන්ඩාව  වැනි අප්‍රිකානු  රටවලට  ද පැතිරේ. 

ඇත්තෙන්ම බටහිර  ප්‍රාග්ධනය හරහා කාර්මීකරණය  වෙන  කතාවේ  කවුරුත්  අපව පසුකර නැත. අප  ආරම්භයේදී  ඔවුන් සියල්ලන්ට වඩා  ඉහලින් හුන් බව කීවද එය  වැරදි කතාවකි. සත්‍යය නම්  අප  කවදාවත්  ඔවුන්  සමග  එකම  රේඛාවක නොසිටි  බවයි. මේ  රටවල්  බටහිර  ප්‍රාග්ධනයට  ශ්‍රම  වෙළඳපොල  සපයද්දී   අප හිතා  උන්නේ  සහලින්  රට ස්ව්‍යන්පෝෂණය  කරන්නය.  එහෙමත්  නැතිනම්  අපේ  සහජ  දක්ෂතා  ඇති  නිර්මාණකරුවන්ගේ  [අමුතු] නිෂ්පාදන වෙන  රටවල එවුන්ට  හොරකම්  කරන්න  නොදී  අපේ  රටේ තියාගෙන  අපේ  රජයේ  ආධාරයෙන්  දියුණු කරන්නය.  අපි  උන්ට  පේටන්ට්  අරන්  ඒ  පේටන්ට්  බහුජාතික  සමාගමකට  විකුණන්න  කියා  කීවේ  නැත. අපි ලෝකයේ  සාමාන්‍ය දේ  කලේ  නැත.

අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නෙමු. 


අප  සතු ක්‍රම  විරෝධය  ඉච්චා  භංගත්වය  සහ  අසාමාන්‍යතාවය  එලි  දකින්නේ  විවිධකාරයෙනි.  එය  රතු පටි  බැඳගෙන  මෝටර්  බයික්  පදින  උන්ගේ  සිට  ටෙකි  පොරවල්  වී  නර්ඩ්  මුළුවල  ලගින්  උන්ගේ  සිට  මෙන්න  මෙවැනි  අමුතු  එවුන්  දක්වා  පැටලේ. ලංකා  පවුලේ  මේ  පුත්‍රයා  අද  ජාත්‍යන්තරයට  යන්නේ  අනුන්ගේ  පාටි  වලට  කඩා  පැනීමේ  කලාව  ප්‍රගුණ  කිරීමෙනි.  පාස්පෝට්  වැටවල්  සීයක්  පැනගොස්  දෙයියනේ  කියා  කාල  බීල  ඉන්න  හෝ  ඊට එහා  ගමනක්  යන්න  සීමාවක්  නැති  අවකාශයක  අපේ  එකා  ලෝකාවධානය  දිනන්නේ  ක්‍රමයට  මෙන්න  මෙහෙම  අභියෝග  කිරීමෙනි. ඒ ක්‍රියාවලිය  තුල ලෝක  සම්මත  වැදගත්  උත්සව  හා ඉතා  වැදගත් ආධාර අරමුදල් ද   අස්සෙන්  හිරිකිත  ලෙස  රිංගා  යාමට  ඔහු  සමත්  වී  ඇත. ඊට  දැරූ  මහන්සියෙන් ඔහුට මාක්  සකර්බර්ග්  සර්ජි  බ්රින්  කෙනෙක්  නොවේනම් අඩුම  ගානේ චැරිටි  එකකට  කීයක්  හෝ  එකතු  කර  දී  ලෝකයට  යමක්  කර  ලොවෙන්  නමක්  දිනන්නට  ඉඩ  තිබුණි.

මගේ  තර්කය  බිඳින්නට  සමත්  ලෝක  පූජිත  නම්  දහයක් කොමෙන්ට්  වල  කොටන්නට  ඔබට  හැකිය.  එහෙත් ඒ  එසේ  නොවන  දහසකගෙන්  කීපයකි. ලෝකයේ  වේදිකාවේ  අපට  ලයිම් ලයිට්  වදින්නේ  මෙහෙම  සිද්ධි  වලටම  පමණි. ඉතිරි  සියලු අපේ කෙරුම්  රිවිර  පත්තරෙන් හෝ  ගොසිප් කොලමකින්  අපිම  අපට  ගහගත්  ලක්ෂපාන  ටෝච් එකක්  පමණි.

කතාවේ  හැම  තැනම  ඇති  පොදු  සාධකය  නම්, බහුතර  
අපි  මේ  පද්ධතිය කෙරෙහි  තනාගත්  විවිධ  ඉච්චා  භංගත්වයෙන්  එහි  විවිධ  අහුකොන්හි  සිටිමින්  එහි  ප්‍රධාන  ධාරාවට  පය  නොතබා  අපට  අවැසි  අමුතු  පාර  හොයමින්  ඉන්න  බවයි.  අපි  මේ  පිටස්තර  මෙට්ටයේ  නොලැග  ඉස්සී  අමුතු පාරක්  බලන  කූඩැල්ලන්  බවයි.
අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නේ  එබැවිනි.

ප.ලි. අවංකවම  මෙහි  සැහෙන  තරමක්  ස්වයන්  විවේචනයක්  ද  වන  බව  නොකියාම   බැරිය.  මා  ද  ලාංකිකයෙක් මි.

Thursday, February 23, 2017

ග්‍රහලෝක හතේ විකාරය

 මෙය අසත්‍ය වීඩියෝවකි



ග්‍රහලෝක හතක් සොයාගෙන තිබේ. නාසාව මාධ්‍ය ඇමතීය. ගූගලය ඩූඩලයක් තැනීය.

අපේ සූර්යය සහ මර්කරි අතර ඇති කුඩා ගැප් එකේ පොලොව සයිස් ලෝක හතක් ඒ කුඩා හිරු වටා කැරකේ. ඒ ඒ ලෝක අතර දුර පොලොව සහ සඳ වැනි ආසන්න මට්ටමේය. මතුපිට උෂ්ණත්ව අප දන්නා අගයන්ගේය. ආලෝකය බොහෝ සෙයින් අඩු මට්ටමක විය යුතුය.

ටෙලස්කොපයක ඇඳි තිත් හතක් [හෝ තාරකාවක ආලෝක කදම්බයේ බ්ලයින්ඩ් ස්පොට් හතක් ] ගැන නිශ්චිතව දන්නා කාරණා එපමණකි.

ඒ මත නිර්මාණය වන ජලය පර්වත ජීවින් ආදිය හුදෙක් විකෘති ඉමජිනේෂන් එකක් පමණි, හරියටම අර පරිනාමය ගැන බාගෙට උගෙන වානරයින් හා මානවයින් පේලියක් ඇන්ද මාධ්‍යවේදියාට සමානය.

අනික මේ ගෙඩි ආලෝක වර්ෂ හතළිහක් හෙවත් කිමි ට්‍රිලියන පන්සීයක් වගේ දුරකය. මිනිසාට සාපේක්ෂව මේ දුර අනන්තයට වඩා වෙනස් වන්නේ ඇබින්දකි.

දැන් ඉතින් අපි කුමක් කරන්නද? අපි කල හැකි දේ කරමින් සිටිමු. චිත්‍ර ශිල්පියෝ චිත්‍ර අඳිති. ග්‍රැෆික් කාරයෝ ග්‍රැෆික් හදති. මාධ්‍යය විසින් බුල් කෙලින නිසා දෝ සෙස්සෝ කවි ලියති.

නරුම සත්‍යය නම් වෙන කරන්න පුළුවන් මොකුත්ම නැතිකමයි.

කිමි ට්‍රිලියන පන්සීයක් ඕනේ නැත. මිලියන දෙසිය පනහක් බැගින් අපට දෙපැත්තෙන් පොලොව සයිස් ජලය සහිත රොකී ග්‍රහලෝක දෙකක් ගමන් කරති. කිමි ලක්ෂ හතරට මෙහා ඊට ටිකක් පොඩි ලෝකයක් පොලොව වටේ කැරකේ.

ඔලිම්පික් දුවන්න කලින් ගම හරහා වත් දුවල ෆිනිෂ් කරමුද?


ප. ලි.
"ජීවය පැවතිය හැක්කේ" පොලොවට සමාන තත්ත්ව තුල ය කියන මතය මිත්‍යාවක්. ඕක වහගන්න ලයිෆ් ඈස් වී නෝ ඉට් හෙවත් ගොල්දිලොක්ස් සෝන් කියල මතයක් හයිප් වෙනවා. මෙහි අර්ථය නම් අප දන්නා විදිහේ හෝ අපට සමාන පරිසරයක පවතින ජීවය ගැන පමණක් කෙරෙන ෆෝකස් එකක් බව. එහෙත් පොදුවේ ජීවය කියන එක අපේ තත්ත්ව තුල ම පැවතීම ඉතා අඩු සම්භාවි දෙයක්. විශ්වයේ  වැඩි  හරියක් ද්‍රව්‍ය  පවතින්නේ එක්කෝ  උණුසුම් ප්ලාස්මා  ලෙස,  නැතිනම් සීතල  දූලි/වායු වලාවන් ලෙස. වඩාත් ගතික ක්‍රියාකාරකම්  සිද්ධ වන්නේත්  ඊට  අවශ්‍ය  ශක්තිය  ලැබෙන්නෙත්  මේ  තත්ත්ව  තුල. මහ පොලොව  සහ  මිනිසා ගේ  පරිසරය විශ්වයෙන් අතිශය කුඩා ප්‍රතිශතයක්. එය  හුදෙක් ව්‍යතිරේඛයක්. ජීවය  ඔය  ඉතා කුඩා  ව්‍යතිරේඛය  අස්සේ සෙවීම  අමු  විකාරයක්. 

Sunday, February 19, 2017

කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ 'ප්‍රෑන්ක්' ඝාතනය - සිවිල් මාධ්‍ය ක්‍රියාකාරකම් නීතියට අනුගත කළ යුතුය

අප ජීවත් වන්නේ හද්ද විකෘති යුගයකය.

දැනට සොයාගෙන ඇති පරිදි, කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ දී උතුරු කොරියානු 'රජ පවුලේ' පැරණි ඔටුන්න හිමි කුමරු මරා දැමුනේ  එය ප්‍රෑන්ක් එකක් බවට 'ඝාතකයන්' රවටා ලීමෙනි.

දැනට දන්නා පරිදි ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන්නේ ඉන්දුනිසියන් සහ වියට්නාම් කෙල්ලන් දෙදෙනෙකි. උන් දෙන්නාට කියා ඇත්තේ ටීවී ප්‍රෑන්ක් එකකට මග යන මිනිසුන්ගේ මුහුණට හානිකර නොවන දෙයක් ඉසින ලෙසයි, මේ සඳහා විශ්වාසය ඇති කර ගන්නට ඊට පෙර දා ද මේ කෙල්ලන් සමග තවත් නොහඳුනන හතර දෙනෙක් පැමිණ ඒ ගුවන් තොටේ ම මගීන්ට මේ ප්‍රෑන්ක් එක කර තිබේ, කෙල්ලන් දෙදෙනාට එදා ලබා දී ඇත්තේ හානිකර නොවන ද්‍රව්‍යයකි. එකියක් මග අහුරා ඉදිරියෙන් යාමත් අනික් එකිය පස්සෙන් පැමිණ ස්ප්‍රේ එක ගසා එය ලේන්සුවකින් මුහුණේ ගෑමත් සිදු කර ඇති බව කියවේ. මේ හරහා එය ප්‍රෑන්ක් එකක් බවට කෙල්ලන්ට ඒත්තු ගන්වා ඇත.

ඒ කෙල්ලන් දෙදෙනාටම ඒ ස්ප්‍රේ බඳුනම දී තවත් දවසක තවත් මිනිස් ඉලක්කයක් පෙන්නු විට සුපුරුදු ගොන් ආතල් එකට "ප්‍රෑන්ක් කරන්නට" ඇත. එහෙත් දෙවැනි දිනයේ බඳුනේ තිබී ඇත්තේ විෂ ද්‍රව්‍යයකි. ඉලක්කය අහඹු එකක් නොව උතුරු කොරියා පාලනයට විවේචකයෙකු වූ රටතුල පිළිගැනීමක් තිබු කිම් ජොන් නම් හෙවත් නායකයාගේ වැඩිමහල් සොයුරාය. ජොන් උන් සමග බල අරගලයකට යාම වෙනුවට ජොන් නම් කලේ උතුරු කොරියා ජාත්‍යන්තර ජාවාරම් වලින් එන මුදලින් කැසිනෝ කෙළිමින් චීන ආරක්ෂාව යටතේ සුකුමාර දිවියක් ගෙවීමත් වරින් වර තම සහෝදරයාගේ පාලනය විවේචනය කිරීමත් පමණි. කෙසේ නමුත් අනවශ්‍ය කුණු ඉවත් කිරීම ජොන් උන් ගේ අරමුණ වූවා විය හැකිය. කෙල්ලන් මෙහෙයවූ තවමත් නොදන්නා හතර දෙනා බොහෝ දුරට උතුරු කොරියානු ඒජන්තයින් විය හැකිය.

ටක්කෙටම උතුරු කොරියාව දිහාට ඇඟිල්ල දිගු කළ නොහැකි වුවත් [ඔවුන් දැනටමත් මේ ගැන කෙරෙන පරීක්ෂණ සාවද්‍ය ඒවා ලෙස නම් කර තිබේ] මෙතරම් සූක්ෂම මෙහෙයුමක ඔවුන්ගේ සළකුණු නැතැයි කිව නොහැක. කෙසේ වෙතත් මගේ අරමුණ මෙය උතුරු කොරියාවට පැටවීම නොවේ.

මගේ ගැටලුව මෙය සිදු කළ සූක්ෂම ක්‍රමවේදයයි. ඝාතකයා කවුරුන් වුවද ඝාතන ක්‍රමවේදය අප සියල්ලන් බිය ගන්වන තරම් සූක්ෂම ය. මෙහි හරය ගන්නේ නම් ප්‍රෑන්ක් කියන ලේබලය යටතේ මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිය.

මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිව තිබුණි. එහෙත් ශිෂ්ටාචාරය නිර්මාණය වත්ම නීති හා සම්මුති බිහිවී එය වලකා දමන ලදී. කෙනෙකුට පුද්ගලිකත්වයක් පුද්ගල අවකාශයක් විටය. කෙනෙකුට තවත් කෙනෙකු හිරිහැරයට ලක් කිරීම සාමාන්‍ය තත්ත්ව තුල නොහැකි දෙයක් විය. මේ කෙල්ලන් දෙදෙනා ප්‍රෑන්ක් එකක් නොවේනම් විහිළුවටවත් ඔහොම කරන්නේ නැත.

ව්‍යතිරේඛය වූයේ කැමරාව සෙලියුලර් උපකරණයක් වී මාධ්‍ය කරණය පුද්ගල මට්ටමට ගිය යුගයේ ප්‍රෑන්ක් කරණය යි. ප්‍රෑන්ක් මේ පුද්ගල සීමා බිඳ දැමු අතර අවසානේ කැමරාවක් පෙන්නීමෙන් සියල්ල ගොඩ දැමිය හැකි විය, ඉඳහිට එකෙක් ගුටි කෑවද, ප්‍රෑන්ක් කරුවා උසාවියට ගෙනගිය වික්ටීම් කෙනෙකු, අත් අඩන්ගුවට ගත් පොලිසියක් හෝ නීති විරෝධී ලෙස සම්මත කළ පාර්ලිමේන්තුවක් හෝ නීති රාමුවක් ගැන අසා නැත.

එය එසේ විය යුතුව තිබුණි. අඩුම ගානේ එංගලන්තයේ වින්ඩ්සර් පවුලේ කෙනෙකු රෝහල් ගත වූ මොහොතේ එලිසබෙත් වින්ඩ්සර් මැතිනිය ගේ හඬින් ප්‍රෑන්ක් එකක් කළ මෙල්බන් ගුවන් විදුලි වැඩසටහන් කරුවන්ගේ ක්‍රියාව නිසා සිත් තැවුලට පත් හෙදිය දිවි නහ ගත්ත වෙලාවේ එය සිදුවිය යුතුව තිබුණි. අරාබි ත්‍රස්තවාදියෙකුගේ වෙසින් බෝම්බ බෑගයක් විසි කරන නියායෙන් ප්‍රෑන්ක් කරන ජලාල් සහෝදරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණි. (ප.ලි. පෝස්ටෙක ලියද්දී  නොදැන  සිටි මුත්  වික්ටෝරියා  පොලිසිය  විය යුත්ත කර තිබේ)

එය එසේ නොවන්නේ නම් මිනිස් සම්මුති වලට ව්‍යතිරේඛයක් වන නීතිය නිවාඩු යවන ප්‍රෑන්ක් අවකාශය තුල බොහෝ ව්‍යසන විය හැකිය. මැලේසියාවේ වූ පරිදි නීතිගරුක මනුස්සයෙකු නීතිවිරෝධී හැසිරීමකට රවටා ලීමට අවශ්‍ය මානසික ඉම ඉක්මවා යන්නේ ප්‍රෑන්ක් එකක් ලෙස නම් කිරීමෙනි. දැන හෝ නොදැන ජලාල් සොයුරන් මග සලසන්නේ සැබෑ අරාබි ඉස්ලාම් අන්තවාදියාට සැබෑ බෝම්බයක් විසි කිරීමට අවශ්‍ය සාමාජිය ඉඩකඩ යි.

ප්‍රෑන්ක් දෙස වඩාත් අවධානයෙන් බැලීමට කාලය පැමිණ තිබේ. වල් බූරු පුද්ගල මාධ්‍ය නිදහසේ ඇතැම් තැන් සිවිල් නීතිය තුලට ගන්නට කාලය පැමිණ තිබේ.

Saturday, January 7, 2017

පවන - 88/89 විප්ලවය කලේ නන්දා සහ සුනිල් ය

මේක පුද්ගලික කියවීමක්. තරමක් නොස්ටල්ජීය කතාවක් කිව්වත් වරදක් නැහැ.

88 ඉස්කෝලේ වහපු කාලේ වෙද්දී මම සමාජවාදය ගැන දන්නේ අර ගෙවල් වලට බෙදපු සෝවියට් පොතෙන් සහ ඉස්කෝලේ පොතෙන් පමණයි. කැරැල්ල අපිට වඩා චුට්ටක් වයස වැඩියි. බය නැතුව කැරැල්ලට බහින්න තරම් වයසක් නැහැ. හැබැයි මම හිතන්නේ තව අවු 5 ක් එහානම් බඩුම තමා. මොකද අපි  ඒ ගානට කුලප්පු වෙලා තිබ්බ.

මෙලෝ තේරුමක් නැති හුදු වාගාලාප වෙච්ච රෝහණ විජේවීරගෙන්/ජවිපෙ මධ්‍යම කාරක සබාවෙන් ඉඳහිට ලන්කාදීපෙට එන ලිපි කියවන්න හිතාන හැමදාම පත්තරේ පෙරලනවා. මම නම් එව්වා කපල එකතු කළා. සාමාන්‍ය මරිමොඩ පාසල් වියක අපි එමිනෙම් ලා කෝලිලා හෝ හින්දි නිළියන්ගේ පින්තුර වෙනුවට එකතු කලේ එව්වා. විප්ලවය ගැන මුලින්ම ඉගෙන ගත්තේ එහෙමයි.

හැබැයි දවසක අපිට තේරෙන්න තිබ්බ මේක මෝඩ වැඩක් කියල. ජවිපෙ එදත් සබුද්ධික සම්භාව්‍ය ඉගැන්වීමක් තිබ්බේ නැහැ. ඔය අද කියන 2020 ආණ්ඩුව අල්ලනවා වගේ කතා  තමා.  ඉන්දීය හමුදාවට වියට්නාමේ ඇමරිකාවට දුන්න වගේ ගහනවා ආදී මෝඩ කතා කිව්වේ. අපිට මේක තේරෙන්න තිබ්බ. අපිට නැතත් අප අතරින් පරම්පරාවක් ලෙස වියෝ වෙච්ච අපිට වඩා අවු. 5 සිට 20 විතර ගැප් එකක් වයස එවුන්ට  මේකේ ගැටලුව තේරෙන්න තිබ්බ නන්දක්කයි සුනිල් සර් රුයි නොඉන්න. පවන නොකරන්න. මොකද අර මාක්ස්වාදී පිටස්තර විකෘතිය සහ ලාමක ජවිපෙ බොලදකම වහන්න දේශීය  චින්තනයකින්  සම්භාව්‍ය සුභාවිත සංගීතමය [ඒකත් රොම්බ ශාස්ත්‍රීය, උපරිම කටහඬකින්] අයිසින් එක්ක දැම්මේ මේ දෙන්න. කොටින්ම අමු ගරුඬ මාක්ස්වාදයෙන් ආවනම් ජෙප්පන්ට එක දාහක් සපෝට් කරන්නේ නැහැ.

උදේට හවසට අහල ඕක කටපාඩම් ඒ කාලේ. හැබැයි ඕක අහන්නේ ගංජා ගහනවා වගේ වෙන වැඩ නවත්තලා. සංගීතයට මනස තුලට යා හැකි දුරක් වේ නම් ඕක උපරිමය කියල කියන්න පුළුවන්.

මේක තමයි පවනේ ඉන්ට්‍රෝ මතක හැටියට.

සාධු ජන ගන මනා සභා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඩ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනි වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්
කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳ හලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්
අනන්තවු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඩින් කියා සැඩ පරුෂ වැකි
අප මැරැණු කළ අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී.......


ඉතාම සම්භාව්‍ය බසකින් ඔස්ටින් මුණසිංහ සංගීතයෙන් ඉතාම සම්භාව්‍ය වූ ශ්රාවකයට කියනවා සම්භාව්‍ය මියුරු ගී කියන්න බැහැ දැන් බැහැපල්ලා පාරට කියල. ඔය ටික ඔහොම වචන වලට ගන්න එකමත් මාර ටැලන්ට් එකක්.

ඒ ගානට කට්ටිය ටයර් උඩ මලා. වද දෙද්දී පාවා නොදෙන්න පුච්චලා දාද්දි ජවිපෙට ජයවේවා කියමින් මැරෙන්න ඕනේ ශක්තිය දෙන්න හැංගිලා උන්නු විජේවීරට වඩා නන්දක්ක සමත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ මැරිච්ච කීයක් දාස් කැපිටාල් කියෙව්වද සෝවියට් සිස්ටම් එක අධ්‍යනය කලාද මාක්ස්වාදය ගැන කොච්චර දැනුමක් තිබ්බද ඒ තියා 71 කැරැල්ල ගැනවත් දැනගෙන උන්නද කියල දන්නේ නැහැ. හැබැයි එකක් ෂුවර් ඕකුන් ඔක්කොම පවන කටපාඩමේ කියන්න සමත්.


මම නන්දක්කට වත් සුනිල් සර් ට වත් බනින්නේ නැහැ. උන් දෙන්නත් ජීවිත අවදානමක් ගත්ත. උන් දෙන්න බෙරුනෙත් නූලෙන් කියලයි මගේ අවබෝධය. ධනපති නාගරික අධිපතිවාදයකට එරෙහි ලාංකීය හෝ සිංහල ජාතිකත්වය එක්ක පදනම් වෙච්ච   මතයක් [මාක්ස්වාදයක් කියා මම හිතන්නේ නැහැ] උන්ට අවංකව තිබ්බ කියා හිතනවා. උන් දෙන්න වෙනස් වෙන්නේ නැහැ වඩාත් සම්භාව්‍යයි කියන ඔය කොළඹ විතරක් දුවන චූටි චූටි කල්ලිවල න්යයචාර්යවරුන්ට. ඔකුන්ටත් ඔහොම සින්දු ලියන්න පුලුවන්නම් ඔහොම යසට කියන්න පුලුවන්නම් ඕකුනුත් මේ දැක්කිල්ල ම කරනවා.

හැබැයි හැටදාහක් මලානම් නන්දක්කයි සුනිල් සර් රුයි උන්ගේ කරේ බැන්ද සයනයිඩ් ප්‍රමාණය විජේවීරටත් වඩා වැඩියි.

ඉන්  පසුව  නැවත  ඒ  කැරලිකාර  ස්වරූපය  නන්දගෙන්  දුටුවේ  නැහැ.  මගේ හිතේ එතුමියත් පුනුරුත්තාපනය කරගන්න ඇති තමන්ව. අපිට තිබ්බ ඇම්ම එයාටත් ඊට කලින් තියෙන්න ඇති. 

තවමත් මගේ ප්‍රියතම ගායිකාව නන්දා.

[සංවාදය  මතුකළ රුවන් බණ්ඩාර  සහ  ද්‍රව්‍යමය  දායකත්වය  දුන්  රංග  වීරක්කොඩි  දෙපළට  විශේෂ  ස්තූතිය]