Thursday, June 29, 2017

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විධායක ජනාධිපතිකම අහෝසි කළ වගයි

2015 ජනවාරි  අට වැනිදා පොරොන්දු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නයි. එහෙත් එය සිදු වූ ආකාරය ඔබ දන්නවාද?

පොරොන්දු ප්‍රකාරව ගරු ජනාධිපති තුමා බලය ගත් වහාම එනම් දිවුරුම් දුන් වහාම සිදු කර ඇත්තේ තම විධායක බලතල අහෝසි කිරීමයි. එහෙත් තවදුරටත් එතුමා ජීවත් විය යුතු නිසා තනතුරට සම්බන්ධ සුළු සුළු යැපීමට අවශ්‍ය අවම දේවල් එනම් බෝල් පොයින්ට් පෑනක්, ජොගින් සූට් එකක් වගේ විශාල දේවල් හෝ බෙන්ස් කාර් රට සපත්තු වැනි සුළු දේවල් කීපයක් එතුමාගේ අවම පැවැත්මට ඉතුරු කරගෙන ඇත.  අහෝසි  කරන  එකේ   අමුතුවෙන්  කියන්න  දෙයක්  නැති  නිසාත් එතුමා ෂෝ   එකට  දේවල්  කරන  කෙනෙක් නොවන  නිසාත්  මෙය  ලොකුවට  රටට  දැනුම්  දුන්නේ නැත. කෙසේ  වෙතත්  දැනට විධායක ජනාධිපති ධුරයේ එතුමා කටයුතු නොකරයි

එහෙත් තම අවංක භාවය නිසා කලබලේට අහෝසි කළ ද අගමැති වරයාට බලතල පවරන්නට එතුමාට අමතක විය, ඒ නිසා තවම ඉන්නේ නාමික අගමැති වරයෙකි. ඔහු හුදෙක් පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවන ආණ්ඩුවේ නාමික නියෝජිතයෙකි. තනතුරේ කටයුතු එලෙසින්ම ඉටු කරන එතුමා පාර්ලිමේන්තු සංවාද වල විකට කතා කීම [ඒ තුලින් එහි මොරාල් එක පවත්වා ගන්න පිළිවන] සහ විදෙස් රටවල ආණ්ඩුව නියෝජනය කරමින් සංචාර කිරීම සිදුකරයි. ඊට එහා දෙයක් කරන්නට එතුමාට බලයක් නැත. විධායක බලතල පවරා දී නැති නිසාය.

විධායකයේ ඉතිරිය කැබිනට් එකයි. ප්‍රකාශකයින්ම බරගානක් ඉන්නා මේ මෙගා කැබිනෙට්ටුවේ ඇමති වරු තමාට පැවරුණු බලතල පාවිච්චි කරති එහෙත් විධායක ජනාධිපති කෙනෙකු නැතිනිසා ඔවුන් අතර නිසි එකාග්‍රතාවයක් නැත. තනි තනිව ගන්නා තීන්දු විවාදාත්මකය. උදාහරණයකට ගංවතුර අවස්තාවක ආපදා ඇමතිවරයා සිතුවේ අඩු මිලට ගුවන් ටිකට්ටුවක් ලැබෙන තුරු ඇමරිකාවේ මහ මග බස් හෝල්ට් එකක නිදා ගැනීමටයි. මහජන මුදල් ඉතුරු කිරීම ආපදා කලමනාකරයට වඩා වටින බව ඔහුගේ මතයයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සිතන්නේ තමා නියෝජනය කළ යුත්තේ අධ්‍යාපනය විකුණන වෛද්‍ය විද්‍යාලය බවයි. ක්‍රීඩා ඇමති තුමා ක්‍රිකට් නගා සිටුවීමට හොඳම පන්දු යවන්නාට තරග තහනමක් දුන්නේය. මේවා විධායක ක්‍රියා වන නමුත් ජනාධිපති තුමා තනතුර හැර ගිය නිසා නිසි  මෙහෙයවීමක්  නැති  කමින් ඒවා එතරම් නිවැරදි නැත.

දැන් සාලාවේ සාමසර කන්දේ ගංවතුරේ කුණු කන්දේ බණ්ඩාරවෙල මිනිස්සු පාරට බැස ඉල්ලුවාට විසඳුම් දෙන්නට හැකියාවක් නැත. විධායක ජනාධිපතිතුමා බලතල හැර ගොසිනි. ඒ යද්දී අගමැති තුමාට බලතල පවරා දෙන්නට අමතක වී ගොසිනි. 

7 comments:

  1. :)))

    කියෙව්වම හිනාගිය නිසා හිනාවක් කොමෙන්ට් කරා.. ඇඩෙන්න ගත්තම අඩන මූණක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හරිනම් අඬන්න ඕනේ තැනක හිනාවෙන අපි ධෛර්යවන්ත මිනිස්සු නේද ?

      Delete
  2. Or this is really true, we Sinhala people forget things fast. I think I will ask him to contest for the 2020 presidential election, he will do it because PEOPLE (like me) want him to, not because he is greedy like all others. Ha ha ha ha

    ReplyDelete
    Replies
    1. we had a minister who resigned and a man climbed on his roof protesting it nd telling him to get back to role. But the man has climbed before he gave the resignation

      Delete
  3. This is hilarious dude, well written ! We laugh at ourselves, what a pity? A country without head.

    The main issue SL face is we don't have capable leaders to rule the country. MR did comparatively better since 2005-2009 & during his second term, he introduced mega scale development boom, but he lacked proper vision & failed in forming proper political leadership team. Gota played much better role & Basil also worked hard but costing heavy corruption and utterly wasting public funds. But most of political goons/ relatives & sons of MR had destroyed his reputation with their sheer stupidity

    ReplyDelete
    Replies
    1. At a time when we should cry we are a strong nation that is capable of laughing

      Delete
  4. සුජීව,

    ටනල් කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේදි පරිසරයට වෙන හානිය කලින් තක්සේරු කරලා (ෆීසිබිලිටි ස්ටේජ් එකේදි IEE/ EIA වගේම SIA නිවැරැදිව කරල) පාරිසරික වැදගත්කම අනුව ඒව නවත්වන්න මුලින් කටයුතු නොකිරීමම එක් වරදක්. කොහොම උනත් පාරිසරික බලපෑම් වලදී මනුස්සයන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය පාරිසරික අංගයන් රැකිය යුතුමයි. අනෙක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කොටි ත්‍රස්තවාදය ඉස්සරහ ක්‍රියා කරපු පරිණත බව අනෙක් තැන් වලදි තිබිල නෑ. විශේෂයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලදී අනුගමනය කරල තියෙන පාරිසරික ප්‍රතිපත්ති හරි නෑ. එතනදි උපදෙස් දීපු මෝඩ සංවර්ධන උපදෙස් කාරයොත් මේ විනාශයට වග කියන්න ඕනේ. විශේශයෙන්ම පාරිසරික ඇගයීම් කල හොර ප්‍රොෆෙශනල් කන්සල්ටන්ට්ස්ලාට එරෙහිව හරිනම් නඩු පැවරිය යුතුයි. නමුත් අපට සංවර්ධනේ කියල හැම දෙයක්ම බිල්ලට දෙන්න බෑ. මල් නොතලා රොන්ගන්නා බමරුන් මෙන් දේශපානික සෝබන වෙනුවට දිගුකාලීන නැණැති සැලසුම් අනුව වැඩ කල යුතුයි.

    ReplyDelete