Tuesday, October 20, 2015

රේප් වගේද කිස්

මාර සීන් එක.

කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක් තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා. ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ. හෙන ගහනවා මුන්ට.

ඔයවගේ  නොහොබිනා  තාලෙට  කෝල්  එක්ක  හුරතල්  නොවී  පාඩුවේ  හිටියනම්  ළඟ ඉන්න  කෙනෙකුගෙන්  සාත්තුවක්, පොඩි  මසාජ්  එකක්  එහෙමත්  ගන්න තිබ්බා.  මොකද අපේ  රටේ  ඉන්න පරාර්ථකාමී  වැදගත්  මහත්තුරු  බස්  එකේ  යන  කෙල්ලන්ට  නොමිලේ  මසාජ්  සේවා  කොතරම්  නම්  දෙනවද?


කොහොමින් හරි එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා. වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්. වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ. නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා. 

ඒ විතරක්ද? තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු. අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා. ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න වනචර කෙල්ලක්.

තවම ඉවර නැහැ. කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්. මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ. එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.

මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා හයියෙන් කෑගැහුවලු. ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්. ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.

අන්න  එතැනදී  මුන්ගේ  රෙදි  ගැලවුනාලු. අපි  එහෙමයි.  පලාස්සබා  චන්දෙ  එහා  පැත්තට  දුන්නු එකීගේ  රෙදි  හැබෑවටම  ගලවාපු  අපි  වගේ  ජාතියකට  මේ  වගේ  අවලම්මුන්ට  රෙදි  ගැලවෙන්න  බණින්න  බැරිද?  ඒ  විතරක්  නොවේ,  වහාම  ක්‍රියාත්මක  වුණු  කිසියම්  ශීලාචාර  මහත්මයෙක්  හෝ  නෝනා  කෙනෙක් මේ  ජෝඩුව  කිස්  කරන  මොහොත  මංගල  චායාරූපෙකට  වඩා අගනා  ටයිමින්  එක්ක  ගත්තලු  ෆොටෝවක්   සයිබරේට  වයිරල්  කර  දාන්න.   දැන්  කට්ටියටම  බැරියැ  හවහට  හවහට  මුන්ව  හම  ගහන්න.

එහෙම  තමයි  කරන්නත්  ඕනේ. මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා. අහම්බෙන් ඔය පොඩි දරුවෙක් අරෙහෙ  මෙහෙ රේප් වුනාට ඒ  වගේ  නෙවෙයි උන් කිස් දෙනවා දැක්කොත්. බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.

කෙල්ල නම් බැහැලා ගියාලු. ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.

අනේ අපේ පින්බිම.

6 comments:

  1. මොකක්ද මේකෙ තේරුම? මේ මගුල් වල සීමාවක් තියෙන්නෝනෙ. මේක සදාචාරයද?

    කොහොම වුනත් අපේ වැඩිහිටි පරම්පරාව නම් මන්දබුද්ධිකයො ටිකක්. බහුතරයක් එහෙමයි. විකෘති වුන සදාචාරයක් පස්සේ දුවන පිස්සො ටිකක්. මේ කේන්තියට කියන කතාවක් නෙමේ. ඇත්තටම මගේ මතය ඕකයි.

    ReplyDelete
    Replies
    1. ඉතිං වැඩේ වැරදියිනේ . ඒ ලගම ශීලාචාර මනුස්සයෙක් ඉන්දැද්දි කොහෙවත් ඉදං ආපු වරත්තු කොල්ලෙක්ට මොකට කිස් දෙනවද

      Delete
  2. මේක තනිකරම ලිංගික අසහනය සහ අහේනිතාව

    ReplyDelete
  3. අර විනීත සීලාචාර මහත්තයට උම්ම එක දුන්න නං ඉවරනෙ
    චැප්ට ක්ලෝස්

    ReplyDelete
  4. මාත් උදේ පාන්දරම දැක්ක කවුදෝ එකෙක් හිරුගොසිප් කියන කුණු වළෙන් ඇදල අරන් ෆේස්බුක් එකේ දාල තියෙනව. මේක කොයිතරම් සදාචාරවත්, ශීලාචාර රටක්ද කියනව නම්... වැඩිය ඕන නෑ ෆිල්ම් එකක පුතා තමන්ගෙ අම්මට කිස් එකක් දෙනකොට ඒක කොටු කොටු දාල කපන ජනමාජ්ජ අයියල ඉන්නෙ මෙහේ.

    ReplyDelete
  5. නියමයි. මේක බුකියෙදි දැකලත් කියවන්න හිතුනෙ නෑනෙව.

    ReplyDelete