Friday, October 15, 2021

ඩූම්ස් ඩේ කතා

තාක්ශණයේ දියුණුව, නව ඛනිජ හා ලෝහ සකසන ක්‍රමවේද සොයගැනීම, නව උපකරණ සැකසීම, නව යුද උපක්රම දියුනු වීම ආදිය එක්ක ලෝකය නව තාක්ශණික යුගයකට ගමන් කරනව. ඒ සමගම ඒ නව ඛනිජ හා ලෝහ මත ධ්නය ඒකරාශි වෙනව. ධන කුවේරයින් බිහි වෙනව. අතිරික්ත ධනය මත තාක්ශණ වේදින් බිහි වෙනවා, තාක්ශණ ධන කුවේරයින් හැදෙනවා. මේ මිනිසුන් අතර හුවමාරු වෙළදාම් එක්ක වාණිජ මැද පන්තියක් හැදෙනව, උන් ආර්තිකය හසුරුවන්න සක්‍රියව දායක වෙනව. සාපේක්ශව නිදහස් ආර්තිකයක්. ඒ කිව්වෙ ධනය හිමි අය ඒව ආයෝජනය කරමින් තවත් ධනය රැස් කරන්න කරගෙන යන දේශසීමා ඉක්මවන තනි ආර්තිකයක්.

ඒ මත ස්මාජයේම ජීවන තත්වය ඉහළ යනවා. මෙතෙක් වෙන් ව තනිව උන් ගම්මාන නගර වෙනුවට ලොකු කලාපයක් යාවෙන විශ්ව ගම්මානයක් හැදෙනව. මෙතෙක් බලය පෙන්නන්න කළ යුද්ද ආයෙ කළොත් මේ යුටෝපියාව කඩා වැටෙන නිසා ඒ ඒ රටවල පාලකයින් සහ ධනවතුන් සාකච්චාවෙන් එකගතාවෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙන්න පුරුදු වෙනව. ඒ සමග දිගුකාලිනව සාමය උදාවෙනව.

භාණ්ඩ නිශ්පාදනය සන්කීර්ණ වෙනව. එක කෙළවරක අමුද්‍රව්‍යයක් තව කෙළවරක අමුද්රව්‍යක් එක්ක තවත් තැනක මහ පරිමානෙට නිපදවා තවත් බොහෝ තැන්වල අගය එකතු කිරීම කර කලාපය පුරා බෙදා හැරෙනවා. ඒ මත සප්ලයි චේන් නෙට්වර්ක් එකක් හැදෙනව. රුධිර ධමනි වගෙ දිවෙන නාවික මාර්ග හැදෙනව ඒවට රුධිර නාළීකා වගෙ සෙට් වෙන ගොඩබිම් ප්‍රවාහනය දියුණූවෙනව.

මිනිස්සු යුටෝපියාවක ජීවත් වෙන්න ගන්නව කවදාවත් කඩා වැටේ කියල නොහිතන.

හැබැයි ප්‍රශ්න තියෙනව. වෙල්ත් ඩිස්ට්‍රිබියුශන්. අති විශාල ධනයක් තැන් තැන්වල ඒකරාහි වෙනව, එතකොට සාමාන්‍ය මිනිහගෙ ජීවිතේ අමාරු වෙනව. ක්ලොක්වර්ක් වගෙ මේ සිස්ටම් එක දුවන්න උන්ට ලොකු බරක් දරන්න වෙනව. පීඩනයක් නිර්මාණය වෙනව. වාණිජ පද්දතිය සක්‍රිය වෙන්න වෙනන් ආර්තිකය සන්කීර්ණ වෙනව. ස්තාවරත්වය සාමය සහ සන්වර්ධනය එක්කම ජ්නගහනය වැඩිවෙනව. ඒ මිනිසුන්ට ස්පයන්න වැඩියෙන් දේවල් ඕනෙ වෙනව. භූමිය අධික ලෙස ගොවිතැනට යොදල ආහර හිගයන් එනව, ජලය හිග වෙනව. මහජනයා ලොකු මට්ටමින් එකිනෙක අතර අන්තර් සබන්ද පවත්වන වෙළදාමෙන් දුර තැන් පවා ඉක්මනින් සම්බන්ද වෙන මේ ලොකෙ වසන්ගත‍යක් ආවම විශාල බලපැමක් කරනව මොකද පැතිරීමේ සන්ගුණකය වැඩියි. කනෙක්ටඩ් ලෝකයක්. පැන්ඩෙමික තත්වයක්.

ඒ සමගම සියල්ල කණපිට හැරෙනව. ඉතාම කෙටි කාලෙකින්. දශක කිපෙකින්. ආර්තිකයේ සියුම් ස්වභාවය එන්න එන්න ම වැඩි ව්වුණාම ඉතා කුඩා වෙනසක් වත් එයට දරාගන්න අමරුයි. හිතන්න කිසියම් නිශ්පාදනයක් කරනන් නගර 10 ක අමුද්‍රව්‍ය ඕනෙනම් නගර 5 ක ශ්‍රම බලකා ඔනෙනම් ඒ නිශ්පාදනය කෙරෙන්න ස්තාන 15 ක් සාමයෙන් සමෲද්දිමත් ව තියෙන්න ඔනෙ ඒ ස්තාන 15 අතර සියලු ගමන් මාර්ග සුරක්ශිතව සක්‍රියව තියෙන්න ඕනෙ. මේවයෙ පොඩි හරි වෙනසක් වුනොත් ඒ නිශ්පාදන ඇනහිටිනව. එක නිශ්පාදනයක් තව එකකට බලපානව. මේ සමග සප්ලයි චේන් අර්බුද හටගන්නව. ඒ එක්කම ආර්තිකයට අවිනිශ්චිතබවක් ඇතුලු වෙනව. නිදහස් ආර්තිකයේ අර්බුදය එනම් ආර්තිකයට ආයෝජනය නොකර ඉන්නත් තියෙන නිදහස ඉස්මතු වෙනව. මිනිස්සු මේ අවිචාරමත් කාලෙ ගෙවෙනකම් වස්තුව හන්ගනව. වෙල්ත් එක මුට්ටිකාසි වෙනව. ආර්තිකයන් බිද වැටෙනව.

කලාපිය හෝ ලෝක කාළගුණ විපර්‍යාස ඇතිවෙනව. කෲශිකර්මය බිද වැටෙනවා බොහෝ තැන්වල. සමාජයෙ කෙමෙන් වර්ධනය වෙන ෆෝල්ට් ලයින් දිගේ ඝට්ටන ඇතිවෙනව. මිනිස්සු තමන්ගෙම නගර කොල්ලකනව ධනවතුන්ගේ බලවතුන්ගෙ නිවාස කොල්ල කාලා ඒව බිමටම පුලුස්සා දමනවා.

විශාල මනුශය් සන්ක්‍රමණ ඇතිවෙනවා. යුටෝපියාව කඩා වැටෙනකොට එහි මුල්ම බලපෑම් එන්නෙ ප්‍රත්‍යන්ත පලාත් වලට. ප්‍රත්‍යන්ත වල යුද්ද ඇවිලෙනවා. ඒවයෙ ආර්තිකයන් සුන්නද්දුලි වෙනවා. ජීවත් වෙනන් අසීරු වෙනවා. මිනිස්සු මහා පරිමානෙන් කල්ලි ගැහිලා වඩාත් ධනවත් පෙදෙස් කරා බලහත්කාරෙන් සන්ක්‍රමණය වෙනවා. මේ එන මිනිස්සු ශිශ්ටාචාරෙ පස්ස පැත්ත. චින්තනයෙන් පසුගාමියි නොදියුනුයි. ඒත් උන් ජීවිතය සහ මරණය අතර සටනක ඉන්න නිසා ලොකු ඉලක්කම් වලින් අර කිව්ව දියුණු පළාත් වලට සන්ක්‍රමණය වෙනවා. මේ නිසාම ඒ පෙදෙස් වල බලය තීරණාත්මක ලෙස මේ මිනිසුන් අතට යනව. යුටෝපියාව ම්ලේච්චයින් අතට යනව.

ඒක ඉතින් ෆයිනල් මෝමන්ට් එක.

කීදෙනෙක් ඉන්නවද මේ වෙද්දි මට චෝදනා කරමින්. කීදෙනෙක් කියනවද මේ වෙද්දි මන් ඩූම්ස් ඩේ තියරි හදනවා කියල. කීදෙනෙක් කියනවද පිස්සුද බන් ඔහොම වෙන්නෙ නෑ කියල.

ඒත් ඔහොම වෙනව කියල නෙවි මන් කියන්නෙ. ඔහොම තමා වුනේ. ඔහොම තමා ඒක ඉවර වුණේ.

ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය හෙවත් බ්‍රොන්ස් ඒජ් සිවිලයිසේශන් කියල ලෝකය හදුන්වන අදින් වසර 4000 ක සිට 3200 ක් ඉස්සර වෙනකම් බටහිර ආසියාවෙ තිබ්බ ශිශ්ටාචාරය කඩා වැටුනෙ ඔහොම.

ඉතිහාසය විශ්ලේශණය කරන බොහො දෙනෙක් අද අපි ඉන්න ලෝක ශිශ්ටාචාරය එක්ක ලාක්ශණිකව ලොකු සමානකම් දකිනව මේ ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල. යුරෝප මූලික ලොකයෙ ස්තාවර යුගයන් කියල කියන රෝමය, මොන්ගල් යුගය, ශු රොමාධිරාජ්‍ය, බ්‍ර්තාන්‍ය අධිරාජ්‍ය වගේ කාලවලට වඩා අද අපි ඉන්න තත්වෙට සමානකම් වැඩියි ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල.

ලෝකඩ නිශ්පාදනය එක්ක නිර්මානය වන තාක්ශනික විප්ලවය මත තඹ සහ ටින් හාරන පතල් කර්මාන්තය ඒමත බිහිවන නව නිශ්පාදන, ඇෆ්ඝනිස්තානෙ බ්‍රිතාන්‍ය පමණ දුරවල් වලට ඇදුන සප්ලයි චේන්, මේව නිසා කනෙක්ට් වෙන ලෝකය එහි නිර්මාණය වන වාණිජ අධිරාජ්‍යය, වෙළදාම සහ භාන්ඩ/සේවා සැපයීමෙන් දියුනු වන සමාජෙ මැද පන්තිය. රජුන් ජනයා බලහත්කාරෙන් හසුරුවා කල දේවල් වෙනුවට ධනවතුන් සහ වෙලදුන් හා සෙසු මහජනයා එක්ව කල වඩාත් නිදහස් ආර්තික රාමුවක් පේන්න තියෙන්නෙ. ඒ මත ග්‍රීසිය තුර්කිය සුළු ආසියාව සහ ඊජිප්තුව අවට හැදෙන බලවත් ධනවත් එහෙත් සාමකාමි රාජධානි - මයිසිනියන්, සිප්‍රයිට්, හිටයිට්, ඊජිප්තු, ඇසිරියන් ආදී ලෙස. මෙයාල ඔක්කොම පාලනය කරන්නෙ අපෙ යු එන් එක වගේ හරිම හිතවත් පාලක පිරිසක් ඒ පාලකයින් යැපෙන්නෙ ධන කුවේරයින්ගෙන්, ටැක්ස් වලින්. අපෙ යු එන් එක හා පාලකයින් ලෝකෙ ධනය වෙනුවෙන් මලාට යුද්ද ඇතිවෙන්න නොදෙන්නා සේ මෙයාලත් යුද්ද වලකනවා. යුටෝපියාව හැදෙන්නෙ එහෙම.

සමහරවිට අපි මෙයාල ගැන දන්නව වැඩි ඇති. මොකද ඔවුන් ලේඛනය කලේ පිලිස්සු මැටි පුවරු වල. පිලිස්සු මැටි පුවරු වෙනත් ලේඛන ද්‍රව්‍ය වලට වඩා සුරක්ශිතව තියෙනව. ඒ නිසා වෙලදාම් කරපුව ඕඩර් දාපුව ඉන්වොයිස් එවපුව එකිනෙකාට යවාගත්ත හා යවාගන්න බැරි වූ ලියුම් අන්තිම අසාද්‍ය වෙලා අපිව බේරගනියෝ කියල යවාපු පනිවුඩ එහෙම සැහෙන්න හමුවෙලා තියෙනව. අකුරු කියව ගත්ත ගමන් ලොකු විස්තරයක් විවර වෙලා තියෙන්නෙ.

එය බිද වැටුනෙ අහවල් හේතුවටයි කියන්න බෑ. සප්ලයි චේන් බිද වැටීම එක්ක නිශ්පාදන ආර්තිකය හිරවෙන ආකාරය පේන්න තියෙනව. කොමද ද්න්නවද? භාන්ඩ හිගයන් ගැන සාක්ශි තියෙනව ඕඩර් රිපීට් කර කර ඉල්ලපු මැටි පුවරු තියෙනව, එවයි කියල හිතපු බාන්ඩ නොලැබීම ගැන ලියු ලියුන් තියෙනව. මේ වතාවෙ ආහාර එව්වෙ නැත්නම් අපි මැරෙයි කියල යැවු පනිවුඩ තියෙනව. මෝස්ට් ඉම්පෝටන්ට්ලි එහෙම ලියල ඒත් යවාගන්න බැරි වූ පනිවුඩ තියෙනව. ඒ කියන්නෙ යවනකම් වත් සර්වයිව් වී නෑ. ඒ නිසා ආර්තිකේ වැටෙන එක තමා මුලින්ම වුනා කියල හිතන්නෙ. ආයෝජන වෙනුවට සල්ලි මුට්ටිකාසි වෙලා සමහරු වළලලත් තියෙනව පස්සෙ හොද කාලෙක ගන්න හිතන්, ඒත් ඒ මිනිස්සුන්ට ඒව ගොඩ ගන්න වෙලා නෑ.

කලාපිය දේශගුණ අර්බුදයක සළකුණු තියෙනව. නියන් ජල හිගය සහ ෆැමින් වල සළකුනු කලාපෙ පුරාම තියෙනව. පැන්ඩෙමික වසන්ගත වල සළකුණු තියෙනව කනෙක්ටඩ් නිසා ඒක හැම තැනම ගියා කියල හිතන, බොහෝ නගර වාසින් තමන්ගෙම නගරෙ කොල්ල කෑව කියන්න සලකුනු තියෙනව.

ඔය  කාරණා  එක්ක මිනිස්සු පාරට බැහැල ධනය කොල්ල කන්න ඇති සල්ලි කාරයො රජුන් පලා යන්න ඇති. නගර ගිනි තිබ්බ කියන්නෙ නගර වැසියන් මයි. ඒක ඇවිල්ල පිස්සු හැදෙන මොහොතක්. යුටෝපියාවෙ සැපට උන්නු මිනිස්සුනෙ. උන්ට මල පනින්න ඇති. මේ තත්ව උත්සන්න වෙනකොට වඩාත් දුර බැහැර නොදියුණු පලාත් වලින් (යුරෝපා භුමියෙන්, මධ්‍යධරනි දූපත් වලින් එහෙම) ආපු සුවිසල් මිනිස් සන්ක්‍රමණ නිසා ඔවුන් එක්ක ඇතිවන යුද්ද සහ සාපේක්ශව නොදියුනු ඒ මිනිස්සු (සී පීපල් කියල හදුන්වන) මේවයෙ බලය ඇල්ලිම එක්ක කලාපය බිද වැටෙන්නෙ.

ශිශ්ටාචාරමය ලෙස උසස් තත්වයක් ආයෙ එන්නෙ සහස්‍රයකට පමන පසු.

නිකමට මේ මොහොත එක්ක සන්සන්දනය කර බලන්න. හරි දැන් ඔයාල ඩූම්ස් ඩේ කතා ටික තනියෙන් ලියා ගන්න.

ප.ලි. ෆේස්බුක් එකෙන් මට ආපු ප්‍රතිචාර එකක් පොඩි ක්ලැරිෆිකේශන් ටිකක් ලියන්න හිතුව, ඒ  ප්‍රශ්න කිරීම් කල හැමට ස්තුතිය.

1. මේක අතීතෙ වෙච්ච ඉවෙන්ට් එකක්. ඒකම ආයෙ එහෙම්ම වෙනව කියල කියන්නෙ නෑ අපි දකීන්නෙ අපේ වගේ තරමක් නිදහස් එසේම ඉතා ෆ්‍රජයිල් ආර්තිකයක්. කනෙක්ටඩ් කලාපයක් සප්ලයි චේන් මත රදා පැවතුන ලෝකයක්. සිමිලරටීස් තියෙනව. වෙච්ච දේවල් වෙලා තියෙනව. මිනිස් ස්වභාවයන් නිසා අර වෙච්ච දේ වගෙ "නැඹුරුතාවන්" අපි ඉන්න කාලෙත් ඇතිවෙන්න පුලුවන්. හැබැයි ඉවෙන්ට්-වයිස් රිපීට් වීමක් අපි හෙව්වොත්, කිසිම දෙයක් මලාට එහෙම වෙන්නෙ නෑ. සමානකම් තියෙන්නෙ ස්ට්‍රක්චර් එකේ ඉතාම උඩ මට්ටමක පමනයි. ඊට පහලට ඩීටේල් වලින් අපි ඉන්න කාලෙයි ලෝකඩ යුගයයි අතර මහා වෙනස්කම් තියෙනවනෙ. අපි ඒක රිසෝල් කරගන්න හැටි අපිටම ආවේණිකයි සහ අපි විසින් ඩිෆයින් කරන්නෙ. ඉර්ණමක් වගෙ දැනටම ලියවිලා නෑ. ෆේමස් කියමනක් තියෙනව හිස්ට්‍රි ඩස් නොට් රිපීට් ඉට් ජස්ට් රයිම්ස් කියල.

2. අනික මේක මේ වෙලාවෙ යන කෝවිඩ් වසන්ගතෙ එ එක්ක පටල ගන්න එපා, මේ ගැටලු දිගුකාලිනයි. දශක හෝ සියවස් ගානක් තිස්සෙ යන කතා. ඒත් ශිශ්ටාචාර දෙකේ සමානකම් නිසා දිගුකාලිනව බොහො විට අපේ වයසෙනුත් එහාට වෙන්න ඉඩ තියෙන ෆේලියර් ගැන සමහරු කතාවෙනවා. කෝවිඩ් එකක් වෙච්ච දේවල් ඒ වල්නරබිලිටියට සාක්ශි සපයනව.

3. ඇත්තෙන්ම ඒ බොහො කතාවල බොහො දෙනෙක් නොදකින ක්‍රිටිකල් කාරනාවක් තමා චීනගෙ භූමිකාව. බ්‍රොන්ස් ඒජ් එකේ එහෙම එකෙක් ඉදල නෑ. මේ සිස්ටම් එක් කලප්ස් වීගෙන යනවනම් චීනගෙ භුමිකාව මොකක් වේද? එකාතකින් චින කියන්නෙ ආර්තිකේ ස්වාභාවිකව වැටිල වට්ටන්න පුලුවන් එකෙක් නෙවි උන්ගෙ ස්ටැට්ස් ඉදල කෲතිම එව්ව. අනික් අතින් චීන කියන්නෙ බලෙන් අල්ලගෙන ඉන්න එකෙක්, ස්වාභාවික බලයක් නෙවි. එක්කො ඔක්කොටම කලින් ඌ වැටෙනවා. ඉතින් මෙවැනිම දෙයක් වුණත් චීනා ගෙ භුමිකාව අනුව කලප්ස් නොවී වෙනත් අතරමැදි අවස්තාවලට මාරු වෙන්න පුලුවන්.

17 comments:

  1. දැම්මොත් හැමදාම ඇවිත් බලලා ගියා.ස්තූතියි. උත්තර නැතුවට කාරි නෑ, පෝස්ට් තිබ්බාම ඇති.

    හැකිනම් late stage capitalism, The Great Filter, Rise of වගේ දේ ගැනත් කතා කලොත් අගෙයි.🙏👌🤗

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දාන්නෙ ඉදහිටාම් තමා. වෙරි සොරි. අතට අහුවෙන එව්ව ගැනතමා ඉතින් ලියවෙන්නෙ. කාලෙත් එක්ක බලමු

      Delete
  2. Replies
    1. මන් ඒක මේකට දාල බැලුවෙ නෑ. ඒත් ඒක අතිශයින් වැදගත් ඈන්ගල් එකක්.

      Delete
  3. අනිවා ඇවිත් නිවාඩු පාඩුව බලලා යන්නම්! මේක නිකං උඩින් පල්ලෙන් ලියන්නට පුළුවං පෝස්ටුවක් නොවේ! අටුවා ටීකා ටිප්පනී සමග ගැටපද විවරණයක් ඇතිව කියවිය යුතු සාර සංග්‍රයකි!

    ReplyDelete
    Replies
    1. ආයේ එන්න. මේක පොඩ්ඩක් කියවන්නා කුලප්පු කර බැනුම් අස්සවා ගැනීමේ ආසාවෙන් ලියුවක් :)

      Delete
    2. භූමි කම්පා වලට මිනිස්සු හරිම බයයි. ඒ තමන් පය ගහල ඉන්න පොලොව ස්ථාවර නෑ, දුවල බේරෙන්න තැනක් නෑ කියල දැණුනාම. තමන්ගෙ බවුන්ඩේසම දෙදරන්නම පාර වදින කොට, මිනිස්සු බනින්න පටන් ගන්නවා. ඒක හොඳ දෙයක්.😊

      ලියන්න. අපි එන්නම් කියවන්න.🙏

      Delete
  4. හලෝ සුජීව, ලෝං ටයිම් නෝ සී. බොලාත් දැන් ලියන්නෙ ෆේස්බුක් එකට ය?

    ReplyDelete
    Replies
    1. එයා, මෙහෙම හරි ලියනවා. උඹ කවද්ද අන්තිම පොරේට ආවෙ? මතක විදිහට නෙලුම් විලේ තමා අන්තිමට පොර කෑවෙ.🤔🤭

      අපිත් වැරදියි, ඇවිල්ලා ලිස්සලා ගියා.අර බකුසුමොටා නං මේවා බලල පෝස්ට් එහෙමත් ලියනවා. ආන්න සත්තු.🤗😉
      https://frozenlazyowl.blogspot.com/2021/03/the-new-corporation.html

      Delete
    2. දැන් ඇයි ඒ වගේ ගැඹුරක් තියෙන සාකච්චා යන්නෙ නැත්තෙ? මෙතන මොකක් හරි අවුලක් තියනවා. 🤔
      බ්ලොග් බල්ලට ගිය නිසාද? මේ ලිපි, වැලලිලා යන්න දෙන්නෙ නැතුව, එලියට ගන්නෙ කොහොමද? මොනවා හරි කරන්න ඕනෙ බව තේරෙනවා, ඒත් මොකක්ද කරන්නෙ කියලා තාම අදහසක් නෑ. 🤔

      Delete
    3. අඩෝ බුරා. කෝ බන් උඹ කොහෙද හිටියෙ. මේක හරියන් නෑ පුතා උඹ දන් බ්ලොග් අස්සෙන් බහින්න ඔනෙ. නෙවිනම් වෙන්නෙ මෙහෙම අපි මීමුරේ ආපු වෙලාවට උඹ එක්ක කිතුල් වඩියක් ගහල යන සීන් එක වගේ. මේක හෙන ස්ලෝ මීඩියම් එකක් බන් මේ දිහාවෙ එවෙනව අඩුයි. එෆ් බී ගෲප් අස්සෙ මීට වඩා සීන් කතා වෙනව. මන්නම් දැන් එව්වයෙන් ගනන් ආදර්ශයත් අරගෙන තමා බ්ලොග් වලට දාන්නෙ. අනික බ්ලොග් තියන් ඉන්නෙ පස්සෙ දවසක රිෆර් කරන්න. 2010 බ්ලොග්වල අපි කරපුව ආයෙ කෙරෙන්නෙ නෑ මචන්

      Delete
    4. ටොමියා, සීන් එක වෙනව එෆ් බී වගෙ මාධ්‍ය වල නොයිස් අස්සෙ ඉතින්. සහ පොලිටිකල් කඩේ යාම් මැද්දෙ. ඒ වුනාට ඉතින් වෙනව සීන් එක.

      මටනම් දැන් බ්ලොග්වල තියෙන අවුල ප්‍රමාදය. ලියල පටස් ගාල සන්වාදයක් යන්නෙ අනෙඅ මේකෙ. ඒ නිසයි මන් හෙන දිග ග්ලොග් කමෙන්ට්ස් නොලියන්නෙ. මන් බ්ලොග් යුස් කරන්නෙ පස්සෙ භාවිතයට ස්ටොක් කරන්න.

      බ්ලොග් නිකම් දැන් මී මුරේ වගෙ. බුරා එතන ඉන්නව අපි ඉදහිට ඇවිත් යනකොට.

      Delete
  5. ස්තූතියි. සුපුරුදු ලෙසම, හිතන්න දෙයක් දීලා තියනවා.

    ReplyDelete
  6. බස්සා මගේ ඊගාව පෝස්ට් එකේ දාපු ලින්ක් එකක් මේ. ඒකත් මේ කතාවට සම්බන්ද එකක්.

    Is Our Civilization About To Collapse? | Answers With Joe

    මන් ඒ විඩියොව කලින් දැකල නෑ ඒත් එයා කියන්නෙත් මගෙ කතාව වගෙම එකක්.

    එයා කියන ඉන්ෆොමේශන් ඊරා කතාව මගෙ පරන පෝස්ට් එකක් එකක් සමපාත වෙනවා

    Urban Legend

    ReplyDelete
  7. මේ පෝල් කූපර් ගේ බ්‍රෝන්ස් ඒජ් කලප්ස් එපිසෝඩ් එක

    The Bronze Age Collapse - Mediterranean Apocalypse

    ReplyDelete