Friday, July 18, 2014

ඊශ්‍රායලය හා පලස්තීනය

ගාසා තීරයේ සිදුවන දේවල් ගැන යමක් ලියන්නට සිතුවත් ඒ සිදුවීමෙහි සංකීර්ණභාවය නිසා හරියට කාරනාවක් ගලපන්නට බැරිය. ඔය අර්බුදයේ මගේ ස්ථාවරය ඔය පෙදෙස් දෙක වෙන් කරන වැටේ හරි මැද ලක්ෂ්‍ය මතයි. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වය කෙරෙහි එල්ල කරන අසාධාරනයන්ගෙන් පෙලීමෙන් ඔබ්බට මට යමක් නොපෙනේ.

කනගාටුදායක තත්වය නම් මේ දෙපිරිසම කරන්නේ අනිකා කරන දේ නිසා දක්වන ප්‍රතිචාරයක් හෙවත් රියක්ටිව් වැඩක් වීමයි. එනම් අනිකාට මුහුණ දීම සඳහා කිසිම විචාරයකින් තොරව ගන්නා පියවරයන් විනා තමන් ගැන සිතාවත් ගන්න අනාගතවාදී සැලසුමක් දෙන්නටම නැත. දෙන්නටම අවශ්‍ය අනිකා රිදවීමටයි. එහි නියත ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබෙන රිටර්න් එක ගැන සිතන්නේ නැත.

මේ තරම් ඇරියස් එක මත ජීවත් වෙන මෝඩ අර්බුදයක් තවත් නම් මා දන්නේ නැත. මේ දෙරටටම ලෝකයෙන් ලැබෙන්නේ සහයකි. බටහිර ඇතුළු පළමු ලෝකය ඊශ්‍රායලයට සහය දෙද්දී අරාබි සහය පලස්තීන කල්ලි වලට ලැබේ. මේ එකම පිරිසක්වත් මේ කට්ටිය කොටවා වාසි ගන්නා බවක් නොපෙනේ. ලංකාව වැනි රටවල අර්බුද වලට බලපෑ ආයුධ වෙළෙන්දන්ගේ කුමන්ත්‍රණ මේ කලාපය තුල ඇති බවට අද වෙනතුරු දැනගන්න ලැබී නැත. මේ දෙගොල්ලම තමන්ට නොමිලේ ලැබෙන හෝ තමා විසින් හදා ගන්න ආයුධ වලින් සටන් කරන පිරිසකි.

එත් මේ කිටි කිටියේ තද වුන කලාපය තුල මේ දෙන්නටම සැලසුමක් නොමැත. ඇති එකම සැලසුම අනිකාගේ වැඩිම ගණනක් මරා සතුටු වීමයි. අඩුම ගානේ එහෙම කිරීමෙන් තමා ගේ එවුන්ට වෙන අතවරය ඉවර වන්නේ ද නැත. එත් මේ මරා ගැනීම එපා වන්නේ ද නැත.

මේක හරියට දීර්ඝ කාලින වෛරයෙන් පොර කන බල්ලන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් වැනිය. බල්ලන් දෙදෙනා ට අසල්වැසි වසම් දෙකක් තිබ්බද උහු දුටු තැන සපා කති. සපා කන්නේ අනිකා සපා කෑමට පෙර වෙන කරන්න දෙයක් නැති නිසාවෙනි. සපා කෑමෙන් ලැබෙන යමක් නැත. ඉතිරි වන්නේ තුවාල පමණි.

ඒ නිසා ඉතිහාසය ලිහාගෙන අර්බුදය ගැන හාර බලන්නේ නැත. ඉතිහාසය හාරා බැලුවද තරාදියේ දෙපැත්ත සමාන වන සේ සාධක මට පෙනේ. අතවරයන් ගත්ත ද [ඊශ්‍රායලයේ ප්‍රහාර වල බලපෑම වැඩි නමුත්] දෙපාර්ශ්වයම එක සේ විඳවනවා විනා මේ යන සටනෙහි අවසානයක් පෙනෙන්නේ නැත. ඊශ්‍රායල යුධ බලය ගැන අධි තක්සේරුවක නැතිනම් අද ඊශ්‍රායලය තනන අයෝමය පියස්ස හෙට පලස්තීනුවන් විදින බව තේරුම යනු ඇත.

කතාවේ යටින් යන මෝඩ ආගමිකත්වය පමණක් විත්තිකරු ලෙස සලකා ජුදා ආගම හා මුස්ලිම් ආගම එකවර එල්ලා මරා දමමි.

පසු සටහන: "අනේ යන්න මෙයා ආගම මාර පවිත්‍ර යි. ඔය ඕකුන් ගහ ගන්නේ අපේ අහවල් පොත හරියට කියවලා නැතිව" ආදී ලෙස මනෝරාජික ආගමක පුද්ගලික අහින්සකත්වයක් පෙන්නා දීමට ඉදිරිපත් වන අය සිටිති. අහන්නත් කලින්ම කියන්නේ මා මෙහි ආගම කියන්නේ මිනිස් සමූහ ඇදහිලි මත මෙහෙයවී කරන සාමාජිය ක්‍රියාකාරකම ගැන විනා ටෙක්ස්ට් බුක් එකක් ගැන නොවන බවයි.

6 comments:

  1. මාජිය ක්‍රියාකාරකම ගැන විනා ටෙක්ස්ට් බුක් එකක් ගැන නොවන බවයි.///
    පට්ට කතාව...
    ආගමය කියල මල රෙද්දක් නැත්තං අද හුගක් රටවල් සාමකාමීයි..
    වැඩි දෙයක් ඕන නෑ බහු බූත සිගිති ආතල් ටික වත් නැතිව යයි..
    ඊශ්‍රායල යටයි පලස්තීනයටය් යුද්ධෙ ආතල් එකක් වෙනකොට පැත්තක ඉදං බලං ඉන්න උංට ඒක මාර ආතල් එකක්..
    නැත්තං බුකියෙ ෂෙයා වෙන සමහරක් පොටෝ වලට එහෙමකොටිගණන් ලයිකි තියේයැ

    ReplyDelete
    Replies
    1. >> ආගමය කියල මල රෙද්දක් නැත්තං අද හුගක් රටවල් සාමකාමීයි.. <<
      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මිනිසුන්ගේ දුර්වලහමක් මේ. ආගම තමා ඒ අප්සට් නර්ව් එකට වැදුණු වයිරස් ප්‍රහාරය.

      Delete
  2. හරියට හරි.. තමන් ගහ මරා ගන්නේ මොකටද කියලාවත් දන්නේ නැතුව ගහගන්න රටවල් දෙකක්... මෙතන තියෙන්නේ ආගම් කඩතුරාවෙන් වහපු වෛරීය හැඟීම්... මේ දෙපැත්තෙම අලුතෙන් ඉපදෙන එවුන් හිතනවා ඇත්තේ උන් ඉපදෙන්නේ අනෙක් රටට එරෙහිව සටන් කරන්න කියලා...

    ReplyDelete
  3. මෙතන නිකම් ගහ ගන්නවට එහා ගිය කතාවක් පලස්තීන් පැත්තෙන් තීනව. රාමදාන් උපවාස කාලය කටේ තියල ඉශ්‍රායෙල් කොල්ලො තුන් දෙනෙක් පැහැර ගන්නෙ, එදිරිවාදිකම් හමාස් පැත්තෙන් පටන් ගන්නෙ නිකම්ම නෙමෙයි. මේ මුස්ලිම් මිනිසු දන් දෙන කාලෙ. ඒ වගේම බඩගින්නෙ ඉන්න කාලෙ. ඒ කාලෙට ගුටි කනකොට අනුකම්පාව වැඩියි සහ ආධාරත් වැඩියි. මේ වෙනකොට මම ඉන්න රටෙ ඩොලර් මිලියල පහමාරක් එකතුවෙලා සතියක කැම්පේන් එහෙකින්. තව මිලියන ගානක් එකතුවෙයි. ඒ වගේම ගාන අන්ඩුවෙනුත් දෙයි. ඒ එක්කම අනෙක් මුස්ලිම් රටවල්, මුස්ලිම් ජාතිකයොත් ලෝකෙ පුරාම ආධාර එකතු කරනව. මේව සේරම ගාස වලට. හැබැයි මේ ආධාර මේ තරන් විසාල ප්‍රමාණයෙන් එකතුවෙන්නෙ වෙන්නෙ නෑ රාමදාන් නැති කාලෙට. යටින් යන කතාව ඒකයි.

    අන්තිමේ ලෝකෙ දේශපාළනයෙ හැමදාමත් වෙනව වගේ අසරණ මිනිස්සු මිලියන දෙකහමාරක් පාලක නරුමයන්ගෙ වැඩ නිසා දුක්විඳිනව මෙතනදිත්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ගොන් කතාවක් කිව්වා මෙ යුද්දෙ පටන් ගත්තෙ අද ඊයෙ නෙමෙයි ඔය කොල්ලො තුන්දෙනා මිසින් වෙන්ඩ බොහෝ කාලෙකට කලින් ඔය එක සිදුවීමක් පමනයි පලස්තීනෙට ගහන්න ඊශ්‍රායලේට හෙතුවක් ඕන ඔකට ඔය සිදුවීම ප්‍රයොජනේට ගත්තා රමධාන් කාලෙ මේක පටන් අරන් වැඩෙ වැරද්ද කලෙ යුදෙව්වෝ

      Delete