Saturday, June 21, 2014

ජයපාල කුමාරිට හාදුවක් දීලා... මළ කෙළියයි

මේ ගොසිප් අඩවි [හා සමහරවිට ජාතික පුවත්පත්] වල පලවන පුවතකි. මෙය මෙහි උපුටා දක්වන්නේ ඒ පුවත තුල ඇති ලංකාවේ මිනිසුන්ට ඇලජික් වචන සංඛ්‍යාව අතිශයින් වැඩි නිසාය. ටිකක් දිගට ලියන්නට සිදුවන්නේ මේක ඇතුලේ දුවන කතාව දිග නිසාය.

මෙම පෝස්ටුවේ අරමුණ ජයපාල හා කුමාරි දෙන්නගේ හෝ පෙර විවාහයේ සිද්ධියක් ගැනවත්, පොලිස් පාකින් ස්ලොට් වල පාක් කිරීම ගැනවත් කතා කිරීම නොවේ, ලංකාවේ උන්ට නිව්ස් ලියන්න හිතෙන්නේ මොන වගේ මානසිකත්වයකින්ද කියා කතා කරන්නටයි. එය මාතෘකාව මිස් කිරීමකි. එහෙත් නඩත්තු සිද්ධියක් හෝ පෙර විවාහයේ දරුවෙකු පැහැරගැනීමක් හෝ වැනි කතාවක් ගැන නඩුවක් වාරතා කරන කෙනෙකු කතා කර ඇත්තේ කා පාක් එකේ වෙච්ච දේ ගැන පමණක් නිසා මාතෘකාව මිස් වෙන්න ගත්තේ මට පමණක් නොවේ.

නම්ගම් හා ස්ථාන මනක්කල්පිත අතර, පුවත ඔරිජිනල් තැන සත්‍ය සිද්ධියක් ලෙස ලියා තිබුණි. 

කියවන අය පහත දැක්වෙන වචන අවධාරණය කරගන්න.වදන් පැහැදිලිකිරීමක් මේ සමග අමුනන්නට සිතා සිටිමි.

- ක්‍රිකට්
- පෙර විවාහයේ
- නිළිය
- හමර්
- හාදු

---------------

පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන 'ජයපාල හතරලියද්ද' ඔහුගේ පෙර විවාහයේ දරුවා දකුණු සුඩානයට රැගෙනයාමට උත්සහ කළ බවට චෝදනා කරමින් ඔහුගේ පළමු බිරිය රූමස්සල පොලිසියට පසුගිය දිනක පැමිණිල්ලක් කර තිබුණි. පසුව එම පැමිණිල්ල විභාග කිරීමට රූමස්සල පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ජයපාල හා ඔහුගේ වත්මන් බිරිය, ජනප්‍රිය නිළියකව සිටි 'කුමාරි මංගලිකා' ද ඔහු සමග පොලිසියට පැමිණ සිටියේ ය.

ලියාපදිංචි නොකරන ලද හමර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි ජයපාල සහ කුමාරි ඔවුන්ගේ මෝටර් රථය නවත්වනු ලැබුවේ රූමස්සල පොලිසියේ ස්ථානාධිපති වික්‍රමබුද්ධි මහතාගේ ජීප් රිය නවත්වනු ලබන ස්ථානයේ ය. මොවුන් පැමිණීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාද එහි පැමිණ ඇති අතර ඒවන විට මෝටර් රථයේ සිටි කුමාරිට සිය මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස ද ඔහු දැනුම් දී තිබේ. පසුව හමර් රථය ඉස්සරහට පස්සට ගත්තද කුමාරිට එය ඉවත් කිරීමට නොහැකිවී ඇත.

මේ කලබෑගිනිය දුටු ජයපාල එතනට විත් කුමාරි රියදුරු අසුනෙන් බස්සා ඇයට හාදුවක් දීමට උත්සාහ කිරීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා හාදු දෙන එක පසුව කරගන්නා ලෙසත් මුලින් මෝටර් රථය ඉවත් කරන ලෙසත් ජයපාලට විදානය කර තිබේ.

----------------

වදන්

ක්‍රිකට්:
අපේ පණ මෙනි. එහෙත් පර සුද්ද ගෙනාපු එකකි. මේවා ගහන එවුන් අඟහරු ලෝකෙන් ආපු උන්ය. උන්ට සල්ල අම්බානටය. උන්ගේ අම්මලටය. අපි උන්ගේ අගු පිලක හැංගී උන්ගේ මහා ධනස්කන්ධ ගැන හොයන්නට රුසියෝ වෙමු. ඔකුන්ගේ සල්ලි පෙරේත කම නොදකින්ය [අපි වගේ සල්ලිවලට පෙරේත නොවී ඉන්න උන්ට බැරිහැටි]. පුලුවන්නම් කවුරුහරි ඔකෙකුගේ වාහනයක් හප්පපිය. කීයක් හරි කඩා ගනින්. ඒ වුනාට අපේ ටීම් එකේ කොල්ලෙකුට සුද්දෙක් පාට් දැම්මොත්. අඩෝ අපේ සිංහ පැටවූ හරිය. පිට්ටනියේ සිංහ පැටවූ ...

පෙර විවාහයේ:
මහා අසෝබන දෙයකි. විවාහයක් කර ගත්තේ නම් එය තුල සිටිය යුතුය. දික්කසාදය අපේ සංස්කෘතියේ ආනන්තරීය පාපයකි. හොර ඒවා කලාට කමක් නැත. අපි හෙන බෞද්ධ නිසා මේ වගේ සංකර සිරිත් වලට අකමැත්තෙමු. මොකද දෙවියන් වහන්සේ විසින් එක්කල දෙය මනුෂ්‍යයා විසින් වෙන්කළ යුතු නොවන බැවිනි.

නිළිය:
වෙසගනට පර්යාය පදයකි. එහෙත් පාර අයිනේ ලගින කළු හඩු  වෙසඟනන් මෙන අහිංසක නැත. උන් බුදියා ගත්තුවා ගොසිප් ගත කර අපේ නින්ද කඩති. මෙම ඕනෑම  ගෑනියෙක් ලංකාවේ ධනවත් බලවත් පිරිමි 10% සමග නිදිවැද ඇතිබව ස්ථිරය. අපිට සල්ලි නැති නිසා අපි වගේ සදාචාරවාදීන්ට මෙය කරදරයකි.  ඒ නිසා ඕකිලාගේ රෙදි ගැලවිය යුත්තෙමු.

හමර්:
ධනපති පන්තියේ වාහනයයි. හදන්නේ ලෝක ධනවාදයේ නිජබිම වන ඇමරිකාවයි. ජයපාල වැනි මිනිසුන් පුද්ගලිකව හම්බු කල ධනයෙන් ගත්ත වුනත් මේවා තනිකරම වංචාකාරී ලෙස ඉපයූ දේවල් වේ. හමර් යන නාමය ම ඊට ශාක්ෂිය. මේවා හදන්නේ දුප්පතා සූරාගෙනය. දුවන්නේ දුප්පතා හප්පා ගෙනය. මේ පවතින ක්‍රමයේ ධනේශ්වරයේ තුප්පහි කමයි. නිර්ධන පන්තිය නැගිට මේ හමර් වල යන එවුන් ගෝල්ෆේස් එකේ එල්ලිය යුතුය.

හාදු:
අවිනීත අසංවර බටහිර සංකර ජුගුප්සාජනක දෙයකි. මේවා කාට හෝ පෙනෙන්නට දිය යුතු නොවේ. දෙන්න ඕනේ කසාද බැන්දට පස්සේ කාමරයේය. ඒවා අපේ රටේ එකාලා  යතුරු හිල් වලින් බලන එක අවුලක් නැත. ආදරය යනු මේවා නැති එකකි. මේවා තියෙන විට ආදරය වෙනුවට බලා සිටින සුවාසුදහසක් අපේ ස්නායු පද්ධතියේ දුරුවලම තැනට පහර වදියි. එක වරම එයින් ජනිත වන්නේ කුණු රසැති ලිංගික හැගීමක් හා දැවැන්ත සදාචාර ආරක්ෂණ වාදයකි. ප්‍රසිද්ධියේ මේවා දෙන එවුන් ගල්ගසා මැරිය යුතුවේ.

6 comments:

  1. සටහනට අදාල වූ ප්‍රවෘත්තිය බුකියේ යම්කෙනෙක් විසින් පළකර තිබුන බව දැක්කත් කුණුරසයට ඇති අකමැත්ත නිසා එය කියව්වේ නැත. කොකාගේ සටහන නිසා මට යමෙක්ගේ කුණු රසය පසුපස සැඟවී ඇති කතන්දරය හිතන තරම් සරල නැති බව තහවුරු විය. ඒ දේ ඉගැනුමට ඉවහල් වීම නිසාම මෙය මා කියවූ කොකාගේ ප්‍රියතම සටහනයි. (කොකා ගේ මීට වඩා හොඳ සටහන් නොකියවීමේ වරද ඇත්තේ මගේ මිස කොකාගේ නොවේ. ඒවා කියවීමට මම මටම පොරොන්දු වුනෙමි).

    මේ සටහන දැකීමෙන් පසු අදාල ප්‍රවෘතිය පල වූ වෙබ් අඩවිය සොයා කියැවූ මට එහි කෙමෙන්ටු තුල දකින්නට ලැබුනේ 'ජයපාල හතරලියද්ද' මුස්ලිම් ජාතිකයෙක්ද නැද්ද යන ගැටලුව ගැන පාඨකයින් වාදයක පැටලී ඇති ආකාරයයි. ඇත්තටම ජයපාල මුස්ලිම් නම් කොකාගේ සටහනට තව වදනක් ඇතුලත් කල හැකි යැයි සිතමි. (ඇත්තටම මුස්ලිම් නොවුනත් එය කතාකල යුතු මාතෘකාවක් වූයේ ඇයි කියන එක මට වඩා ලස්සනට කොකාට පැහැදිලි කල හැකි බව නම් දනිමි)

    ඉතාම අවම වචන ප්‍රමාණයක් භාවිත කරමින් සෑහෙන ඒරියා එකක් කවර් කර ඇත. නැවත කියන්නම්.. සටහන "පට්ටය"

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් බැලුවේ නැත. හැබැයි මම බැලුවත් මුස්ලිම් කේස් එක මේකට ගාවන්නේ නැත්තේ මගේ තිසීස් එකට කෙලවෙන බැවිනි. ගොසිපන්ට කොමෙන්ට් ලියන්නේ බොහෝවිට BAMP ලා ය. සිංහල මුස්ලිම් සීන් වලට බහින්නේ ද උන් ම විනා සයිබරයේ ජාතිකත්ව දේවාල වල කපුවන් නොවේ. BAMP ලා ගැන ලිවිය යුත්තේ වෙනම කතාන්දරයකි.

      මේ වික්ටෝරියානු අපේ කම, මාක්ස්වාදී ලිබරලය හා සර්ව බලධාරී බෞද්ධ චින්තනය ගැන විවේචනයකි.

      Delete
  2. ලංකාවේ දැන් මාධ්‍යවේදීන් කියාගන්නා බහුතරයට වඩා හොඳ මාධ්‍යවේදීන් බ්ලොග් සහ ෆේස්බුක් වල ඉන්නවා. මේ අතරිනුත් වඩා හොඳ තත්වයක් තියෙන්නේ මට හිතෙන විදිහට බ්ලොග් වල...

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදීන් ට ස්තුතිවන්න තමා ගොසිප්වේදීන් බිහිවුණේ. මිනිස්සු ගොසිප් බලන්නේ මාධ්‍ය එතරම්ම් වැදගම්මක් නැති වී ගිය නිසා. ඒත් ඒ හැම එකාගෙන්ම එලියට එන්නේ පොදු ජන චින්තනයක්. බනිස් වලට කෙහෙල් ගෙඩි

      Delete
  3. සදය උපහාසය කියන්නේ මේකටද? මරු..! මටත් මෙවැනි බොහෝ දේවල් නිතර සිතෙනවා,ලියා ගන්න බැරි වුනාට.මම ගොසිප් ල--කා ,හො- ග්සිප් කියලා දෙකක් බලනවා.ඒවයේ කමෙන්ට් කරන ලංකාවෙ පිරිමි අය මොන තරම් වනචර හිත් ඇති ඇති අයද කියලා හිතෙනවා.සමහර බ්ලොග් කරුවොත් එහෙමයි,මාරම මාර අසහනයකින් පෙලෙන්නේ.නිලියන් ඔක්කොම වේ--යෝ කියලා ලියලා තියනවා ඕන තරම් දැක තිබෙනවා.කියන කුනු කතා කියවන්න බැරි තරම්.තමාට නැති දෙයට ද්වේශ කරන හැටි පුදුමයි.

    ReplyDelete