Tuesday, June 17, 2014

ලෝක විහිළුකාරයා

ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම වලකා සිටියේ සදාම් හුසේන් ය. ඇමරිකාවේ සහයෙන් ඔහු මුලින්ම යුධ වැදුනේ ඉරානය සමගය. ඇමරිකාවට අනුව එදත් අදත් හැමදාමත් ඇමරිකාවේ අංක එකේ සතුරා ඉරානය යි.

එහෙත් ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම පාලනය කල සදාම් ඇමරිකාව විසින්ම මරා දැම්මේය. ඇමරිකානු ආක්‍රමණයේ ප්‍රතිපලය අන්තවාදී ඉරාකයක් බව පෙනී පෙනීත් ඉරාක සේකියුලර් පද්ධතිය වනසා රූකඩයක් හිටෙව්වේය. ඊට පස්සේ හිමිහිට මාරු විය.

අසල්වැසි සිරියාවේ ආගමික අන්තවාදය පාලනය කල සේකියුලර් අසාද් රජයට පහර දුන්නේ අමරිකානු සහයෙනි. එතනත් රූකඩ සිරියා නිදහස් වීයාපාරය අස්සේ හුන් ප්‍රබල බලය මුස්ලිම් අන්තවාදයයි. එය නොදැක්කා සේ ඇමරිකාව ඊට සහය දුන්නේය

අන්තිමට දැන් සිරියාව හා ඉරාකය එකතු කර අන්තවාදී කාලිෆෙට් එකක් හදන්නට මුස්ලිම් අන්තවාදීන් පටන්ගෙන තිබේ. මෙම සංවිධානය මුලින් හැඳින්වූ ISIS ඉරාකය හා සිරියාව තුල ඉස්ලාමිය රාජ්‍යය කියන එකේ නම වෙනස් කර ISIL හෙවත් ඉරාකය හා ලෙවන්ත් කලාපයේ [මේ කලාපය තුර්කියේ සිට ඊජිප්තුව දක්වා පැතිරේ] ඉස්ලාමිය රාජ්‍යය ලෙස පුළුල් කර ඇත. ISIL ම්ලේච්චත්වය කෙතරම් ද යත් අල් කයීඩා පවා ඔවුන් ම්ලේච්චයින් ලෙස සලකා තම සංවිධාන සමූහයෙන් ඉවත් කර ඇති බව කියවේ. දැනටමත් ඉරාක සිරියා රාජ්‍ය දෙකේම අගනුවර හැරුණුවිට බොහෝ ප්‍රදේශ අල්ලා ගෙන ඇත. ඇමරිකාව කල බූරු ක්‍රියාවේ ප්‍රතිපලය කළු සුදු අකුරෙන් ලියවී ඇත.

මේ වෙලාවේ නිවටයෙකු මෙන නියවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ඇමරිකාවට අන්තිමේදී සහයට ඉන්නේ දෙතුන් වසරකට පෙර ඇමරිකාවෙන් සම්බාධක පහර කෑ ඉරානයයි. ඉරානය මේ ප්‍රහාරය සමගම තම විශේෂ හමුදා සහය ඉරාක රූකඩ රජයට දී ඇත. ඇමරිකාව ඉරාන සහයෙන් ආක්‍රමණය නතර කරන්නට උත්සහ කරන බව දැනටම පිළිගෙන ඇත.

සදාම් හා අසාද් උන්නා නම් අහවල් කෙමනක් වනු ඇද්ද?

ලෝක පොලිස්කාරයා වීම තරමක ප්‍රචණ්ඩ වැඩක් වුවද එය නම්බුකාරය. ලෝක විහිළුකාරයා වීමට වඩා අගනේය. දැන් ඇමරිකාවේ භූමිකාව කෙමෙන් මාරුවන්නේ දෙවැන්නටය.

2 comments:

  1. අමෙරිකාවට ඕනෙ ඌ පොරක් කියල පෙන්නන්න විතරයි...
    ඒකෙන් වෙන විනාශ නැතිවෙන ජීවිත ඒව ගැන කතා කරන්නෙ වත් නෑ...
    වැඩි දෙයක් ඕන නෑ... නැගිටගෙන එන හැම රටකටම කෙලවලාම දැම්මනෙ...
    මතකනෙ ලිබියාවට වෙච්ච වැඩේ

    ReplyDelete
  2. // ලෝක පොලිස්කාරයා වීම තරමක ප්‍රචණ්ඩ වැඩක් වුවද එය නම්බුකාරය. ලෝක විහිළුකාරයා වීමට වඩා අගනේය. // ++++++++++++++

    ReplyDelete