Friday, October 31, 2014

මීරියබැද්දේ අමිහිරිය

බොහෝ දෙනා දන්නා පරිදි ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් මීට දින කීපයකට පෙර බදුලු දිස්තික්කයේ කොස්ලන්ද ආසන්නයේ මීරියබැද්ද තේ වත්තේ සිද්ධ විය. මිය ගිය සංඛ්‍යාවන් ගැන නිච්චියක් තවම නැති අතර මල සිරුරු ඇත්තේ අඩි දහයක් විස්සක් පමණ පොලොව යට බව කියවේ. එම ස්ථානයේ පදිංචි පවුල් 120 පමණ ප්‍රමාණය සලකා මියගිය ගණන 400 සිට 50 දක්වා අනුමාන වන්නේ ගමේ පවුල් ගැන දත්ත අඩංගු කාර්යාලයත් ගම සමගම වැළලුනු බැවිනි [50 ක් හෝ තවත් අඩු වේවා කියා ප්‍රාර්ථනා කරමු]. පාසල් යාම නිසා පණ බේරුණු දරුවන් රැසක් වැළලුනු මවුපියන් ඉල්ලා හඬා වැටෙන මොහොතකි. මේ පූර්විකාව මෙතනින් අහවර කරන්නේ ඉතිරිය පුවත් වලින් කියවෙන නිසාය.

හරියටම ගලපා ගත නොහෙන මගේ ප්‍රශ්නය මේක මෙහෙම වුණේ ඇයි? මේක වලකා ගන්න තිබුනේ නැද්ද? එහෙමත් නැතිනම් අපේ රටේ ජන ජීවිතය මෙහෙම වන්නේ ඇයි? වගේ එකකි. තවත් බසකින් කීවොත් වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවේ මට ග්‍රහණය වන පැතිකඩක් ලෙස ද මෙය සැලකිය හැකිය. මේ අදහස් දැක්වීම තනිකරම මගේ ම නොවන්නේ පහුගිය දෙදින තුල මුහුණු පොත් අවකාශයේ මේ ගැන අදහස් බෙදා ගත් බොහෝ දෙනා නගන ප්‍රශ්න, ප්‍රති තර්ක හා එම සංවාද වල ඔවුන්ට ලියු පිළිතුරු සටහන් මේ ලියමන ට පාදක වන බැවිනි. ඒ සැමටම මගේ විශේෂ ස්තුතිය හිමි වේ.

මාධ්‍ය කියන පරිදි 2005 මෙම ස්ථානය [සහ අදාළ කොස්ලන්ද බෑවුම් ප්‍රදේශය] අනතුරුදායක කලාපයක් ලෙස හඳුනා ගෙන තිබේ. 2011 දී මෙම ස්ථානයේ ම නායයාමක් වාර්තා වේ. 2006 ද එවැන්නක් සිදු වී තිබේ. ඊට වසර කීපයකට පෙර [මං හිතන්නේ 2003 නායයාම් ගොඩක් වූ වසරේ වෙන්න ඕනේ] එවැනිම නායයාමක් වූ බවට එම පුවතම සාක්ෂි දරයි. මෙම එක නායයාමකින්  [කිනම් අවස්තාව දැයි නොපැහැදිලිය] දස දෙනෙක් පමණ මියගොස් ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය නායයාම් ගැන ඉතිහාසයක් සහිත පෙදෙසකි.

ජනයාට විකල්ප ස්ථාන ලබා දී තිබ්බා ගියේ පවුල් 30 ක් පමණි කියා මුලදී කියැවුණු මුත් දැන් දැන් කියන්නේ ගෙවල් හැදුවේ 30 ක් පමණයි වගේ කතාවකි. එනයින් අනිත් මිනිස්සු යන්න කැමැත්තෙන් තමන්ට පහසුකම් ලැබෙන තුරු සිටියා වන්නට පිළිවන. නායයාමට පෙර දිනයේ මෙම වටාපිටාවේ කොහේ හෝ නායයාමක් සිදුවන බවට එම ගම්මාන වලට අනතුරු අඟවා තිබේ. වහාම ඉවත් වන්නැයි පවසා සිටිය ද මිනිස්සු එසේ ඉවත් වී නැත.

අවසාන කොටස පළමුව සැලකුවොත් ස්වාභාවික විපතකදී මිනිසුන්ට යන්න කියා කීවාම යන පුරුද්දක් පවතියි. මේ මිනිසුන් නොගියේ ඇයි කියන එක වෙනම සලකා බැලිය යුතුය. සමහර විට යන්න සුදුසු අනාත කඳවුරක් නොපැවතීම විය හැකිය. මිනිසුන් බලෙන් ඉවත් නොකළේ ඇයි කියා අසන අය ද සිටිති. ලංකාවේ ස්වාභාවික විපතක් නිසා මිනිසුන් බලෙන් ඉවත් කිරීමක් කල අවස්තාවක් මට මතක් වන්නේ නැත. එසේම නාය යාමක් යනු සුළි සුළඟක් මෙන් ස්ථිරව අහවල් දවසේ අහවල් තැන වෙනවා කියා කිවහැකි දෙයක් නොවේ. එසේ බලෙන් ගෙන යන්නේ නම් අවදානම ඉවත් වන/කරන තුරු මිනිසුන් තාවකාලික පදිංචියක තබාගෙන ඔවුන්ගේ ජීවනෝපාය සැකසිය යුතුය. අනෙක් අතට මෙය මීරියබැද්ද පමණක් නොව අවදානම් කලාපයේ සියලුම් ගම්මාන හා වතු වලට අදාලය. මෙතරම් බරපතල වැඩසටහනක් එකවර සැලසුම් කිරීම අපහසු කර්තව්‍යයකි.

මේ ගැටලුව අභ්‍යන්තරයේ පවතින තේ කර්මාන්තයේ ආකෘතියේ ඇති දැවැන්ත අර්බුදය ගැන කතා නොකරම බැරිය. වසර සියගානක් තිස්සේ ඇදෙන මේ කතාව ඇත්තෙන්ම ගැටළු දෙකකි.

පළමු වැන්න තේ වතු නිසා බිහි වූ දැවැන්ත පාරිසරික අර්බුදයයි. එන්න එන්න වැඩිවන ආන්තික කාලගුණ තත්වයන් එක්ක තේ වතු වගේ අස්ථාවර පද්ධති කඩා වැටේ. සුද්ද මේවා හැදුවේ අපේ පාරිසරික සමතුලිතතාවය ගැන අබමල් රොනක අවබෝධයකින් නොවේ. එමෙන්ම සුද්දා එළවා අල්ලා ගත් අපේ උදවිය මේවා නඩත්තු කරන්නේ සුද්දා ගේ තත්ත්ව පාලන වලට සමානව නොවේ. ස්වාභාවික වන වැස්ම විනාශය, අතහැර දැමු කොටස් වල යටි වගාව ප්‍රබල නොවීම, පිටස්තර ශාඛ භාවිතය, සුද්ද දැමු ගල්වැටි ඒ ලෙසින් නඩත්තු නොකිරීම ආදී ලෙස මෙම විකෘති සංයෝජනයෙන් ඇති වූ අර්බුද රාශියකි.

දෙවැනි දුක්බර කතාව නම් අකමැත්තෙන් චුවත් තේ වතු කියන්නේ ප්‍රවේණි දාස ක්‍රමයට දුවන ආයතන බව පිළිගන්න සිදුවීමයි. වත්තේ ගෙවන කුලිය බාහිර සමාජයේ ගෙවන ගානට වඩා බෙහෙවින් අඩුය. එහෙත් ලයිම තියාගන්න නම් පවුලෙන් එකෙක් හෝ වත්තේ වැඩ කල යුතුය. එසේ වැඩ නොකලොත් බාහිරයේ ශ්‍රම බලකාය සමග තරග කර කුලී වැඩ සොයා ගන්නා අර්බුදය ද ඉස්මතු වේ. වත්තෙන් එලියට ඒ මිනිසුන් ගෙන යාමේදී වත්ත හා සේවකයා අතර සම්බන්ධය බිඳෙන නිසා ලාබ ශ්‍රමය කොල්ල කන වත්ත ද රැකියා සුරක්ෂිතභාවය ගැන හිතන සේවකයා ද ඊට කැමති නැත. එමෙන්ම මේ මිනිසුන්ගේ පඩියෙන් මුට්ටි කාසි කොල්ල කා පාර්ලිමේන්තු යන වතු කම්කරු දේශපාලකයින් ද ඊට කැමති නැත.

වත්තෙන් පිටට සේවකයා ගත්තොත් නිදහස් ශ්‍රම වෙළඳපොලේ ගානට ශ්‍රමය මිලට ගන්නා තේ කර්මාන්තය මියයන අතර, ප්‍රමාණවත් තරම් කුලී වැඩ නැති නිසා ඒ මිනිස්සු රැකියා විරහිත වනු ඇත. මේ නිසා මිනිසුන් වක්‍රව වත්ත තුල රඳවා ගැනේ. එනයින් වත්තේ ඉන්නා මිනිස්සු වත්තේ සිරකාරයින් වේ. වතුවල පවතින පදිංචියට නුසුදුසු තත්ත්ව තුල දිගටම පීඩා විඳින්නට ඔවුන්ට සිදුවේ.

අවසාන කාරනාව ලෙස මා දුටුවේ වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවයි. ශ්‍රී ලංකාව අධික ජන ඝනත්වයක් සහිත රටකි. එහෙත් පාරිසරික ගැටළු ඇතිවන්න තරම් පාලනය කල නොහැකි මට්ටමට ජන ඝනත්වය වැඩි රටක් නොවේ. ඒ වුනාට අපේ රට තුල ජනගහන වර්ධනයේ "දැවැන්ත" අභියෝග ඉස්මතු වී ඇත. උදාහරණයකට අපිට වඩා ජන ඝනත්වය වැඩි ජපානය නෙදර්ලන්තය දකුණු කොරියාව තායිවානය වගේ රටවල ලංකාවේ තරම් පාරිසරික ප්‍රශ්න නොමැත. මීට හේතුව ලංකාවේ ජන විසිරියයි.

අපේ නාගරික ජනගහන ප්‍රතිශතය 18% කි. මෙය ඉතාම අඩු අගයකි. මෙය අප්‍රිකාවේ මධ්‍යම ආසියාවේ තියෙන අපිට වඩා ඝනත්වය අඩු රටවලටත් වඩා අඩු අගයකි. ලෝකෙන්ම අපිට වඩා නාගරික ජනගහන ප්‍රතිශතය අඩු රටවල් ඇත්තේ දහයක් පහළොවක් පමණ වන අතර අපේ වගේ ජන ඝනත්වයක් එක්ක 18% වගේ අඩු නාගරික ප්‍රතිශතයක් තියෙන එකම රට ලංකාවයි. ඒ කියන්නේ ලංකාවේ 82% ඉන්නේ රට පුරා පැතිරුණු ග්‍රාමීය පරිසර වල ය. ඒ නිසා රටේ හැම පාරිසරික පද්ධතියටම මිනිසා ගේ බලපෑම වැඩිය. අනික ඒ මිනිස්සු ඉන්නේ ආන්තික ස්ථාන වල හෝ වාසයට නුසුදුසු තැන්වල ය. අර ඉපැරණි ගම කියන එක ඉදිමිලා ඉදිමිලා ගොස් වනාන්තර අලින්ගේ ගමන් මාර්ග ගොවිබිම් අස්සෙන් රිංගාගෙන බෑවුම් වෙරළ ගන් ඉවුරු හැමතැනම විසිරී ගොසිනි. එය නාගරික වී පහසුකම් සහිත එහෙත් එක ළඟ එකතු වූ තත්වයට ඇවිත් නැත.

මේ නිසා ඒ ජනයා එම පරිසර වල ඇති අඩු පහසුකම්, ජීවත් වීමේ අවදානම් ආදිය විඳින අතර රටේ ගොවිබිම්, වනාන්තර, ස්වාභාවික පද්ධති ආදිය ඔවුන් නිසා හැකිලී, අනතුරට ලක් වී ඇත.

ප්‍රශ්න ගොඩකි. විසඳුමක් ලියන්නේ නැත. ප්‍රශ්න හඳුනා ගැනීමෙන් එහාට යමක් මේ කුඩා අවකාශයෙන් බලාපොරොත්තු නොවෙමි. විසඳුම් සෙවීමට හැකි මිලියන විස්සකි.

ප.ලි.  නාගරික  ජනගහනය  පිලිබඳ  මගේ  දත්ත  වලට පටහැනි  වාර්තාවක්  අපි  දකිනවා  නාලක  ගුණවර්ධනගේ  මේ  ලිපියේ.

"2012 අවසන් වරට කළ ජන සංගණනයට අනුව මෙරට ජනගහනය 20,359,439ක් (මිලියන 20.36) වුණා. එයින් නාගරික යයි සැලකෙන ප‍්‍රදේශවල වාසය කළේ 18.2%ක් පමණයි.

එහෙත් මෙය මුලා කරවනසුලූ තරම් කුඩා ප‍්‍රතිශතයක් බව සංගණනය කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුවම ප‍්‍රසිද්ධියේ කියනවා.

... 1987 වන තුරු සුළු නගර සභා (Town Councils) බල ප‍්‍රදේශ ද නාගරික ලෙස සලකනු ලැබුවා. 1987දී ප‍්‍රාදේශීය සභා පිහිටුවීමත් සමග ඒවා අහෝසි වූ අතර, සියලූම ප‍්‍රාදේශීය සභාවල බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යයි පරිපාලන වශයෙන් පිළි ගැනීම ඇරැුඹුණා.’

... ‘1981දී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීම් සංශෝධනය කරද්දී ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ලෙස වර්ග කරනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් මත නොව මුළුමනින්ම දේශපාලන අවශ්‍යතා සඳහායි. ... ’ යයි ඔහු වරෙක පුවත්පත් ලිපියක කියා සිටියා.

... නොවැම්බර් 3-4 දිනවල කොළඹ පැවති නාගරික යටිතල පහසුකම් පිළිබඳ සමුළුව (LBR/LBO Infrastructure Summit 2015) අමතමින් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන භාර අමාත්‍ය චම්පික රණවක මේ ගැන කතා කළා. ඔහු කීවේ මෙරට නාගරික ජන ප‍්‍රතිශතය සැබැවින්ම 48%ක් පමණ විය යුතු බවයි. "

10 comments:

  1. සටහනට දායකත්වය සැපයු මුහුණු පොත් වාසින් වන Ritigala Jayasena, Lalith Karunaratna, Shyaman Hemakody, Nadeesha Chandrasena, Amanda Abeysooriya, Subhaga Herath ඇතුළු නම් වශයෙන් සඳහන් නොකළ සියලු දෙනාට් විශේෂ ස්තුතිය හිමි වේ.

    ReplyDelete
    Replies
    1. දර්ශන කස්තුරිරත්න ත්

      Delete
  2. //"2011 දී මෙම ස්ථානයේ ම නායයාමක් වී දහයක් පමණ මියගොස් ඇත"// ඔව් මීට මදක් ඉහලින් පිහිටි නාකැටිය කියන ප්‍රදේශය ගැන වෙන්න ඕන ඔබ මේසඳහන් කරන්නේ . ප්‍රශ්න හඳුනා ගැනීම හා ඒ වෙනුවෙන් හඬක් නැගීමට උත්සාහ කරමු ඔබ හරි

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට ලින්ක්ස් කීපයක් එකතු කළා. ඒ ටික ආයිත් බලන්න. 20011, 2006 හා 2006 ට වසර කීපයකට පෙර තුන් වතාවක් නායගිය බවට වාර්තා සහිතයි. 2006 ට වසර කීපයකට පෙර එක තමා නා කැටිය ලෙස කියන්නේ.

      Delete
  3. මෙන්න මගේ සතපහ

    සුජීව මතුකරල තියන පොයින්ට් එකක් තමයි නාගරික ජන ඝනත්වය. නාගරික ජන ඝනත්වය මීටත් වැඩියෙන් අඩුවෙන්න තිබුන ඔය ජනප්‍රිය පාසල් වගේ විකෘතීන් නැතිවුනා නම්. අවුල තියෙන්නෙ අපේ රටේ රැකියා සෙට්වෙලා තියන විදිය. නිෂ්පාදිත අංශයේ රැකියා අඩු තත්වයක් යටතේ නාගරික ජන ඝනත්වය වැඩි කරන්න බෑ මීට වැඩිය. ඒ වගේම සංස්කෘතික හේතුත් තියෙන්න පුළුවන්.

    අවදානමට ලක්වූවෙකුගේ ලිපියක්

    ReplyDelete
    Replies
    1. රාජ්;

      [[නාගරික ජන ඝනත්වය]]

      හරියටම කිව්වොත් නාගරික ජන ප්‍රතිශතය. මුළු ජනගහනයෙන් කිනම් ප්‍රතිශතයක් නාගරික ඒකක වල ඉන්නවද කියන එක.

      මෙහිදී තියෙන වෙනස තමා, මිනිස්සු නගර වල ඉන්නේ කම්පැක්ට් වෙලා. ඉතින් නගර වල වැඩි හරියක් ඉන්න කොට විශාල ජනගහනයක් හිටියත් රටේ සැහෙන ඉඩකඩක් ඉතිරි වෙනවා. ගම් කියන්නේ අවිධිමත්ව බිහිවන විසිරුණු ප්‍රදේශ එව්වයේ "ඕනෑම දෙයක්" වෙන්න පුළුවන්. ගම්වල 82% ඉන්න කොට ඒ වගේ අවිධිමත්ව හා දුරස්ථව විසිරී යාමේදී පදිංචියට නුසුදුසු ස්ථාන වලට යැවෙන එක වලකන්න බැහැ. ඒ මිනිසුන් ගයිඩ් වෙන නීතිරීති අඩුයි. ඔවුන්ට දෙන පහසුකමුත් අඩුයි. අනික ඔවුන්ගේ එක පුද්ගල ඉඩම් පරිභෝජනය නාගරිකයන්ට වඩා බෙහෙවින් වැඩි නිසා රටේ සෙන්සිටිව් සිස්ටම් වලට ඒක බලපානවා.

      අපේ රටේ එක පාරට විසිල් එකක් ගහලා කිව්වම නාගරික ජනගහනය වැඩි වන්නේ නැහැ. මේක දීර්ඝ කාලින ක්‍රමික සැලසුමක් වෙන්න ඕනේ. හැබැයි වෙන්න ඕනේ දේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම.

      මෙතැනදී මම කියන්නේ නැහැ මිනිස්සු ඔක්කොම කොළඹ හෝ නුවර පදිංචි කරන්න කියලා. මම කියන්නේ ප්‍රාදේශීයව කුඩා නගර [මිනිස්සු හා දාඃ පනස් දාහ වගේ ඉන්න] තව හැදෙන්න ඕනේ කියන එක. ඒවාට වෙනම පාසල් හා සෞඛ්‍ය ආදී පහසුකම් හැදෙනවා නම් ඔය ග්‍රාමීය රාමුවෙන් තව විශාල පිරිසක් එලියට ඒවි. ග්‍රාමීය රාමුවේ ඉන්න අවශ්‍ය ගොවිතැන් කරන මිනිස්සු වගේ කීපයකට පමණයි. අපිට 18% තියෙන එක 40% වගේ වත් කරගන්න හැකිනම් විශාල ජයග්‍රහණයක්.

      සාම්ප්‍රදායික සංස්කෘතික අවුල් කියන්නේ පරම්පරා එක්ක මැරෙන ඒවා. අමං කිසිසේත්ම බලකරන්න කියන්නේ නැහැ. හැබැයි පාරම්පරිකව ගමක පවුලක දරුවන් ලොකු වෙද්දී උන්ගෙන් කීපයක් නගරයේ රස්සා කරන්න යනවා. ඒ කීපය අම්ම අප්පාගේ බූදලේ එල්ලලිලා ඒ ගමේම තියා ගන්නේ නැතුව නගරෙට යන උන්ට යන්න හා පදිංචි වෙන්න අසල්වැසි නාගරික රාමු හැදෙනවා නම්, උන් කීයටවත් ගමේ ඉන්නේ නැහැ. එහෙම කුඩා නගර සැලසුම් කෙරෙනේවා නම් හරි.

      පැහැදිලිවම මේක දිගුකාලින කතාවක්. හැබැයි එකක් ෂුවර් දැන් ගම කියන ඒවාට තවත් මේ ජනගහන දරා ගන්න බැහැ. ඒවා ඉදිමිලා ගිහින් නොයා යුතු සීමාත් පහුකරලා කෙළවරටම පැක් වෙලා ඉන්නේ.

      කලාහිත ලියු කතාව ගැන කිව්වොත්; ඔහු කියනවා ඔහුගේ නිවස වගේ ඒවා හරිනම් නායයාමේ අවදානමේ නැහැ වෙන්න ඕනේ කියා. එත් පරණ ගෙයක් ඉරිතලා ඇති නිසා එය මාක් කලාලු. මේවා ඇත්ත වෙන්නත් පුළුවන් මොකද ලංකාවේ මාර පට්ට ක්‍රමවේද තියේ කියා හිතන්නේ නැහැ නාය යාමේ අවදානම් මනින්න. හැබැයි මට එකතු කරන්න තියෙන්නේ ලංකාවේ බොහෝ කඳුකර නිවාස පැරණි ගම්මාන වල ඒවා පවා තියෙන්නේ නායයාමේ අනතුරක. පැරණි ගම්මාන වුනත් දැන් දාලා තියෙන කොන්ක්‍රීට් ලෝඩ් එකත් එක්ක නොචේ තිබ්බේ. ඒ නිසා නිසිස් අහ්ද්යනයකින් වාරතාවක් ආවොත් රට මද ජනගහනයෙන් සැහෙන ප්‍රතිශතයක් කිසියම් නායයාමේ අනතුරක සිටිනවා කියා මම ඒ ගැන පුදුම වන්නේ නැහැ.

      Delete
  4. විජේවීර තමන්ගෙ 82 ප්‍රථිපත්ති ප්‍රකාෂනයෙ කියනව "අංශක 30 වැඩි ආනතියක් ඇති බෑවුම් වල සහ මීටර් 1800 වඩා උස කඳු මුදුන් වල වගා කරන එක, පදිංචීවම වලකල ඒ ඉඩම් තනිකර වනාන්තර කරනව" කියල.

    මේක තමයි මම දැක්ක එකම දේශපාලනමය ප්‍රකාෂය ලංකාවෙ අනාගත ජල සැපයුම සුරක්ෂිත කරන, සහ මෙවන් ස්වභාවික විපත් අවම කරන්න සුදුසු පියවර.

    බලන්න හොංකොං. ජනඝහනය නගරවල තට්ටු නිවසවල තියල වනය ආරක්ෂා කරල, කඳු සහ බෑව්මු වනෝද්‍යාන කරල.

    ඒ මට්ටමෙන් බැරි උනත්, මේ අනාගතයෙ පාඩු වෙන්න ගන්න තේ ඉඩම් වාණිජ වන වගාවට ( පයිනස් නොවේ, ලංකාවට ගැලපෙන වෙනත් ගස් ඕනෑ තරම් ඇත ) හෝ යොදා ගන්නේනම් මීට වඩා ඉතාම ප්‍රයෝජනයි. ඒත් එහෙම කරාම, අර කිව්ව වගේ වතු ඡන්ද කෝ?

    මේ ප්‍රශ්ණෙ ඉවර වෙන එකක් නෙමෙයි. නැත්තන් ඉවර කරන එකක් නෙමෙයි.කොටිම්ම අනෙක් දාහකුත් එකක් වගේම, විසඳුමක් නැති ප්‍රශ්ණයක් වෙලා ( කරලා)!

    ReplyDelete
    Replies
    1. විජේවීර එහෙම කලානම් එය ඇගයිය යුතුයි එහෙත් ලංකාවේ දේශපාලන රාමුව තුල චීනයේ ජාතියේ නීති දාන්න බැහැ. එහෙත් ප්‍රතිපත්තියක් ලෙස දීර්ඝ කාලීනව ඒ ප්‍රදේශවල ජනයා අඩු වෙන විදිහට වැඩ කරන්න තිබ්බා.

      මේ ප්‍රශ්නේ ඉවර කරන්න නම් පටන් ගන්න ඕනේ ප්‍රාදේශීය නාගරිකයන් හදන්න. සැලසුම් ලකළ නගර. 10000 - 50000 අතරේ ඉන්න. මේ ප්‍රාදේශීය නාගරික වල ඉඩම් වටා පිටාවේ ගම්වල යට පහසුවෙන් ගන්න හෝ කිසියම් අනුපාතයකට හුවමාරු කරගන්න දෙන්න ඕනේ. එතකොට ගම වල ඉන්නේ ගොවීන් වගේ ඉන්නම ඕනේ ය පමණයි.

      තේ වතු සම්බන්ධයෙන් නම් එකත් හරි යන්නේ නැහැ. එක වෙනම ප්‍රශ්නයක්. තේ වතු සම්බන්ධයෙන් වෙන්නොනේ දේ තමා වත්ත හා රජය එකතුවෙන් වඩාත් ස්ථාවර භූමියක නිසි වෘත්තිකයන්ගේ සැලසුම් මත මහල් නිවාස වගේ හදාදෙන එක. අයිතිය වත්තට තිබීමේ වරදක් නැහැ. ඒවා ක්වාටර්ස් නේ. ටෙහැ වගාමේ තියෙන ප්‍රවේනි දාස ක්‍රමය කියා මා කියන අවුල නම් ඒකෙන් විසඳෙන්නේ නැහැ. හැබැයි ජීවන තත්වය ඉහල යනවා

      Delete
  5. කනගටුව, වරදි පොස්ට් එක්කෙ කමෙන්ට් එක්ක මීට කලින් පලකිරිම ගැන.

    "වත්තෙන් පිටට සේවකයා ගත්තොත් නිදහස් ශ්‍රම වෙළඳපොලේ ගානට ශ්‍රමය මිලට ගන්නා තේ කර්මාන්තය මියයන අතර, ප්‍රමාණවත් තරම් කුලී වැඩ නැති නිසා ඒ මිනිස්සු රැකියා විරහිත වනු ඇත" >> It's not the lack of work, it is the lack of skills. They cannot enter into alternative labour markets without alternative skills. This is a centuries old system that has been evolved based on and crafted by the British indentured labour system. Most of these works are illiterate and plantation sector school dropout rates are still high. The whole system has issues itself! I agree with "regional urbanization" but that too will fail if regional industrialization/job creation does not pick up(no such policies in sight either- දක්ෂ අර්ථික කලමනාකරුවන්ගේ හිගය අපිට හොදින්ම දනෙනවා!)

    ReplyDelete
    Replies
    1. agree to all.

      but SL has this "industrialization/job" issue even now. There are some remedies. But that employee mostly lives in a village and faces the daily commuting diffculties to get to regional towns to be employed. So why not get them close to city, and release their land, which may be a sensitive or fertile or endangered or disaster prone. This naturally does not happen as "city lands are expensive". So a policy like "land for land" would really do.

      Tea estate workers have their main hurdle in politics. Dumbs are deliberately maintained to keep fooling them as they wish

      Delete