අප ජීවත් වන්නේ හද්ද විකෘති යුගයකය.
දැනට සොයාගෙන ඇති පරිදි, කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ දී උතුරු කොරියානු 'රජ පවුලේ' පැරණි ඔටුන්න හිමි කුමරු මරා දැමුනේ එය ප්‍රෑන්ක් එකක් බවට 'ඝාතකයන්' රවටා ලීමෙනි.
දැනට දන්නා පරිදි ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන්නේ ඉන්දුනිසියන් සහ වියට්නාම් කෙල්ලන් දෙදෙනෙකි. උන් දෙන්නාට කියා ඇත්තේ ටීවී ප්‍රෑන්ක් එකකට මග යන මිනිසුන්ගේ මුහුණට හානිකර නොවන දෙයක් ඉසින ලෙසයි, මේ සඳහා විශ්වාසය ඇති කර ගන්නට ඊට පෙර දා ද මේ කෙල්ලන් සමග තවත් නොහඳුනන හතර දෙනෙක් පැමිණ ඒ ගුවන් තොටේ ම මගීන්ට මේ ප්‍රෑන්ක් එක කර තිබේ, කෙල්ලන් දෙදෙනාට එදා ලබා දී ඇත්තේ හානිකර නොවන ද්‍රව්‍යයකි. එකියක් මග අහුරා ඉදිරියෙන් යාමත් අනික් එකිය පස්සෙන් පැමිණ ස්ප්‍රේ එක ගසා එය ලේන්සුවකින් මුහුණේ ගෑමත් සිදු කර ඇති බව කියවේ. මේ හරහා එය ප්‍රෑන්ක් එකක් බවට කෙල්ලන්ට ඒත්තු ගන්වා ඇත.
ඒ කෙල්ලන් දෙදෙනාටම ඒ ස්ප්‍රේ බඳුනම දී තවත් දවසක තවත් මිනිස් ඉලක්කයක් පෙන්නු විට සුපුරුදු ගොන් ආතල් එකට "ප්‍රෑන්ක් කරන්නට" ඇත. එහෙත් දෙවැනි දිනයේ බඳුනේ තිබී ඇත්තේ විෂ ද්‍රව්‍යයකි. ඉලක්කය අහඹු එකක් නොව උතුරු කොරියා පාලනයට විවේචකයෙකු වූ රටතුල පිළිගැනීමක් තිබු කිම් ජොන් නම් හෙවත් නායකයාගේ වැඩිමහල් සොයුරාය. ජොන් උන් සමග බල අරගලයකට යාම වෙනුවට ජොන් නම් කලේ උතුරු කොරියා ජාත්‍යන්තර ජාවාරම් වලින් එන මුදලින් කැසිනෝ කෙළිමින් චීන ආරක්ෂාව යටතේ සුකුමාර දිවියක් ගෙවීමත් වරින් වර තම සහෝදරයාගේ පාලනය විවේචනය කිරීමත් පමණි. කෙසේ නමුත් අනවශ්‍ය කුණු ඉවත් කිරීම ජොන් උන් ගේ අරමුණ වූවා විය හැකිය. කෙල්ලන් මෙහෙයවූ තවමත් නොදන්නා හතර දෙනා බොහෝ දුරට උතුරු කොරියානු ඒජන්තයින් විය හැකිය.
ටක්කෙටම උතුරු කොරියාව දිහාට ඇඟිල්ල දිගු කළ නොහැකි වුවත් [ඔවුන් දැනටමත් මේ ගැන කෙරෙන පරීක්ෂණ සාවද්‍ය ඒවා ලෙස නම් කර තිබේ] මෙතරම් සූක්ෂම මෙහෙයුමක ඔවුන්ගේ සළකුණු නැතැයි කිව නොහැක. කෙසේ වෙතත් මගේ අරමුණ මෙය උතුරු කොරියාවට පැටවීම නොවේ.
මගේ ගැටලුව මෙය සිදු කළ සූක්ෂම ක්‍රමවේදයයි. ඝාතකයා කවුරුන් වුවද ඝාතන ක්‍රමවේදය අප සියල්ලන් බිය ගන්වන තරම් සූක්ෂම ය. මෙහි හරය ගන්නේ නම් ප්‍රෑන්ක් කියන ලේබලය යටතේ මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිය.
මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිව තිබුණි. එහෙත් ශිෂ්ටාචාරය නිර්මාණය වත්ම නීති හා සම්මුති බිහිවී එය වලකා දමන ලදී. කෙනෙකුට පුද්ගලිකත්වයක් පුද්ගල අවකාශයක් විටය. කෙනෙකුට තවත් කෙනෙකු හිරිහැරයට ලක් කිරීම සාමාන්‍ය තත්ත්ව තුල නොහැකි දෙයක් විය. මේ කෙල්ලන් දෙදෙනා ප්‍රෑන්ක් එකක් නොවේනම් විහිළුවටවත් ඔහොම කරන්නේ නැත.
ව්‍යතිරේඛය වූයේ කැමරාව සෙලියුලර් උපකරණයක් වී මාධ්‍ය කරණය පුද්ගල මට්ටමට ගිය යුගයේ ප්‍රෑන්ක් කරණය යි. ප්‍රෑන්ක් මේ පුද්ගල සීමා බිඳ දැමු අතර අවසානේ කැමරාවක් පෙන්නීමෙන් සියල්ල ගොඩ දැමිය හැකි විය, ඉඳහිට එකෙක් ගුටි කෑවද, ප්‍රෑන්ක් කරුවා උසාවියට ගෙනගිය වික්ටීම් කෙනෙකු, අත් අඩන්ගුවට ගත් පොලිසියක් හෝ නීති විරෝධී ලෙස සම්මත කළ පාර්ලිමේන්තුවක් හෝ නීති රාමුවක් ගැන අසා නැත.
එය එසේ විය යුතුව තිබුණි. අඩුම ගානේ එංගලන්තයේ වින්ඩ්සර් පවුලේ කෙනෙකු රෝහල් ගත වූ මොහොතේ එලිසබෙත් වින්ඩ්සර් මැතිනිය ගේ හඬින් ප්‍රෑන්ක් එකක් කළ මෙල්බන් ගුවන් විදුලි වැඩසටහන් කරුවන්ගේ ක්‍රියාව නිසා සිත් තැවුලට පත් හෙදිය දිවි නහ ගත්ත වෙලාවේ එය සිදුවිය යුතුව තිබුණි. අරාබි ත්‍රස්තවාදියෙකුගේ වෙසින් බෝම්බ බෑගයක් විසි කරන නියායෙන් ප්‍රෑන්ක් කරන ජලාල් සහෝදරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණි. (ප.ලි. පෝස්ටෙක ලියද්දී නොදැන සිටි මුත් වික්ටෝරියා පොලිසිය විය යුත්ත කර තිබේ)
එය එසේ නොවන්නේ නම් මිනිස් සම්මුති වලට ව්‍යතිරේඛයක් වන නීතිය නිවාඩු යවන ප්‍රෑන්ක් අවකාශය තුල බොහෝ ව්‍යසන විය හැකිය. මැලේසියාවේ වූ පරිදි නීතිගරුක මනුස්සයෙකු නීතිවිරෝධී හැසිරීමකට රවටා ලීමට අවශ්‍ය මානසික ඉම ඉක්මවා යන්නේ ප්‍රෑන්ක් එකක් ලෙස නම් කිරීමෙනි. දැන හෝ නොදැන ජලාල් සොයුරන් මග සලසන්නේ සැබෑ අරාබි ඉස්ලාම් අන්තවාදියාට සැබෑ බෝම්බයක් විසි කිරීමට අවශ්‍ය සාමාජිය ඉඩකඩ යි.
ප්‍රෑන්ක් දෙස වඩාත් අවධානයෙන් බැලීමට කාලය පැමිණ තිබේ. වල් බූරු පුද්ගල මාධ්‍ය නිදහසේ ඇතැම් තැන් සිවිල් නීතිය තුලට ගන්නට කාලය පැමිණ තිබේ.