Tuesday, August 9, 2016

විජය නන්දසිරි

මළ ගෙවල් වල බූරු ගහන්න එපා කිව්වට කට්ටිය පෝලිමේ තියාගෙන කාඩ් කුට්ටම අනද්දී බලා ඉන්න අමාරුයි. අනික සම්භාව්‍ය තල දර්පන සිනමාව සහ බන්දු ටෙනි වාණිජ සිනමාව හෝ හඳගම විකාර සිනමාව දක්වා ෆිල්ම් කෑල්ලක් එහෙමත් වෙලාවක පමණක් බලන, වේදිකා නාට්ටිය දෙක තුනකට වඩා නොබලපු, ටෙලිනාට්ටිය වෙලාවට ගෙදරින් එලියට යන කොටිම්ම එතුමා වගේ එක නාට්ටියකින් එහාට විජය නන්දසිරි උන්නු මෙලෝ දානයක් බලලා නැති [සමහර නාට්ටි කෑලි රූපවාහිනියෙන් බැලුවද මන්දා] මම වගේ එකෙකුට ලියන එවුන්ගේ හැටියට උපරිමයෙන් ලියන්න සුදුසුකම් තියේ.

විජය නන්දසිරි මහත්තයා මනමේ එකේ සිංහයාට රඟපාපු එක නිසා එයාට හිරිපොදවැස්ස ෆිල්ම් එකේ රඟපාන්න එපා කීම මාර අසාධාරණයි. දැන් ගුණසේන ගලප්පත්ති මහත්තයා මැරුණට [ද නැතිනම් මයිග්රේට් කළාද] පස්සේ එතුමාගේ මනමේ එක පෙන්නන්නේ නැහැ නේද? ඉතින් දැන් ඔය කියන ආකාරයට විජය නන්දසිරි මහත්තයට මනමේ එකේ සිංහයාට රඟපාපු නිසා ආයිත් එකක මෙව්වා කරන්න තහනම් නම් දේවිකා මිහිරානි මැඩම් ට අල වේවි හැමදාම ගෙදර තපින්න වෙනවා නේද? මැඩම් ඒ මහත්තයට අල වෙවී ගෙදර තපින්නේත් එයා ගඟ අද්දර එකේ රඟපාපු නිසා වෙන එව්වයේ ඉන්න එපා කියලා පාටකයෝ සොරි ප්‍රේක්ෂකයෝ දෝස් මුරේ දාන නිසාද?

මගේ හිතේ ඔන්න ඕකයි රඟපාන්න මාර හැකියාවක් තිබ්බත් අර රොඩ්නි වර්ණකුල මෙලෝ වැදගත් කතාවක නැත්තේ. මොකද මිනිහා හුණුවටයේ කතාවේ මහුෂධ චරිතේ කලොත් කට්ටිය කියනවා මලාට රඟපාන්න එපා අර මහුෂධගේ මෙව්වෙක යනවා කියලා.

විජය නන්දසිරි චරිත හතක් එකේ හතෙන් එක චරිතයක් කරද්දී තිබ්බ තේජස චරිත තුනක් වගේ වාණිජ ටෙලි නාට්ටියක ඉද්දි නැතිවෙනවා වගේ කතා කීමෙන් වලකින්න. ඊට වඩා කතා කරන්න ඕනේ අර කොලිටි ටෙලි නාට්ටි වෙනුවට හතේ හත ගොන් කසිකබල් එන එක ගැන. මොකද රඟපාන උන් නෙවිනේ කතාව රචනය අධ්‍යක්ෂණය නිෂ්පාදනය කරන්නේ. තියෙන එකක නේ කාටත් රඟපාන්න පුළුවන්.

මම ප්‍රශ්නය මෙහෙම අහන්නම්. චෙරියෝ සාජන් එකේ පොලිස් නිලධාරියාගේ චරිතෙට [එහෙම එකක් ෂුවර් එකටම ඇති] හිටිය වෙලාවේ විජය නන්දසිරිට ඉන්න තිබ්බ වෙන සම්භාව්‍ය චරිතේ මොකද්ද? එකදාස් නවසිය හැත්තැවේ එතුමා රඟපාපු රේඛාව ෆිල්ම් එකේ පින්තුරේ රාමු කරගෙන සම්මානේ කැබිනට් එකේ දාගෙන ඔය විටක් කාරිය හපාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න එකද?

ඇත්තටම කියන්නේ එහෙම වේලි වේලි ඉඳලා මැරිලා ගිය සම්භාව්‍ය ශිල්පියෝ හිටියා. පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා. නිකමට මතක් වෙන්නේවත් නැහැ නේද? නිකමටවත්. කොටිම්ම මටත් මතක් වෙන්නේ නැහැ.

හැබැයි එතුමා විතරක් බලලත් මට විජය නන්දසිරි ව මතකයි. ඒ මදැයි.

19 comments:

  1. අදත් එතුමා කොටස් තුනක් නැරඹුවා

    ReplyDelete
    Replies
    1. සුහද කොකා චිත්තරපටිය බා ගනිමින්

      Delete
  2. Replies
    1. එච්චර ම ද දැක්කේ?

      Delete
    2. මහින්ද මහත්තයට අර ස්ක්‍රිප්ට් එක ලියලා දුන්නේ උඹ නේහ් ඇත්ත කියපන් :P

      Delete
  3. අපූරුයි නොවැ!

    ReplyDelete
  4. හ්රිපොදවැස්ස ෆිල්ම්ගුණසේන ගලප්පත්ති මහත්තය චරිත හතක් එකේ etc..

    ReplyDelete
    Replies
    1. මට ඔක්කොම එව්වා බලන්න වුනේ නැහැ කියලා මුලිම්ම කිව්වා. මම ලිව්වේ මම දන්නා ටික විතරයි.

      Delete
  5. .
    යම් තරමකට හරි ජයලත් මනෝරත්න, ජෝ ගැන උනත් මේ ටිකම කියන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ජෝ අනිත් පැත්තට. ජයලත් මික්ස් එකක්

      Delete
  6. විජය නන්දසිරි මහත්තයාගේ සාජං නල්ලතම්බි ෆිල්ම් එක බැලුවා වගේ.. ඒකේ ඉන්ස්පෙක්ටර් ගීතා ත් මේ දවස්වල මේ වගේ ම තිර පිටපත් ලියනවා.. සනත් නන්දසිරි මහත්තය ට සුභ ගමං.. සොරි.. විජය නේ..

    ReplyDelete
    Replies
    1. විජය නන්දසිරි වෙන කෙනෙකුගේ මරණය දවසක මෙහෙමම කියන්න ඉඩ තිබ්බ

      Delete
  7. මෙම ලියමන වනාහි ඇසූපිරූතැනැති විදග්ද විචාරයක් මැයි...
    හනේ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  8. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම බ්ලොග් අඩවිය කියවන බව අද දැනගන්න ලැබුණි.

    ReplyDelete
  9. මොකක්ද මේ ලියලා තියෙන්නේ?
    මම මැරෙනවා
    දඩින් දිඩින් ඩොන් !!!
    http://short-katha.blogspot.com/2016/07/blog-post.html

    ReplyDelete
  10. අනිත් උන් අපිව දකින්න ආසා මේ විදිහට කියලා ප්‍රොෆයිල් මේන්ටේන් කරන සමහර පොරවල් මම දන්නවා. උන් පව් බන් . . . ඒ අතින් විජය සුපිරි. තමන්ට සල්ලි හම්බවෙන විදිහට වෙන්න අති රඟපෑවා, අපිට ආතල් දුන්නා. සුහද කොකා බා ගන්න ලින්ක් එක දෙන්න සර්

    ReplyDelete