සිරියාවේ සුපුරුදු බයිලාව නැවතත් රඟ දැක්වෙමින්.
සිරියාවේ අයිසිස් සහ අල් නුස්රා කල්ලි දෙක වෙන් කර පහර දීමට ඇමරිකාව රුසියාවඑකඟ කරවා ගනියි. එම අනුව සෙසු "මොඩරේට්" කරලිකරුවන්ට රුසියා ප්‍රහාර එල්ල නොවේ. මේ වෙන්වීම සඳහා .කැරලි කණ්ඩායමට කෙටි කාලයක් ලබා දී තිබේ.
එහෙත් සිරියා අර්බුදයේ මුල සිටම වූ ගැටලුව නම් භුමියේ මේ බෙදුම කළ නොහැකි වීමයි. එනම් ඇමරිකාව කියන ඔවුන්ගෙන්පෝෂණය වන මොඩරේට් සෙබළු වෙනම වෙන් කල නොහැකි වීමයි. වරක් එක මාධ්‍ය සටහනක කියවුනේ මේ කණ්ඩායම් දෙකම බෙදා ගන්නේ එකම පිරිසක් බවයි. එනම් ඇමරිකන් ආධාර වෙනුවෙන් මොඩරේට් ලෙස "දිවාකල" හැඳින්වෙන සෙබලා ම "රාත්‍රියේ" මුස්ලිම් අන්තවාදී කල්ලිවල සාමාජිකයන් බවයි.
රුසියාව කියන පරිදි මෙවරද අල් නුස්රාවෙන් "මොඩරේට්" කියා වෙනම වෙන් වීමක් වන බවක් පෙනෙන්නේ නැත.
කලකට පෙර අයිසිස් උන්නේ ද මෙසේම "මොඩරේට්" කඳවුරේය. ඒ කාලේ ඇමරිකානු ආයුධ සහ තුර්කි සප්ලයි සමග සැහෙන මිනිස් සම්පතක් තුර්කියෙන් ස්මගල් වෙද්දී බටහිර රටවල් එයට කිසිම විරෝධයක් දැක්වුයේ නැත. "සිරියාවේ සටනට" ඕස්ට්‍රේලියාවේ මිනිසුන් එකතු වුනේ බොහොම එලිපිටය. එහෙත් අයිසිස් වෙන්වී යාම සමග කතාවේ දිග පළල වැටහුණි. අයිසිස් ගියද ඉතිරි "මොඩරේට්" ගොඩේ ඉස්ලාමික අන්තවාදය එලෙසින්ම ඉතුරු විය. අද එය අල් නුස්රා වැනි කල්ලි ලෙස හඳුනා ගැනේ. හෙට අල් නුස්රා වෙන් කල ද ඉස්ලාමික අන්තවාදය එලෙසින්ම පවතියි. එනම් සිරියාවේ සැබෑ තත්වය නම් "මොඩරේට්" කරලිකාරයින් කියන්නේ ඉස්ලාමික අන්තවාදීන් ම බවයි. මතුපිට පෙන්වන බොරු මුහුණෙන් පහලට ඇති මොඩරේට් කැරලි කාරයෙක් නැත.
ඇමරිකාව මේ තත්වය පිළිගන්නා තෙක් සිරියානු අර්බුදය විසඳෙන්නේ නැත. ඇමරිකාව මෙය පිළිගත් දිනයට 2011 සිට විශාල වියදමක් මහන්සියක් දරා කල සිරියානු මෙහයුම තුල ඔවුන් පරාජය ලබනු ඇත.
ඒ නිසාම ඇමරිකාව කොච්චර ඔබ්වියස් වුනත් මෙය පිළිගන්නේ ද නැත.
සිරියානු අර්බුදය තව වසර කීපයක් ඇදුනොත් එය ලෝකයේ වැඩිම බලපෑමක් කෙරෙන ලොව පුරා ප්‍රහාර වලට මූල හේතුවක් වන විශාලම මානව ඛේදවාචකයක් වනු ඇත.

සිරියාවේ අසාද් කියන්නේ ශෝයි ඒකාධිපතියෙක්ය ඔහුට විරුද්ධ සියලුමදෙනා මුස්ලිම් අන්තවාදියොයි කියන එක බටහිර විරෝදී කම පමනක් ඔලුවෙ පටවාගෙන ඉන්න කෙනෙක්ගෙ හිතලුවක්... සිරියාවෙ අරගලය පටන්ගන්නෙම ප්රජාතන්ත්රවාදී කන්ඩායම් වල නැගිටීමෙන්... නමුත් ඒ අතරම අන්තවාදීනුත් හිටියා... ඉස්ලාම් අන්තවාදීන්ට ආයුධ දෙන්න බටහිරට පිස්සුවක් නෑ.. බටහිරට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී බටහිර හිතවාදී සිරියාවක්... නමුත් සිරියාව වටා ඇති තුර්කිය, සව්දි, කුවෙට්, කටාර් වැනි රටවල් ආධාර කලේ ඔබ කියන මුස්ලිම් අන්තවාදයට.. යුරොපයේ මුස්ලිම් සන්විධානත් මොවුන්ට මුදල් පොම්ප කලා.. එමනිසා භූමියේදී ඉස්ලාම් අන්තවාදීන් අනෙක් කැරලිකරුවන්ට වඩා ඉදිරියට ගියා....
ReplyDeleteසිරියාවේ අසාද් කියන කාලකන්නියා බලය අතඇරලා මොඩරේට් කන්ඩායම් එක්ක මුල් අවධියේම සෙට්ල්මන්ට් එකකට ආවනම් මේක වෙන්නේ නෑ.. නමුත් ඌට උවමනා මිලියනයක් මරලා හරි බලයේ ඉන්න.. එමනිසා ඔහු කලේ තමන්ගේ හිරගෙවල් ඇරලා ඉස්ලාම් අන්තවාදීන්ව නිදහස් කරපු එක
www.newsweek.com/how-syrias-assad-helped-forge-isis-255631
නැහැ අසාද් හොඳ ඒකාධිපතියෙක් කියා කොහොමවත් කියන්නේ නැහැ. අසාද් ගැන ඔබේ විවේචනයට එකඟයි. එහෙත් අසාද් හැරුණුවිට තියෙන්නේ ඉස්ලාමික අන්තවාදය පමණයි.
Deleteබටහිරට අවශ්‍ය නැහැ කෙහෙම්මල් ප්රජාතන්ත්රවාදයක් හදන්න, කොටින්ම ඔවුන් කෙයා කලෙත් නැහැ තමන්ගේ සහය ලබන කඳවුරේ ඉස්ලාමික අන්තවාදය ඉන්නවද කියන එක ගැන. මගේනම් බටහිර විරෝධයක් නැහැ, හැබැයි ඔවුන්ග්ගේ ක්‍රියාකාරකම් ගැන ඔබට වැනි ආගමික භක්තියක් මට නැහැ. බටහිර කියන්නේ දෙවදූතයෝ නෙවි, වෙනත් ඕනෙම රටක් වගේම තමයි උනුත්. උන් කරන මෝඩ වැඩ, අධම වැඩ ගැන කතාකිරීම මත කෙනෙක් බටහිර විරෝධියෙක් වෙන්නේ නැහැ
This comment has been removed by the author.
Deleteබටහිරට ප්රජාතන්ත්රවාදයක් හදන්න අවශ්‍ය මුලු බටරිහම පැවැත්ම රදාපවතින්නේ ප්රජාතන්ත්රවාදී ලොකය මත නිසා... බටහිරට එරෙහිවුනු/ වන සෝවියට් රුසියාවේ, චීනයේ ඉදන් තලිබාන් හා අයි.එස් දක්වාත්, එතැන්සිට රාජපක්ෂලා, මේ ලගදී තමන්ගේ මත්ද්‍රය විරෝදී ඝාතන කල්ලි වලට විරුද්ධවුනනිසා බටහිරත් එක්ක තරහවුනු පිලිපීනයේ අගමැති දක්වාම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදියො හෝ ලිබරල්වාදියෝ නෙමේ... එක්කෝ කොමියුනිස්ට්/ ඉස්ලාම් අන්තවාදී හෝ වෙන්ත් ඔතොරිටේරියන් මතයක් දරන රාජ්‍ය.. රටක් ප්රජාතන්ත්රවාදී හා ලිබරල් වෙනවා කියන්නේම බටහිර රටවල් ගරුකරන මානව අයිතිවාසිකම් , පුද්ගල නිදහස වගේ වටිනාකම් ගරු කිරීම... බටහිරත් සමග යහපත් සබදතා ඇති කරගැනීම.. ප්රජාතන්ත්රවාදී ලිබරල් පාලන්යක් ඇති එහෙත් බටහිර සමග සතුරු එක රටක් නම් කරන්න...
ReplyDeleteඅධම කියන එක සාපේක්ශයි, ඇමරිකාව ඉරාකයේ සදාම්, ලිබියාවේ ගඩාෆි ආදී තිරිසනුන් මරාදමා ඒ රටවලට ප්රජාතන්ත්රවාදය ගෙන ඒමට උත්සහා කලා, ඒවා කිසිසේත්ම අධම වැඩ නොවේ. මානව ඉතිහාසයේ පිලිල ඉවත්කිරීමට කල උත්සහායන්. නමුත් ඒ රටවල සමහර ඉස්ලාම් අන්තවාදී කන්ඩායම් හා ඒ රටවල් වටා ඇති ඉස්ලාම්වාදී රාජ්‍යන් එයට ඉඩතබන්නේ නෑ..
ඔය "ඔක්කොම එකයි" කීම අදබාල ලෝක දැක්මක්... ලෝකයේ මානව නිදහස සුරකීමට බටහිර රටවල් තරම් වෙනත් කිසිම රටක් සේවයක් කර නෑ.. කොමියුනිස්ට් අන්තවාදයෙන් ලෝකය ගලවාගත්තෙත්, මානව අයිතීන් ප්රඥප්තිගතකිරීමට මුලපිරුවෙත් බටහිර රටවල් තමා.. ඒක පිලිගන්න නිහතමානී වෙන්න..
මේ තියෙන්නේ එන්ගලන්තයේ ටිකක් ඇමරිකානු විරොදී වාමාන්ෂික මත දරන ගාඩියන් පුවත්පතම සිරියානු moderate rebels ගැන කියන දේ...
https://www.theguardian.com/commentisfree/2016/jan/29/syria-moderate-opposition-president-assad-islamic-state-regime-isis