Sunday, November 13, 2016

ට්‍රම්පාගමනය

ට්‍රම්ප් දින්නේ කොහොමද කියා හිතන විශාල පිරිසක් ඉන්න නිසා මේ පෝස්ට් එක තවමත් වැලිඩ් කියා හිතනවා.

ට්‍රම්ප් දින්නේ කොහොමද? හේතු රාශියක් විවිධ කෝණ වලින් සලකන්න පුළුවන්. ඒ ඕනෑම ප්‍රධාන හේතුවක් තනිකර ගත්තොත් එය ප්‍රමාණවත්. එහෙත් මම ගන්නේ සරලම සහ ඍජු ම හේතුව.

ට්‍රම්ප් දින්නේ හිලරි නිසා. වරද්ද ගන්න එපා, මේ ජෝක් එකක් නෙවි කරන්නේ. ට්‍රම්ප් දින්නේ හිටපු රාජ්‍ය ලේකම් හිලරිගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. සිම්ප්ලි සිරියාව ලිබියාව ආදී රටවල් අස්ථාවර කරලා ඒ රටවලට තුර්කිය වගේ තම පාර්ශ්වකාර රටවල් හරහා ත්‍රස්තවාදීන් පොම්ප වෙන්න ඉඩ දීලා අද වෙනකනුත් ඒ ත්‍රස්තවාදීන්ගෙන් පූර්ණ ලෙස වෙන් නොවන හිලරි විසින් ආරම්භ කල විදෙස් ප්‍රතිපත්තිය නිසා.

අයිසිස් මූලිකව ලොව පුරා ඉස්ලාමික ත්‍රස්තවාදී ඝාතන රැල්ලක් පටන් ගන්නේ එතනින්. අල් කයීඩා හන්දි ගානේ බෙලි කැපුවේ නැහැ. අයිසිස් ආශ්‍රිත රැල්ල තමා ඒ තත්වය බිහි කලේ. 9/11 වුනාට මිනිස්සු අනාරක්ෂිත වුනේ නැහැ. හැබැයි පැරිසියේ පහර දෙද්දී ලෝකෙම මිනිස්සු තමන් අනාරක්ෂිත බව තේරුම් ගත්ත.

ඊට සමගාමිව මහාපරිමාණ සංක්‍රමණික අර්බුදයකුත් නිර්මාණය කලේ ඒ විදෙස් ප්‍රතිපත්තිය. ඒ සංක්‍රමණිකයන් අස්සේ ත්‍රස්තවාදීන් ස්මගල් වෙච්ච බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අයිසිස් කියලම තිබ්බ. අනාරක්ෂිත බව දෙගුණ වුනේ ඒ නිසා.

ට්‍රම්ප් දිනන මූලික හේතුව ඒක. වෙන මොන හේතුව නොතිබ්බත් ඉස්ලාමික අන්තවාදය විසින් මිනිසුන් අනාරක්ෂිත කරවීම පමණක් ප්‍රමාණවත්. කට්ටිය කියනවා ට්‍රම්ප් මිනිස්සු බය කරලා චන්දෙ ගත්තලු. රෙද්ද තමා. මිනිස්සු බයවෙලා හිටියේ. ට්‍රම්ප් එන්න බොහෝ කලකට පෙර මිනිසුන්ට බයවෙන්න අවශ්‍ය පසුබිම හැදුවේ මූලික වශයෙන් හිලරි ප්‍රධානත්වයෙන්. ට්‍රම්ප් මොන බුලක් කෙලීද මම දන්නේ නැහැ. එහෙත් ඔහු ඉස්මතු කල ඉස්ලාමික අන්තවාදයේ ගැටලුව [ඔහු ඊට දුන් පිළියම් නොවේ] බොහොම කාලීනයි. ඒ ගැටලුව හදන්න ලෝකේ මූලිකවම වගකිවයුතු කෙනෙක් වේ නම් ඒ අන් කිසිවෙකු නොවේ ඔහු අතින්ම පැරදුනු හිලරි ම තමා.

කර්මා ඉස් අ බීච් කියල එහෙම, වට් ගෝස් අරවුන්ඩ් කම්ස් අරවුන්ඩ් කියල එහෙම අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙවි. දැන් විස්සොපේ නවත්තලා සත්‍යයට මුහුණ දෙන්න කියලා ට්‍රම්පාගමනයෙන් තවමත් කම්පිතව ඉන්න ජාත්‍යන්තර විශ්ලේෂක භවතුන්ට ආරාධනා කරනවා. හිත නිවා ගන්න හැකි විදිහකට.


ප.ලි. දැන් ඔබාමා මාර නායකයෙක් කියන අපේ විශ්ලේෂක භවතුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙමු නේද? තමන්ගේ රාජ්‍ය ලේකම් මෙසේ පිස්සු කෙලිද්දී ඒකා නිහතමානි රංගන කර කර හිටියේ හැබෑටම ඔබාමා බබෙක්ද?

4 comments:

  1. කතාවේ ඇත්තක් තියෙනවා. ඒ වගේම ලෝකය පුරා ජාතිකත්වයන් අවධි වීමක් දැක ගත හැකියි. ට්‍රම්ප් ආමන්ත්‍රනය කළේ ජාතිකත්වය මුල් කරගෙන හිතන බහුතරයකට. ඔහු දන්නවා ISIS ත්‍රස්තවාදයට විරුද්ධව සැබෑ සටනක් කරන්න ජාත්‍යන්තර මානසිකත්වයෙන් බැරි බව.

    ReplyDelete
  2. හිලරි ලිබියාව හෝ සිරියාව අස්තාවර කරපු බම්බුවක් නෑ.. ඒ රටවල වුනේ හිටපු එකාධිපතියන්ට විරුද්ධව ජනතාව කැරලි ගහපු එක...
    බටහිරට තර්ජනයක් වෙන එකාධිපතියන්ට විරුද්ධව මිනිස්සු නැගිටිනකොට ප්‍රජාතන්ත්‍රවාදී බටහිරට එවාට සහය දෙන්න වගකීමක් තියෙනවා...
    ඔහේ හිතන විදිහට බටහිර බලවත් රතවල් නිකන් හිටියනම් තවම සොවියට් රුසියාවත් එහෙම්මමයි.. අයන් කර්ටන් එක තාම තියෙයි, නැගෙනහිර යුරොපය, දකුනු කොරියාව ඔක්කොම එකාධිපතියන් යටතෙ තියෙයි..

    අනික ලිබියාවෙ බටහිර මැදිහත්වෙලා ගඩාෆි නො එලවන්න ඌ මිනිස්සු ලක්ෂ ගනනක් මරලයි නතරවෙන්නෙ.. අද ලිබියාවෙ එහෙම තත්වයක් නෑ.. අයි.එස් සන්විධානයට අයත්ව තිබූ අවසාන ලිබියානු නගරයත් ඊයේ ඔවුන් අතින් ගිලිහිලා..
    බටහිරට අවශ්ය ප්‍රජාතන්ත්‍රවාදී ලිබියාවක් සහ සිරියාවක් බිහිකර ගන්න විනා ත්‍රස්තවාදී රාජ්ය හදාගන්න නෙමේ...
    සිරියාවෙ වුනේ සවුදි, කුවේට්, කටාර්, තුර්කි වගේ රටවල් අල් කයිඩා, අල් නුස්‍රා වගෙ අන්තවාදී කන්ඩායම් වලට තමන්ගෙ න්‍යාය පත්‍ර ඉටුකරගැනීම වෙනුවෙන් සහය දීම..

    ReplyDelete
  3. බටහිරට ප්‍රජාතන්ත්‍රවාදයක් හදන්න අවශ්‍ය මුලු බටරිහම පැවැත්ම රදාපවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලොකය මත නිසා... බටහිරට එරෙහිවුනු/ වන සෝවියට් රුසියාවේ, චීනයේ ඉදන් තලිබාන් හා අයි.එස් දක්වාත්, එතැන්සිට රාජපක්ෂලා, මේ ලගදී තමන්ගේ මත්ද්‍රය විරෝදී ඝාතන කල්ලි වලට විරුද්ධවුනනිසා බටහිරත් එක්ක තරහවුනු පිලිපීනයේ අගමැති දක්වාම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදියො හෝ ලිබරල්වාදියෝ නෙමේ... එක්කෝ කොමියුනිස්ට්/ ඉස්ලාම් අන්තවාදී හෝ වෙන්ත් ඔතොරිටේරියන් මතයක් දරන රාජ්‍ය.. රටක් ප්‍රජාතන්ත්‍රවාදී හා ලිබරල් වෙනවා කියන්නේම බටහිර රටවල් ගරුකරන මානව අයිතිවාසිකම් , පුද්ගල නිදහස වගේ වටිනාකම් ගරු කිරීම... බටහිරත් සමග යහපත් සබදතා ඇති කරගැනීම.. ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් පාලන්යක් ඇති එහෙත් බටහිර සමග සතුරු එක රටක් නම් කරන්න...

    ඇමරිකාව ඉරාකයේ සදාම්, ලිබියාවේ ගඩාෆි ආදී තිරිසනුන් මරාදමා ඒ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට උත්සහා කලා, ඒවා කිසිසේත්ම අධම වැඩ නොවේ. මානව ඉතිහාසයේ පිලිල ඉවත්කිරීමට කල උත්සහායන්. නමුත් ඒ රටවල සමහර ඉස්ලාම් අන්තවාදී කන්ඩායම් හා ඒ රටවල් වටා ඇති ඉස්ලාම්වාදී රාජ්යන් එයට ඉඩතබන්නේ නෑ..

    ReplyDelete
  4. මැක්ස් අන්ධ භක්තියෙන් බටහිර අදහන්න ඔබට ඇති අයිතියට ගරු කරනවා. සංවාදයකට උචිත මට්ටමකට ඒ භක්තිය නිසා ඔබට එන්න බැරිවීම ගැන කනගාටු වෙනවා.

    සිද්ධි වශයෙන් ඔබ කියන්නෙත් අපි කියන එකමයි, හැබැයි ඔබ හිතනවා එය නිවැරදි බව. අපි හිතනවා එය වැරදියි කියා.

    ඒ නිසා තේරුමක් ඇති තර්කයක් හෝ අපේ සාධක හෝ සිද්ධි වල වරදක් ඔබ පෙන්වා දුන්නොත් කතා කරමු. නො එසේ නම් තමන් කැමති දේවාලයක් ඔබ වැඳ පුදා ගත්ත කියල අපිට ගැටලුවක් නැහැ.

    ReplyDelete