Saturday, January 7, 2017

පවන - 88/89 විප්ලවය කලේ නන්දා සහ සුනිල් ය

මේක පුද්ගලික කියවීමක්. තරමක් නොස්ටල්ජීය කතාවක් කිව්වත් වරදක් නැහැ.

88 ඉස්කෝලේ වහපු කාලේ වෙද්දී මම සමාජවාදය ගැන දන්නේ අර ගෙවල් වලට බෙදපු සෝවියට් පොතෙන් සහ ඉස්කෝලේ පොතෙන් පමණයි. කැරැල්ල අපිට වඩා චුට්ටක් වයස වැඩියි. බය නැතුව කැරැල්ලට බහින්න තරම් වයසක් නැහැ. හැබැයි මම හිතන්නේ තව අවු 5 ක් එහානම් බඩුම තමා. මොකද අපි  ඒ ගානට කුලප්පු වෙලා තිබ්බ.

මෙලෝ තේරුමක් නැති හුදු වාගාලාප වෙච්ච රෝහණ විජේවීරගෙන්/ජවිපෙ මධ්‍යම කාරක සබාවෙන් ඉඳහිට ලන්කාදීපෙට එන ලිපි කියවන්න හිතාන හැමදාම පත්තරේ පෙරලනවා. මම නම් එව්වා කපල එකතු කළා. සාමාන්‍ය මරිමොඩ පාසල් වියක අපි එමිනෙම් ලා කෝලිලා හෝ හින්දි නිළියන්ගේ පින්තුර වෙනුවට එකතු කලේ එව්වා. විප්ලවය ගැන මුලින්ම ඉගෙන ගත්තේ එහෙමයි.

හැබැයි දවසක අපිට තේරෙන්න තිබ්බ මේක මෝඩ වැඩක් කියල. ජවිපෙ එදත් සබුද්ධික සම්භාව්‍ය ඉගැන්වීමක් තිබ්බේ නැහැ. ඔය අද කියන 2020 ආණ්ඩුව අල්ලනවා වගේ කතා  තමා.  ඉන්දීය හමුදාවට වියට්නාමේ ඇමරිකාවට දුන්න වගේ ගහනවා ආදී මෝඩ කතා කිව්වේ. අපිට මේක තේරෙන්න තිබ්බ. අපිට නැතත් අප අතරින් පරම්පරාවක් ලෙස වියෝ වෙච්ච අපිට වඩා අවු. 5 සිට 20 විතර ගැප් එකක් වයස එවුන්ට  මේකේ ගැටලුව තේරෙන්න තිබ්බ නන්දක්කයි සුනිල් සර් රුයි නොඉන්න. පවන නොකරන්න. මොකද අර මාක්ස්වාදී පිටස්තර විකෘතිය සහ ලාමක ජවිපෙ බොලදකම වහන්න දේශීය  චින්තනයකින්  සම්භාව්‍ය සුභාවිත සංගීතමය [ඒකත් රොම්බ ශාස්ත්‍රීය, උපරිම කටහඬකින්] අයිසින් එක්ක දැම්මේ මේ දෙන්න. කොටින්ම අමු ගරුඬ මාක්ස්වාදයෙන් ආවනම් ජෙප්පන්ට එක දාහක් සපෝට් කරන්නේ නැහැ.

උදේට හවසට අහල ඕක කටපාඩම් ඒ කාලේ. හැබැයි ඕක අහන්නේ ගංජා ගහනවා වගේ වෙන වැඩ නවත්තලා. සංගීතයට මනස තුලට යා හැකි දුරක් වේ නම් ඕක උපරිමය කියල කියන්න පුළුවන්.

මේක තමයි පවනේ ඉන්ට්‍රෝ මතක හැටියට.

සාධු ජන ගන මනා සභා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඩ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනි වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්
කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳ හලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්
අනන්තවු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඩින් කියා සැඩ පරුෂ වැකි
අප මැරැණු කළ අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී.......


ඉතාම සම්භාව්‍ය බසකින් ඔස්ටින් මුණසිංහ සංගීතයෙන් ඉතාම සම්භාව්‍ය වූ ශ්රාවකයට කියනවා සම්භාව්‍ය මියුරු ගී කියන්න බැහැ දැන් බැහැපල්ලා පාරට කියල. ඔය ටික ඔහොම වචන වලට ගන්න එකමත් මාර ටැලන්ට් එකක්.

ඒ ගානට කට්ටිය ටයර් උඩ මලා. වද දෙද්දී පාවා නොදෙන්න පුච්චලා දාද්දි ජවිපෙට ජයවේවා කියමින් මැරෙන්න ඕනේ ශක්තිය දෙන්න හැංගිලා උන්නු විජේවීරට වඩා නන්දක්ක සමත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ මැරිච්ච කීයක් දාස් කැපිටාල් කියෙව්වද සෝවියට් සිස්ටම් එක අධ්‍යනය කලාද මාක්ස්වාදය ගැන කොච්චර දැනුමක් තිබ්බද ඒ තියා 71 කැරැල්ල ගැනවත් දැනගෙන උන්නද කියල දන්නේ නැහැ. හැබැයි එකක් ෂුවර් ඕකුන් ඔක්කොම පවන කටපාඩමේ කියන්න සමත්.


මම නන්දක්කට වත් සුනිල් සර් ට වත් බනින්නේ නැහැ. උන් දෙන්නත් ජීවිත අවදානමක් ගත්ත. උන් දෙන්න බෙරුනෙත් නූලෙන් කියලයි මගේ අවබෝධය. ධනපති නාගරික අධිපතිවාදයකට එරෙහි ලාංකීය හෝ සිංහල ජාතිකත්වය එක්ක පදනම් වෙච්ච   මතයක් [මාක්ස්වාදයක් කියා මම හිතන්නේ නැහැ] උන්ට අවංකව තිබ්බ කියා හිතනවා. උන් දෙන්න වෙනස් වෙන්නේ නැහැ වඩාත් සම්භාව්‍යයි කියන ඔය කොළඹ විතරක් දුවන චූටි චූටි කල්ලිවල න්යයචාර්යවරුන්ට. ඔකුන්ටත් ඔහොම සින්දු ලියන්න පුලුවන්නම් ඔහොම යසට කියන්න පුලුවන්නම් ඕකුනුත් මේ දැක්කිල්ල ම කරනවා.

හැබැයි හැටදාහක් මලානම් නන්දක්කයි සුනිල් සර් රුයි උන්ගේ කරේ බැන්ද සයනයිඩ් ප්‍රමාණය විජේවීරටත් වඩා වැඩියි.

ඉන්  පසුව  නැවත  ඒ  කැරලිකාර  ස්වරූපය  නන්දගෙන්  දුටුවේ  නැහැ.  මගේ හිතේ එතුමියත් පුනුරුත්තාපනය කරගන්න ඇති තමන්ව. අපිට තිබ්බ ඇම්ම එයාටත් ඊට කලින් තියෙන්න ඇති. 

තවමත් මගේ ප්‍රියතම ගායිකාව නන්දා.

[සංවාදය  මතුකළ රුවන් බණ්ඩාර  සහ  ද්‍රව්‍යමය  දායකත්වය  දුන්  රංග  වීරක්කොඩි  දෙපළට  විශේෂ  ස්තූතිය]

19 comments:

  1. ගන්ධබ්බයෙකු වූ මා
    බොහෝ වේදනාවල් විඳ
    ටයර් සෑයක් හරහා
    විමුක්තිය ලැබුවෙක්මි

    මවුබිම නැත්නම්
    මරණය කියමින්
    කුණු කයක් දරාගෙන
    ඝනඳුරු මැදියම
    අරුණලු දකින්නට
    කල උත්සහය
    මට කුණු කය අහිමි කලේය

    නන්දා සහ සුනිල් විසින්
    විප්ලවීය මායාවෙන් අවධි කල
    බොහෝ ගන්ධබ්බයන් සමග
    මමද පාවෙමින් සිටිමි
    පහතින් පෙනෙන
    මායා ලෝකය දකිමි

    අපට පන්තිකලවුන්
    ඝනඳුරු මැදියම
    අරුණලු පෙන්වූවන්
    විරු ගීත වලින් මායම්කලවුන්
    මෙරට සහ පිටරට සිට
    ජීවිත විඳින අයුරු දකින්නෙමු

    උන් ගේ දරුවන්
    ප්‍රවේසම් කරවමින්
    අපව දං ගෙඩියට දෑක්කූ
    බක තපස්සුන්
    ඉඳ හිට අහස දෙස බලා
    අපට විරිත්තති

    මුන් ගේ බක තපස් බලමින්
    නිදහසේ පාවෙමින්
    සිටින්නෙමු
    සිරුරු අහිමි වූ
    ගන්ධබ්බයන් වූ අප

    ReplyDelete
    Replies
    1. සියල්ලෝම ප්‍රතිපල ය
      හේතු නොවේ

      සියල්ලෝම වින්දිතයෝය
      නම් කල හැකි
      අපරාධකාරයෙක් නැත

      සියල්ලෝම ගන්දබ්බයෝය
      මිය ගිය ද ජීවත් වුව ද
      ඒ දෙක අතර වෙනස් හුදු අහම්බයක්ම පමණි

      Delete
  2. පවන එක සහ දෙක අහනකොට ...එහෙම හිතෙනවා තමා

    ReplyDelete
    Replies
    1. ඒක මාර දක්ෂතාවයක් කියල තමා කියන්න තියෙන්නේ. මේ චෝදනාවක්වත් නෙවි

      Delete
  3. එහෙම තරුනයන්ව කඩේ ඇරපු නන්දලා සුනිල්ලා, ආනන්දයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් කෙලවරවෙන්න ඕන කිය කිය හිටිය නන්දලා සුනිල්ලා ඊට පස්සෙ යනවානං අනේ මං අරං , සාරි ඉරල ජනෙල් වලට දාමු රත්තරං කියල තරුනපරම්පරාවට කින්ඩි දාන්න පටං ගත්ත හිටං......

    ReplyDelete
    Replies
    1. උනුත් ලොස් වෙන්න ඇති නේද?

      Delete
    2. කවුද ලොස් උනේ???

      Delete
    3. නන්දලද සුනිල්ලද ???නැත්තං තරුන පරම්පරාවද???? එහෙමනැත්තන් මේ සින්හල අපගෙරටයි ද ????

      Delete
    4. නැත්තං ජෙප්පො ලංකාවෙ වාමාංශිකයො කියල හිතං ඉන්න එකද ??? හොඳම දේ ලංකාවෙ වාමාශික ව්යාපරයෙ ඉතිහාසය කියවන එක . ඒක මහජන පුස්තකාලයේ තියේ.... කරුමෙට ඒකත් තියෙන්නේ පුස්...තකාලයේ...දෙමල ජාතික වාදී ෆැසිස්ට් වාදී කන්ඩායම් (අන්තිමේLTTE) බිහිවෙන්නත් සිංහල ජාතික වදී ෆැසිස්ට් වාදී JVP බිහිවෙන්නත් ඓතිහාසික පාවාදීම් කරපු වාමාන්ශික ව්යාපාරයේ ඉතිහාසය කිය වීම වටී...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඉතිහාසය හැදෑරූම අනාගතය අවබෝධකර ගැනීමයි

      Delete
  4. පොඩි පොඩි සංශෝධන සහත ව එකඟයි මේ ලියමනට.
    60,000ට ම නන්දක්කා සහ සුනිල් සර් වගකියන්නෙ නැහැ. මොකද ඒ ටිකවත් තේරුම් ගන්න පුලුවන් අය තෝරලා මරපු නැති නිසා.
    නමුත් කැරැල්ලට සබුද්ධික ව සම්බන්ධ වෙච්චි අයගෙන 10%ක් පවන සිය ආත්මය කර ගත්තා.
    තව 50%ක් ම විප්ලවේට එකතු උනේ සමාජ වෛරයක් නිසා මිසක් හැබෑ හැඟීමකින් නොවන බවයි මගේ මතය.
    තව 20%ක් ම එකතු උනේ උණට... ඔව් උණට.
    හැබැයි තිරශ්චීන ලෙස මිය යන්න සිද්ද උනේ දේසපාලුවන්ගෙ, හමුදා සහ පොලීසියේ අයගේ නූගත්කමත්, තමන් කෙරෙහි තමන් ම ඇති කර ගත් අනියත බය නිසායි.

    ReplyDelete
  5. ////ටික කාලෙකින් නන්දක්ක උන්න ශ්‍රීලනිප චන්ද ලැයිස්තුවක////////
    සුජීව.....මෙහෙම දෙයක් සිද්ධවුනාද....දැනගන්න උවමනාවටයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. මතකයක් තියෙනවා එහෙම නමක් පත්තරේ දැක්ක බවට. ෂුවර් නැහැ. ඒ නිසාම මේක එඩිට් කළා. ස්තුතියි

      Delete
    2. මම හිතන්නේ සූජීව එහෙම දෙයක් සිද්ධවුනේ නැහැ. මම වැරදි ඇති. අපි හොයලා බලමු. මම ඔබව කියවනවා.

      Delete
  6. //ඒ මැරිච්ච කීයක් දාස් කැපිටාල් කියෙව්වද සෝවියට් සිස්ටම් එක අධ්‍යනය කලාද මාක්ස්වාදය ගැන කොච්චර දැනුමක් තිබ්බද ඒ තියා 71 කැරැල්ල ගැනවත් දැනගෙන උන්නද කියල දන්නේ නැහැ// මේක දැන් කියන කොටත් තරහ යන කට්ටියක් ඉන්නවනේ. කියන්න ගියාමත් තරහ යන සෝවියට් දේශයේ ඉගෙනගත්ත සුළු ධනේශ්වර රැලක් කියල ගරහන සෙට් එකක් නේ තවම ඉන්නේ. ඒ කියන්නේ කියන පණිවුඩ කරුට බැණ වදිනවා මිස අදහස අන්වදයට භාජනය කරන්නේ නැහැනේ.

    ReplyDelete
  7. !
    ආරියරත්න කුරුවිටබණ්ඩාර ලියූ, නන්දා මාලනී පෙරේරා ගැයූ ගීත නිසා ම අසූඅට අසූනවය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ සටන්වලට එකතු වුණු තරුණ තරුණියන් මියගියා ය කියන්නට බැහැ. මොකද එලෙස මිය ගිය තරුණ පිරිසෙන් "බහුතරය", ඒ ගීත වලට වඩා, ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී නායකයින් විසින් අවුස්සන ලද දෙමළ ජනකොටසක විරුද්ධ සිංහල ජාතිවාදය සහ ඉන්දියාවට විරුද්ධ ලාංකික ග්‍රෝත්‍රවාදයට, රැවටුනු අමනයින් පිරිසක්.

    ReplyDelete
  8. නන්දා මාලනී එදා පාඩමක් ඉගෙන ගත්තා යැයි අපට සිතන්නට පුළුවන්.

    එදා ඉන්දියාවට ගොස් සිට ආපසු පැමිණි දිනවල සිට අද දක්වා ලංකාවේ සිදුවුණු ජඩකම් මැරකම් මිනීමැරුම් වංචා දූෂන ගැන අත කට නොසොල්ලා ඔවුන් ලිව්වෙ ගැයුවේ
    නෝනා නාන්න නන් නාන්න නෝනා වර්ගයේ ගීත පමණයි!

    ReplyDelete
  9. ඇයි ඔබට අමතක ඇය රට කරවන්ට නම් යැයි විරෝධාකල්ප ගීයක් ගැයුවා.
    ඇය සුභාවිත ගීයේ සිංහල ලකුණයි. .

    ReplyDelete