ට්‍රම්ප් දින්නේ කොහොමද කියා හිතන විශාල පිරිසක් ඉන්න නිසා මේ පෝස්ට් එක තවමත් වැලිඩ් කියා හිතනවා.
ට්‍රම්ප් දින්නේ කොහොමද? හේතු රාශියක් විවිධ කෝණ වලින් සලකන්න පුළුවන්. ඒ ඕනෑම ප්‍රධාන හේතුවක් තනිකර ගත්තොත් එය ප්‍රමාණවත්. එහෙත් මම ගන්නේ සරලම සහ ඍජු ම හේතුව.
ට්‍රම්ප් දින්නේ හිලරි නිසා. වරද්ද ගන්න එපා, මේ ජෝක් එකක් නෙවි කරන්නේ. ට්‍රම්ප් දින්නේ හිටපු රාජ්‍ය ලේකම් හිලරිගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. සිම්ප්ලි සිරියාව ලිබියාව ආදී රටවල් අස්ථාවර කරලා ඒ රටවලට තුර්කිය වගේ තම පාර්ශ්වකාර රටවල් හරහා ත්‍රස්තවාදීන් පොම්ප වෙන්න ඉඩ දීලා අද වෙනකනුත් ඒ ත්‍රස්තවාදීන්ගෙන් පූර්ණ ලෙස වෙන් නොවන හිලරි විසින් ආරම්භ කල විදෙස් ප්‍රතිපත්තිය නිසා.
අයිසිස් මූලිකව ලොව පුරා ඉස්ලාමික ත්‍රස්තවාදී ඝාතන රැල්ලක් පටන් ගන්නේ එතනින්. අල් කයීඩා හන්දි ගානේ බෙලි කැපුවේ නැහැ. අයිසිස් ආශ්‍රිත රැල්ල තමා ඒ තත්වය බිහි කලේ. 9/11 වුනාට මිනිස්සු අනාරක්ෂිත වුනේ නැහැ. හැබැයි පැරිසියේ පහර දෙද්දී ලෝකෙම මිනිස්සු තමන් අනාරක්ෂිත බව තේරුම් ගත්ත.
ඊට සමගාමිව මහාපරිමාණ සංක්‍රමණික අර්බුදයකුත් නිර්මාණය කලේ ඒ විදෙස් ප්‍රතිපත්තිය. ඒ සංක්‍රමණිකයන් අස්සේ ත්‍රස්තවාදීන් ස්මගල් වෙච්ච බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අයිසිස් කියලම තිබ්බ. අනාරක්ෂිත බව දෙගුණ වුනේ ඒ නිසා.
ට්‍රම්ප් දිනන මූලික හේතුව ඒක. වෙන මොන හේතුව නොතිබ්බත් ඉස්ලාමික අන්තවාදය විසින් මිනිසුන් අනාරක්ෂිත කරවීම පමණක් ප්‍රමාණවත්. කට්ටිය කියනවා ට්‍රම්ප් මිනිස්සු බය කරලා චන්දෙ ගත්තලු. රෙද්ද තමා. මිනිස්සු බයවෙලා හිටියේ. ට්‍රම්ප් එන්න බොහෝ කලකට පෙර මිනිසුන්ට බයවෙන්න අවශ්‍ය පසුබිම හැදුවේ මූලික වශයෙන් හිලරි ප්‍රධානත්වයෙන්. ට්‍රම්ප් මොන බුලක් කෙලීද මම දන්නේ නැහැ. එහෙත් ඔහු ඉස්මතු කල ඉස්ලාමික අන්තවාදයේ ගැටලුව [ඔහු ඊට දුන් පිළියම් නොවේ] බොහොම කාලීනයි. ඒ ගැටලුව හදන්න ලෝකේ මූලිකවම වගකිවයුතු කෙනෙක් වේ නම් ඒ අන් කිසිවෙකු නොවේ ඔහු අතින්ම පැරදුනු හිලරි ම තමා.
කර්මා ඉස් අ බීච් කියල එහෙම, වට් ගෝස් අරවුන්ඩ් කම්ස් අරවුන්ඩ් කියල එහෙම අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙවි. දැන් විස්සොපේ නවත්තලා සත්‍යයට මුහුණ දෙන්න කියලා ට්‍රම්පාගමනයෙන් තවමත් කම්පිතව ඉන්න ජාත්‍යන්තර විශ්ලේෂක භවතුන්ට ආරාධනා කරනවා. හිත නිවා ගන්න හැකි විදිහකට.
ප.ලි. දැන් ඔබාමා මාර නායකයෙක් කියන අපේ විශ්ලේෂක භවතුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙමු නේද? තමන්ගේ රාජ්‍ය ලේකම් මෙසේ පිස්සු කෙලිද්දී ඒකා නිහතමානි රංගන කර කර හිටියේ හැබෑටම ඔබාමා බබෙක්ද?