චන්දෙට පසු විපරමක් ලියන්න හිතුවත් මලාට එහෙම ෆීලින් එකක් එන්නේ නැත්තේ මේ චන්දය ආසූත ජලය වගේ තත්වයක් නිසාය. අනික සියලු දෙනා දිනන ලද තත්වයක් තුල තොපි ඔක්කොම පරාදයි කියන්නට හිතට මොකද්ද වගේය. මේ විශ්වය වාස්තවීක යතාර්ථයක් නොවන බවත් හැම එකාම දකින්නේ තමන්ගේ ලෝකයක් බවත් කී මහාචාර්ය නලින් ද සිල්වා මහතා ට ස්තූතිවන්ත වන්නට හැම එකාම චන්දය දිනන හැටි වැටහෙන නිසා ඒ ගැන මොකුත් ලියා ආතල් කඩන්නේ නැතිය.
ඒ අස්සේ චාමි සෑමයා ඌට ආවේනික යාවත්කාලින වීමේ දෝෂයක් නිසා අහන්නේ "කන් ගැට්ටට මොකද වුනේ" කියාය. කවුදෝ එකෙක් කන්ගට්ටා යනු කවුද කියා අසා ඇත. නොදන්නා කෙහෙම්මල් කියන්නේ කන්ගැට්ටා යනු සංකල්පයකි. ඇසිය යුත්තේ කන්ගැට්ටා යනු කුමක්ද යන්නයි.
මේ සටහනේ අරමුණ චාමියා දවන ඒ පැනයට පිළිතුරක් හොයන්නට නොවේ. චාමිලාට තියෙන විජාතික ප්‍රශ්න ගැන හොයන්නට අපිට වෙලාවක් නැත . මෙහි අරමුණ මේ සම්බන්ධයෙන් මා පත් වී ඇති අසරණ භාවය ගැන පොඩි පැහැදිලි කිරීමක් කිරීමට පමණි.
මට මතක කන්ගැට්ටා වැලිකඩ හිර ගෙදරදී වෙඩි කා මළ බවයි. මේ වෙඩිල්ල පූර්ණ ලෙස අහඹු ආකාරයෙන් අහඹු කැරලි මර්දන තුවක්කුවකින් පිට වූ අහඹු උන්ඩයකි. ඇත්තෙන්ම මේක උණ්ඩයක් වීමට ඇත්තේ කොන්ටම් සම්භාවිතාවයකි. සමහර සම්භාවිතා අනුව මේක වනාතේ කොලුවෙක් ගැසූ ටීක් බෝලයකි. ඒ කොලුවාට බෝලය අරගෙන දුන්නේ පළාත් සබා චන්දෙන් පැරදුනු වනාතේ සුනිල්ය.
මේවා ගැන කාටවත් චෝදනා නොකරමු. මේකලා හිරේ පැත්තක් අල්ලාගෙන ජෝගි නටද්දී මෙහෙම දේවල් සිද්ද වේ. එහෙත් ගැටලුව නම් මට මේ කතාව ෂුවර් නැත. එහෙම එකක් ඇත්තටම වුනාද නැතිනම් මවිසින් මවා ගත්තාද කියා ෂුවර් නැත.
මට මෙලෝ දෙයක් ෂුවර් නැත. මා පත් වී සිටින තත්වය ඇතිවන්නේ ඉන්ෆෝමේෂන් ඕව ෆලෝ නම් දියුණු දේශපාලන ක්‍රමවේදය නිසාවෙනි. ඉපැරණි න්‍යායක් වන ගොබෙල්ස් න්‍යාය ඉවත ලන දියුණු ශ්‍රී ලංකා රාජ්‍යය දැන් භාවිතා කරන්නේ මෙම ක්රමවේදයයි.
ගොබෙල්ස් කලේ එකම බොරුව දිගටම කීමයි. මෙය අසා හුන් ජර්මනියේ ප්‍රාථමික ජනතාව ඒවා පිලි ගත්තේ ලු. එහෙත් ඊ නිව්ස් කියවන සී නිවුස් එකේ කොමෙන්ට් දාන අපේ බුද්ධිමත් ජනතාව එහෙම අන්දන්න අමාරුය. ඒ නිසා අපෙ කට්ටිය කරන්නේ වෙනම දෙයකි.
- හැන්සල් හා ග්රෙටල් කුඩු කන්ටේනරයේ හෙරොයින් අස්සේ දමාගෙන බෝල්ට් ඇණ ස්මගල් කරපු වෙලාවේ ළමයි දෙන්නව කන්න හදාපු හාමුදුරුවන්ට අපහාස කල අගමැතියා තාම ඉන්නවද කියා ෂුවර් නැත.
- හිරුනිකාලයි තාත්තට හීයෙන් විද්ද තැන දිය කින්දුරියට රඟපෑවේ එයා ද එයාලයි අම්මාද කියා ෂුවර් නැත

ඔවුහු දිගින් දිගටම කතා මවති. එකම සිද්ධිය ගැන කතා හත අටක් මවති. ඒවා ගැන අපිට හිතාගන්න බැරි තරම් කාරනා ගොඩක් රිලීස් කරති. කාරණාවෙන් කාරනාවට ඒවා පරස්පර විරෝධී වේ. කතන්දර ඔක්කොම සුරංගනා කතා වගේය. ඒවා කෙලින්ම අපේ සුරංගනා කතා විඥානය හරහා ගොස් කුඩා කල සිට අප එකතු කල සුරන්ගනා කතා අස්සේ පැලපදියම් වේ. අන්තිමට අපිටත් පැටලේ. උදාහරණ යහමින් දිය හැකිය.
- කන්ගැට්ටා මලේ ගමරාල එක්ක දිවිය ලෝකේ යද්දී අලියාගේ දල දෙක ගන්න හරි බිල්ලක් හැටියට හරි ලොරි තට්ටුව කඩා වැටුන නිසා ද කියා ෂුවර් නැත.
- හසිත මඩවල මැරුණේ කකුළු මාළු අස්සේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල කරබද්ජාන් නැවේ දෙවෙනි ඔෆිසරයා වෙඩි තියලද, ඒ වෙලාවේ කැප්ටන් හැඩොක් උන්නේ එක්ස්ටසි ගහලද කියා ෂුවර් නැත.
- කන්ගැට්ටා මලේ ගමරාල එක්ක දිවිය ලෝකේ යද්දී අලියාගේ දල දෙක ගන්න හරි බිල්ලක් හැටියට හරි ලොරි තට්ටුව කඩා වැටුන නිසා ද කියා ෂුවර් නැත.
- හසිත මඩවල මැරුණේ කකුළු මාළු අස්සේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල කරබද්ජාන් නැවේ දෙවෙනි ඔෆිසරයා වෙඩි තියලද, ඒ වෙලාවේ කැප්ටන් හැඩොක් උන්නේ එක්ස්ටසි ගහලද කියා ෂුවර් නැත.
- හැන්සල් හා ග්රෙටල් කුඩු කන්ටේනරයේ හෙරොයින් අස්සේ දමාගෙන බෝල්ට් ඇණ ස්මගල් කරපු වෙලාවේ ළමයි දෙන්නව කන්න හදාපු හාමුදුරුවන්ට අපහාස කල අගමැතියා තාම ඉන්නවද කියා ෂුවර් නැත.
- හිරුනිකාලයි තාත්තට හීයෙන් විද්ද තැන දිය කින්දුරියට රඟපෑවේ එයා ද එයාලයි අම්මාද කියා ෂුවර් නැත
- ශිරානි බණ්ඩාරනායක නම් නපුරු මායාකාරිය ඉතිරිකිරීමේ බැංකුවේ සේප්පුවට ඉදලෙන් අනින කොට චන්දරසිරි බණ්ඩාර මහත්තයා මායා බලයෙන් එයාට විශ්වාසබන්ගයක් එව්වද කියා ෂුවර් නැත
- රතුපස්වල තිබ්බ පොකුණට මිනිස්සු වතුර බොන්න එනකොට එකා එකා කාපු රාක්ෂයට හොරෙන් වෙනිග්‍රෝස් රබර් නල වලින් වතුර බොන්න පුරුදු කරපු නායක හාමුදුරුවන් ඇත්තටම උන්නද කියා ෂුවර් නැත
ඔහොම ඔහොම බොහෝ දේ මට ෂුවර් නැත. මට මෙන්ම බොහෝ චන්දදායකයින්ටද එසේ ෂුවර් නැතුවා වන්නට පිළිවන. ඒ නිසාම එකක් ෂුවර් ය. ඊයේ තිබ්බ චන්දෙන් ආණ්ඩුවට තාමත් සීයට හැටක් විතර ලැබී තිබේ. ෂුවර් එපමණකි.
මේ අනුව බත්කන මිනිසුන් රටේ ඉන්නේ සීයට හතළිහයි කියන අයට ඒ හතළිහේ චන්දෙන් පත් වූ එකාලා මාස ගානක් තටම තටමා සිට එක පාරට ආණ්ඩුවට පැන්නම බත් එක්ක කන්න නොමිලේ පුන්නක්කු දෙන්නේ ආණ්ඩුවෙන්ද විපක්ෂයෙන්ද කියා ආයිමත් ෂුවර් නැත.
ලෝකය නිර්මාණය වන්නේ කතා වලිනි. මීට වඩා පැහැදිලි චන්ද පසු විපරමක් අවශ්‍යද?
ප.ලි. ආතල් කැඩුණු චන්ද දායකයෙකුගේ කරච්චල් කෙඳිරිලි වලට උත්තර දෙනු නොලබේ.

//ලෝකය නිර්මාණය වන්නේ කතා වලිනි.//
ReplyDeleteකතා විධිමත් වන තරමට ලෝකය විධිමත්ය. සාමකාමිය. කතා අවුල් වන්නට වන්නට සියල්ලෝ උන්මත්තක වෙති.
ඒ කෙසේ වෙතත් මෙය උන්මත්තක චන්දයක් යයි කියන්නේනම් සදොස්ය. බුකියට අනුව නම් උන්තමත්තකය. නමුත් අයිටීඑන්/ස්වර්ණවාහිනී යේ විධිමත් රසිකයන් වන රත්මල්වැව ගම්මුන්ට සාපේක්ෂව මෙම මැතිවරණය නිරෝගීය.
විශිමත් කීවේ "නිරවද්‍ය" නොවේ කියා සිතමි. කෙතරම් සාවද්‍ය වුවද ඉතාම හොඳින් සංවිධාන ගත කල සුරංගනා කතා වලින් උදාවන සාමය වෙන මොකකින්වත් උදා නොවේ.
Deleteමොන්ටිසෝරි නලවන්නේ එලෙසිනි. ලංකාව ලොකු පත මොන්ටිසොරියකි.
පුලුවං නං බලන්න අමිල චතුරංගයත් මහ විකාර රූපී පෝස්ටුවක් ලියල තිබුණ... මේක ඊට හොදා වගේ...
ReplyDeleteඅනික් හැම පාරටම හඩා සංධානෙ ඩවුං කියන්නෙ...
අනික් හැම පාරටම වඩා මැතිවරණ පචංඩ කියා වැඩී කියංනෙ...
අනික්වා කියන්න බෑ...
ඤං පචං අහන්නෑ කියල තිබ්බනෙ
ඔය "පාර" ඔක්කොම යුධ ජයග්‍රහණයට ඉමිඩියට් පස්සේ නේ. ලඟදි තිබ්බේ අර ඇයි ටී එන් විතරක් පෙනෙන දිහාස් විතරනේ.
Deleteඅළුත් කතා පබඳින්නට හැක්කෝ ළොව දිණන්නේය..
ReplyDeleteපොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා !!!
Deleteජය වේවා
ආණ්ඩුව නම් පූසා ජිනිවා චණ්ඩියා ඉස්සරහ පිට උගේ අහිංසක පැණි පූස් මූණ් පෙන්නූ වහාම විපස්සය චූන් වී ඇත. පාරේ ගුටි කෑමට කැමති විපස්සයක් එනතෙක් ඇකිලස්ට කිසිවිටක පසුකිරීමට නොහැකි අවකලන ඉබ්බා මෙන් ආණ්ඩුව බලයේ සිටිනු ඇත.
ReplyDeleteහෂිත අයියා මීට වඩා දරදඬු ආණ්ඩුවකට පාරේ ගුටි නොකා ගෙදර යන පාර පෙන්නුවා චන්ද්‍රිකා. ඇවිත් කොලා තමයි අපිට ඉස්මුරුත්තේ යන්න. බට් ගේම දුන්නනේ ආණ්ඩුවට.
Deleteමෙතන අවුල ඒ වගේ නිරවුල් පදනමක් හදා ගන්න බැරි එක. අපි මේ ගෙවන්නේ සිරිමා මෙහෙයවපු 1980 දශකයේ ශ්‍රී ලංකා එකේ කාලය. දෙවෙනියාට උන්නේ අනුර. මතකනේ
රෙඩ් රයිඩින් හුඩ්ගෙ වයින් කන්ටේනරේ නිදහස් කරන්න කියල කියපු අමුබුලුවාවෙ දර කපන්න ටිකිරි ලියා එක්ක ගිහින් නකල්ස්වල ගොල්ෆ් කෝස් එකක් හැදුවද කියා ෂුවර් නැත!
ReplyDeleteහප්පේ කතා නං කොච්චරක්ද? 2005 නොවැම්බර් වලින් පස්සෙ පැටලුනු කතා විතරක් තීනව හාන්ස් පර්සි වික්‍රමසිංහට වඩා උසට ලියන්න.
කතා වැඩිවීමෙන් කතා මතක වේ. ඔන්න ඔතනයි අවුල. එහෙම අමතක වුනු කතා ඇති අහස් බරගානක් උසට. කවුද දන්නේ මතක නැහැනේ
Deleteමම කතා අහන්න ආසයි. අහලා ඒවා අනිත් අයට කියන්නත් ආසයි. අපි කතා අහන්නෝ සහ කතා කියන්නෝ වෙමු...එතකොට ඡන්ද ඕනම නැහැ..
ReplyDeleteනැහැ එතකොටයි චන්දෙ ඕනේ. 68% විතර බලයක් සින්නක්කරේට ලියා ගන්න.
Delete