Monday, March 10, 2014

මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට

අතුරුදහන්  වූ  MH370 මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට දුන්නොත් මොකද වෙන්නේ කියලා මංජුල සමරසේකර මහතා ෆේස්බුක් එකේ අහලා තිබ්බා. දැන් මේක ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් සතන් ශෝකයෙන් වෙලා ගත්ත මොහොතක් නේ. ඒ වගේ දුක්බර අවස්තාවක මොකුත් කියන ඒක හරි නැති හින්දයි මම කට පියාගෙන ඉන්න උත්සහ කළේ. ඒත් අපේ පොලිසියේ ඇතැම් ක්‍රියා ගැන හිතුවහම රටේ ජනතාවට ඊට වඩා දුක හිතෙන්න ඕනේ කියලත් මට හිතුනා.

ඔන්න ඔහොම දෙගිඩියාවක මේ ගැන හිතමින් ඉන්න අතරේ අතුරුදහන් වූ MH370 යානය ගැන පරීක්ෂණ කරන වගකීම අසල්වැසි රාජ්‍ය සියල්ල අසමත් වෙන කොට ශ්‍රී ලංකා පොලිසියටම ලැබිලා.

මේ ගැන ප්‍රකාශයක් කරන්න පොමා ප්‍රකාශක තුමා කල්පනා කළා. දැන් මේ පොමා තුමා නිදහස් ලේඛකයෙක් කියලා කියන උන්ට පිස්සු. [එතුමා තියා කේ කේ සර්ප කුමාර වැනි ලේඛනයේ පතාක යෝධයින් පවා ස්වාධීන ලේඛකයන් නොවේ. ඕකුන් ලියන්නේ ටෙම්ප්ලේට් වලට. සර්ප කුමාර නම් සයිමගේ ටෙම්ප්ලේට් කියලා ඒ වගේ වැදගත් පොත් කියවපු දැනුම් තේරුම් ඇති අය කියලා තිබ්බා]. පොමා ට ටෙම්ප්ලේට් හදන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. ඒත් මෑතකදී වෙච්චි වැඩේ තමා පොමාට ටෙම්ප්ලේට් වැඩි වීම.

ඉතින් පොමා එලෝ මෙලෝ නැතුව ටෙම්ප්ලේට් පෙරලන්න ගත්තලු. ඔක්කොම එක ගානට පට්ට සිරා නිසාත්, ඔය ඕන එකක් ගැහුවත් ගින්දර වගේ මෙතෙක් වැඩ කළ නිසාත් පොරට එකක් තොර ගන්න මාර අමාරුලු. ඔන්න ඔහේ වෙන වැඩකුත් නැති එකේ පොමා ලිව්වලු එක එක ටෙම්ප්ලේට් වලට.

කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
===================

පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්‍රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්‍රියේ ඔහු භාවිතා කළ බීඩි .....


කුඩු කන්ටේනර් ටෙම්ප්ලේට් එක
=======================

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පැහැරගත් හෝ පුපුරුවා දැමූ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම ක්‍රියාවට සම්බන්ධ කිසිවෙකුත් අගමැතිතුමා සමග සේවය නොකරන අතර ඒ සියලු දෙනා මාස කීපයකට පෙර ගුවන් යානා සොරකම් කිරීමට සැලසුම් කරන බව දැනගත් වහාම එතුමා සේවයෙන් ඉවත් කර තිබේ. හොර පාස්පෝට් මගින් ගමන් කළ දෙදෙනා එසේ සේවයෙන් ඉවත් කළ අය බව සැක කෙරෙන අතර ඒ දෙදෙනා අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් වියට්නාමය අසළ මුහුදට යවා ....


මන්දනා ඉස්මයිල් ටෙම්ප්ලේට් එක
========================

සෙනසුරාදා මැලේසියාව ආසන්න ගුවනේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව මංකොල්ලයක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාරේ යන වාහන නවතා මගීන් මංකොල්ල කන ආකාරයට නියමුවා හා සේවක පිරිස බැඳ දමා මගීන් මංකොල්ල කෑමට උත්සහ ගනිද්දී මේ අනතුර සිදු විය. මෙම මංකොල්ල කරුවන් එදින රාත්‍රී 12.45 ට හමුදා සේවය හැරගොස් ඇත.


වනාතමුල්ල ටෙම්ප්ලේට් එක
====================

සෙනසුරාදා මැලේසියාවේ සිට චීනය කරා ගිය ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව කියමින් කලහකාරී ලෙස හැසිරුණ එම ගුවන් යානයේ මගීන් ගේ ඥාතීන් ලෙස හඳුන්වා ගත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ. මෙම පිරිස සම්බන්ධ දර්ශන ගුවන් තොටුපොළවල සී සී ටී වී වල සටහන් ව ඇති අතර .....


එතුමා තව ලියනවලු. මට කම්මැලියි ඕයි ඔක්කොම රිපෝට් කරන්න.

15 comments:

  1. පට්ට ඕයි!

    අති සාර්ථක හතරවෙනි බ්ලොගේවත් මූට දිගට ලියන්න උත්තේජනය්ක් උනාට ගරු පො.මා ට මාගේ ප්‍රණාමය. යන විදියට ඉසරහට උඹට රස්සාව කරගන්න වෙලාවක් නැතිවෙයි!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලිපිය බෙදාගැන්ම පහසු වන පිණිස ටුවිටර,බුකි. ප්ලස් බටන් පොස්ටුවට පහලින් වැටෙන සේ ටෙම්පෙලෙට්ටුව සංස්කරණය කරන්නේ නම් මනාය.

    ReplyDelete
  4. ලංකාවෙන් ප්ලේන් එක හොයාගත්තු හැටිත් ලිව්වා නම් හොඳයි නේද අයියා :D

    ReplyDelete
  5. පට්ටේ හොඳම එක.. කියලා වැඩක් නැත..

    ReplyDelete
  6. මොනව කියන්නද බං ... ලියවිල්ලට....අපේ කවලුත් මේවටම උල් කටවල් බොල .... පස්ට එකේ සුපිරිය....
    ඉදල ඉටල මේම අකුරු දෙකක් කොටාන් බොගෙ ...මචෝ....

    ReplyDelete
  7. බුකියේ තවත් තෙනක පලවු අදහස් කිහිපයක්

    Post by Krishan Jayalath

    ReplyDelete
  8. ස්වයනතුරුදන්විමක් කියල ලියුමක් දිවුරුම්පෙස්සමක් හම්මබවෙන්නත් පුලුවන්.

    ReplyDelete
  9. ඉන්ටර්පොල් එකෙන් පොමාව හොයනවාලු උන්ගේ බොසා වැඩක් නැහැ කියලා. පොමා අපේ බොසා කියලා බෝඩ් අල්ලන් ඉන්නවා.

    ReplyDelete
  10. හැක් හැක් පස්ටයි

    ReplyDelete
  11. ෂා නියම ටෙම්ප්ලේට් ටික අෆ්ෆා

    ReplyDelete
  12. සැකේ සැකේ... පට්ට ටෙම්පලේට් ටිකය.... කතාව නං පට්ටය... පොමා මේක දැක්කොත් බෙල්ල සාරියකින් ඔතා ගන්නවා බුදු සුවර්ය...........

    අවන්හල

    ReplyDelete
  13. සමන්ත බඩ්ඩාගෙ එකෙන් පස්සෙ හිනාකාලා මැරුනා

    ReplyDelete