Thursday, May 29, 2014

ජවිපෙ 88-89 භීෂණ සමයේ කල ඝාතන ගැන සමාව ගනියි

88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්‍රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්‍රසිද්ධ රූපවාහිනියේ  හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්‍රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.

එහෙත් වඩාත් වැදගත් කාරණය 88-89 කල ඝාතන ගැන කරන සමාව ගැනීම නොවේ. ඇත්තෙන්ම එහෙම සමාව ගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබී නැත. [ඒ අනුව මෙය එවැනි දෙයක් දුටු පළමු අවස්තාව ලෙසද හැඳිනිය හැකිය]. එහෙත් වඩා වැදගත් වනුයේ එබඳු වනචාරි ක්‍රියා දෙසට යලිත් තල්ලු වී යාමට එරෙහිව තම සාමාජිකත්වය රිහැබිලිටෙට් කරවා ගැනීමයි. 88-89 සොරි කියා ලොක්කා කියද්දී වරෙවූ ධනපතියාගේ කැවුත්ත කන්න කියන පාක්ෂික ප්‍රජාවක් සිටීනම් ඒ සමාව ගැනීමේ පලක් නැත. 

මෑත අවධියේ බුකිය වැනි සීමා සහිත තෝරාගත් සාමාජික ප්‍රජාවක් අතර පවා මෙලෙස හැසිරුණු ජවිපෙ සාමාජිකයෝ උන්හ. එමෙන්ම 88-89 කමක් නැහැ කියා සාධාරණය නොකළ ජවිපෙ සාමාජිකයෙක් නැති තරම් ය. ආයිත් වරක් වුනත් රට හදන්න එහෙම සෙට් එකක් මරන්න අවශ්‍යයි කියා පොල්පොට් පාට් දැමූ අවස්ථා අනන්තවත් දුටුවෙමි.

88-89 ලිඳකට දැම්මා ඒ ලිඳෙන් ගොඩ එන්න ඒ විදිහේ වැඩ කරන්න ඕනේ කියන කතාව එසේ කියන ලද එක කතාවකි. මහවැලි ව්‍යාපාරය වගේ වැඩක් කරද්දී ගැඩවිල්ලු මැරෙන එකට කරන්න දෙයක් නැහැ කී මහතා ගැන මට තාම හිතා ගන්න බැරි අපිත් මොහොතකට හෝ ඔවුන්ට මානුෂිය පදනමක් තිබු බව සිතු බැවිනි [මේ උදාහරණයේ ලොකුම වරද නම් මහවැලිය හරවන්නේ හිතාමතා ගැඩවිල්ලු මරන්න නොවන මුත් ජවිපෙ තුවක්කු හැරුනේ ඒ මිනිසුන් හිතා මතාම මරන්න බවයි]. ඉතාම සුපිරිසිඳු සත්ගුණවත් ජවිපෙ සාමාජිකයෝ පවා තවම අවිගත් විප්ලව ගැන කියවති. ධනපති පන්තිය භෞතිකව මරා දමන හැටි ගැන කියවති. මේවා වෙනස් කිරීම සමාව ගන්නවාට වඩා බෙහෙවින් අසීරු නමුත් එතරම්ම වටියි.

කිනම් පසුබිමක වුවද සමාව ගැනීම ඉහලින්ම අගයන අතර, මේ වගේ පිරිසක් තුලින් කල්ට් එක වෙනුවට බුද්ධිමය ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් හදා ගන්නට අනුර කුමාර දිසානායක මහතාට [සහෝදරයට නොවේ] ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු.

7 comments:

  1. ජවිපෙ නං මොනා හරි හිතිල සමාව ඉල්ලුවයි කියමුකො... ඒක හොදයි කියලත් කියමුකො..
    ඇයි අනික් එක අර ඇං පී එකට ඔහොම කරන්න බැරි...
    මොකෝ නමුබුව රෙද්ද පල්ලෙං බේරෙයි කියලද...
    මට හිතෙන හැටියට ජෙප්පන්ට වඩා උං තමා මිනිස්සු මැරුවෙ

    ReplyDelete
    Replies
    1. ඔව් යූ එන් පී එකේ උන් ජෙප්පන්ට වඩා මරන්න දායක වුනා. උන් කලේ මැරෙන විදිහට කටයුතු සැලසීම. ඒ කියන්නේ ඔත්තු සැපයීම එහෙම. සමහර යු එන් පී සහ අනිකුත් වාම කල්ලි හමුදාවට අමතරව වෙනත් මිනීමරු කල්ලි ක්‍රියාත්මක කළා. එව්වට අපොලොජි නැහැ.

      මේ කතා ඇත්ත.

      හැබැයි මම ෆෝකස් කලේ මේ මොහොතේ පවා ඒ විදිහේ වැඩ කරන ආකාරයට හැසිරෙන ජවිපෙ පාක්ෂික චින්තනය ගැන. වෙනත් කිසිම පක්ෂයක් තමන්ගේ මනිෆෙස්ටෝ එකේ ඔහොම ලේ ගැලීම කියා දෙන්නේ නැහැ. ජවිපෙ වෙනස් කල යුත්තේ ඒ දේවල්. අපොලොජි එක අගයන මුත් අනාගතයේ එහෙම වෙන එක වළකන්නේ නම් ඊටත් වඩා අගයනවා.

      Delete
  2. මම හිතන්න්නෙත් මාර ගට් එකක් අ‍වශ්‍ය කතාවක් අනුර කියල තියෙන්නෙ... සමාව ගන්නවද කියන එක නිවේදකය තමයි කියන්නෙ.. අනුර එය අනුමත කිරීමක් කරන්නෙ.. [ බී බී සී සංදේශයෙ ගියෙ. ]

    මේ තියෙන්නෙ සාකච්ඡාව.. මිනි 8.49 සිට 12.16 දක්වා අහන්න..(ලබන අඟහරුවාදාට මේ ක්ලිප් එක ඕවර්රයිට් වෙනු ඈත)

    අබ කාපු එකාගෙ තමයි මොළේ දන්නෙ කියනව වගේ ... හෝදපු එක මඩේ දාන හැටිත් බලන්න..

    ReplyDelete
  3. Always look forward for such nice post & finally I got you. Really very impressive post & glad to read this. Good luck & keep writing such awesome content. Best content & valuable as well. Thanks for sharing this content.
    Web Development Company in Greater Noida
    Software development company In Greater noida

    CMS and ED
    CMSED

    Homoeopathic treatment for Psoriasis in greater noida
    Medical Entrance Exams Classes In Gwalior

    ReplyDelete
  4. i heard about this blog & get actually whatever i was finding. Nice post love to read this blog
    GST consultant In Indore
    digital marketing consultant In Indore

    ReplyDelete
  5. This article is a guest post on the significance of this post and how important it is for business to post it on their websites. In this post we are going to discuss why it is important for businesses to post a sign up sheet and other important Buy Twitter accounts things that one should consider when making this big investment. When making a big investment such as this one is very important to consider all aspects and that is why it is important for business to make sure that they post this on their websites. For those who are not able to make this post or understand its importance you can always check this out at my blog for more information.

    ReplyDelete
  6. This is very informative Post. I hope Author will be sharing more information about this topic. My blog is all about that Hair Transplant before and after & Hair_Fall_Treatment. To Book Your Service ��+91-9873152223, +91-9250504810 and be our Happy Client. Click Here for Contact us at Whatsapp no: https://wa.me/919873152223. Address - Vardhman Diamond Plaza, First Floor D.B. Gupta Road Pahar Ganj New Delhi – 110055.

    ReplyDelete