බොහෝ දෙනා දන්නා පරිදි ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් මීට දින කීපයකට පෙර බදුලු දිස්තික්කයේ කොස්ලන්ද ආසන්නයේ මීරියබැද්ද තේ වත්තේ සිද්ධ විය. මිය ගිය සංඛ්‍යාවන් ගැන නිච්චියක් තවම නැති අතර මල සිරුරු ඇත්තේ අඩි දහයක් විස්සක් පමණ පොලොව යට බව කියවේ. එම ස්ථානයේ පදිංචි පවුල් 120 පමණ ප්‍රමාණය සලකා මියගිය ගණන 400 සිට 50 දක්වා අනුමාන වන්නේ ගමේ පවුල් ගැන දත්ත අඩංගු කාර්යාලයත් ගම සමගම වැළලුනු බැවිනි [50 ක් හෝ තවත් අඩු වේවා කියා ප්‍රාර්ථනා කරමු]. පාසල් යාම නිසා පණ බේරුණු දරුවන් රැසක් වැළලුනු මවුපියන් ඉල්ලා හඬා වැටෙන මොහොතකි. මේ පූර්විකාව මෙතනින් අහවර කරන්නේ ඉතිරිය පුවත් වලින් කියවෙන නිසාය.
හරියටම ගලපා ගත නොහෙන මගේ ප්‍රශ්නය මේක මෙහෙම වුණේ ඇයි? මේක වලකා ගන්න තිබුනේ නැද්ද? එහෙමත් නැතිනම් අපේ රටේ ජන ජීවිතය මෙහෙම වන්නේ ඇයි? වගේ එකකි. තවත් බසකින් කීවොත් වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවේ මට ග්‍රහණය වන පැතිකඩක් ලෙස ද මෙය සැලකිය හැකිය. මේ අදහස් දැක්වීම තනිකරම මගේ ම නොවන්නේ පහුගිය දෙදින තුල මුහුණු පොත් අවකාශයේ මේ ගැන අදහස් බෙදා ගත් බොහෝ දෙනා නගන ප්‍රශ්න, ප්‍රති තර්ක හා එම සංවාද වල ඔවුන්ට ලියු පිළිතුරු සටහන් මේ ලියමන ට පාදක වන බැවිනි. ඒ සැමටම මගේ විශේෂ ස්තුතිය හිමි වේ.
මාධ්‍ය කියන පරිදි 2005 මෙම ස්ථානය [සහ අදාළ කොස්ලන්ද බෑවුම් ප්‍රදේශය] අනතුරුදායක කලාපයක් ලෙස හඳුනා ගෙන තිබේ. 2011 දී මෙම ස්ථානයේ ම නායයාමක් වාර්තා වේ. 2006 ද එවැන්නක් සිදු වී තිබේ. ඊට වසර කීපයකට පෙර [මං හිතන්නේ 2003 නායයාම් ගොඩක් වූ වසරේ වෙන්න ඕනේ] එවැනිම නායයාමක් වූ බවට එම පුවතම සාක්ෂි දරයි. මෙම එක නායයාමකින් [කිනම් අවස්තාව දැයි නොපැහැදිලිය] දස දෙනෙක් පමණ මියගොස් ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය නායයාම් ගැන ඉතිහාසයක් සහිත පෙදෙසකි.
ජනයාට විකල්ප ස්ථාන ලබා දී තිබ්බා ගියේ පවුල් 30 ක් පමණි කියා මුලදී කියැවුණු මුත් දැන් දැන් කියන්නේ ගෙවල් හැදුවේ 30 ක් පමණයි වගේ කතාවකි. එනයින් අනිත් මිනිස්සු යන්න කැමැත්තෙන් තමන්ට පහසුකම් ලැබෙන තුරු සිටියා වන්නට පිළිවන. නායයාමට පෙර දිනයේ මෙම වටාපිටාවේ කොහේ හෝ නායයාමක් සිදුවන බවට එම ගම්මාන වලට අනතුරු අඟවා තිබේ. වහාම ඉවත් වන්නැයි පවසා සිටිය ද මිනිස්සු එසේ ඉවත් වී නැත.
අවසාන කොටස පළමුව සැලකුවොත් ස්වාභාවික විපතකදී මිනිසුන්ට යන්න කියා කීවාම යන පුරුද්දක් පවතියි. මේ මිනිසුන් නොගියේ ඇයි කියන එක වෙනම සලකා බැලිය යුතුය. සමහර විට යන්න සුදුසු අනාත කඳවුරක් නොපැවතීම විය හැකිය. මිනිසුන් බලෙන් ඉවත් නොකළේ ඇයි කියා අසන අය ද සිටිති. ලංකාවේ ස්වාභාවික විපතක් නිසා මිනිසුන් බලෙන් ඉවත් කිරීමක් කල අවස්තාවක් මට මතක් වන්නේ නැත. එසේම නාය යාමක් යනු සුළි සුළඟක් මෙන් ස්ථිරව අහවල් දවසේ අහවල් තැන වෙනවා කියා කිවහැකි දෙයක් නොවේ. එසේ බලෙන් ගෙන යන්නේ නම් අවදානම ඉවත් වන/කරන තුරු මිනිසුන් තාවකාලික පදිංචියක තබාගෙන ඔවුන්ගේ ජීවනෝපාය සැකසිය යුතුය. අනෙක් අතට මෙය මීරියබැද්ද පමණක් නොව අවදානම් කලාපයේ සියලුම් ගම්මාන හා වතු වලට අදාලය. මෙතරම් බරපතල වැඩසටහනක් එකවර සැලසුම් කිරීම අපහසු කර්තව්‍යයකි.
මේ ගැටලුව අභ්‍යන්තරයේ පවතින තේ කර්මාන්තයේ ආකෘතියේ ඇති දැවැන්ත අර්බුදය ගැන කතා නොකරම බැරිය. වසර සියගානක් තිස්සේ ඇදෙන මේ කතාව ඇත්තෙන්ම ගැටළු දෙකකි.
පළමු වැන්න තේ වතු නිසා බිහි වූ දැවැන්ත පාරිසරික අර්බුදයයි. එන්න එන්න වැඩිවන ආන්තික කාලගුණ තත්වයන් එක්ක තේ වතු වගේ අස්ථාවර පද්ධති කඩා වැටේ. සුද්ද මේවා හැදුවේ අපේ පාරිසරික සමතුලිතතාවය ගැන අබමල් රොනක අවබෝධයකින් නොවේ. එමෙන්ම සුද්දා එළවා අල්ලා ගත් අපේ උදවිය මේවා නඩත්තු කරන්නේ සුද්දා ගේ තත්ත්ව පාලන වලට සමානව නොවේ. ස්වාභාවික වන වැස්ම විනාශය, අතහැර දැමු කොටස් වල යටි වගාව ප්‍රබල නොවීම, පිටස්තර ශාඛ භාවිතය, සුද්ද දැමු ගල්වැටි ඒ ලෙසින් නඩත්තු නොකිරීම ආදී ලෙස මෙම විකෘති සංයෝජනයෙන් ඇති වූ අර්බුද රාශියකි.
දෙවැනි දුක්බර කතාව නම් අකමැත්තෙන් චුවත් තේ වතු කියන්නේ ප්‍රවේණි දාස ක්‍රමයට දුවන ආයතන බව පිළිගන්න සිදුවීමයි. වත්තේ ගෙවන කුලිය බාහිර සමාජයේ ගෙවන ගානට වඩා බෙහෙවින් අඩුය. එහෙත් ලයිම තියාගන්න නම් පවුලෙන් එකෙක් හෝ වත්තේ වැඩ කල යුතුය. එසේ වැඩ නොකලොත් බාහිරයේ ශ්‍රම බලකාය සමග තරග කර කුලී වැඩ සොයා ගන්නා අර්බුදය ද ඉස්මතු වේ. වත්තෙන් එලියට ඒ මිනිසුන් ගෙන යාමේදී වත්ත හා සේවකයා අතර සම්බන්ධය බිඳෙන නිසා ලාබ ශ්‍රමය කොල්ල කන වත්ත ද රැකියා සුරක්ෂිතභාවය ගැන හිතන සේවකයා ද ඊට කැමති නැත. එමෙන්ම මේ මිනිසුන්ගේ පඩියෙන් මුට්ටි කාසි කොල්ල කා පාර්ලිමේන්තු යන වතු කම්කරු දේශපාලකයින් ද ඊට කැමති නැත.
වත්තෙන් පිටට සේවකයා ගත්තොත් නිදහස් ශ්‍රම වෙළඳපොලේ ගානට ශ්‍රමය මිලට ගන්නා තේ කර්මාන්තය මියයන අතර, ප්‍රමාණවත් තරම් කුලී වැඩ නැති නිසා ඒ මිනිස්සු රැකියා විරහිත වනු ඇත. මේ නිසා මිනිසුන් වක්‍රව වත්ත තුල රඳවා ගැනේ. එනයින් වත්තේ ඉන්නා මිනිස්සු වත්තේ සිරකාරයින් වේ. වතුවල පවතින පදිංචියට නුසුදුසු තත්ත්ව තුල දිගටම පීඩා විඳින්නට ඔවුන්ට සිදුවේ.
අවසාන කාරනාව ලෙස මා දුටුවේ වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවයි. ශ්‍රී ලංකාව අධික ජන ඝනත්වයක් සහිත රටකි. එහෙත් පාරිසරික ගැටළු ඇතිවන්න තරම් පාලනය කල නොහැකි මට්ටමට ජන ඝනත්වය වැඩි රටක් නොවේ. ඒ වුනාට අපේ රට තුල ජනගහන වර්ධනයේ "දැවැන්ත" අභියෝග ඉස්මතු වී ඇත. උදාහරණයකට අපිට වඩා ජන ඝනත්වය වැඩි ජපානය නෙදර්ලන්තය දකුණු කොරියාව තායිවානය වගේ රටවල ලංකාවේ තරම් පාරිසරික ප්‍රශ්න නොමැත. මීට හේතුව ලංකාවේ ජන විසිරියයි.
අපේ නාගරික ජනගහන ප්‍රතිශතය 18% කි. මෙය ඉතාම අඩු අගයකි. මෙය අප්‍රිකාවේ මධ්‍යම ආසියාවේ තියෙන අපිට වඩා ඝනත්වය අඩු රටවලටත් වඩා අඩු අගයකි. ලෝකෙන්ම අපිට වඩා නාගරික ජනගහන ප්‍රතිශතය අඩු රටවල් ඇත්තේ දහයක් පහළොවක් පමණ වන අතර අපේ වගේ ජන ඝනත්වයක් එක්ක 18% වගේ අඩු නාගරික ප්‍රතිශතයක් තියෙන එකම රට ලංකාවයි. ඒ කියන්නේ ලංකාවේ 82% ඉන්නේ රට පුරා පැතිරුණු ග්‍රාමීය පරිසර වල ය. ඒ නිසා රටේ හැම පාරිසරික පද්ධතියටම මිනිසා ගේ බලපෑම වැඩිය. අනික ඒ මිනිස්සු ඉන්නේ ආන්තික ස්ථාන වල හෝ වාසයට නුසුදුසු තැන්වල ය. අර ඉපැරණි ගම කියන එක ඉදිමිලා ඉදිමිලා ගොස් වනාන්තර අලින්ගේ ගමන් මාර්ග ගොවිබිම් අස්සෙන් රිංගාගෙන බෑවුම් වෙරළ ගන් ඉවුරු හැමතැනම විසිරී ගොසිනි. එය නාගරික වී පහසුකම් සහිත එහෙත් එක ළඟ එකතු වූ තත්වයට ඇවිත් නැත.
මේ නිසා ඒ ජනයා එම පරිසර වල ඇති අඩු පහසුකම්, ජීවත් වීමේ අවදානම් ආදිය විඳින අතර රටේ ගොවිබිම්, වනාන්තර, ස්වාභාවික පද්ධති ආදිය ඔවුන් නිසා හැකිලී, අනතුරට ලක් වී ඇත.
ප්‍රශ්න ගොඩකි. විසඳුමක් ලියන්නේ නැත. ප්‍රශ්න හඳුනා ගැනීමෙන් එහාට යමක් මේ කුඩා අවකාශයෙන් බලාපොරොත්තු නොවෙමි. විසඳුම් සෙවීමට හැකි මිලියන විස්සකි.
ප.ලි. නාගරික ජනගහනය පිලිබඳ මගේ දත්ත වලට පටහැනි වාර්තාවක් අපි දකිනවා නාලක ගුණවර්ධනගේ මේ ලිපියේ.
"2012 අවසන් වරට කළ ජන සංගණනයට අනුව මෙරට ජනගහනය 20,359,439ක් (මිලියන 20.36) වුණා. එයින් නාගරික යයි සැලකෙන ප‍්‍රදේශවල වාසය කළේ 18.2%ක් පමණයි.
එහෙත් මෙය මුලා කරවනසුලූ තරම් කුඩා ප‍්‍රතිශතයක් බව සංගණනය කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුවම ප‍්‍රසිද්ධියේ කියනවා.
... 1987 වන තුරු සුළු නගර සභා (Town Councils) බල ප‍්‍රදේශ ද නාගරික ලෙස සලකනු ලැබුවා. 1987දී ප‍්‍රාදේශීය සභා පිහිටුවීමත් සමග ඒවා අහෝසි වූ අතර, සියලූම ප‍්‍රාදේශීය සභාවල බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යයි පරිපාලන වශයෙන් පිළි ගැනීම ඇරැුඹුණා.’
... ‘1981දී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීම් සංශෝධනය කරද්දී ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ලෙස වර්ග කරනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් මත නොව මුළුමනින්ම දේශපාලන අවශ්‍යතා සඳහායි. ... ’ යයි ඔහු වරෙක පුවත්පත් ලිපියක කියා සිටියා.
... නොවැම්බර් 3-4 දිනවල කොළඹ පැවති නාගරික යටිතල පහසුකම් පිළිබඳ සමුළුව (LBR/LBO Infrastructure Summit 2015) අමතමින් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන භාර අමාත්‍ය චම්පික රණවක මේ ගැන කතා කළා. ඔහු කීවේ මෙරට නාගරික ජන ප‍්‍රතිශතය සැබැවින්ම 48%ක් පමණ විය යුතු බවයි. "