කාලෙක ඉඳල මේ ගැන කෙටි සටහනක් ලියන්න හිටියේ නිතර කට්ටිය මේ කතාව අහන නිසා. කෙසේ වෙතත් මේ වර්තමාන සිරියානු අර්බුදයේ ආසන්න ඉතිහාසය ගැන කෙටි සටහනක්.
ඉස්සරම ඔය දෙරට පාලනය කලේ අසාද් පියපුතුන් සහ සදාම් නේ. මේ දෙපිරිසම තම රටවල සුළු ජාතිකයන්. සුන්නි බහුතර සිරියාවේ ෂියා අසාද් වගේම ෂියා බහුතර ඉරාකයේ සුන්නි සදාම්. හැබැයි මේ දෙන්නම අයිති වන්නේ අරාබි බාත්වාදී [බාත් කියන්නේ පුනරුදයට] පක්ෂ දෙකකට. බාත්වාදය සමාජවාදයෙන් පොඩ්ඩයි නූතනවාදයෙන් පොඩ්ඩයි කලවම් කරාපු ඒකාධිපති පාලන ක්‍රමයක්. සේකුලර් වීම, රට සංවර්ධනය කිරීම ස්ථාවර වීම වාර්ගිකව නොසිතා රට ගැන සිතීම වගේ අගයන්න ඕනේ එව්වා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. දරදඬු යි, දූෂිතයි.
ඔය කාලේ දෙරටේම ආගමික අන්තවාදයට ඒ හැටි තැනක් දෙන්නේ නැහැ. දෙගොල්ලම එය තදින් මර්දනය කළා. කලාපයේ පැතිරෙන සුන්නි අන්තවාදය [අල් කයීඩා] මේ දෙරටට ම ආවේ නැත්තේ ඒ නිසා.
කිසිම තාර්කික හේතුවක් නැතුව අතේ පැලවෙන බොරු ටිකක් දීලා ඇමරිකාව සදාම්ව මැරුවට පස්සේ ඉරාකයේ බලය චන්දෙන් ආපු ෂියා මූලික රජයට යනවා. ඔවුන් බහුතරය. ඒ අතර සදාම්ගේ ආණ්ඩුවේ සහ හමුදාවේ බලය තිබ්බේ සුන්නි එවුන්ට නිසා ඇමරිකාව ඒ පාර්ශ්වයන් කොන්කරල ඔවුන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ෂියා රජය පත්වුනාට අතීතයේ සදාම් ශියාවරුන් තදින් මෙල්ල කර තිබ්බ නිසා ප්‍රබල හමුදාවක් හැදෙන්නේ නැහැ සදාම්ගේ හමුදාවේ වැඩි හරිය සුන්නි. ඉතින් ශියා ආණ්ඩුව කරන්නේ ෂියා මිලිශියා වල බලයෙන් රට පාලනය කිරීම. මේ නිසා සුන්නි වරුන්ට ඇමරිකන් පීඩන වලට අමතරව ෂියා ආණ්ඩුවේ මිලිශියා වලිනුත් බැට කන්න වෙනවා. සදාම් විසින් වළකා තිබ්බ සුන්නි ආගමික අන්තවාදය ඒ බැටකන සුන්නිවරුන් අතරට යන්නේ ඒ වෙද්දී. සදාම්ගේ යුද බලය සදාම් නැතිවුනාම ක්‍රමයෙන් සුන්නි අන්තවාදයේ සරණ යනවා.
ඔය අතරේ නියගයක් නිසා එන දුර්භික්ෂයක් හේතුවෙන් සිරියාවේ ඇතිවන උද්ඝෝෂණ තත්වයක් සහ එය මර්දනය කරන්න අසාද් එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර නිසා අලෙප්පෝ ආශ්‍රිතව මහජන නැගිටීමක් වෙනවා. ආරම්බයේ ඒක සාධාරණ මහජන නැගිටීමක්. පෙර වුනා සේ ම අසාද් ඔහුගේ යුද බලය දැඩි ලෙස මුදා හරිනවා. මේ සමගම උද්ඝෝෂණය කැරැල්ලක් වෙනවා. හිලරිගේ විදෙස් ප්‍රතිපත්තිය විසින් උස්සලා තියන අරාබි විප්ලවයේ කොටසක් ලෙස මේක හඳුනා ගැනෙනවා.
සිරියාව රුසියාවට සහය දෙන නිසා ඇමරිකාව මේ කැරැල්ලට සහය දෙනවා. සිරියාවේ අසාද් එකක් සතුරු නිසා තුර්කිය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. තුර්කියේ ක්‍රියාකාරිත්වය වැදගත්. මොකද අලෙප්පෝ වල කැරලිකාරයින් පරදින ගානට එද්දී තුර්කිය මිනිස් බලය පොම්ප කරනවා. මෙන්න මේ පොම්ප කල මිනිස් බලය ඇත්තෙන්ම පිටරටවලින් එන්නේ. ඒ බොහෝ දෙනා එන්නේ ප්රජාතන්ත්රවාදය ගේන්න නොවේ. ඔවුන් අතර ප්‍රචාරය යන්නේ ෂියා අසාද් එලවන සුන්නි ව්‍යාපාරයක් ලෙස. ඉන් තියරි මේ ජිහාඩ් එකක්. ඉතින් මේ මුස්ලිම්මු එන්නේ ජිහාඩ් කරලා මැරෙන්න. තුර්කිය දේශසීමා ඇරලා ලෝකෙම ඉන්න අන්තවාදීන් එවනවා. ඉරාක දේශසීමාවෙන්න පෙර කී ලෙස එහෙ හැදිච්ච සුන්නි අන්තවාදිනුත් එනවා. ඇමරිකාව ඇතුළු බටහිර [හිලරි විසින් මෙහෙයවූ ඔබාමා යටතේ තිබ්බ විදෙස් ප්‍රතිපත්තිය] මේ කරුණු දැක දැකම ඒ පොදු ව්‍යාපාරයට සහය දෙනවා. සටන ඉරාක සිරිය දේශසීමාවේ දෙපැත්තටම පැතිරෙනවා.
ඒ ව්‍යාපාරය ඇතුලේ ෆ්‍රී සිරියන් ආමි කියල ලේබල් එකක් තියෙනවා. ඊට අමතරව 2012 විතර තිබ්බ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා කියන නමත් තියෙනවා. ඇත්තෙන්ම භුමියේ එහෙම බෙදුමක් නැහැ කියලා මම ඒ දවස්වල පුවත් වල කියෙව්වා.
පස්සේ වෙන්නේ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා දෙකට කැඩෙනවා. අයිසිස් වෙන්නේ එහි වඩාත් අන්තවාදී කල්ලිය. අනික අල් නුස්රා දිගටම අල් කයීඩා එක්ක ඉන්නවා. අයිසිස් ගේ අරමුණ වෙනස් වෙලා ඔවුන් අනිත් අයත් එක්ක ගැටෙන නිසා ඔවුන් පැහැදිලිව වෙන්කළ හැකියි. අදටත් ෆ්‍රී සිරියන් ආමි, SDF ආදී ඇමරිකන් ආධාර ලබන කල්ලි සහ අල් නුස්රා වෙන් කරන්න අමරිකාවටමත් බැහැ.
කලාපයේ සුලුජාතියක් වෙච්ච කලාපයේ හැමෝගෙන්ම ගුටිකාපු කුර්දි බලවේග තමන්ගේ සහ සහෝදර යසිදී වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් වෙන්නේ මේ වෙලාවේ. අවාසනාවකට තුර්කිය තම පරම සතුරා ලෙස සලකන්නේ ඔවුන්. තුර්කිය කකුලෙන් අදිද්දීත් අයිසිස් එකට වැඩිම ෆයිට් එකක් දුන්නේ කුර්දි සටන් කරුවන්.
තුර්කිය මෙතන බයානක සෙල්ලම් ගොඩක් කරනවා. එකක් තමයි අසාද් පරදන්න අන්තවාදය නිර්මානයකරන්නේ තුර්කිය හරහා. අයිසිස් පවා අන්තවාදීන් බව දැනගෙනම නිර්මාණයට සහ පිරිස් බලය සැපයීමට ඔවුන්ගේ භුමිය භාවිතා වුණා. ඒ වගේම තෙල් ළිං වල බලය අල්ලාගෙන ඉන්න අයිසිස් අයගේ අවනීතික තෙල් බෝඩර් එක හරහා ලෝක වෙළඳපොළට එවීමෙන් තුර්කිය අධික ලෙස ලාබ ගන්න බවත් කියවෙනවා. යුද්ධය හේතුවක් කරගෙන කුර්දින්ට පහර දීම තමා අනික. අයිසිස් එකට දුවන්න ගහපු කුර්දිවරුන් නතර කලේ බෝඩර් එක ඉක්මවා ගිහින් ඔවුන්ට පහර දුන්නු තුර්කිය. කතාවට පර්ෆෙක්ට් දුෂ්ටයෙක් ඕනෙනම් එර්දොගාන් තමා ඒ.
ඇමරිකාව ඒ කාලේ උන්නේ ඔවුන්ගේ අන්තවාදීම විදෙස් ප්‍රතිපත්තියක. බුෂ් යුගය සහ ඔබාමා-හිලරි යුගය ඇමරිකාවේ අන්තවාදීම කාලයක්. ඉරාකයේ හෝ සිරියාවේ කිසිම ක්‍රියාකාරකමක් කරන්න ඔවුන්ට සාධාරනහේතුවක් හෝ කිසිම අයිතියක් නැහැ. දැන්වත් ඒක වෙනස් වේවි කියා හිතනවා. රුසියාව තමන්ගේ සිරියන් බල කඳවුර වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඒ සමහර ක්‍රියාවලින් කොපමණ ජීවිත හානි වුනත් ඔවුන් ගණන් ගන්නේ නැහැ. රුසියාවේ ප්‍රහාර අනිත් අයට වඩා වදින්න ඕනේ ඉලක්ක වලට වැදුනට රුසියාව කොහෙත්ම සාන්තුවරයෙක් නොවේ.
කෙටියෙන් කිව්වොත් මහජන නැගිටීමක් ලෝක දේශපාලන බලවතුන් කලාපිය අවස්ථාවාදීන් සහ කලාපයේ පැතිරෙන අන්තවාදය විසින් හයිජැක් කිරීමක් වෙන්නේ. මහජන නැගිටීම කියන ලේබලය යටතේ භුමියේ ක්‍රියාත්මක වන්නේ අන්තවාදීන් පිරිසක්. මෙතන හොඳ අය කවුරුවත් නැහැ. නරක අඩු සහ ස්ථාවරත්වයක් ගොඩ නැගිය හැකි පාර්ශ්වය තේරීම පමණයි කල හැක්කේ.
ඒක ප්‍රමාද වෙන දවසක් ගානේ අයිසිස් වගේ බලවේග වලින් ලෝකය පුරා වෙනත් ස්ථාන වල ඉස්ලාමික අන්තවාදය ප්‍රේරණය වීමත්, සංක්‍රමණ අර්බුදය සහ එහි සැඟවී යන ත්‍රස්තවාදයේ තර්ජනයත් එන්න එන්නම වැඩිවෙනවා. දවසක සිරියාවයි ඉරාකයයි සාමකාමී වුනත් ලෝකය පුරා එහි ශේෂයන් පැතිරීම වලකින එකක් නැහැ. ඇෆ්ගනිස්තානයේ පකිස්තානයේ බංග්ලාදේශයේ ඉන්දුනීසියාවේ නයිජෙරියාව මාලි වැනි අප්‍රිකානු රටවල අයිසිස් වල බලපෑම ඉස්මතු වෙනවා. ලෝකේ හැම තැනකම වගේ ඔවුන්ගෙන් ඉන්ස්පරේෂන් ගත්ත ප්‍රහාර එල්ල වෙනවා. මේ බලපෑම බොහෝ විට ඉදිරි දශක කීපයක ලෝකයේ ප්‍රමුඛම අර්බුදය වේවි.