මේක ගෙවීගිය සති කීපයේ (2018 මහනුවර සිංහල මුස්ලිම් ගැටුමේ) පසුබිම ගැන කෙටි සටහනක්. ෆේස්බුක් එකෙ ලිව්වට බ්ලොග් කලේ ටිකකට පස්සේ, ඊට එක හේතුවක් තමා තත්වය කොහෙට හැරේද කියා ඒ දවස්වල ෂුවර් නැතිවීම.
ඇයි මෙහෙම වෙන්නේ?
1. වීදි ප්රචණ්ඩත්වය:
මම දකින ලෙස මූලික ගැටලුව මේක. වර්ගවාදී ගැටුම් කියල කිව්වට වර්ගවාදය ගැටුම් දක්වා යන්නේ වීදි ප්රචණ්ඩත්වය නිසා. රෝගය වීදි ප්රචණ්ඩත්වය, වර්ගවාදී ගැටුම් එහි සිම්ටම් එකක්, පොකට් ගහපු ගෙවල් කඩපු උන් අල්ලලා මැරෙනකම් ගහල පොලිසියට බාරදෙන තැන පවතින ප්රචණ්ඩත්වයේ අවුල ම තමා අනෙක් තැන්වලටත් යන්නේ. පොලිසිය සහ නීති පද්ධතිය ඒ ගැන තදින් ක්‍රියා නොකලා ම පස්සේ එය වර්ගවාදී ගැටුම් වලදීත් යොදා ගන්නවා.
මම හිතන්නේ ලංකාවේ පාරේ ඇවිදින බොහෝ මිනිස්සු සත්‍ය හෝ මවාගත් හේතුවක් මත ඒ පාරේම ඉන්න තව එකෙකුට ගහල මරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු. මිනිස්සු එහෙම හිතන අය වෙන්නේ ඇයි කියල හිතුවොත් මේ ගැටලුවට මුල පෙනෙයි. මිනිස්සු නීති පොලිසි ගැන විස්වාස කරන්නේ නෑ, ප්‍රාථමික මට්ටමේ වෛරී හැගීම් නඩත්තු කරනවා. වීදි ප්රචණ්ඩත්වයේ මුල තියෙන්නේ එතන. 58, 83 ඇතුළු ලංකාවේ බොහෝ වර්ගවාදී ගැටුම් වලට ප්‍රධානම හේතුව වීදි ප්රචන්ඩත්වය
2. නූගත්කම/නොදැනුම/වැරදි දැනුම:
කිසිත් නොදන්නා කෙනෙකුට වඩා දෙයක් හරියට නොදන්නා කෙනෙක් භයානකයි. ලංකාවේ පවතින මූලික ගැටලුව දැනුම ගැන හරි කියවීමක් නැති කම. ඒ මතට අන්තර්ජාලය වගේ සීමා විරහිත මාධ්‍යයක් පතිත වුණාම මිනිස්සු මොන මොනවා කොහොම අවබෝධ කරගන්නවාද කියන එක හිතාගන්න බෑ. අනික දැන් පුවත්පත් වගේ මාධ්‍ය උනත් හෙවිල්ලක් නැතුව ගන්නේ ඒ අන්තර්ජාලෙන්. මෙන්න මෙහෙම වැරදි දැනුම එකතුවන්න හා සංසරණය කරන්න ලැබෙන අවකාශය සහ එය වටහා ගන්න තරම් අවබෝධ ශක්තිය අහිමි වීම තමා දෙවෙනි ප්‍රධාන හේතුව.
ලංකාව පාරම් බානවා අපි ඉහල සාක්ෂරතාවයක් සහිත රටක් කියල. හැබැයි ඒ ඉහල සාක්ෂරතාවය එන්නේ මිනිස්සු සබුද්ධික වෙලා ඉගෙනීම ලබාගෙන නෙවි. සුද්ද සහ දේශීය විද්වත් සමාජය හදල පස්සේ රජයෙන් පූර්ණ ලෙස නොමිලේ ලබාදුන් විශාල අධ්‍යාපන පද්ධතියක් තියෙන නිසා. මිනිස්සු ඒ අධ්‍යාපන පද්ධතිය දෙන සාක්ෂරතාවය දරන්න තරම් බුද්ධියෙන් මෝරා නෑ. බුද්ධිය මෝරා නැති සමාජයක සාක්ෂරතාවය ඉහල යාම එක අතකට අනතුරුදායක තත්වයක්. ඒ සමාජයට අන්තර්ජාල පහසුකමත් ආවාම ...
කෙසේ නමුත් මෙයට විසඳුම දැනුම හෝ දැනුම් මාධ්‍ය සීමා කිරීම නොවේ. එහෙම සීමා කිරීමක මුලින්ම සීමා වන්නේ නිවැරදි දැනුම මිස වැරදි දැනුම නොවේ. මෙයට විසඳුම ජනයාගේ කොමන් සෙන්ස් වැඩි දියුණු කිරීම පමණයි. ඒ සඳහා පදනම වෙන්න ඕනේ පවතින ආගමික වාර්ගික සංස්කෘතික පද්ධති. ඒ පද්ධති වලට ටීවී එකෙන් හූ කියල මිනිස්සු දැනුවත් කරන්න බෑ. ජනයා දැනුවත් කරන්න තාමත් තියෙන හොඳම මාධ්‍යය පන්සල් පල්ලි කෝවිල් තමා.
3.වර්ගවාදය:
ඔව් වර්ගවාදය තුනට දැම්මේ හිතා මතාම. මොකද පෙර කී කරනු දෙක වර්ගවාදයට වඩා වත්මන් අර්බුදයට හේතු වෙනවා. වර්ගවාදය රෝපණය වන්නේ ඒ හේතු දෙක විසින් ලේ හැලීම් සහ ගැටුම් වලට සමාජය දක්වන ප්‍රතිශක්තිය හීන කල පසුබිමක. මේ පසුබිමේ වර්ගවාදී වෙන්න එපා කිව්වට වැඩක් නෑ.
වර්ගවාදය කියන එක මම දකින්නේ රියක්ෂන් එකක් ලෙස. හැබැයි වර්ගවාදී කණ්ඩායම් රාශියක් ඉන්න නිසා එකිනෙකා ගේ ක්‍රියා, කල බවට සැක හිතන ක්‍රියා සහ නූගත් කම එක්ක මේ වර්ගවාද රියක්ෂන් එක අන්‍යොන්‍ය ලෙස වර්ධනය වෙනවා.
හැබැයි ලෝකේ බොහෝ තැන්වල වර්ගවාදී අදහස් හිත්වල කඩදාසි වල මිය ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. වීදි ප්රචන්ඩත්වය ඒ වර්ගවාදී අදහස් වලට සරු බිමක් සපයනවා
උයාල වර්ගවාදී වෙන්න එපා ෆෙන්ස් කියල ලියල වැඩක් නෑ. වර්ගවාදී ක්‍රියාවලට බලපාන පසුබිම් සිද්ධි බාහිරයෙන් එන අන්තවාද , විවිධ දේශපාලන කල්ලි සහ විවිධ විකාර නීති පද්ධති ඉවත් වෙන්න ඕනේ සක්‍රිය සෙකුලර් තනි නීතියක් ලබාදෙන සුරක්ෂිතබව වර්ගවාද යටපත් වෙන්න හේතුවෙයි.
ඒ මිසක වර්ගවාදීන්ට කුණුහරුපෙන් බැන්න කියල උන්ගේ වර්ගවාදී සිත් නිවී පහන් වෙන්නේ නෑ.
4. පාර්ශ්වික මානවවාදය:
කට්ටියකට අනුව සුළු ජාතින් තොත්ත බබ්බු. තව කට්ටියකට අනුව සුළු ජාතීන්ට ප්රචණ්ඩව හැසිරෙන්න පරම අයිතියක් තියෙනවා. මේ මතවාද කියන්නේ බොහෝ දැන උගත් තමන් මානව ප්‍රේමින් ලෙස හඳුන්වන පිරිස්. එහෙත් මේ පිරිස් වක්‍රව කරන්නේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක්. මෙයාල ප්‍රධාන ප්‍රවාහය ග්රහනය කරගන්නේ නෑ. මෙයාල මහජාතිය තියා සුළු ජාතියටවත් ආමන්ත්‍රණය කරන්නේ නෑ. මෙයාල කරන්නේ උන් තවත් අවුලන එක. ප්‍රකෝප කරන එක.
මේ සෝ කෝල්ඩ් මානවවාදීන් කියන ආකාරයෙන් ම ඔවුන් කරන්නේ සිය කේන්තිය පිටට දැමීමක්. ඒ උදෙසා පාර්ශ්වීය ලෙස ප්රකෝපකාරී කතාවක් ලියනවා. උන්ගේ කේන්ති සහගත කතා ප්රශ්නය තවත් අවුලනවා.
අනික ඔවුන් මෙසේ කරන්නේ ගැටුම සමතයට පත්කරන අරමුණින් නොවේ. තම කේන්තිය පෙන්වීම, තමන් ලොකු මානවාවාදියෙක් කියා පෙන්වීම, තමන්ගේ පොරභාවය ප්‍රදර්ශනය කිරීම සහ දේශපාලන ඇරියස් ඇල්ලීම තමයි අරමුණු වන්නේ. මේම අර්බුදයේ භයානකම සහ දුෂ්ටම පාර්ශ්වය මොවුන්.
5. වාරණය:
සමාජ මාධ්‍ය වාරණය කරලා රටේ කෝලාහල නැති කරන්න බෑ. මාධ්‍ය නොවන තනි පුද්ගලික සන්නිවේදන ක්‍රම සක්‍රීයයි. අවශ්‍ය නම් එස් එම් එස් වගේ ක්‍රම වලින් ඊමේල් වලින් සංවිධානය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නැති අවස්තාව සියල්ලට වඩා භයානකයි මොකද එතන සක්‍රිය වන්නේ කටකතා පමණයි.
එපමණක් නොවේ. වාරණය සමග කෝලාහල වලට පෙළඹෙන අයට හැගීමක් දෙනවා තත්වය මීට බරපතලයි ඒ නිසා තමා වහන්නේ කියල. ඒ නිසා වහල දැම්මම උන් තවත් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා, කල යුත්තේ පුවත් වේගවත්ව ජනයාට ලබාදීම. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීම.
6. මිත්‍යා:
මේ සමග කතිකාවට ගන්නවා මම දැක්ක මිත්‍යා වාරණය කල යුතුයි කියල. මිත්‍යා කියන්නේ මොනවාද? මිත්‍යා තීන්දු කරන පද්ධතිය කුමක්ද? මිත්‍යා තීන්දු කරන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවේ මතය නොවන සියල්ල මිත්‍යා කියල කිව්වොත් මොකද කියන්නේ? මේ වගේ නිසි අර්ථ දැක්වීමක් දෙන්න බැරි දේවල් වලට වාරණ ලයිසන් ලබාදීම හරියට හිස් කොලේක අත්සන දාල දෙනවා වගේ වැඩක්.
මිත්‍යාවට එරෙහිව කියල ලංකාවේ කරන්නේ මිනිස්සුන්ට මැද ඇඟිල්ල පෙන්නලා රෙද්ද ඉස්සීම තමා. එව්වා නිසා වෙන්නේ මිනිස්සු තවත් විකර්ෂණය වීම පමණයි. අර යතා රූප කියල කොමිටලයක් ගියේ මං පොර සමාජ විරෝධීන්ට මිනිසුන්ට සරම උස්සන්න ග්‍රවුන්ඩ් එකක් හදාපු. ඔව්වයෙන් වෙන්නේ මිත්‍යාව පැතිරීම නැවතීම නෙවි මිත්‍යාවට ගොදුරු වෙච්ච එකා ප්‍රකෝප වීම.

මේ සිද්ධි සම්භන්දයෙන් දැකපු හොඳම විවරණය.
ReplyDeleteවිශේෂයෙන්ම පළමු කාරණය. ලංකාවට, ඉන්දියාවට පොදු වීදි ප්රචණ්ඩත්වය යන සාධකය මේකට අදාල කරනවා දැක්කෙ ඔබ පමණයි.
වීදි ප්රචණ්ඩත්වය ට මම හිතන ප්‍රධානම හේතුව තමයි කරන්න වැඩක් නැති ලංකාවේ පිරිමින්ට (සියලුම ජාතීන්) නිකරුනේ රැදී සිටින්න (hang around ) තිබෙන එකම අවකාශය පාර අයින වීමයි. එදිනෙදා යෙදීමට නියමිත් වැඩක් නොමැති , එහෙයින්ම බොහෝවිට නිසි ආදායම් මාර්ග අහිමි මොවුන් වීදි ප්රචණ්ඩත්වය සලකන්නේ තමන්ගේ පැවැත්ම තම අවට සිටින්නන්ට සහ තම පවුල්වල උදවියට මතක් කර දීමට ලැබෙන අවස්ථාවන් හැටියටයි.
මෙය ජාතික සහ සංස්කෘතික ප්‍රශ්නයක් ලෙස විමසා බැලිය යුත්තක් බව මගෙත් හැගීමයි.
Mundeer