Friday, October 21, 2011

උපක්‍රමික යටත් වීම

ඒ වන විට යුද්ධය උපරිමයේ තිබිණ. යුද්ධය සියලු විනාශකාරී සීමාවන් ඉක්මවා ගොසිනි. දැවැන්ත ජීවිත විනාශයක් සිදුව තිබේ. මේ ජීවිත විනාශයට වග කිව යුතු නායකයෝ නිරුපද්‍රිතව සැඟවී හුන්හ.

ඕනෑම දෙයකට ඇත්තේ සීමිත කාලයකි. සැඟවී සිටීමටත් එසේමය. විජයග්‍රාහී හමුදා සැඟවුම් ස්ථාන ආසන්නයටම පැමිණ ඇත. නායකයින්ට සාමය මතක් වූයේ අනුන් මත මෙතක් කල් හෙලූ මරණයේ චායාව තමන් මත ම වැටෙන විටයි.

ඔවුන් එලියට ආවේ සැඟවී සිටියොත් කොහොමත් මරණය නියත බැවිනි. ඔවුන් යටත් වන්නට හිතුවේ ඒ තුලින් ජීවිතය ගෙන නැවත දිනයක මේ සටන අරඹන්නටයි. ඔවුන් හුන්නේ නිරායුධවයි.

විජයග්‍රාහී හමුදා ඔවුන් මරා දැමූහ.

"මේ ඝාතන යුධ අපරාධයන්ද?"

අපි ඇමරිකාව යුරෝපය කැනඩාව ඔස්ට්‍රේලියාව ඇතුළු විනිශ්චය මණ්ඩලයෙන් ඇසුවෙමු.

"නැහැ මේවා සාධාරණ ඝාතන. කොහොමත් ඔවුන් මිනි මරුවන්. ඔවුන් දහස් ගණනක් මරලයි ඉන්නේ. ඉතින් මේ ඝාතනය සාධාරණයි. අපි ගඩාෆි ඝාතනය යුධ අපරාධයක් ලෙස දකින්නේ නැහැ"

විනිශ්චය මණ්ඩලය පැවසීය.

"ගඩාෆි?"

අපි විපිළිසර වීමු.

"මොන ගඩාෆි ද? අපි මේ අහන්නේ අහිංසක පොඩි එවුන් බිල්ලට දීලා ජීවිත දහස් ගණනින් මරලා, අන්තිමට හමුදාව තම එලි පත්තට ආවාම යටත් වෙන්න ආවා කියා ඔබ කියන දෙමල ඊලාම් කොටි නායකයින් ගැන"

තිරය වැසින.

ඉංග්‍රීසි පරිවර්තනය:

http://srilankadefenceforum.blogspot.com/2011/10/tactical-surrender.html

http://defenceanalytics.blogspot.com/2011/10/tactical-surrender.html


9 comments:

  1. තිරය ඇරෙන්නේ කපුවාට ඕන විදියට විතරයි..

    සුජීව පුළුවන්නං මේ කමෙන්ට් ‍කරන්න තියෙන විදිය වෙනස් කරන්න ඒක අපට පහසුවක්...

    ReplyDelete
  2. @මාරේ "Embedded below post" විදිහට හැදුවා. ඒක නේද කිව්වේ. බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  3. පැහැදිලිවම double standard. ගඩාෆි විතරක් නෙමෙයි, බින් ලාඩන් උනත් නිරායුධව ඉන්න වෙලාවක වෙඩි තියපු එක ගැන මේ කවුරුවත් ප්‍රශ්න කරන්නෙ නෑ. අන්තර්ජාතික සංවිධාන, ජනමාධ්‍ය වල මේ පක්ෂග්‍රාහීකම තවත් හොඳට පේන අවස්ථාවක් තමයි "occupy wall street" සිද්ධිය.

    කොහොම උනත් බලය සදාකාලිකයි කියල හිතාගෙන අවනීතියෙන් කල්ගෙවන කොයි කාට උනත් හැදෙනව නම් හැදෙන්න මේව හොඳ පාඩම්.

    ReplyDelete
  4. ඔව් සූජීව..මේක තමයි මම කිව්වේ..ඒක ලොකු පහසුවක් එක පාරින්ම කමෙන්ට් කරන්න පුළුවන්... අර විදියට තියෙනකොට කමෙන්ට් එකක් දාන්න ඕන උනත් තව පේජ් එකකට යන්න තියෙන කම්මැලි කම හින්දා අතෑරලා දාන අවස්ථා වැඩියි. ඒත් මෙහෙම තියෙනකොට නිකංම කොටලා දාලා ගියෑකිනේ... ඒක පොදුවේ ගත්තම කියවන්නාට වගේම ලිපියේ අයිතිකාරයටත් හොඳ දෙයක්...

    ReplyDelete
  5. කබරගොයි තලගොයි න්‍යාය.

    ReplyDelete
  6. සුජීව මේකෙ කමෙන්ට්ස්වල අකුරුත් ලොකු කරමුකො. :D

    ReplyDelete
  7. උපරිමයි!

    කපුවා දේවාලේ කැත කළාට දෙවියන් තරහ වන්නේ නැත.

    ReplyDelete
  8. කමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක ලොකු කරන හැටි කවුරු හරි දන්නවද? මම මේ ට්‍රයි කරන්නේ පොස්ට් එකේ ෆොන්ට් සයිස් එක ලාජස්ට් කලාම හරි යනවද කියා

    ReplyDelete
  9. සුජීව බ්ලොග් එකේ ඩෑෂ් බෝඩ් එක හරහා ඩිසයින් වලට ගිහින් එතනින් ටෙම්ප්ලේට් ඩිසයිනර් යන්න..එතන පහලම තියෙනවා ඇඩ්වාන්ස් කියලා ටැබ් එකක්.. ඒකේ ඇති ඔයාට ඔන කරන වෙනස් කම් කර ගැනීමේ පහසුකම... මං ඔය ඉංග්‍රිසි දන්නේ නැති හින්දා හරියටම කෝකද කියලා කියන්න දන්නේ නැහැ..ඒත් ඒවා එකින් එක වෙනස් කරලා ඕක කර ගන්නනං මට පුළුවන්..:D:D:D

    ReplyDelete