ළඟ ළඟම දිව එන, පියවරක් වැරදුනොත් මා සපාකන, රෞද්‍ර ව්‍යාඝ්‍ර තෙම ප්‍රොජෙක්ට් සුපවයිසරයාණෝය. මා පය පැකිලෙනු දැක මේඝ ගර්ජනාවෙන් සකල සක්වලම කළඹමින් එක්වනින් මා ගිල දමන්නට එන්නේ මැනේජර තුමා වේ. තොප තොපේ උන් කා ගනිය, මට ද කටුවක් ඉතිරි කරව යනාදියෙන් මැදහත්ව සිතා පසෙක බලා සිටිනුයේ ක්ලයන්ට උතුමාණෝය.
මේ සියලු මහේශාක්‍යයින් ඉදිරියේ දෑත් දෙපා සිර වී උකටලීව බලා සිටින්නා එම්ප්ලෝයී වන මම්ම වෙමි.
සබඳ සුජීවයිනි, නිමේෂයක් සිතව,
ReplyDeleteසැබැවින්ම තොප අසිරිමත් මනුෂයෙක් වන්නාහුය. බ්ලොග් වලට මහත් සේ ස්නේහ වඩන්නාහුය. එනිසා උපෙක්ෂාවෙන් බලා කාළය කළමණාකරණය කර කන්තක අසු හට කෑම සැපයීම මැනවි.
ඒ ඇම් එස් සී අසු ලද කල් හි තොප ගේ ඔය මන දොල සපිරෙන්නේය. එවිට කලි කලහයෙන් තොරවු මේ සත්ව කැල ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින්, සොඳුරු තෙපුල් බෙණෙමින් නුඹට සුබපතන්නාහුය.
ලකියනි සැබෑවක් මයි.
ReplyDeleteකන්තකයාට අහර සපයා නෙරන්ජනාව පනින්නට සිතා සිටින්නෙමි. එහෙත් නොරට සිටු ගෙදර අල කලංචිය දුර දිග ගියොත් නෙරන්ජනාවේ ඉවුරු උතුරා යනු ඇත. එවිට පනින්නට අපහසුයි.
ගංගා තොමෝ ද උතුරා යන්නෝ අප මැ පනින්නට හිතුවොත් මැයි.
අහෝ! කිනම් වනයෙකට වුව පොදු සොබාදම් නියමයෙක. මනායැ. මනායැ.
ReplyDelete