සිංහල සහ දෙමල වාර්ගිකයන්ගේ/ජාතීන්ගේ අතීතය ගැන විග්නේස්වරන් මතය වඩාත් සවිස්තරව කියවෙන දෙවැනි ලිපියක් ඒ මහතා පළකර තිබේ.
දුටුවනින් ප්‍රශ්න කලයුතු කාරණා කීපයක් දකින්න ලැබෙන අතර එහි සමහර දත්ත පවතින දැනුම තුල නිරවද්‍ය වන බවක් නොපෙනේ. එහෙත් ඒ ගැන සංවාදය කරන වගකීම සහ වෘත්තීය නිපුනතාවය හිමිවනුයේ විෂය ප්‍රාමානිකයන්ට නිසා ඒ ගැන වැඩිපුර ලියන්නේ නැත.
විග්නේස්වරන් නගන පහත තර්ක සලකන්න.
1. විජය කෙනෙකු ලංකාවට ආ බවට ඉන්දීය මූලාශ්‍ර නැත. ඒ නිසා එය තනිකර වංශකතා කරු ගේ නිර්මාණයකි [මෙය විවාදාත්මක එහෙත් සපුරා අහක දැමිය නොහැකි කතාවකි]
2. විජය හෝ වෙනත් කාට හෝ බිරියන් ගෙනාවේ මදුරා පුරයෙන් හෙවත් පාන්ද්‍ය දේශයෙන් නිසා ඔවුනුත් අර්ධ දමිළ වේ [මෙය සිංහල වංශකතා අනුව ද එසේමය]
3. විජයාගමනයට පෙර පටන් ලංකාවේ පැවති ශිෂ්ටාචාරය දකුණු ඉන්දීය කලාපයේ හෙවත් අනාර්ය ශිෂ්ටාචාරයකි [තාර්කිකව නිරවද්‍ය ලෙස සැලකිය හැකිය]
4. දේවානම් පියතිස්ස සහ පූර්වජයෝ දමිළ බස කතා කළෝය [කිසිම තාර්කික පදනමක් නැත. ඒ කාලවල සෙල්ලිපි ලියවී ඇත්තේ දෙමලෙන් නොවේ. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]
5. සිංහල බස බිහිවන්නේ දෙවානම්පියතිස්සට සියවස් අටකට හෝ දුටුගැමුණු ට සියවස් හයකට පසුය. ඒ අනුව මේ රජුන් ද දමිළ බෞද්ධයෝ ය [සිංහල බස එහි පූර්ව අවස්ථා එක්ක දක්වන සම්බන්ධය දමිලයෙන් පිටස්තරය. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]
6. අනුරාධපුරයේ දමිළ රජුන් දමිලයින් ලෙස සැලකුවද සිංහල රජුන් සිංහල ලෙස වංශකතා වල සලකා නැත [මගේ කෙටි දැනුමෙන් මෙය නිරවද්‍ය නොවේ. සිංහල කියන යෙදුම විජයාදී පරපුරට යෙදෙන බව මගේ මතකයයි. එහෙත් මෙවරත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]
තර්කයේ පහසුවට ඒ මහතා කියන කතාව නිවැරදිය කියා සලකමු. එපමණකින් ම පවා දමිළ බෙදුම්වාදයේ ඉතා වැදගත් තර්කයක් බිඳ වැටේ.
ඔහුට අනුව ලංකාවේ රාජ්‍ය කල මිනිසුන් දමිළ බස කතා කල මිනිසුන් පිරිසකි. විජය නම් කෙනෙක් පැමිණි නැති අතර අනාදිමත් කලෙක සිට දකුණු ඉන්දීය ශිෂ්ටාචාර සලකුණු සමග ඔවුහු ජීවත් වූහ, පසුව අශෝකගෙන් බුදුදහම සහ පාලි බස ඔවුන්ට දායාද විය. පසුව ඒ පාළි බස දමිළ බස සමග මිශ්‍ර කොට සිංහල බවට හරවන ලද්දෝය. එදා පටන් අද දක්වා සිංහල කියන්නේ ඒ ප්‍රජාවටයි. මේ මගේ මතයක් නොව විග්නේස්වරන් කියන මතයයි.
විග්නේස්වරන් මේ හරහා වැදගත් කාරනාවක් පිලි ගනියි. එනම් කිනම් බසක් කියෙව්වත් කිනම් සංස්කෘතික ලක්ෂණ දරුවත් සින්හල නම් ප්‍රජාව එදාපටන් ලංකාවේ හිටි අය බවයි. ඔවුන් රටේම පැතිරී හුන් බවයි. අනුරාධපුර අගනුවර ඔවුන්ගේ රාජ්‍ය කාල අමුතුවෙන් සිංහල ලෙස ලියා නැතිමුත් දමිළ රාජ්‍ය කාල එසේ ලිවීමෙන් ඒ දෙවැන්නා ගේ බාහිර භාවය සනිටුහන් වේ. ලෝකයේ වෙනත් බොහෝ ජාතින් මෙන්ම සිංහල ප්‍රජාවත් උතුරු දකුණු ඉන්දියා දේශ සහ දූපතේ පාරම්පරික ජනයාගේ මිශ්‍රණ විය හැකිය. පාන්ද්‍ය සම්බන්ධය ඒ නිසා අමුත්තක් නොවේ. ඒ සියලු සම්බන්ධ වලින් බිහිවූ එක ප්‍රජාවක් ඒ මුළු කාලයේම සිය අනන්‍යතාවය බිහිකරගත් බව පමණක් වැදගත් කාරණයකි. මොන බසක් කතා කලාද මොන සංස්කෘතියකින් පටන් ගත්ත ද යන්න අදාළ නැත.
මේ සියල්ල අනුව සිංහල නමින් දැන් හැඳින්වෙන ප්‍රජාව මිස ඇතැම් බෙදුම්වාදීන් කියන්නාක් මේන් දමිළ ප්‍රජාව ලංකාවේ අනාදිමත් කලෙක සිට පාලනය ගෙනගිය ස්වදේශික මුල් පදිංචි කාර ඉන්ඩිජිනස් හෝම්ලෑන්ඩ් එකක හිමිකරුවන් නොවේ, අදාළ අර්ථදැක්වීම හිමිවන්නේ දේවානම් පියතිස්ස දුටුගැමුණු ආදීන්ගෙන් පැවතෙන ප්‍රජාවට බව විග්නේස්වරන් කතාවෙන් ගම්‍ය වේ.
ප්‍රජාවෝ කාලය තුල බස සංස්කෘතිය ක්‍රමිකව වෙනස් කරති. ඒවා ගැන විග්නේස්වරන් හරි හෝ වැරදි විය හැකිය. දෙමල බසට වඩා අතීත පැවැත්මක් දිනා සිංහලය ලෝක වාර්තාවක් කරන්නට කාටවත් ඇම්මක් ඇති බවක් නොපෙනේ.
එහෙත් විග්නේස්වරන් අතින් දෙමල බෙදුම්වාදයේ එක සුරංගනා කතාවක් මනාකොට බිඳ වැටෙන බව පමණක් අපි දකින්නෙමු.