Monday, June 29, 2026

රට ගිය ඇත්තන්ගේ ක්‍රීඩා ආක්‍රමණය

සංක්‍රමණික ලාංකීය පවුලක දැරියක් වන ටියානා සුමනසේකර කියන්නෙ ඇමරිකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙ උපරිම තලයේ ඉන්න ක්‍රීඩිකාවක්. එහෙත් ඇයට ඔලිම්පික් තරගවලට සහබාගි වෙන්න බෑ මොකද ලෝකෙ ඉදිරියෙන්ම ඉන්න ජිම්නාස්ටික් පිළක් නිසා කණ්ඩායමට තේරෙන් නෑ තරගය නිසා. ටියානාගේ ශ්‍රී ලාංකික සම්භවය භාවිතා කර ඇය ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තීරණය කරනවා.
 

මීට කළින් ලාන්කීය සම්භවය තියෙන විදෙස්ගත අය ලංකාව නියෝජනය කර තියෙනවා. උදාහරණයකට පිහිණුම් ඉසව්වෙන් ඉදිරිපත් වූ මයුමි රහීම් හා අබේසිංහ සොයුරන් ගන්න පුලුවන්. මයුමිගේ පවුලනම් සමහරවිට ලාංකීය පුරවැසි පවුලක් වෲත්තිය හේතුමත රටින් ගිහින් ඉන්නව වෙන්න පුලුවන් ඒත් අබේසිංහ පවුලනම් ඇමරිකාවට සංක්‍රමණය වූ අය.
 

ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වූ ජාතික ක්‍රිකට් ක්‍රීඩක ටී එම් දිල්ශාන් ගේ දුව ලිමන්සා ලංකාවේ 19 පහළ කණ්ඩායම නියෝජනය කරනවා වගේම මේ වනවිට කණ්ඩායමේ තීරණාත්මක භුමිකාවක් කරනවා. දැනට යන ඉන්දීය සංචාරයේ නම් ඇය මේ දක්වා ෆේල් ඒත් ඊට කලින් ගිය ඔස්ට්‍රෙලියා සංචාරයේ ඇය තමා තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව.
 

ලංකාව කිසිම නියෝජනයක් නොදක්වන අසුන් මත යාමේ ඉසව් වලට කැමත්තක් පෙන්වන ලන්කාවෙන් දරුකමට අරගෙන ගිය තරුණියක් වන මැතිල්ඩා තම උප්පත්ති අයිතිය මත අදාළ ඉසව්වට ලංකාව නියෝජනය කළා.
 

ලෝකෙන්ම අවලංගු වෙලා දෙසිය ගණන් රෑන්ක් වලට වැටිලා උන්න පාපන්දු පිළ නගා හිටවන්න ලාංකීය සම්භවය ඇති විදෙස්ගත ලීග ක්‍රීඩා කරන අය හොයල ඔවුන්ට ඉන්විටේශන් යවලා ගෙන්නාගත්තෙ ලංකාවෙ පාපන්දු බලධාරින්. දැන් මම හිතන්නෙ ලංකාවෙ හැදුන වැඩුන අය ටීම් එකේ ඉන්නෙ දෙක තුනයි. ඒ එක්කම රටේ පාපන්දු රෑන්කින් එක එකසිය අසූගානට ගේන්න ඔවුන් සමත් වෙනවා. ලෝකකුසලාන වලට ටීම් තෝරන්න තියෙන ආසියානු කුසලානෙ අවසන් වටයට තෝරන්න තියන ආසියානු පූර්ව තරග වටයට කබල් ම ටීම් තෝරන්න තියන ප්ලේ ඕෆ් මට්ටමේ තරග දෙකවත් දිනාගන්න බැරුව උන්න ලංකව යන්තම් පූර්ව වටය වෙනකම් ලංකාව ගෙනියන්න ඔවුන් සමත් වුනා. ඒවටයේදි තුර්ක්මේන්ස්තානය පරදවල තරමක විප්ලවයක් කළා ඉදිරියේදි ඉන් එහා මට්ටමකට යන සළකුණු පෙන්වමින්.
 

ලංකාව වගේම ක්‍රීඩාවෙන් කොන් වී ඇති කුඩා අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන කාබෝවර්ඩේ (කේප්වර්ඩේ) මේ වැඩේම කරලා යවපු රටගිය ඇත්තන්ගේ පාපන්දු පිල ලෝක කුසලාන ගෲප් එකේ දෙවෙනිතැනට ඇවිත් නොකවුට් වටයට යනව දැන්.
 

ඔය මුලු ස්ටෝරියේම පේන දේනම් එන්න එන්නම ලෝකයේ ආර්තික හා මේන්ස්ට්‍රීම් ගත වීමේ නොහැකියා සහ විශමතා අර්බුදය ක්‍රීඩාව තුල උසස් පහත් කුල භේදයක් හදාගෙන යන බවයි. එන්න එන්න වැඩිවන ක්‍රීඩාවට අවශ්‍ය පිරිවැය දරන්න අසමත්වන සහ මේන්ස්ට්‍රීම් ලෝකයේ සම්මුතිගත දේවල් දැනුම පුහුණුව පහසුකම් ඩොමෙස්ටික්/ෆ්‍රැන්චයිස් ලීග ආදිය අහිමි පසල් දනව් රටවල් ක්‍රීඩාවෙන් අවලංගු වෙලා යනවා. මාලු දැල් කාලෙට දැල් ගොතලා ගාමන්ට් වල වැඩ කරල මිඩ්ල් ඊස්ට් මෙහෙකාරකමේ ගිහින් පින් චාන්සෙකක් තිබ්බොත් යන්තම් ත්‍රිවිධ හමුදාවට බදවාගෙන ජීවිතේ ගතකරන දූපතෙ පාට් ටයිම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ලෝක මට්ටමේ සුපිරි පහසුකම් තියෙන ස්පොන්සර්ශිප් තියෙන ෆුල්ටයිම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දස්කම් වලට එන්න අමාරුයි. ආවත් ඒ ආපු අයටත් අවසාන මට්ටම ලබාගන්න ඒ කිව්ව පහසුකම් අවශ්‍යයි. සුසන්තිකා යුපුන් තරුශි ආදින් රටෙන් එලියට යවල තියෙන්නෙ ඒ නිසානෙ.
 

වෙනේකක් තියා එදාපටන් රටේ තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාවත් කොමාශලයිස් වුනාට පස්සෙ අද ලංකාව වලපල්ලට යන මූලික හේතුවක් වන්නෙ හරිහමන් ෆ්‍රැන්චයිස් ලීග වලට සහබාගි වෙන්න රටේ උන්ට බැරිකම. මේකෙ පලය පේනවා ඒ වගෙ ලීග වලින්ම හැදෙන ඇෆ්ඝනිස්තානය නේපාලය ඇමරිකාව වගෙ රටවල අය කාන්තා ක්‍රීඩාව නම් ස්කොට්ලන්තය නෙදර්ලන්තය අයර්ලන්තය වගෙ එන්ගලන්ත ලීගවලින් පුහුණුව ලබන කෙල්ලන් ඉන්න රටවල් එක්ක බලද්දි අපේ දක්ශතා එන්න එන්නම පහලට යන ආකාරය දැක්කම.
 

මේ තත්වය යටතෙ ලංකාවට සිද්ද වෙනවා තමන්ගේ රටේ ක්‍රීඩාවේ රිසල්ට් එක වැඩි කරගන්න තමන්ට ආකර්ශනය කළ හැකි අය ගෙන්නාගන්න. මේක ඒ අය ඉල්ලීමක් කරල එන්නත් කලින් ලන්කාවෙන්ම ඉල්ලල ගෙන්න ගන්න වෙන තැනට ඇවිත් තියෙන්නෙ.
 

මේ වැඩේ හොර වැඩක්ද?
 

නෑ. මේ සියලු දෙනා එන්නෙ නිසි ලීගල් ග්‍රවුන්ඩ්ස් එක්ක. බොහෝ ක්‍රිඩා වලට උප්පත්ති අයිතිය ම ඇති. එහෙමත් නැති නම් මව්පියන් ඒ රටවල උපන් අය වීම මත ගන්න ඩුවල් සිටිසන්ශිප්ස්. කෝමත් රටක අවුරුදු කීපයක් හිටියම ඒ රටේ සිටිසන් නොවුණත් ඒ රටට සෙල්ලම් කල හැකියි. අසනීපෙන් ඉන්න තමන්ගෙ මාමා බලන්න සංචාරක වීසා දාල ඔස්ට්‍රෙලියා ආපු ඉන්දියාවෙ නිකිල් චෞදරි කෝවිඩ් නිසා ඔස්ට්‍රෙලියාවෙ හිර වෙනවා. ඒ වෙනකොට පන්ජාබ් වලට ගහල අයිපීඑල් යන්න හිතා උන්න ඔහුට පුලුවන් වෙනව බ්‍රිස්බේන් කල්බ් වලට ගහන්න සහ අවසානෙ බිග්බැශ් ලීග් එකට එන්න. අද ඔහු ඔස්ට්‍රෙලියාවට ක්‍රීඩා කරනවා, තාමත් ඉන්නෙ ටෙම්පරි වීස එකකින්.
 

මෙහෙම කරල දිනන එක සදාචාර සම්පන්නද?
 

මේක සදාචාර විරෝධි නම් ලෝකෙ දුප්පත් රටවල දක්ශ ක්‍රීඩකයින් සංක්‍රමණ හරහා බාගන්න ධනවත් රටවල් ඊටත් සදාචාර විරෝධියි නෙ. එංගලන්තෙ ක්‍රිකට් ටීම් එක යැපෙන්නෙම මව් පිය උප්පත්ති අයිතින් එක්ක එහෙට යන කොල්ටැක් ක්‍රීඩකයින්ගෙන්, දකුණු අප්‍රිකා හා සිම්බාබ්වේ වලින්. යුරෝපා රටවල් ධාවන රන් පදක්කම් ගන්නෙ අප්‍රිකාවෙන් ගෙන්නගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්.
 

එහෙම නෙවි ලන්කාවෙ අයට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
 

සම්පූර්ණයෙන්ම නෑ කියන්න බෑ. මොකද ලංකාවෙ පාපන්දු පිළ වගෙ එකක් ගත්තොත් රටේ උපන්න උන් දශක ගාණක් ඔය ප්ලේ ඕෆ් දෙක ගහල පැරදිලා ආවනෙ. දැන් උන්ට ඒ චාන්සෙකත් නෑ. හැබැයි ක්‍රීඩාව කියන්නෙම අදක්ශයින්ට අවස්තා අහිමි වෙන එකක්. රටක් උත්සහ කරන්නෙ තමන්ට අල්ල ගන්න පුලුවන් සීමාවේ ඉන්න කවුරු හෝ හොදම අය එකතු කරගන්න. මෙතන කූට ව්‍යාපාර හිතවත්කම් වෙන්නෙ නැත්නම්, රටේ සහබාගිත්වය වෙනුවෙන් ලැබෙන වයිල්ඩ් කාඩ් අවස්තා කොල්ල කන්නෙ නැති අවම පරිසාධන සුදුසුකම් සපුරන අයට ලෝක මට්ටමේ තරග වලට යන්න දුන්න කියල ලොකු අසාධාරනයක් මට පේන්නෙ නෑ. අඩුම ගානෙ ඒකෙන් ජාතික මට්ටමෙ තරගකාරිත්වය වැඩි වෙනවා. එස්ටැබ්ලිශ් වුන ලන්කාවෙ ඉන්න ක්‍රීඩකයන්ටත් පුලුවන් රට ගිය ඇත්තන් එක්ක තරග කරලා තම තත්වය උසස් කරගන්න.
 

ඒ වුනාට ඒ රටවල තියෙන පහසුකම් එක්ක පුහුණු වෙලා ඇවිත් ලංකාවෙ අවස්තාව ගන්න එක හරිද?
 

මම හිතන්නෙ මේකම තමා සීන් එක, එනම් ලංකාවට එෆර්ඩ් කරගන්න බැරි පහසුකම් හා පුහුණු කරුවන්ගෙ සේවය ලංකාව නියෝජනය කරන අයට ලබාගන්න අවස්තාව දීමක්. මේකමනෙ සුසන්තිකා කිව්වෙ එයාට ලංකාවෙ ඉදල ඔලිම්පික් මෙඩල් ගන්න බෑ ඒ නිසා අමරිකාවෙ වසර දෙකක්ද කොහෙද පුහුණු වන්නෙ. ලන්කාවෙ වියදමින් යුපුන් සහ තව ක්‍රීඩිකාවක් ඉතාලියට හා ජපානයට යවන්නෙත් ඒකනෙ. තරුශිට ස්පෝට්ස් ස්කොල් එකක් ලබාගන්න කට්ටියම වෙහෙසුනෙත් ඒකනෙ. ලංකාවෙ ක්‍රීඩකයින්ට තව තවත් ඒ අවස්තාව ලබාදෙනන් පුලුවන්නම් හොදයි. ඒත් අවස්තා සීමිතයි. එහෙම වෙලාවට වෙන රටවල ඉන්න අය තමන් උපයාගත් අවස්තා යොදාගෙන ලංකාව නියෝජනය කිරීමේ අවුල මොකද්ද?

ඔය එන අය එන්නෙ රටට ආදරේට කියලද හිතන්නෙ?

නෑ. බොහෝ විට නෑ. ඔවුන්ගෙ මුල්ම අරමුණ තමන්ට මෙඩල් එකකට යන්න තියෙන අවස්තාවක් භාවිත කිරීම. ටියානානම් ඒක එහෙමම කියනවා. හැබැයි යම් ආකාරයකින් ලංකාව නියෝජනය කිරිම තේරීමක් කරන ඒක ගෞරවයක් වෙන අයත් ඉන්න පුලුවන්. දිල්ශාන් නිසා ලිමන්සාට ලන්කාවේ වැදගත්කමක් තියෙනවා. ඇයට ඔස්ට්‍රෙලියාව නියෝජනය කරන හැකියා මට්ටමක් තියෙනවා (ඒක ඔස්ට්‍රෙලියාව එක්ක සෙල්ලම් කරලම ඔප්පුවෙලා තියෙනවා) ඒ වගේම ලන්කාව නියෝජනය කළ නිසා ඒ අවස්තාව අහිමි වෙනවා කූලින් ඕෆ් පීරියඩ් එකකට. එන අයටත් ඒ වගෙ කොස්ට් එකක් තියෙනව. ලන්කාවට සෙල්ලම් කරල එක පාරට ආපහු යන්න බැරි. ඒ නිසා එන අය එන්නෙ තනිකර ආත්මාර්තයට මයි කියන්න බෑ. හැබැයි ක්‍රීඩාව කියන්නෙ ඊගෝව ආත්මාර්තය උත්කර්ශවත් වෙන තැනක් නිසා කොහෙත්ම ඒකෙ වරදකුත් නෑ. එන හේතුව මොකක් වුනත් එන එක ලන්කාවටත් වාසියක්. රටේ උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ රටට පරම ආදරෙන් පරාර්තකාමීව කියල හිතා ඉන්න එකත් ලාංකීය ප්‍රකට මිත්‍යා ගණයට අයිතියි. ක්‍රීඩාව නිසර්ගයෙන්ම ආත්මාර්තය හා ඊගෝව සම්බන්ද දෙයක්.

එහෙම නෙවි මේ ලංකාවේ මහජන මුදල් කොල්ල කාල පිටරටවල ඉන්න උන්ට සෙල්ලම් කරන්න ලැබෙන අවස්තාවක් නේද?

ලංකාවෙ බොහෝදෙනෙක් හිතා ඉන්නෙ ක්‍රීඩා පවතින්නෙ ආන්ඩුවෙ සල්ලිවලින් ආන්ඩු පාලනය යටතෙ කියල. ඔය ක්‍රිකට් ආයතනය සම්බන්ද කතාවලත් අපි ඕක දකිනවා. ඒත් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය වැය කරන්නෙ සුලු මුදලක්. ක්‍රීඩකයින් තම පුද්ගලික මුදලින්, ස්පොන්සර්ස් ලගෙන් (ලන්කාවෙ ක්‍රීඩාවේ ප්‍රධානම ස්පොන්සර් වන ත්‍රිවිධ හමුදව හරහා රටේ දුප්පත් ක්‍රීඩකයින්ටනම් රජය ලොකු වියදමක් දරනවා ස්පොන්සර් ලෙස) ඇඩ්වටයිසින් වලින් එහෙම. මේ ක්‍ර්‍ර්‍රීඩකයන් වෙනුවෙන් රජය වියඩම් කරන්න ඕනෙ නෑ එයාල දැනටත් ක්‍රීඩාව තුල තම වියදම් සපුරාගෙන ඉන්නෙ.

නෑ මන් කීයන්නෙ ඇයි අපි මේ අයට එන්න දෙන්නෙ, යන්න ගියානම් ඇයි උන් ආපහු මෙහෙ රින්ගන්නෙ?

මිනිස්සු මේකත් තේරුම් ගන්නෙ වරද්දලා. ඉස්සරින්ම දැන් ඔය "යන්න ගියා" කියන එකත් ඩිෆයින් කරන්න ලේසි නෑ. යුපුන් වගේ කෙනෙක් යන්න ගිහින්ද? ඔහු කලයක් ඉන්නෙ ඉතාලියෙ. ශෙහාන් ජයසූරිය යන්න ගිහින්ද? දෙවනුව, මේ බොහො දෙනෙක් බලෙන් ඇවිට් තමන්ගේ අයිතිය ඉල්ලනව නෙවි ලංකාව සිය කැමැත්තෙන් ඒ අයට එන්න දෙනවා. එහෙම බැලුවම යන්න ගිය සමහරුන්ට පාඩුවෙ ඉන්න නොදී ගෙන්නගන්නෙ ලංකාවෙන්මයි. ලංකාවට ඕනෙම වෙලාවක ප්‍රතිපත්තිමය තීන්දුවකට එන්න පුලුවන් නියෝජනය කරන්නෙ කවුද කියන එකට. එහෙම කලොත් මේ අයට මූලික මානව අයිතින් වගෙ එව්ව කියන්න බෑ. ක්‍රීඩාවේ නියෝජන නීති ලිහිල් වගේම රට රටවලට පහසුවෙන් වෙනස් කළහැකියි

Wednesday, January 4, 2023

ඔස්ට්‍රෙලියාවේ ඕ ලෙවල් ෆේල් වුණොත්...

උත්සාහය ඕලෙවල් ෆේල් කියන එක ඔස්ට්‍රෙලියාව එක්ක සන්සන්දනය කරන්න. ඇපල් ඔරේන්ජ් සන්සන්දනයක් හේතු කීපයක් නිසාම. ඒ නිසා කතාවෙන් සාරයක් මිසක් අමු අමුවෙ කොපි අයිඩියාවක් ගන්න බෑ.

ඔස්ට්‍රෙලියාවෙ ඕලෙවල් කියල එකක් නෑ. එක ගැම්මට කෙලින්ම ඒ ලෙවල් වගෙ තියෙන එච් එස් සී හෙවත් උසස් පාසල් සහතිකේ එක තමා තියෙන්නෙ. ඒ සදහා ගත කරන පාසල් කාලය වසර 13ක් (කින්ඩගාට්න් හෙවත් බාළාංශ පන්තියත් එක්ක). වයස 4/5 අතර පටන් ගන්න නිසා ලංකාවට වඩා අවුරුද්දක් හෝ දෙකක් අඩු වයසින් තමා පාසල ඉවර වෙන්නෙ.

ඉතින් ඔස්ට්‍රෙලියාවෙ ඕලෙවල් මට්ටම ලෙස සලකන්න වෙන්නෙ දහය වසර විතර. එතනින් කඩ ඉම් විබගයක් නැතත් ඔය හරියෙදි ඩ්‍රොපවුට් වෙන අය ඉන්නව. ඒ ඉගෙන ගන්න බැරි කමට වඩා වෙනත් පුද්ගලික පවුල් සමජිය හේතු නිසා. ආර්තික ප්‍රශ්න, නොමනා පුරුදු, ගෙවල්වල ගැටලු, සිසුවියන් නම් ගැබ් ගැනීම් ආදී විවිධ හේතු. ඒ වගේම එච් එස් සී විබාගෙ එතරම් හොදට පාස් නොවීම නිසාත් පාසල් ඉවර කල පිරිසක් සමාජයට එකතු වෙනව විවි වලට යාගන්න බැරි.

මේ සිස්ටම් එකෙන් එලියට යන මිනිසුන්ට එලියට ගිහින් කරන්න ගොඩක් දේවල් නෑ. ඔවුන්ගේ ජීවිත බොහො දුරට අනාතයි. ඒ නිසා ඔවුන් නගා හිටවන්න තෲතියික පාටමාලා සපයනව රජය. ඔස්ට්‍රෙලියාවෙ ටේෆ් ආයතනය හරහාත් ඒ හා අනුබද්ධ පුද්ගලික වෲත්තිය පුහුණු ආයතන හරහාත් මේ අයට වෲත්තිය පුහුනුව සපයා දෙනවා. සාමාන්‍ය ස්මාජ සම්මතයෙන් නම් පුංචි පුංචි දේවල් ඉලෙක්ට්‍රිකල් වැඩ ඒසී පයිප්ප වැඩ මේසන් වඩු මිකෑනික් වේටර් ඔෆිස් ඇඩ්මින් චයිල්ඩ්කෙයා සෙකට්‍රි රිසෙප්ශනිස්ට් එකවුන්ටින් ක්ලෙරිකල් ග්‍රැෆික් ඩිසයින් සෞඛ්‍ය සේවා රියැදුරු ඔය වගෙ සාමාන්‍ය සමාජෙ එදිනෙදා රස්සා, සර්ටිෆිකට් එකක් ඩිප්ලෝමා එකක් වගෙ වෙනකම් ලබාගන්න පුලුවන්. ගැලපෙන කෝස් තියේනම් මේ සහතික භාවිත කර විවි වලට පස්සෙ ඇතුල් වෙලා ඩිග්‍රි සිට පී එච් ඩී එකක් වෙනකම් වුනත් යන්න පුලුවන්, එහෙම කරන අය අඩු වුනාට.

මේ සර්ටිෆිකට් හා ඩිප්ලෝමා සියලු ආකාරයේ රස්සා වලට අවශ්‍යයි (ඒකයි ඒව නැතුව කල හැකි දේ සීමිතයි කිව්වෙ). පාසල් හැර යන්නන්ට කෝස් ෆී ගෙවන්න බැරි නිසා ඔවුන්ට ඇප්‍රෙන්ටිස්ශිප් හදාගන්න පුලුවන්. කිසියම් ආයතනයක් ඔවුන් පුහුණු වන ශ්‍රමිකයන් ලෙස බදවාගෙන කෝස් ෆී ත් ගෙවල එයාලටත් පොඩි පඩියක් ගෙවනව. ඒ පඩිය අවම වැටුපෙන් බාගයක වගෙ රේට් එකක යන්නෙ. සමහර ආර්තික ගැටලු තියෙන පාසල් හැර යන්නන්ට උගන්වන වෲත්තිය පුහුනු ආයතන වලට රජයෙන් ගෙවනව. ඒ සමහර තැන්වල ඔවුන්ව ගයිඩ් කරන්න බලාගන්න නිලදාරින් දාල තියෙනව (නෙවිනම් ප්‍රශ්න එක්ක ඔවුන් හරියට කෝස් එක ඉවර කරන්නෙ නෑ) කන්න බොන්න පවා දෙනව.

ඔය මං විස්තර කල වෲත්තිය පුහුනු අවස්තා පාසල් යන දරුවන්ටත් ඔප්ශන් එකක් ලෙස ලබාගන්න පුලුවන්. පාසලේ අන්තිම අවුරුදු තුනේ කෙනෙකුට අවශ්‍ය නම් පෙරකී වෲත්තිය පුහුණු පාටමාලා (තෝරාගත් කීපයක්) පාසල් විශයමාලාවෙ කොටසක් ලෙස එකතු කරගන්න පුලුවන්. එහෙම කල අයට ඒ කෝස් කම්ප්ලිට් කිරීම විවි ප්‍රවේශයට වාසියක් වෙනව. යම් හෙයකින් විවි ප්‍රවේශ වීමට බැරි වුනොත් පාසලින් එනකොට ම සහතිකයක් අරගෙන එන්නෙ. හැබැයි මේක බලෙන් අල්ලල පාසලෙන් ඉවත් කරල කරන වෲත්තිය පුහුනුවක් නෙවි, සාමාන්‍ය පාසල් ධාරාව තුලම වෙන එකක්. ඒ සමහරුන්ට ඕනෙ නම් ඇප්‍රෙන්ටිස්ල හැටියට සතියට පැය කීපයක් තෝරාගත් විශයට අදාලව රස්සාවකුත් කල හැකි. ඔවුන්ට පෙරකී අඩු රේට් එකෙන් වැටුපකුත් එනව.

සමස්තයක් ලෙස මේ පද්ධතිය තුල 90%කට වඩා පාසල් හැර යන්නන්ගෙ ජීවිත අනාත නොවී හරි පාරකට දාගන්න සමත් වෙනවා. එසේම සමාජයේ එදිනෙදා වැඩ කටයුතු වලට අත්‍යාවශ්‍ය වෲත්තින් සියල්ල වගෙ පුහුණූ සහ වෲත්තියභාවය සහිත සේවකයින්ගෙන් සිද්ද වෙන එක ජීවන තත්වය උසස් වෙනන් බලපානව. ඔය බොහෝ සංකරමණිකයන් චෝදනාත්මකව කියන "අපිට ඔඩ් ජොබ් එකක්වත් ගන්න බෑ සහතිකයක් නැතුව" කියන කතාවෙ මුල මේකයි.

මේ සියල්ල වෙනුවෙන් රජය ලොකු මුදලක් වැය කරනවා. ඒ මුදල නිසා සමාජෙන් ලොකු පිරිසක් ඒලියනේට් වෙලා හොර මැරකම් වැඩි වෙලා ජීවිත විනාස වෙන ගමන් අනිත් මිනිසුන්ටත් ඉන්න බැරි තත්වයක් හැදෙන එක අඩුවෙනව වගේම නිවැරදි වෲත්තිය හැකියාව තියෙන අය හැම රස්සාවටම සපයා ගන්න අවස්තාවක් ලබාදෙනව. ප්ළමු ලෝකෙම මෙහෙම සිස්ටම් නැති රටවල සමාජෙ පහළ තට්ටුව නිසා යහපැවැත්මට තියෙන හානිය බැලුවම මේකෙ වටිනාකම තේරුම් ගන්න පුලුවන්. සුබසාධක ආර්තික මොඩලයක් ක්‍රියාත්මක වෙන ආකාරය මේ. මේක ධනවාදය හෝ සමාජවාදය සම්බන්ද කතාවක් නෙවි. පවතින ධනවාදි රාමුවත් එක්ක ගානට අනුගත වෙලා තියෙන්නෙ.

Sunday, November 20, 2022

අපි මේ යන්නෙ ආපස්සට නේද?

සාස් සම්බන්ධ පර්‍යේශණයකට හවුල්වන 19 වියැති පර්‍යේශණාගාර සහායිකාවක් හොයා ගන්නව ඉතාම ලේසියෙන් සිරුරේ පවතින රෝග හඳුනාගන්නත් ඒවට ප්‍රතිකාර කරන්නත් පුලුවන් කියල. ඒ සඳහා සිරුරට පොඩි පැච් එකක් අලවල ඒ මගින් රෝග හඳුනා ගන්නත් සිරුරට ම සවිකරන සිරින්ජයකින් ඊට අවශ්‍ය ප්‍රතිකාර නිකුත් කරන්නත් ඇය සමත් වෙනව. ඒ සඳහා ඇය පේටන්ට් එකක් ලබා ගන්නව.

මේ තරුණිය බෝන් ජිනියස් කෙනෙක්. ඇය පාසල් කාලෙ දක්ශ ප්‍රොග්‍රැමර් කෙනෙක් සහ ඔන්ටප්‍රිනර්කෙනෙක්. කම්පයිලර්ස් හදල චීන විශ්ව විද්‍යාල වලට විකුණනව. මේ මත කුඩා පරිමාණයෙ ව්‍යාපරයක් ඇය හදනව. ඒත් ඇය ඉගෙන ගන්න තෝරා ගන්නෙ කෙමිකල් ඉන්ජිනියරින්. හැබැයි සමර් එකේ වැඩ කරන්නෙ සාස් ලැබ් එකක. පේටන්ට් ගන්නෙ බයෝ ටෙක් වලට. තාම 19 යි කෙල්ලට.

කෙල්ලගෙ පවුල ගත්තත් සාමාන්‍ය පවුලක් නෙවි. කෙල්ලගෙ පරපුරේ ආදි මුතුන් මිත්තෙක් තමා කොමාශලි යීස්ට් හදන එක මහාපරිමාණයෙන් පටන් ගන්නෙ. ඒ නිසා ඒ මත ඉදිවූ දැවන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක අතීතයක් පවුල සතුයි. අනික් බොහෝ ළමයි වගෙ ජීවිකාවක් හොයන්න හෝ ආසා දෙයක් කරන්න නෙවි එයා ඉගෙන ගන්නෙ. එයාට ලෝකෙ ඇචීව් කරන්න තියෙන්නෙ සමාජයේ ප්රකට නමක් පමණයි. තාත්ත දැනට්මත් සමාගමක අධ්‍යක්ශක කෙනෙක් සහ පස්සෙ රාජ්‍ය ආයතන රාශියක විධායක නිලතල දරන කෙනෙක්. අම්ම වයිට් හවුස් එකේ ඉහළ නිළධාරිණියක්. අසල් වාසින් පවුලේ මිතුරන් වෙන්නෙ වොශින්ටනයෙ සෙනෙටර් ලා ඩිප්ලොමැට් ලා ආණ්ඩුවේ කැබිනට් මට්ටමේ තනතුරු දරන්නන් ධනවත් ව්‍යාපාරිකයන් එහෙම. පවුලේ තවත් කරන්න යමක් ඉතුරු නෑ. සිම්ප්ලි අහවලාගෙ දුව කියල අම්ම හෝ තාත්තගෙ නම කිව්වම ඉහළ සර්කල් වල කවුරුත් දන්න සයිස්. මේ කෙල්ල අවුරුදු 10 දි විතර තාත්තට ලියුමක් ලියනව "මම ලෝකෙට අලුත් දෙයක් හොයාගෙන ප්‍රසිද්ද වෙනව කියල".

ඉතින් 19 වෙද්දි හොයාගන්නව. සිරුරට ඇලුණු පැච් එක තවත් දියුනු කරගෙන ඇඟිල්ලෙන් ගන්න ලේ බිදුවකුත් උපකාරයෙන් පිළිකා වැනි විශාල රෝග ප්‍රමාණයක් ඩයග්නෝස් කරන්න සහ ඒ උපකරණයෙන්ම ඒවට බෙහෙත් දෙන්න හෙවත් "සිරුරේ අලවාගෙන සිටින වෛද්‍යවරයා" බිහි කරන්න ඇය සමත් වන්නෙ වයස 19 දි. සෙකන්ඩ් යියර් එකට ගෙවන්න ගෙදරින් දුන්න සල්ලිත් අරන් කෙල්ල අලුතෙන් සමාගමක් පටන් ගන්නෙ ස්ටැන්ෆර්ඩ් විවිට සමු දීලා.

මේක සැහෙන්න හිට් වෙන අදහසක්. අපි හැමෝම ලෙඩ වෙනව අපි හැමෝටම වෛද්‍යවරයෙක් ඕනෙ. ඒත් ලෙඩ වෙලා වෛද්‍යවරුන් මුණ ගැහිලා ඔවුන්ගෙන් රෝගයන් හරියට නීර්ණය කරගෙන බෙහෙත් ගන්න එක හරිම අසීරු ක්‍රියාදාමයක්. වැරදි සැහෙන්න සිද්ද වෙනව. ඒත් වෛද්‍යවරයා කියන්නෙත් ඉන්පුට් දත්ත සමූහයක් බලල කිසියම් තීරණයක් ගන්න කෙනෙක්. ඉතින් සිරුරේ පැළදිය හැකි
වෛද්‍යයවරයා හෙවත් ප්‍රොසෙස් එකේ ඔටෝමේශන් එක කියන්නෙ විද්‍යාවෙ තාක්ශනයේ සිහිනයක්. ඇත්තෙන්ම් කිව්වොත් හොලිවුඩ් සයිෆයි විද්‍යා තාක්ශණ සිහිනයක්. ක්ලැසිකල් විද්‍යාව හා තාක්ශණය කියන්නෙ මහ බෝරින් සබ්ජෙක්ට් එකක් නිසා බොහො දෙනා ආස හොලිවුඩ් වලින් උගන්වන සයිෆයි විද්‍යා තාක්ශණ සිහිනයට. බොහො දෙනෙක් හිතා ඉන්නෙ ඒව මේ බොහොම නුදුරු අනාගතෙ එහෙම්ම සිද්ද වෙනව කියල. ඇත්තෙන්ම අපිට හොලිවුඩ් වලින් දෙන චිත්‍රයත් ඕක කවද හෝ කරන්නෙ සුපර් ජිනියස් 19 වගෙ වයසෙ කෙනෙක්ම තමා කියල. ඉතින් ඒක ඇත්තට වුණාම සමාජයෙ ජනප්‍රිය වීම පුදුමයක් නෙවි.

අනික ඇගේ සමාගම උපත ලබන්නෙ වොශින්ටනයෙ රෙඩ් කාපට් සමාජයෙන්. "අහවලාගෙ දුව" සුපර් ජිනියස්, එයා සමාගමක් පටන්ගෙන කිව්වම පෙර කී ඉහළ දේශපාලකයින් රජයේ ඉහළ තනතුරු දරන්නන්, ආයෝජකයින්, ධන කුවේරයින් ඒ වටා ඒකරාශි වෙනව. වයස 19 කෙල්ලගෙ සමාගමේ අධ්‍යක්ශක මණ්ඩලයෙ ඉන්නව හිටපු හෝ අනාගත ඇමරිකන් රාජ්‍ය ලේකම් වරු දෙන්නෙක් ආරක්ශක ලේකම් කෙනෙක් හා "අධ්‍යාපන ලේකම්" (සෙක්‍රටරි ඔෆ් එඩියුකේශන්) කෙනෙක්. ඉතිරියත් සෙනෙටර්ස් ලා ලොකු ආයෝජකයො එහෙම තමා. මේ සමාගමට ආයෝජනය කරනව රුපට් මර්ඩොක් වෝල්ටන් පවුල වගෙ ලොකු ධන කුවේරයො. සමාගම ඩොලර් බිලියන නවයක වටිනාකම්ක් දක්වා යනව කෙල්ලට තවම 30 ක් නෑ. ලෝකෙ ලාබාලම බිලියනපතිනියක් ලෙස ඇය හැමොම හදුනාගන්නව. අර කිව්ව "නම" ඇය හදනව.

ඒත් මේකට සතුරො ඉන්නව. ඇගෙ විවියෙ වෛද්‍ය අංශයෙ මහාචාර්‍ය වරයෙක් මේ අදහස මුල කාලෙම අහල ඕක ඔහොම කරන්න බෑ කියනව. තවත් වෛද්‍ය වරයෙකුත් එය ප්‍රතික්ශේප කරනවා. ඒත් මේ තරුණිය තමන්ගෙ අදහස කෙරෙහි එක එල්ලෙ යොමුවෙලා ඉන්නෙ. මේ වගෙ පරණ අදහස් ඇය සළකන්නෙ සම්පුර්නයෙන්ම බොරු බයිලා කියල. මේවයින් තමා ඇය තවත් තමන්ගෙ අදහස වෙනුවෙන් කැප වෙන්නෙ. සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් අලුතෙන් යමක් කරනකොට ඒ විශයෙ ප්‍ර්‍රවීණයො ඒකට විරුද්ද වෙනවනෙ. හැබැයි ඇයට තිබ්බ කන්ටැක්ට් සර්කල් වලින් ඇය සමත් වෙනව තමන්ගෙ මතය හරි කියන විදව්තුන් හොයාගන්න. ඒයාල තම සමාගමේ ඉහ්ල තනතුරු වලට ගන්න වගේම එහෙම විද්වතුන් ඉන්න විවි වල ඇයව බෝඩ් එකට පවා ඇතුලු කරගන්න ඇයට පුලුවන් වෙනව.

ඉතින් දැන් ඒ සමාගම ලෝකෙ ඉහළීන්ම තියෙන සමාගමක්. දැන් සිරුරේ පළදින වෛද්‍යවරයා පැළදගෙන පිළිකා දියවැඩියා හර්ද්‍යාබාධ ලේ කැටි පැරලයිසින් වගෙ රොග හොයාගන්න මිනිසුන්ට පුලුව්න්. දැන් ඉස්සර වගෙ වෛද්‍යවරයා හමුවන්න යන්න ලොකු වුවමනාවක් නෑ.පහසුවෙන්ම තමන්ටම තමන්ටම ප්‍රතිකාර කල හැකියි. ඇත්තෙන්ම මේක ඇයගෙ බසින් කිව්වොත් වෛද්‍යවරයා ජනතාකරණය කිරීමක්.

එලිසබෙත් හෝම්ස් ගෙ නඩු තීන්දුව කියෙව්ව කවුරුත් දන්නව මං අන්තිමට ලිව්ව පැරග්‍රාෆ් එක බොරුයි කියල. ඒක ඇත්ත වෙන්න තිබබ් වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍යවේදියෙක් නොවෙන්න. එලිසබෙත්ගෙ සල්ලි හා බලය එක්ක නොකඩවා එල්ලවන නිති ක්‍රියාකරකම් මැද්දෙ සමාගමේ ඇතුලෙන් තොරතුරු අරගෙන පබ්ලිශ් නොකරන්න.

ඒත් මට පෙන්නන්න ඕනෙ, ඒක එහෙම වෙන්න තිබ්බෙ නැද්ද? එලිසබෙත් හෝම්ස් පටන් ගත්ත තෙරපි ඇන්ඩ් ඩයග්නෝසිස් හෙවත් තෙරනෝස් සමාගම බිලියන නවයක වටිනාකමක් ලබාගනන් කොටත් ඒ සමාගම නිපදවන රෝග නිර්ණය කරන ක්‍රමවේදය සාර්තක වෙලා නෑ. ඒක කවදාවත් සාර්තක වෙලා නෑ. අර වෛද්‍යවරුන් දෙන්න කියූ සේම ඒක තනිකර හෝක්ස් එකක් පමණයි. ඒ වුණාට ඇයට තව සුලු ප්‍රමාණයක වෙනසක් කරල පෙර කී සුපිරි තත්වයෙන් පවතින්න ඉඩක් තිබ්බෙ නැද්ද? ටෙක්නොක්‍රසියෙ අනිකුත් සමාගම් කරන්නෙ ඒකම නෙවිද?

එලිසබෙත් හෝම්ස් "හොයාගත්ත" දේ හොයාගන්න නෝමල් ප්‍රොසෙස් එකකනම් දශකයකවත් ලැබ් ටෙස්ටින් වෙන්න ඔනෙ. කේසස් බරගාණක් ට්‍රයි කරන්න ඕනෙ. ඒ හරහා යන්ත්‍රය කෙතරම් සක්ස්සස් රේට් තියාගන්නවද බලන්න ඕනෙ. වඩාත්ම වැදගත්ව ඒ හරහා යන්ත්‍රය වෙනස් කරන්න ඕනෙ. එලිසබෙත් කරන්න ගියෙ බැරි වැඩක් නෙවි. කරන්න ගිය විදිය පමණයි අවුල්.

දැන් මොහොතකට හිතන්න ලෝකෙ ප්‍රශ්න විසදන අනිකුත් "තනි පුද්ගල" ව්‍ය්වසායකයින් මෙයාට වඩා වෙනස් වෙන්නෙ කෝමද කියල. මේ ව්‍ය්වසායකයින් අත තියන ෆීල්ඩ් වල දීර්ඝ කාලින විශය දැනුම ඔවුන්ට තියේද? කොහෙත්ම නෑ. ඒ ෆීල්ඩ් වල දේවල් සිද්ද වෙන දශක ගණන් ගෙවෙන මන්දගාමි එහෙත් සීසන් වෙච්ච ක්‍රමවේදයන් ෆොලෝ කරන්න මේ අධිවේගි සුපර් ජිනියස් මිනිස්සු සූදානම් ද? කොහෙත්ම නෑ. ඔවුන් ඇත්තෙන්ම මේ ගමන එන්නෙම පවතින දැනුම් පද්දතියට පයින් ගහල. සමහරු කියනව ඔයා එහෙම කිව්වට අදාල විශයෙ ලෝකෙ ඉන්න සුපිරිම මොළ එයාල හයර් කරන්නෙ කියල. වෙන්න පුලුවන් ඒත් ලෝකෙ ඉන්න සුපිරි මොළ වලින් මේ අදහසට යස් සර් කියන සබ්සෙට් එක. නෝ කියන උන්ව එලෝල දානව.

මට ෆෝකස් කරන්න ඕනෙ ව්‍යාජ ව්‍ය්වසායක අදහසක් මත ආයෝජකයින්ට වංචාවක් කළා (වයර් ෆ්‍රෝඩ්) කියල සිරයට නියම වෙච්ච (සමහර විට ඇපීල් කරන්න ඉඩ තියෙන) වොශින්ටනයෙ රෙඩ්කාපට් පවුලක උපන් එලිසබෙත් හෝම්ස් ට ඇගිල්ල දිගු කරල මෙන්න මේකි හෙර කියන්න නෙවි. තරුණ වයසෙදි බලය ආවම එන "මං තමා හරි" කියන මතෙන් එහාට එලිසබෙත් තුල තිබ්බෙත් ලෝකය වෙනුවෙන් යමක් කිරීමේ ආසාවක් පමණයි. ඒ වගේම එයා ආවෙ හොරපාරෙ නෙවි. අනිත් අය වගේම පේටන්ට් අරන් අනිත් අය වගේම සියලු ආයතන වල සහතික කිරිම් එක්ක. මේක එලිසබෙත් ගෙ වරදක් නොවෙන්නෙ ඒකයි.

මට අහන්න තියෙනෙන් ලෝකෙ මෙතෙක් පවත්වාගෙන යන ස්ලෝ ස්ටෙඩි සිස්ටම් වලට පයින් ගහල නැගිටල එන ටෙක්නොට්‍රසියෙ සුපර් ජිනියස් සී ඊ ඕ තනි මොළ වලින් ලෝකෙ අනාගතෙ තින්දු කිරීම තනිකරම තෙරනෝස් එක වගේම නේද කියන එක. එයාල බිහිවෙන්නෙත් එලිසබෙත් ව වැළදගෙන ඇයව ඉහලට එසවූ උගත් ධනවත් සමාජෙන්ම නේද? ඔවුන්ට ඇපෲවල් එන්නෙත් එලිසබෙත් ට ඇපෲවල් දීපු ආයතන වලින් ම නේද? ෙ මේ කන්ටෙක්ස්ට් එකේ එලිසබෙත් හා මස්ක් අතරෙ වෙනස මොකද්ද?

එලිසබෙත් හෝම්ස් නම් අහිංසක බොහො විට අවංක සහ ලෝකයෙ යහපත වෙනුවෙන් යමක් කරන්න උත්සහ දැරු තනි තරුණියට ද අපි චෝදනා කරන්න ඕනෙ? නෙවිනම් පහුගිය අවු 40 විතර ලෝකෙ ප්‍රශ්න විසදන්න අපි හදාගෙන ඉන්න සිස්ටම් එකටද?

එලිසබෙත් ගෙ සිට ඊලොන් මස්ක් වෙනකම් මේ ඔක්කොම අයිති වෙන්නෙ අතීතෙ උන්නු ඒකාධිපති කුමාරවරුන් රජුන්ගෙ ලෝකෙටම නේද?

අපි මේ යන්නෙ ආපස්සට නේද?

Saturday, October 15, 2022

වඩා වටින්නෙ මොකද්ද?

"What is worth more, art or life? Is it worth more than food? More than justice? Are you more concerned about the protection of a painting or the protection of our planet and people? The cost of living crisis is part of the cost of oil crisis, fuel is unaffordable to millions of cold, hungry families. They can’t even afford to heat a tin of soup.” 

අද ලන්ඩනයේ වැන්ගෝ මැතිතුමාගෙ චිත්‍රයකට ටොමටෝසෝස් විසික් කල ඇබිතිල්ලන් කෙල්ලො දෙන්නගෙ පණිවුඩේ. 

"වඩා වටින්නෙ මොකද්ද? චිත්‍ර ද ජීවය (මිනිස්සු) ද? චිත්‍රය ආහාර වලට වඩා වටීද? යුක්තියට වඩා වටීද? වඩාත් කන්සර්න් එකක් දෙන්නෙ පින්තුරෙ ආරක්ශාව ගැනද පොලොව සහ මනුශ්‍යාගෙ ආරක්ශාව ගැනද? ජීවන වියදම් අර්බුදය ඉන්ධන වියදම් අර්බුදයේ කොටසක් වෙලා.මිලියන ගානක් සීතලේ බඩගින්නෙ ඉන්න මිනිසුන්ට ඉන්ධන වලට ගෙවා ගන්න බෑ. ඔවුන්ට සුප් ටින් එකක් රත් කරගන්නවත් වත්කමක් නෑ" 

මේ කෙල්ලො දෙන්න අයිති ජස්ට් ස්ටොප් ඔයිල් කියන "පරිසර ත්‍රස්ත කල්ලියක්" ලෙස විකිපීඩියාව හදුන්වන කල්ලියට. ඔවුන්ගෙ මූලික සටන තියෙන්නෙ ෆොසිල ඉන්ධන නිපදවීම නතර කරන්න. 

ඇත්තෙන්ම ඔය චිත්‍රය ද වටින්නෙ? ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න අවස්තාව මත. මේ මොහොතෙ ඔය චිත්‍රය වටිනවා වුනාට වඩාත් භීම වූ බයංකාර වූ මොහොතක් තියෙන්න පුලුවන් චිත්‍රය මෙලෝ වටිනාකමක් නැති. චිත්‍ර කියන්නෙම ස්පෙකියුලේටඩ් වටිනාකමක් තියෙන දෙයක්. ශෙයා මාකට් එකේ ශෙයාස් වගෙ. ඒවගෙ ගර්භිත වටිනාකමක් නෑ. ඒව ගෙ වටිනාකම තීන්දු වන්නෙ බාහිර ලෝකෙ තත්ව මත. 

ඒත් වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක නෙවි. චිත්‍රෙ පැත්තකින් තියන්නකො. ඇත්තෙන්ම වටින්නෙ මිනිස් ජීවිත ද නෙවිනම් ග්‍රහලෝකෙද? 

ඇබිතිල්ලන් කෙල්ලො දෙන්න නොදන්නව වුණාට රියල් බෙදුම මේක. 

එක පසෙකින් ඉන්ධන හිගය ඉන්ධන මිල ආහාර හිගය සීතල ඒ මත මියයන හෝ දුක් විදින මිනිස්සු. අනෙක් පසින් ඉන්ධන භාවිතය ආහාර නිශ්පාදනය ආදිය නිසා දුක් විදින මහපොලොව සහ එහි නපුරු බලපෑමෙන් පීඩා විදින මිනිසා සහ සෙසු ජීවය. ඔය දෙකම එක පාර නිවන් දක්කන්න බෑ. ඒකයි ප්‍රශ්නෙ. 

මහ පොලොව ගැන හිතල ෆොසිල ඉන්ධන අඩු කරල කාබන් එමිශන් තදින්ම වෙන කෲශිකර්මය ඇදුම් නිශ්පාදනය ගමනාගමනය වගෙ එව්වට දැඩි සීමා හා නීති දැම්මොත් මුලින්ම උද්ගත වන ත්ත්වය තමා පවර් කට්ස් ඉන්ධන හිගයන් ආහාර හිගයන් ඇදුම් මිල ඉහල යාම් සේවා ස්තානවලට යාමට නොහැකි විම ගමන් ගාස්තු ඉහල යාම් රැකියා අහිමි වීම්. අනික් අතට මිනිසුන්ට ඇතිවෙන තරමට අඩු මිලට ඉන්ධන නිපදවල ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ඉශට කරල දීල ජීවන වියදම් අඩු කරල හන්දියට ආවම බස් එකක් ස්ටේශමට ආවම කෝච්චියක් දුර ගමන් යන වාහන ආදිය සපයාගන්න උදව් කලාම ඒක නිසා වෙන එමිශන් එක වැඩි වෙලා මිහිතලේට කෙල වෙනව. 

ඔන්න ඔය අදුරු සත්‍යයෙන් පැනල ගිහින් තමා මේ මැටිමෝල් පරිසර සංවිධාන කතා වෙන්නෙ. 

සත්ව පාලනයෙන් වෙන එමිශන් වලට නවසීලන්තය ටැක්ස් කරන්න යනව. ලෝක ආහාර නිශ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දෙන නිසා ඒකෙන් පලමුකොටම ආහර මිල ඉහල යාමකුත් දෙවනුව ආහාර නිශ්පාදන අඩු විමකුත් වේවි කියනව. ලෝකෙ කෲශිකර්මෙ දැනෙන වැඩක් කරන නෙදර්ලන්තය තමන්ගෙ නයිට්‍රජන් පොහොර භාවිතය අඩු කරන්න යනව. ගොවීන් පාරට බැහැල උද්ඝෝශන කරනව. ඇමරිකාවෙත් කතිකාවට ගන්නව පරිසර නීති නිසා ගොවිතැනට වෙන බලපෑම්. දැන්ටමත් අපි දන්නව ඔපෙක් ල තෙල් නිශ්පාදනේ අඩු කලොත් හෝ රුසියා යුක්‍රේන් යුද්දෙ නිසා ඉන්ධන මිලට වෙච්ච දේ. 

ඇත්තෙන්ම මේ  කෙල්ලො දෙන්න කියන ජීවන වියදම් වැඩිවීම ඉන්ධන වියදම් වැඩිවිම සීතල හාමත ආදියෙන් මිහිතලයට වෙන්නෙ යහපතක්.  පරිභෝජනය අඩුවීම  - කෙතරම් කුරිරු  ලෙස හෝ - මිහිතලයට හැමවිටම යහපත්. 

රියල් ප්‍රශ්නෙ ආයෙ ඇහුවොත්; 

"වඩාත් වැදගත් මොකද්ද? මිනිස් ජීවිත මේ ලබා ගන්න ආතල් එක ඇතුලෙ මෙහෙම්ම තියාගෙන පරිසරේට මිහීතලේට කෙලවනවද? මිනිස් ජීවිත වලට විවිධ හිරිහැර දුක් කම්කටොලු ඇතිවන පරිදි නීති සකසමින් ආර්තික අර්බුද ඇතිවෙද්දිත් මිහිතලේ රකිනවද?" 

කලින් ප්‍රශ්නෙ ලේසියි. වයස දහාටක කෙල්ලක් ඒ මත පරිසර ත්‍රස්තවාදියෙක් කරවන්න පුලුවන්. මේ ප්‍රශ්නෙ අමාරුයි. උත්තරයක් නෑ. හම්බුනොත් කියන්න.

වෝක් ලිබරලිස්ම් කියන්නේ නව වික්ටෝරියානු සංස්කෲතියකට

එකදාස් හයසිය හත්සිය ගනන් වල බිරිතානිය කියන්නෙ අමුතුම සංස්කෲතියක්. එකදාස් පන්සිය ගණන් විතර වෙනකම් කතෝලික පල්ලියේ දැඩි ග්‍රහණය අස්සෙ හැදිලා සංස්කෲතිකව පාලනය වෙලා ඒ නිසාම රජාටත් ඩිවෝස් වෙන්න බැරුව ගිහින් අග බිසවගෙ බෙල්ල කපල මිස නිදහස් වෙන්න බැරි නිසා රජා පනිනව පල්ලි ගැටෙන් එලියට. ඒ පාර එක්දාස් හයසිය ගනන් වල ඔය ට්‍රාන්සිශන් එකේ හැල හැප්පීම් සහ ලිබරල් චින්තනයේ ඉතාම මූලික අවස්තා නිස ලේ හලාගෙන මිනි මරාගෙන ඉවර වෙලා අන්තිමේ සෙට්ල් වෙන්නෙ සැහෙන නිදහස් සංස්කෲතියකට. ඔය නිරුවත ලිංගිකත්වය ආදී දේවල් ගැන සැහෙන (සාපෙක්ශව) ලිබරල් සමාජයක්.

ඔන්න ඕක ඉස්මුරුත්තාවට යන ගානට එනකොට සමාජෙ උඩ ස්තරයෙන් එනව පියුරිටන් වැඩසටහනක්. ඒ පියුරිටන් වැඩසටහන තමා සංස්ක්රූතික සීමා නැවත ස්තාපනය කරන්නෙ. ඒ වගේම සුලු වරදක් කලත් දඩුවම් කරන්නෙ (ඒ දඩුවම් නිසා තමා හිරගෙවල් පිරෙන්නෙ හා ඉඩ නැතුව ඔස්ට්‍රෙලියාව එලිමහන් හිර කදවුරක් වෙන්නෙ). ඔය බ්‍රිට්ටා නීතියට අකුරට ජීවත් වෙන්න පුරුදු වන්නෙ මෙතනදි. අවසානෙ මේ පියුරිටන් වැඩසටහනේ මස්තකප්‍රාප්තිය තමා වික්ටෝරියානු සංස්කෲතිය හා සදාචාරය. ඒකට අමුතුවෙන් විස්තර ඕනෙ නෑනෙ. ලෝකෙ තිබ්බ පියුරිටන් ම එක්ස්ට්‍රීම් ම හා අපි දකින තාලෙට පසුගාමීම සංස්කෲතියක්. කාන්ත හින්සක ලමා හින්සක යුගයක්.

ඕන්න ඔය වික්ටෝරියානු පන්නෙ යුගවල සීමාකාරි පියුරිටන් ක්‍රමේ එක්ක ඝට්ටනේ තමා නූතන චින්තනය බිහිවන්නෙ. ඒකත් බෝම හැල හැප්පීම වෙලා තමා බෝම මෑතකදි ලිබරල් චින්තනය දක්වා එන්නෙ. මේ ලිබරල් චින්තනේ අමු හිපි ටයිප් එකක්. එනිතින් ගෝස්. අතිශයින්ම ලිබරල්. හැටේ දශකෙ ඕකෙ සන්ධිස්තානයක්.

ඒ අතිශයින්ම ලිබරල් සිස්ටම් එකත් ආයෙ නවතින්නෙ අර එකදාස් හත්සිය ගනන් වල බිරිතානිය වගෙ තැනක. එතනදි ආයෙත් සමාජෙ පිරිසක් මේකෙ කුණු සුද්ද කරන්න පටන් ගන්නව. සමාජෙ ඉහල කොනකින් එන්නෙ, ඒ කිව්වෙ ඔය ප්‍රසිද්ධ චරිත ස්ක්‍රීන් එකේ නිතර ඇහැට පේන මිනිස්සු ආදියගෙන්. ඔවුන් මෙන්න මේ එනිතින් ගෝස් යුගේට දාන නීතිරීති සීමා පියුරිටන් සන්කල්ප තමා ඔය පොලිටිකල් කරෙක්ට්නස් කැන්සල් කල්චර් ආදිය හරහා ගිහින් අද වෝක් ලිබරල් තත්වය දක්වා විකාශය වන්නෙ. ඒක කොච්චර කේස් ද කිව්වොත් මේ ගැන මන් ෆේස්බුක් පෝස්ට් එකක තව පැහැදිලි කරන්න ගියොත් ලියවෙන වදන් කීපෙකට මාකයිය මාව මාසෙකට ඔස්ට්‍රෙලියාවෙ හිර කදවුරකට ... නෑ සොරි පෝස්ට් රිස්ට්‍රික්ශන් මහ උලු ගෙදරට යවනව.

මේක තව එහාට කොහෙ යයිද දන්නෙ නෑ. හැබැයි දීර්ඝ මානව ඉතිහාසයේ පැටන් එක බැලුවම මේ වෝක් ලිබරලිස්ම් කියන්නෙ පියුරිටන් මූව්මන්ට් එකක්ම තමා. ඉතින් ස්වභාවයෙන් කෝඩ් ඔෆ් කන්ඩක්ට් වලින් වෙනස් වුනාට මේක නියෝ වික්ටෝරියන් මොඩල් එකක් ම තමා. වෙනත් බසකින් කිව්වොත් වෝක් ලිබරලිස්ම් කියන්නෙ ලිබරල් සමාජෙ වචනාර්තයේ ලිබරල්භාවයේ අවසානය. තවත් අලුත් වික්ටෝරියන් යුගයක්.

ටිපර් පාක් කල අය දැන් එන්න එපා ට්‍රේලර් උස්සන්. මම ඔය කිව්ව මතවාද එකක්වත් ස්ට්‍රික්ලි ෆොලෝ කරන්නෙ නෑ. එකකටවත් භක්තිවන්තව බැදිල නෑ. මන් මේක නිකම් ඇනලයිස් කරනවා පමණයි. වෝක් ලිබරලිස්ම් කාලෙ ජීවිතේනම් පහසුයි කියල මට ෆීල් වෙනව. 1800 ගනන් මැද වික්ටෝරියා ඇන්ටි බලේට ආපු කාලෙත් එහෙම හිතෙන්න ඇති සමහර උන්ට. කෝමත් නෝම් එකට එලියෙන් ඉන්න උන්ටනෙ කැසිල්ල. මන් නෝම් එකේ සැපට ඉදන් හවසට හෑලි ලියන එකෙක් නිසා වෙන්න ඇති චන්දයක් තිබ්බොත් මේ පවතින මොඩලෙට තමා දෙන්නෙ.

ඒත් මේක පියුරිටන් මූව්මන්ට් එකක්. නියෝ වික්ටෝරියානු යුගයක්.

Tuesday, October 19, 2021

අපි අපේ ශිශ්ටාචාරයේ උපරිමය පසුකර ගිහින් ද?

[මේක පූර්විකාවක්. පෝස්ට් එකට  අදාල නෑ.  අනාදිමත් කලකට පෙර  මන් බ්ලොග් ලියද්දි  එක එක genre වලට එක එක බ්ලොග් හැදුව.  ඉතින්  මන් දාර්ශනික කතා ලියන්න බ්ලොග්  එකක්  හැදුව.  හිතට එන ඔපිනියන්ස් ලියන්න බ්ලොග්  එකකුත් හැදුව.  දැන් වැඩේ තියෙනෙන් දාර්ශනික ඔපිනියන් එකක් ආවොත් මොකද කරන්නෙ.  මෙතෙක් කලේ  එක්කො  එකකට දානව නෙවිනම් අනිකට දානව.  ඒකෙන් වෙන්නෙ එක බ්ලොග් එකකවත් කන්සිස්ටන්ට් යන්නෙ නෑ. ඒ නිස මන් දැන් දෙකටම දානව.  ඒ නිසා මේක අනිත් බ්ලොග්  එකෙත් ඇති, ගණන් ගන්න එපා.  වනන්තර අපි වවන්නෙ.  වතුවගා නෙවි. ගස් හිටවීමේ  පිලිවෙළක් නෑ]

නගරයේ කළබල වීදි වල පේව්මන්ට් දිගේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ ඌබර් ඊට්ස් බයිසිකල්. එව්ව පාරෙ පදිනව අඩුයි, පළල හින්දද කොහෙද. කෝවිඩ් රැල්ලත් එක්ක හේතු දෙකක් නිසා ඌබර් ඊට්ස් වැඩිවෙලා තියෙනව. එකක් තමා ඔඩ් ජොබ්ස් අඩුම වෙලා යාම. අනික තමා මිනිස්සු රෙස්ටෝරන්ට් වලට යන්න අකමැති වීම. කෝම වුණත් මේ ඌබර් ඊට්ස් පදින බර හරියක් ස්ටුඩන්ට්ස් ලා.

ඌබර් ඊට්ස් විතරක් නෙවි, ඌබර් ඩ්‍රයිවිනුත් සමාජෙට සැහෙන්න කා වැදිලා. ඒක කෝවිඩ් නිසා ටිකක් අඩුවෙලා. ඒත් මම දන්න පෙර ඔෆිස් වල යාලුවො ඉන්නව ජොබ් එකට අමතරෙන් ඌබර් එලවන. මේක හෙණම කූල් හොබි එකක් පාස්ටයිම් එකක්ම නෙවි. සම්මත ලයිෆ්ස්ටයිල් එකක පැය අටේ වැඩ මුරයෙන් පස්සෙ තමන්ගෙ පවුලෙ අය එක්ක කාලය ගෙවන්න හෝ තමන්ගෙ හොබි එකකට කාලය දෙන්න තමා ඉතින් කියන්නෙ. එතකොට කෙනෙක් අමතර පැය ගානක් ඌබර් එළවීම සළකන්න වෙන්නෙ 1888 චිකාගෝ වල පෙළපාලි ගිය කම්කරු ජනයාගෙ කණට ගහපු පාරක් වශයෙන්ද? අමතර වෙලාවෙ බිස්නස් හදන ඔන්‍ටප්‍රිනර් උන් ඉන්නව, අමතර වෙලාවෙ ක්‍රීඩා කරන උන් ඉන්නව මියුසික් කරන උන් ඉන්නව, හොබි වලින් හම්බු කරන උන් ඉන්නව ගේම් ස්ට්‍රීමින් කරන උන් ඉන්නව. ඒ ඔක්කොගෙම පොදු කතාව තමා එයාල කරන්නෙ තමන් ආසා දෙයක්. ඉපයීම සෙකන්ඩරි. ඒත් ට්‍රැෆික් එකේ වාහන එළවීම තෲප්තියක් කරග්ත් හෙනම රෙයා එකෙක් නොවෙන්න ඌබර් එකෙන් අනාගතෙ කල් පවතින ලොකු ව්‍යාපාරයක් ඔන්ප්‍රිනර් එකක් හැදෙන්නෙත් නෑ හොබි ආතල් එකක් තෲප්ත වන්නෙත් නෑ. ඌබර් එළවන්න මධ්‍යම පාන්තික මිනිස්සු පෙළඹීම සළකන්න වෙන එකම විදියනම් මධ්‍යම පාන්තික ජීවිතේට වයිට් කොලර් රස්සාව මදි වීම කියල තමයි.

අද මන් දකිනව ෆේස්බුක් එකේ සන්වාදයක දෙන්නෙක් ලියු කමෙන්ට් දෙකක්. මේ සන්වාදය මට දැන් හොයන්න බෑ, ඒ නිසා ඒ දෙන්නගෙන් අවසර ගන්නත් බෑ, ඒ නිසාම නම් දාන්නෙත් නෑ. මෙහෙම කමෙන්ට්දෙක ගන්න එක ඕකේ කියල හිතනව. මේ ඒ කමෙන්ට් දෙක.

"50-70 කාලෙ තම ඓන්න තිබ්බෙ. හොද ජොබකුයි හොද වාහනේකුයි තිබ්බ උන් රජ ආතල් එකක් ගත්තෙ ඒ කාලෙ"
"ඒ කාලෙ සපත්තු සේල්ස්මන් කෙනෙක්ටත් හොද ගෙයක් වාහනයක් ගන්න පුලුවන්කම තිබ්බ කියල කියන්නෙ"

මේ කතාව ජෙනරලයිස් කරගත්තොත් මෙයාල කියන්නෙ එයාලට ගෙවල් ගන්න බෑ වාහන ගන්න බෑ හෝ රජා වගේ ඉන්න ඕනෙ කියන එකට වඩා කාලයත් එක්ක ඔය මධ්‍යම පාන්තිකයක්ගෙ ජීවන අවකාශෙ සිහින් වෙලා ඉතුරුවෙලා තියෙන තරම ගැන කතාවක්. මේක සත්‍ය කතාවක්.

අසූව දශකයේ ඇමරිකාවෙ සමාජ ජීවිතය වෙනස් වූ ආකාරය ගැන කතාකරන්න බිද වැටුනු මධ්‍යම පාන්තික ජීවිත අළලා පටන්ගන්න කාටුන් සිරිස් එකක් තමා ද සිම්ප්සන්ස්. හෝමර් හෙවත් පවුලේ පියා බෝම පොඩි රස්සාවක් කරන්නෙ අම්ම ඉන්නෙ ගෙදර ළමයි තුනයි. මෙයාලට තමන්ගෙ ගෙයක් හා වාහනයක් තියෙනව. ඒත් මෙයාල ඉන්නෙ ම්ධ්‍යම පන්තියෙ පිට පොත්තෙ. අන්න ඒ මධ්‍යම පන්තියෙ පිට පොත්තෙ ඉන්න උන්ගෙ ජීවිත ගෙවෙන ආකාරය උන්ගෙ ගැටලු ගැන කතාවෙන්න තමා කතාව නිර්මාණය කරන්නෙ. ඒත් මොකක් හෝ හේතුවකට සිම්ප්සන්ස් ඉවෝල් වෙන්නෙ නෑ දැන් සීසන් (අවුරුදු) 32 ක් ගිහින් තාමත් යන්නෙ ඒ කතාවමයි (සිම්සන් නිතර බලන්නෙක් නොවෙන නිසා ඒක එහෙම වෙන්න කතාවෙ පැහැදිලි කිරීමක් තියෙද දන්නෙ නෑ, ඒත් ඒක මට අදාල නෑ). ඉතින් 2021 අපි මේ බලන්නෙ 1989 මධ්‍යම පන්තියෙ වාටියෙ උන්නු පවුලේ කතාව.

මාර සීන් එක කියන්නෙ ඒ පවුල අද ඇමරිකාවෙ ඉන්න හොද මධ්‍යමපාන්තික පවුලක ස්ටේටස් එකේ ඉන්නෙ. සිම්සන් පවුල එතරම් වැඩි පඩියක් නොවෙන එක ඉන්කම් එකකින් ගෙවපු ජීවිතේ ගෙවන්න අද වෙද්දි ඇමරිකන් මධ්‍යම පන්තියෙ දෙන්නම (ඒ වගෙ ජොබ්ස් වලින්) උපයලත් අමාරුයි. ඒ උපයන දෙන්නටත් අමතර රස්සා කරන්න වෙනවා. හෝමර් සිම්සන් අමතර රස්සා කරන්නෙ එදාවේලට හෙවත් එන්ඩ්ස් මීට් කරන්න නෙවි, ලමයෙක්ගෙ උවමනාවකට, හෝ මොකක් හෝ අකරතැබ්බයක් නිසා. ඒත් දැන් සෙකන්ඩ් ඉන්කම් එකත් අවශ්‍ය එදාවේලට.

දැන් ඔය බිග් බෑන් තියරි තියෙන්නෙ. විද්‍යා මූලදර්මය නොවේ ඇමරිකන් සිට් කොම් එක. ඒ කතාවෙ අතිශයින්ම අභව්‍ය සිද්දිය දන්නවද? නිළියක් වෙන්න හිතන් මාසෙට ඩොලර් දෙසියක් ද කොහෙද ගෙවාගෙන පන්තිත් යන කෙල්ලෙක් වේටර් රස්සාවක් කරල එල් ඒ වල පැසඩීනා කියන අෆ්ලුවන්ට් නේබර්හුඩ් එකේ ස්ටුඩියෝ අපාට්මන්ට් එකක ජීවත් වීම. ඒක සාමාන්‍ය වේටර් රස්සාවක් කරන කෙනෙකුට ඉම්පොසිබල්.

මධ්‍යම පන්තියට ඔහොමනම් දරිද්‍රතා ඉරට පහළීන් ඉන්න අයට කෝම ඇද්ද? ලෝක සම්මුතියෙන් දරිද්‍රතාවය කියන එක මනින්නෙ රටේ ගෙදරදොර මධ්‍යස්ත ආදායමෙන් බාගෙට අඩු ආදායම් ලබන්නන් කියල. මේ දරිද්‍රතා ඉර ට පහළ ඉන්න ප්‍රතිශතය මහ ලොකුවට වෙනස් වෙලා නෑ. ඒත් ඒ ඉරට පහළින් ඉන්න මිනිහෙක් එදිනෙදා ජීවිතේට කරන්න තිබ්බ දේවල් ටික මහ ලොකුවට වෙනස් වෙලා තියෙනව මේ වෙනකොට. පෙරට වඩා බෙහෙවින් අසීරුයි, ඒ වගේම ඒ ආදායමෙන් ඔවුන්ට ලබාගතහැකි දේත් පෙරට වඩා සීමිතයි.

පෙර සදහන් කළ 50-70 කාලෙට ආපහු යාමේ සිහිනය බොහො දෙනෙකුට එන හේතුව මේකයි. ඇත්තෙන්ම 60 කියන්නෙ පළමු ලෝකෙට මාරම හොද දශකයක් වෙන්න ඕනෙ. ලෝක යුද්ද ඉවර වෙලා ලෝකය නැවත ඕඩර් එකකට සකස් වෙලා ආර්තිකයන් පිකප් කරගෙන ආවට ජීවන වියදන් අහස උසට නැගල නෑ. මිනිස්සුත් මාර ඇචිව්මන්ට් ගත්ත කාලයක්. කලාව ගත්තත් අලුත්ම මානයකට යනව. මානව චින්තනය තදින් වෙනස් වෙනව. අපි අතේ ඒ කාලෙට වඩා දැන් ගැජමැටික් තියෙනව තමා. ඒත් ඒක ජීවිතේ යහපත් බව ගැන මිම්මක් නෙවි. මේ ශිශ්ටාචාරය විනාස වුන දවසක අනාගත ශිශ්ටාචාරෙක ඉදන් මේ ගැන අධ්‍යනය කරන කෙනෙක් ඔයාගෙ ගේම්ස් වල ග්‍රැෆික් කොලිටිය මත නෙවි ශිශ්ටාචාරයේ උපරිමය හෙවත් සීනිත් එක නිර්ණයකරන්නෙ. හැටේ සිට මේ දක්ව අපෙ ප්‍රගතිය තරමක් ඉන්ද්‍රජාලික එකක්.

මේක වුණෙ එකොහොමද? අපි අර අතීතෙට යන කතාව ගත්තොත්, ඔය කතාව කියන කිසිවෙකුත් 60 දශකෙ ඉන්දියාවට චීනෙට කොරියාවට වියට්නාමෙට අප්‍රිකාවට යන්න මලාට හිතන්නෙ නෑ. ජපානෙටවත්. ඔය හැම තැනකම වගෙ එක එක ආකාර වල මානව ඛේදවාචක විසින් මහජනයා පාගාගෙන ජීවිත ඉතාම දුක්බර ලෙස ගෙවමින් තිබ්බෙ. ලන්කාව විතරක් ගත්තත් ඔය ආපහු යන සිහිනෙ තියෙන්නෙ කොළඹ එවකට ඉහළ යයි සම්මත සමාජෙට යාම. ගමක උන්නනම් ඔය කියන කාරෙකක් තියාගෙන ගෙයක් තියාගෙන ඉන්න සිහිනෙ සාර්තක කරගන්න පුලුවන් ඉතා සුලු පිරිසකට පමණයි. ඉතින් ලන්කාවෙ මොකද වුණේ කිව්වොත් නිදහස් අධ්‍යාපනය සහ ලෝකෙට විවර වීම නිසා ඒ දේවල් ගන්න බැරි අයත් ඒව ගන්න මට්ටමට ආව. සම්පත් සීමිතයි නෙ ඉතින් සමාජෙ බර පිරිසක් එම්පවර් වෙනව කියන්නෙ ඊට කලින් එම්පවර් වෙලා උන්නු අයගෙ පවර් එක පොඩ්ඩක් හෝ අඩුවීමක් වෙනව කියන එක. බැලන්ස් එකක්නෙ තියෙන්නෙ. ඒ වගේම ඉල්ලුම හා සැපයුම අතර බැලන්ස් එක නිසා ගොඩ දෙනෙක් මේ දේවලට ඉල්ලුම් කියනකොට ඒව ලබාගන්න යන වියදම ඉහළ යනව. ලෝක මට්ටමෙත් වුණේ ඕකමයි. අර කිව්ව ඉන්දියාව චීනෙ කොරියාව වියට්නාමෙ සහ තව විශාල ප්‍රමාණයක් රටවල් පිකප් වෙලා ආවම පෙරකී පරිදි සම්පත් බෙදීමෙ බැලන්ස් එකත් එක්ක ඒව සුලබව තිබ්බ පළමු ලෝකෙට ඒව අඩුවෙන් ලැබෙන්නෙ අනික ඉල්ලුම ඉහල යාම නිසා ඒ සම්පත් වලින් උවමනා සපයා ගන්න යන වියදම වැඩියි. ඒකයි සිම්සන් පවුල හා බිග් බෑන් තියරියෙ පෙනිගෙ කතාව දැන් සමාජෙට ලබාගන්න බැරි අභව්‍ය එකක් වෙලා තියෙන්නෙ. පනහ හැටේ දශකය ගැන අපිට රොමෑන්ටික් තාලෙට හිතෙන්නෙ. 

දැන් අර ඌබර්ඊට්ස් බයිසිකල් පදින ස්ටුඩන්ට්ස් ලට අපි කියන්නෙ මොකද්ද? මහන්සිවෙලා ඌබර් ඊට්ස් කරලා ඉගෙන ගනිල්ලා ඊට පස්සෙ උඹලට හොද රස්සාවක් අරගෙන කාරෙකක් හේම අරගෙන කාර් ගෙවල් වල ලෝන් බේරන්නයි ස්ටුඩන්ට් ලෝන් තියෙන රටවල ඒව බේරන්නයි ඌබර් ටැක්සි දුවන්න පුලුවන් කියලද?

මේක ශිශ්ටාචාරයේ කඩා වැටීමක් ද ? ශිශ්ටාචාරය කියල මන් කියන්නෙ පුනරුදයෙන් පටන් ගෙන යටත්විජිතවාදය ඔස්සෙ ලෝකෙ පුරා ගිය යුරෝපා මූලික ශිශ්ටාචාරය, ඒක තමා ලෝකෙ බහුතරයක් රටවල් ෆොලෝ කරන්නෙ කැමත්තෙන් හෝ අකමැත්තෙන්. අපි මේ දකින්නෙ ඒකෙ අවසානයද?

මන් මෑත කාලෙ බලාපු ලස්සනම යු ටියුබ් සීරිස් එකක් පෝල් කූපර් ගේ ෆෝල් ඔෆ් සිවිලයිසේශන්ස්. පෝල් ඉතිහාස දත්ත විශ්ලේශනය සහ කතාව කීමට එහායින් දෙයක් කරනව. ලෝකෙ උපරිමයන්ට ළගා වෙලා විවිධ හේතු නිසා බිද වැටුණු ශිශ්ටාචාර බිද වැටෙන්න ආසන්න මොහොතෙ මිනිස්සු ලියු දේවල් කියු දේවල් වලින් අරගෙන ඉතාම හැගුම්බර නාට්‍යමය අවස්තාවක් හදනවා අපි ඒ ශිශ්ටාචාරෙ කෙනෙක් නම් මේ කඩාවැටීම කෝමද දැනුනෙ කියන එකට. පෝල් ගෙ ෆෝල් ඔෆ් සිවිලයිසේශන් එකේ කඩා වැටෙන ශිශ්ටාචාරවල අවසානෙ තිබ්බ ලාක්ශනික ස්වරූපයන් අපි ඉන්න මේ ශිශ්ටාචාරෙත් දැන් පේනව. කිසිම දෙයක් සදාකල් මෙහෙම පවතින්නෙ නෑ, මේකත් තව එක ශිශ්ටාචාරයක් පමණයි. ඉතිහාසෙ තිබ්බ දැවැන්ත ශිශ්ටාචාරත් ඒවයෙ සීනිත් එකේදි මෙහෙම තමයි ෆීල් වෙන්න ඇත්තෙ. ඒව කඩා වැටිල තියෙන්නෙ සුලු සිද්දි වලින්. ඒත් කඩා වැටෙන්න ගත්තාම නතර කරගන්න බෑ. අපි ඉන්නෙ එහෙම තැනකද?

නෙවිනම් අපි ඉන්නෙ පැරඩියම් ශිෆ්ට් එකක් ලග වෙනන් පුලුවන්. උදාහරනෙකට කාර්මිකරණය සෞඛ්‍ය අන්ශවල දියුනුව ආදිය නිසා ලෝකෙ - විශේශයෙන් යුරෝපෙ - ජනගහනය වැඩිවත්ම එවකට තිබ්බ සාම්ප්‍රදායික කෲශි උපක්‍රම වලින් වවල කන්න දෙන්න ඉඩම් ප්‍රමාණවත් නොවීම නිසා ලෝක යුද්ද ඇතිවුණා කියල කියනවනෙ. ඒත් හරිත විප්ලවය විසින් ගොවිබිමක අස්වැන්න විශාල ලෙස ඉහල දමන නව ප්‍රබේද හදනවත් එක්කම ඒ ගැටලුව අවසන් වෙලා යනවා. ආහාර සුරක්ශිතතාවය ගැන අපි තාම ඉන්නෙ හරිත විප්ලවය විසින් නිර්මාණය කළ ඒ අලුත් පැරඩියම් එකේ.

ඔය දෙකෙන් වෙන්නෙ මොන එකද කියල නිරවුල් නෑ. ඒත් පෙර කී කතා සියල්ලෙ තියෙන පණිවිඩේ මේ වෙද්දි සමහර ජිමික්ස් වලින් අපි ඉස්සරහින් ඉන්නව කියල අපිට හිතුනට අපි යන්නෙ අනිත් අතට කියන එක. සීනිත් එක පහුවෙලා. සීනිත් එක පැන්නම ශිශ්ටාචාරය ඉන්න උන්ට මල වනයක් වෙනව. ඒකෙ නඩත්තු බිල ගෙවාගන්න ඉන්න උන්ට අමාරු වෙනව. පැරඩයිම වෙනසක් නොකලොත් ඒක වැටෙන්නෙ ඒකෙම බරට. අපි ඉන්නෙ ඒ මොහොතෙ නෙවිද?


Friday, October 15, 2021

ඩූම්ස් ඩේ කතා

තාක්ශණයේ දියුණුව, නව ඛනිජ හා ලෝහ සකසන ක්‍රමවේද සොයගැනීම, නව උපකරණ සැකසීම, නව යුද උපක්රම දියුනු වීම ආදිය එක්ක ලෝකය නව තාක්ශණික යුගයකට ගමන් කරනව. ඒ සමගම ඒ නව ඛනිජ හා ලෝහ මත ධ්නය ඒකරාශි වෙනව. ධන කුවේරයින් බිහි වෙනව. අතිරික්ත ධනය මත තාක්ශණ වේදින් බිහි වෙනවා, තාක්ශණ ධන කුවේරයින් හැදෙනවා. මේ මිනිසුන් අතර හුවමාරු වෙළදාම් එක්ක වාණිජ මැද පන්තියක් හැදෙනව, උන් ආර්තිකය හසුරුවන්න සක්‍රියව දායක වෙනව. සාපේක්ශව නිදහස් ආර්තිකයක්. ඒ කිව්වෙ ධනය හිමි අය ඒව ආයෝජනය කරමින් තවත් ධනය රැස් කරන්න කරගෙන යන දේශසීමා ඉක්මවන තනි ආර්තිකයක්.

ඒ මත ස්මාජයේම ජීවන තත්වය ඉහළ යනවා. මෙතෙක් වෙන් ව තනිව උන් ගම්මාන නගර වෙනුවට ලොකු කලාපයක් යාවෙන විශ්ව ගම්මානයක් හැදෙනව. මෙතෙක් බලය පෙන්නන්න කළ යුද්ද ආයෙ කළොත් මේ යුටෝපියාව කඩා වැටෙන නිසා ඒ ඒ රටවල පාලකයින් සහ ධනවතුන් සාකච්චාවෙන් එකගතාවෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙන්න පුරුදු වෙනව. ඒ සමග දිගුකාලිනව සාමය උදාවෙනව.

භාණ්ඩ නිශ්පාදනය සන්කීර්ණ වෙනව. එක කෙළවරක අමුද්‍රව්‍යයක් තව කෙළවරක අමුද්රව්‍යක් එක්ක තවත් තැනක මහ පරිමානෙට නිපදවා තවත් බොහෝ තැන්වල අගය එකතු කිරීම කර කලාපය පුරා බෙදා හැරෙනවා. ඒ මත සප්ලයි චේන් නෙට්වර්ක් එකක් හැදෙනව. රුධිර ධමනි වගෙ දිවෙන නාවික මාර්ග හැදෙනව ඒවට රුධිර නාළීකා වගෙ සෙට් වෙන ගොඩබිම් ප්‍රවාහනය දියුණූවෙනව.

මිනිස්සු යුටෝපියාවක ජීවත් වෙන්න ගන්නව කවදාවත් කඩා වැටේ කියල නොහිතන.

හැබැයි ප්‍රශ්න තියෙනව. වෙල්ත් ඩිස්ට්‍රිබියුශන්. අති විශාල ධනයක් තැන් තැන්වල ඒකරාහි වෙනව, එතකොට සාමාන්‍ය මිනිහගෙ ජීවිතේ අමාරු වෙනව. ක්ලොක්වර්ක් වගෙ මේ සිස්ටම් එක දුවන්න උන්ට ලොකු බරක් දරන්න වෙනව. පීඩනයක් නිර්මාණය වෙනව. වාණිජ පද්දතිය සක්‍රිය වෙන්න වෙනන් ආර්තිකය සන්කීර්ණ වෙනව. ස්තාවරත්වය සාමය සහ සන්වර්ධනය එක්කම ජ්නගහනය වැඩිවෙනව. ඒ මිනිසුන්ට ස්පයන්න වැඩියෙන් දේවල් ඕනෙ වෙනව. භූමිය අධික ලෙස ගොවිතැනට යොදල ආහර හිගයන් එනව, ජලය හිග වෙනව. මහජනයා ලොකු මට්ටමින් එකිනෙක අතර අන්තර් සබන්ද පවත්වන වෙළදාමෙන් දුර තැන් පවා ඉක්මනින් සම්බන්ද වෙන මේ ලොකෙ වසන්ගත‍යක් ආවම විශාල බලපැමක් කරනව මොකද පැතිරීමේ සන්ගුණකය වැඩියි. කනෙක්ටඩ් ලෝකයක්. පැන්ඩෙමික තත්වයක්.

ඒ සමගම සියල්ල කණපිට හැරෙනව. ඉතාම කෙටි කාලෙකින්. දශක කිපෙකින්. ආර්තිකයේ සියුම් ස්වභාවය එන්න එන්න ම වැඩි ව්වුණාම ඉතා කුඩා වෙනසක් වත් එයට දරාගන්න අමරුයි. හිතන්න කිසියම් නිශ්පාදනයක් කරනන් නගර 10 ක අමුද්‍රව්‍ය ඕනෙනම් නගර 5 ක ශ්‍රම බලකා ඔනෙනම් ඒ නිශ්පාදනය කෙරෙන්න ස්තාන 15 ක් සාමයෙන් සමෲද්දිමත් ව තියෙන්න ඔනෙ ඒ ස්තාන 15 අතර සියලු ගමන් මාර්ග සුරක්ශිතව සක්‍රියව තියෙන්න ඕනෙ. මේවයෙ පොඩි හරි වෙනසක් වුනොත් ඒ නිශ්පාදන ඇනහිටිනව. එක නිශ්පාදනයක් තව එකකට බලපානව. මේ සමග සප්ලයි චේන් අර්බුද හටගන්නව. ඒ එක්කම ආර්තිකයට අවිනිශ්චිතබවක් ඇතුලු වෙනව. නිදහස් ආර්තිකයේ අර්බුදය එනම් ආර්තිකයට ආයෝජනය නොකර ඉන්නත් තියෙන නිදහස ඉස්මතු වෙනව. මිනිස්සු මේ අවිචාරමත් කාලෙ ගෙවෙනකම් වස්තුව හන්ගනව. වෙල්ත් එක මුට්ටිකාසි වෙනව. ආර්තිකයන් බිද වැටෙනව.

කලාපිය හෝ ලෝක කාළගුණ විපර්‍යාස ඇතිවෙනව. කෲශිකර්මය බිද වැටෙනවා බොහෝ තැන්වල. සමාජයෙ කෙමෙන් වර්ධනය වෙන ෆෝල්ට් ලයින් දිගේ ඝට්ටන ඇතිවෙනව. මිනිස්සු තමන්ගෙම නගර කොල්ලකනව ධනවතුන්ගේ බලවතුන්ගෙ නිවාස කොල්ල කාලා ඒව බිමටම පුලුස්සා දමනවා.

විශාල මනුශය් සන්ක්‍රමණ ඇතිවෙනවා. යුටෝපියාව කඩා වැටෙනකොට එහි මුල්ම බලපෑම් එන්නෙ ප්‍රත්‍යන්ත පලාත් වලට. ප්‍රත්‍යන්ත වල යුද්ද ඇවිලෙනවා. ඒවයෙ ආර්තිකයන් සුන්නද්දුලි වෙනවා. ජීවත් වෙනන් අසීරු වෙනවා. මිනිස්සු මහා පරිමානෙන් කල්ලි ගැහිලා වඩාත් ධනවත් පෙදෙස් කරා බලහත්කාරෙන් සන්ක්‍රමණය වෙනවා. මේ එන මිනිස්සු ශිශ්ටාචාරෙ පස්ස පැත්ත. චින්තනයෙන් පසුගාමියි නොදියුනුයි. ඒත් උන් ජීවිතය සහ මරණය අතර සටනක ඉන්න නිසා ලොකු ඉලක්කම් වලින් අර කිව්ව දියුණු පළාත් වලට සන්ක්‍රමණය වෙනවා. මේ නිසාම ඒ පෙදෙස් වල බලය තීරණාත්මක ලෙස මේ මිනිසුන් අතට යනව. යුටෝපියාව ම්ලේච්චයින් අතට යනව.

ඒක ඉතින් ෆයිනල් මෝමන්ට් එක.

කීදෙනෙක් ඉන්නවද මේ වෙද්දි මට චෝදනා කරමින්. කීදෙනෙක් කියනවද මේ වෙද්දි මන් ඩූම්ස් ඩේ තියරි හදනවා කියල. කීදෙනෙක් කියනවද පිස්සුද බන් ඔහොම වෙන්නෙ නෑ කියල.

ඒත් ඔහොම වෙනව කියල නෙවි මන් කියන්නෙ. ඔහොම තමා වුනේ. ඔහොම තමා ඒක ඉවර වුණේ.

ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය හෙවත් බ්‍රොන්ස් ඒජ් සිවිලයිසේශන් කියල ලෝකය හදුන්වන අදින් වසර 4000 ක සිට 3200 ක් ඉස්සර වෙනකම් බටහිර ආසියාවෙ තිබ්බ ශිශ්ටාචාරය කඩා වැටුනෙ ඔහොම.

ඉතිහාසය විශ්ලේශණය කරන බොහො දෙනෙක් අද අපි ඉන්න ලෝක ශිශ්ටාචාරය එක්ක ලාක්ශණිකව ලොකු සමානකම් දකිනව මේ ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල. යුරෝප මූලික ලොකයෙ ස්තාවර යුගයන් කියල කියන රෝමය, මොන්ගල් යුගය, ශු රොමාධිරාජ්‍ය, බ්‍ර්තාන්‍ය අධිරාජ්‍ය වගේ කාලවලට වඩා අද අපි ඉන්න තත්වෙට සමානකම් වැඩියි ලෝකඩ යුගයේ ශිශ්ටාචාරය තුල.

ලෝකඩ නිශ්පාදනය එක්ක නිර්මානය වන තාක්ශනික විප්ලවය මත තඹ සහ ටින් හාරන පතල් කර්මාන්තය ඒමත බිහිවන නව නිශ්පාදන, ඇෆ්ඝනිස්තානෙ බ්‍රිතාන්‍ය පමණ දුරවල් වලට ඇදුන සප්ලයි චේන්, මේව නිසා කනෙක්ට් වෙන ලෝකය එහි නිර්මාණය වන වාණිජ අධිරාජ්‍යය, වෙළදාම සහ භාන්ඩ/සේවා සැපයීමෙන් දියුනු වන සමාජෙ මැද පන්තිය. රජුන් ජනයා බලහත්කාරෙන් හසුරුවා කල දේවල් වෙනුවට ධනවතුන් සහ වෙලදුන් හා සෙසු මහජනයා එක්ව කල වඩාත් නිදහස් ආර්තික රාමුවක් පේන්න තියෙන්නෙ. ඒ මත ග්‍රීසිය තුර්කිය සුළු ආසියාව සහ ඊජිප්තුව අවට හැදෙන බලවත් ධනවත් එහෙත් සාමකාමි රාජධානි - මයිසිනියන්, සිප්‍රයිට්, හිටයිට්, ඊජිප්තු, ඇසිරියන් ආදී ලෙස. මෙයාල ඔක්කොම පාලනය කරන්නෙ අපෙ යු එන් එක වගේ හරිම හිතවත් පාලක පිරිසක් ඒ පාලකයින් යැපෙන්නෙ ධන කුවේරයින්ගෙන්, ටැක්ස් වලින්. අපෙ යු එන් එක හා පාලකයින් ලෝකෙ ධනය වෙනුවෙන් මලාට යුද්ද ඇතිවෙන්න නොදෙන්නා සේ මෙයාලත් යුද්ද වලකනවා. යුටෝපියාව හැදෙන්නෙ එහෙම.

සමහරවිට අපි මෙයාල ගැන දන්නව වැඩි ඇති. මොකද ඔවුන් ලේඛනය කලේ පිලිස්සු මැටි පුවරු වල. පිලිස්සු මැටි පුවරු වෙනත් ලේඛන ද්‍රව්‍ය වලට වඩා සුරක්ශිතව තියෙනව. ඒ නිසා වෙලදාම් කරපුව ඕඩර් දාපුව ඉන්වොයිස් එවපුව එකිනෙකාට යවාගත්ත හා යවාගන්න බැරි වූ ලියුම් අන්තිම අසාද්‍ය වෙලා අපිව බේරගනියෝ කියල යවාපු පනිවුඩ එහෙම සැහෙන්න හමුවෙලා තියෙනව. අකුරු කියව ගත්ත ගමන් ලොකු විස්තරයක් විවර වෙලා තියෙන්නෙ.

එය බිද වැටුනෙ අහවල් හේතුවටයි කියන්න බෑ. සප්ලයි චේන් බිද වැටීම එක්ක නිශ්පාදන ආර්තිකය හිරවෙන ආකාරය පේන්න තියෙනව. කොමද ද්න්නවද? භාන්ඩ හිගයන් ගැන සාක්ශි තියෙනව ඕඩර් රිපීට් කර කර ඉල්ලපු මැටි පුවරු තියෙනව, එවයි කියල හිතපු බාන්ඩ නොලැබීම ගැන ලියු ලියුන් තියෙනව. මේ වතාවෙ ආහාර එව්වෙ නැත්නම් අපි මැරෙයි කියල යැවු පනිවුඩ තියෙනව. මෝස්ට් ඉම්පෝටන්ට්ලි එහෙම ලියල ඒත් යවාගන්න බැරි වූ පනිවුඩ තියෙනව. ඒ කියන්නෙ යවනකම් වත් සර්වයිව් වී නෑ. ඒ නිසා ආර්තිකේ වැටෙන එක තමා මුලින්ම වුනා කියල හිතන්නෙ. ආයෝජන වෙනුවට සල්ලි මුට්ටිකාසි වෙලා සමහරු වළලලත් තියෙනව පස්සෙ හොද කාලෙක ගන්න හිතන්, ඒත් ඒ මිනිස්සුන්ට ඒව ගොඩ ගන්න වෙලා නෑ.

කලාපිය දේශගුණ අර්බුදයක සළකුණු තියෙනව. නියන් ජල හිගය සහ ෆැමින් වල සළකුනු කලාපෙ පුරාම තියෙනව. පැන්ඩෙමික වසන්ගත වල සළකුණු තියෙනව කනෙක්ටඩ් නිසා ඒක හැම තැනම ගියා කියල හිතන, බොහෝ නගර වාසින් තමන්ගෙම නගරෙ කොල්ල කෑව කියන්න සලකුනු තියෙනව.

ඔය  කාරණා  එක්ක මිනිස්සු පාරට බැහැල ධනය කොල්ල කන්න ඇති සල්ලි කාරයො රජුන් පලා යන්න ඇති. නගර ගිනි තිබ්බ කියන්නෙ නගර වැසියන් මයි. ඒක ඇවිල්ල පිස්සු හැදෙන මොහොතක්. යුටෝපියාවෙ සැපට උන්නු මිනිස්සුනෙ. උන්ට මල පනින්න ඇති. මේ තත්ව උත්සන්න වෙනකොට වඩාත් දුර බැහැර නොදියුණු පලාත් වලින් (යුරෝපා භුමියෙන්, මධ්‍යධරනි දූපත් වලින් එහෙම) ආපු සුවිසල් මිනිස් සන්ක්‍රමණ නිසා ඔවුන් එක්ක ඇතිවන යුද්ද සහ සාපේක්ශව නොදියුනු ඒ මිනිස්සු (සී පීපල් කියල හදුන්වන) මේවයෙ බලය ඇල්ලිම එක්ක කලාපය බිද වැටෙන්නෙ.

ශිශ්ටාචාරමය ලෙස උසස් තත්වයක් ආයෙ එන්නෙ සහස්‍රයකට පමන පසු.

නිකමට මේ මොහොත එක්ක සන්සන්දනය කර බලන්න. හරි දැන් ඔයාල ඩූම්ස් ඩේ කතා ටික තනියෙන් ලියා ගන්න.

ප.ලි. ෆේස්බුක් එකෙන් මට ආපු ප්‍රතිචාර එකක් පොඩි ක්ලැරිෆිකේශන් ටිකක් ලියන්න හිතුව, ඒ  ප්‍රශ්න කිරීම් කල හැමට ස්තුතිය.

1. මේක අතීතෙ වෙච්ච ඉවෙන්ට් එකක්. ඒකම ආයෙ එහෙම්ම වෙනව කියල කියන්නෙ නෑ අපි දකීන්නෙ අපේ වගේ තරමක් නිදහස් එසේම ඉතා ෆ්‍රජයිල් ආර්තිකයක්. කනෙක්ටඩ් කලාපයක් සප්ලයි චේන් මත රදා පැවතුන ලෝකයක්. සිමිලරටීස් තියෙනව. වෙච්ච දේවල් වෙලා තියෙනව. මිනිස් ස්වභාවයන් නිසා අර වෙච්ච දේ වගෙ "නැඹුරුතාවන්" අපි ඉන්න කාලෙත් ඇතිවෙන්න පුලුවන්. හැබැයි ඉවෙන්ට්-වයිස් රිපීට් වීමක් අපි හෙව්වොත්, කිසිම දෙයක් මලාට එහෙම වෙන්නෙ නෑ. සමානකම් තියෙන්නෙ ස්ට්‍රක්චර් එකේ ඉතාම උඩ මට්ටමක පමනයි. ඊට පහලට ඩීටේල් වලින් අපි ඉන්න කාලෙයි ලෝකඩ යුගයයි අතර මහා වෙනස්කම් තියෙනවනෙ. අපි ඒක රිසෝල් කරගන්න හැටි අපිටම ආවේණිකයි සහ අපි විසින් ඩිෆයින් කරන්නෙ. ඉර්ණමක් වගෙ දැනටම ලියවිලා නෑ. ෆේමස් කියමනක් තියෙනව හිස්ට්‍රි ඩස් නොට් රිපීට් ඉට් ජස්ට් රයිම්ස් කියල.

2. අනික මේක මේ වෙලාවෙ යන කෝවිඩ් වසන්ගතෙ එ එක්ක පටල ගන්න එපා, මේ ගැටලු දිගුකාලිනයි. දශක හෝ සියවස් ගානක් තිස්සෙ යන කතා. ඒත් ශිශ්ටාචාර දෙකේ සමානකම් නිසා දිගුකාලිනව බොහො විට අපේ වයසෙනුත් එහාට වෙන්න ඉඩ තියෙන ෆේලියර් ගැන සමහරු කතාවෙනවා. කෝවිඩ් එකක් වෙච්ච දේවල් ඒ වල්නරබිලිටියට සාක්ශි සපයනව.

3. ඇත්තෙන්ම ඒ බොහො කතාවල බොහො දෙනෙක් නොදකින ක්‍රිටිකල් කාරනාවක් තමා චීනගෙ භූමිකාව. බ්‍රොන්ස් ඒජ් එකේ එහෙම එකෙක් ඉදල නෑ. මේ සිස්ටම් එක් කලප්ස් වීගෙන යනවනම් චීනගෙ භුමිකාව මොකක් වේද? එකාතකින් චින කියන්නෙ ආර්තිකේ ස්වාභාවිකව වැටිල වට්ටන්න පුලුවන් එකෙක් නෙවි උන්ගෙ ස්ටැට්ස් ඉදල කෲතිම එව්ව. අනික් අතින් චීන කියන්නෙ බලෙන් අල්ලගෙන ඉන්න එකෙක්, ස්වාභාවික බලයක් නෙවි. එක්කො ඔක්කොටම කලින් ඌ වැටෙනවා. ඉතින් මෙවැනිම දෙයක් වුණත් චීනා ගෙ භුමිකාව අනුව කලප්ස් නොවී වෙනත් අතරමැදි අවස්තාවලට මාරු වෙන්න පුලුවන්.

Friday, August 20, 2021

අසීමිත කායික ශ්‍රමය හෙවත් ටෙස්ලා බොට් ගේ ආගමනය

ටෙස්ලා බොට් නම් හියුමනොඩ් රොබෝව හදුන්වා දෙන්නට ඊලොන් මස්ක් කරන කතාව මේ.

මුලින්ම කියන්න ඕනෙ මේකෙ ඉන්නෙ රොබෝ කෙනෙක් නෙවි ටෙස්ලා බොට් තවම හදා නෑ. මෙතන වැදගත් ඊලොන් ගෙ කතාව පමණයි.

ටෙස්ලා බොට් හදන්නෙ එදිනෙදා කායික ශ්‍රමය රිප්ලේස් කරන්න. එදිනෙදා ජීවිතේ කටයුතු රාශියක් කරවා ගන්න පුලුවන් ටෙස්ලා බොට් ට කියල. ගැඹුරින් හිතල කරන දේවල් කරන්න බෑ. ඒත් එකම දේ නැවත නැවත කරන කායික ශ්‍රම සැපයුම් කල හැකියි. මිනිසුන්ට කරන්න අමාරු වැඩ කරවා ගන්න පුලුවන්. හිතාමතාම මිනිස් හැකියා සීමා ගානට සීමා වෙන්න රොබෝව හදනවා කියන්නෙ. (ඒව ඉතින් මිනිසුන්ගෙ හිත සනසන්න කියන කතා, දැන් බැරි වුනත් - දැනටත් පුලුවන් - මිනිසුන්ව ඉක්මවන තත්වයන් හදාගන්න වැඩි කලක් යන්නෙ නෑ තරගය එක්ක)

ඊලෝන් මේකට කියන්නෙ අන්ලිමිටඩ් සප්ලයි ඔෆ් ෆිසිකල් ලේබර් කියල. එනම් වාණිජ අවශ්‍යතා උදෙසා කායික ශ්‍රමය අසීමිතව සපයා ගන්න පුලුවන්. මිළ ඉහළ වුණත් පඩියක් නොගෙවන නිසා එහි ආයු කාලය තුල විශාල වාණිජ අගයක් ගන්න පුළුවන්. ඒ නිසා මේ අපි දකින්නෙ කායික ශ්‍රමය වැය කරන රැකියා වල අවසානයේ ආරම්භක මොහොත.

ඊලොන් ම කියන පරිදි මේකෙන් පස්සෙ මිනිසුන් ලවා කායික ශ්‍රමය වැයකරල රස්සාවක් කරවන එක හුදෙක් තේරීමක් විතරයි. අවශ්‍ය නම් එහෙම නොකර ඉන්න පුලුවන්. ඊලොන් පිලිගන්නව ඒ සමගම එන විරැකියා ප්‍රශ්නය ගැන. නිකමට හිතන්න කොයිතරම් රස්සා මේ රොබෝට රිප්ලේස් කල හැකිද කියල. ටික ටික ඒක වේවි. පළමු ලෝකෙ ප්‍රාග්ධ්නය වඩාත් ලාභ මේ ක්‍රමවේදයට ඉන්වෙස්ට් වෙනකොට තෙවනි ලෝකෙට ඇදිල ආපු ශ්‍රම ඉල්ලුම නතර වේවි.

ඒ සමග එන විරැකියාවට පාරට බැහැල උද්ඝෝශණ කරල පලක් නෑ. කාටද කියන්නෙ? ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. ටෙක්නොක්‍රසියේ සියුම් ඒකාධිපතිත්වයේ තියෙන බයානකම දෙයනම් එයට මුහුණක් ඉලක්කයක් නමක් නැති වීමයි. ඒකාධිපතියෙක්. හැබැයි පේන්නෙ නෑ. මොකවත් කරන්න බෑ. විරෝධය පළ කරන්න බෑ. පඹයෙක්වත් හදල පුච්චන්න බෑ. අද්‍රව්‍ය අනාමික අදෲශ්‍ය ඒකාධිපතියෙක්.

ඊලෝන් යෝජනා කරනව යුනිවර්සල් බේසික් ඉන්කම් එකක් දෙන්න ඕනෙ කියල. එනම් සියලු මිනිසුන්ට මූලික ආදායමක් නිකම් දෙන්න. ආණ්ඩුවෙන් දෙන්න බෑ, මොකද ආණ්ඩු කියන්නෙ වැඩ කරන මිනිසුන්ගෙන් එන බද්දෙන් දුවන එකක්, මිනිස්සු වැඩ නොකරනකොට ආණ්ඩුවට වන්දි දෙන්න විදියක් නෑ. ඒක බොහොවිට දෙන්න ඉඩ තියෙන්නෙ මේ ටෙක්නොක්‍රටික සමාගම්. ඒත් ඒක එක පාර වෙන එකක් නෑ. බොහො විට නිකම්ම ලැබෙන එකකුත් නෑ. ඒ නිසා ලෝකෙ තරමක ඝට්ටනයක් වෙන්න නියමිතයි ඊට කලින්.

යුනිවර්සල් බේසික් ඉන්කම් කියන්නෙ එකම ප්‍රශ්නෙ නෙවි. කායික ශ්‍රමය කියන්නෙ සීමිත සම්පතක්. අපි ඉන්න ආර්තිකය හැදිල තියෙන්නෙ ඒ පදනම උඩ. එතකොට ඒ පදනම ඉවත් වෙල කායික ශ්‍රමය අසීමිත සම්පතක් වුණාම වෙන්නෙ මොකද්ද? ඒක අපි දන්න දෙයක් නොවේ. ඒක අපිට තවම හිතන්න පුලුවන් දේකුත් නොවේ. ආර්තිකය කියන්නෙ බයානක සර්පයෙක් තද කරල අල්ලන් ඉන්න තැනක් රිලිස් කලාම ඌ හැරිල හපනවා.

උදාහරණයකට මේ කතාව ගන්න. ලෝකයේ උන්නු ධනවත්ම මිනිහා කියන මාලි අධිරාජ්‍යයේ මන්සා මූසා නම් රජු මක්කම යන්නෙ ඔටුවන් පනහක වගේ පිට මත රත්‍රන් තොග පටවාගෙන. ඔහුගෙ ගමනෙදි ඔහු සියලු අවශ්‍යතා ඉටුකරගන්නෙ මේ ට්‍රිප් එකට ගෙනගිය පොකට් මනි දීමෙන්. ඔහුට යමක් මිලට ගන්න ඕනෙනම් ඒක ගන්නවමයි රත්‍රන් කීයක් ගියාද කියනෙක නතින්. ඔහුට කා ගැන හෝ පැහැදීමක් ආවොත් ඔහු රත්‍රන් කෑල්ලක් දෙනව. කා ගැන හෝ අනුකම්පාවක් ආවොත් හිගන්නෙක් හම්බුනොත් ඒත් එහෙම්මයි. මන්සා මුසා තමන්ගෙ ආතල් එකට ගෙනා පොකට් මනි වියදම් කරල ආපහු යනව. ඒ සමගම අරාබියෙ (තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයෙ) ආර්තිකේ කලප්ස් වෙනව. ඇයි? ආර්තිකය නිර්මාණය වෙලා තියෙන්නෙම රත්‍රන් සීමිත වටිනා සම්පතක් කියල කියන පදනමින්. මන්සා මූස ඔටුවො පනහක රත්‍රන් තොගයක් රිලිස් කලාම තාවකාලිකව රත්‍රන් අසීමිත වෙනව. ආර්තිකයට මේක දරාගන්න බෑ. සම්මුති පවත්වන්න බෑ. ආර්තිකය කඩා වැටෙනවා.

ඊලොන් ගෙ අසීමිත කායික ශ්‍රමයෙ කෙලවර ඒ වගෙ අමුතු දෙයක් වෙන්න පුලුවන්. ඒක කාලයට තමා බාරදෙන්න වෙන්නෙ.

Friday, July 30, 2021

ඔලිම්පික් යවන්න ඉන්න අපේ මුදලිහාමි

තෝකියෝ ඔලිම්පික් උළෙල කෙමෙන් ඉදිරියට යයි. ලොකු කුඩා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම තම හැකියාවන්ගෙන් පදක්කම් දිනාගනිති. අපේ ගියපු කීපෙ පළවෙනි වටෙන් එලියට විසික් වන්නේ මන්දැයි ලන්කාව විස්සෝප වෙයි.

"මෙච්චර ඇලදොල තියෙන රටේ වටේට මූද තියෙන රටේ එකෙකුට හරියට පීනන්න උගන්නන්නෙ නැත්තෙ ඇයි?" කියා අසති. "යුපුන් ගෙ 10:15 කුඩු සන්සාර් වෙන්න දුවන කොල්ලො ගන්ගොඩවල ඉන්නව. උන්ට යන්න දෙන්නෙ නෑනෙ" තව එකෙක් කියයි. "යකෝ යුද්දයක් යුද්දෙකින්ම ඉවර කල රටේ ස්නයිපර් නීරෝ ලාගෙ පරපුරේ එකෙට්ට හරියට ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරුවානෙ" කියයි.

තව කතා කියති. මට දැනට ඔය තුන ප්‍රමාණවත් ය.

වටපිට බලමු.

ඔස්ට්‍රෙලියාවෙ තියෙන වතුර ප්‍රමාණය ගැන මම ම ලියු තරමින් කාටත් පැහැදිලි ඇතැයි සිතමි. අහම්බෙන් ගගක් ගැලුවත් ඒක වසර ගනන් හිදෙමින් ය. බොන්න වතුර තියෙන්නේ වැහි ජලය වසර හත අටකට ස්ටොක් කර ගන්න ක්‍රමවේද සැකසූ නිසාය, වහින්නෙත් නැත්නම්(දකුනු ඔස්ට්‍රෙලියාව) කිමී සියගානක් එහා ගගකින් ටවුමටම පයිප්ප දාගෙනය. ඒ වුනාට ඇමරිකාව ළගට ලෝකෙ හොදම පිහිණුම් කණ්ඩායම ඉන්නෙ ඔස්ට්‍රෙලියාවේ ය (දැන්නම් චීන්නු ළගටම ඇවිත්). දැන් ඔය දුවන එකාල හරක් පස්සේ දුවලා ගමේ වෙල් එලියේ දුවලා හැදුනු උන් නොවේ. මෙට්‍රොපොලිටන් සිටීස් වල එපාට්මන්ට් වල උපන් හැදී වැඩුනු උන් ය. ඉලක්කෙට වෙඩි තබා දිනුම් ලබන්නෝ බහුතරේ ඉන්නෙ වැර්දිලාවත් යුද්දෙකට බහින්නැති රටවලය. අනික උන් බහුතරේ ඒවයෙ හමුදාවල කවදාවත් සේවය කර නැත.

ඒ අනුව ක්‍රීඩකයින්ට වරදින තැන තේරුම් ගන්නට රටේ ජනමතයට වරදින තැන හොද නිර්ණයකි. මොකද අපි තාම ට්‍රයි කරන්නෙ ගගේ ඇලේ දොලේ පීනා ඔලිම්පික් සුවිමින් මෙඩල් ගහන්නය. මැශින් ගන් වලින් කොටි ෆ්‍රන්ට් එකට තියා ස්නයිපරේ දුර ලග කර බලා ඔලුවටම තියා ශූටින් මෙඩල් ගහන්නය. හරකා එලුවා පස්සේ පන්නා දුවා ස්ප්‍රින්ටින් මෙඩල් ගහන්නය.

මුදලිහාමි දිව්වේ එහෙමය.

කළුබණ්ඩාගේ මුදලි හාමි නොදන්නා කෙනෙක් නැත. මයියොක්කා ටිකට ලුනුමිරිස් ටිකක් දාගෙන කාලා සෙරෙප්පු සපත්තු නැතුව රලු අඩි තබා හරක්පස්සේ එලවා වෙල් ඉපනැල්ලේ ගමේ ගුරු පාරේ දිවගිය මුදලිහාමි කැකිරාව ම්ණ්ඩලයේ දෙබෑව පාසලේ සිට නගරයේ උල් සපත්තුකාරයින් එක්ක තරගෙට දුවන්න ගියේ ය. හැමෝගෙම හිතේ ඉන්නෙ ඒ මුදලිහාමිය. ඒක හිතේ ඉන්නකම් කරගන්න තියා සීන් එක හිතාගන්නවත් බැරිය.

ඇත්තටම අපි බිහිකළේ මුදලිහාමිට මදක් එහා උන් ය. මුදලිහාමි++ ය. එනම් අපේ සුසන්තිකා ලා සුගත් ලා ශ්‍රියානි ලා ගේ සිට නිමාලි ලා පාරමී ලා ඩිල්ශි ලා දක්වා බහුතරය ට උරුම වන්නේ මුදලිහාමිට වඩා යන්තම් ලෙවල් එකක් මෙහාය. ඒ කියන්නෙ ක්‍රීඩාවට අගහිගකම් මැද්දේ ඇවිත් අමාරුවෙන් සපත්තු දෙකක් සපයාගෙන සාමාන්‍ය ආහාරපාන ගනිමින් ඉස්කෝලෙන් අවුට් උනාම එක්කො හමුදාවට නෙවිනම් වෙනත් රස්සාවකට යමින් බස්සෙකේ හෝ බයික්කෙකේ ප්‍රැක්ටිස් වලට කොට කොට යමින් (එහෙම යද්දි නිමාලි ද කොහෙද බයික් එකෙන් වැටිලා තුවාලත් වුණා) හොදට පර්ෆෝම්කලොත් ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රශ්න්සා ලබා ගෙදරට ඉලෙක්ට්‍රිසිටි වැනි ක්‍රීඩාවට ලොකු බක්කක් නොවෙන ප්‍රතිලාභයක් ලබා ගනිමින් ක්‍රීඩාවේ යෙදෙන දුප්පත් පාට් ටයිම් තරග කරුවන් ය. ඕල්මොස්ට් මුදලිහාමි ය. හෙවත් මුදලිහාමි++ ය.

අපේ ජනතාව ඉල්ලන්නෙ උන්ටත් එහා ඉන්න ගමේ වෙලෙ ඇලේ දොලේ සටන් බිමෙන් සොයාගන්නා රියල් මුදලිහාමිලාය. මට තේරෙන ආකාරයට ලන්කාව කාබාසිනියා කලේ මේ මුදලිහාමි චින්තනයයි.

අපි වීරත්වයට නගන්නේ මුදලිහාමි මොඩලය මිස උල් සප්ත්තු කාරයාගෙ මොඩලය නොවේ. මුදලිහාමිගේ කතාව මේකට ගෙනාවේත් ඒක ලියූ එකාට මදි නොකියන්න බනින්නෙත් මෙබැවිනි. ඉස්ටෝරියේ ඒකා දින්නාට ලෝක සම්මුතියේ මුදලිහාමිල ලොවෙත් දිනන්නේ නැත. ක්‍රිඩාවේ හිමිකම උල්සපත්තුකාරයින්ටයි.

එනම් පොඩි කාලෙ සිට නියම කෝච් ලා එක්ක ඉන්න, හරි ස්පොන්සර්ස් ලාගෙන් මුදල් ලැබෙන ෆුල් ටයිම් ස්පෝට්ස් කරන ඊට අවැසි ඇගලුම් සහ හොදම උපාන්ග නොමිලේ ලැබෙන හෝ අතින් ගෙවා මිලට ගන්න. පීනන උන් නම් කොලිටි ඔලිම්පික් ස්ටැන්ඩඩ් පූල්ස් වල ඔලිම්පික් කොලිටි කෝච්ලා ගෙන් උපදෙස් ගනිමින් ඔලිම්පික් ලෙවල් තව එවුන් එක්ක තරගෙට පීනන, ශූටින් නම් නිතර ශුටින් රේන්ජ්වල ඉන්න, මයියොක්කා කොස් දෙල් පොල් වෙනුවට ක්‍රීඩාවට ගැලෙපෙන උත්ප්‍රේරක සහිත නිසි ආහාර වේල් ගන්න ප්‍රොෆෙශනල් ක්‍රීඩකයෝ ඔලිම්පික් පරිසාධන පුරවාගෙන ගොස් තරගකර මෙඩල් දිනති.

ලන්කාව කියා රටක් තියෙන නිසා ඒකට කෝටාවක් හිමි නිසා ඒකෙන් වයිල්ඩ් කාඩ් එන නිසා සහබාගිත්වයත් මාර වටිනෝ කියමින් අපේ මුදලිහාමි++ මට්ටමේ පාට්ටයිම් ක්‍රීඩක වෙනත් වෲත්තිකයන් ඇනුවල් ලීව් දම්මා එහෙ යවන්නට ලෝකයා ඉඩ ලබා දේ ඒ අවන්කෙන්ම "සහබාගිත්වයත් වටිනා නිසා" ම පමණි.

මම ලියන්නේ නරුම කතා ය. මේකෙන් ඒ මුදලිහාමි++ ලේයර් එකට නරකක් ලියන්නට කොහෙත්ම අදහසක් නැත. ඒත් සමස්ත රටවැසියා හිතන්නෙ යන්තම් ස්පෝට් කිටක් හොයන් ට්‍රැක් එකේ පූල් එකේ ශූටින් රේන්ජ් එකේ මාස හයක් හෝ ප්‍රැක්ටිස් කල උන්ටත් වඩා පට්ට සයිස් මුදලිහාමිලා ගමේ වෙලේ ගුරු පාරේ ගගේ ඇලේ දොලේ යුද පිටියේ ඉන්නවා කියා ය. මේ විකෲති තින්කින් එක තියෙනකම් කවදාවත් ලන්කවට උල් සපත්තුකාර්‍යින් හෙවත් ප්‍රොෆෙශනල් ස්පෝට්ස් පීපල් ලා හදාගන්න බැරිය.

මන් මේ කියන්නෙ සුසන්තිකා ලා සුගත් ලා ශ්‍රියානි ලා ගේ සිට නිමාලි ලා පාරමී ලා ඩිල්ශි ලා දක්වා සෙට් එකටත් ප්‍රොෆෙශනල් ක්‍රීඩකයින් වී උන් එක්ක තරග කරන අනිත් රටවල් උන් මෙන් ක්‍රීඩාවට ගැලපෙන ජීවන රටාවක නිසි පුහුනුවක යෙදි පූර්නකාලිනව ක්‍රීඩා කර ඇත්තෙන්ම රට වෙනුවෙන් යමක් කරන්නට අවකාශ ලැබෙන තැනට කටයුතු සකසන්න කියාය. උනූත් දැන් එක්ස්පයර්ඩ් නම් අලුත් පරම්පරාවෙන් මේ දක්ශතා හදුනාගෙන උන්වත් යන්තම් හරිපාරේ ගෙනගොස් උල් සපත්තුකාරයින් හෙවත් ප්‍රොෆෙශනල් ස්පෝට්ස් පීපල් ලෙස ලොකු මාත් කරගන්න කියා ය. මුදලිහාමි හෝ උල්සපත්තු බේදෙකින් තොරව කුඩාවියේදිම  හදුනාගෙන උගෙන් උල්සපත්තුකාරයෙක් හදන්න කියාය. 

ඕක නොවෙන ලොකුම හේතුව මොකද්ද කිව්වොත්, ඕක ගැන තියෙන නොතේරුම යි. දේශපාලකයා සහ නිළධාරියා එතනට ගේන්න බැරි වන්නේ කාටවත්ම එය නොතේරෙන බැවිනි. කවුරුත් හරි පාත් එක දකිනවා නම් එතනට එන්න අමාරු වන්නේ නැත. ඒ නොතේරුම ට ප්‍රධාන හේතුවක් වන්නේ හැම එකාගෙම හිතේ හදා තියෙන බහුබූත මුදලිහාමි චින්තනයයි.

ක්‍රීඩාව ගොඩ යන්න නම් ඒ මුදලිහාමියා මනසින් ඉවත් කළ යුතුවේ. 
මුදලිහාමි ෆැන්ටසිය  සදහටම වළලා දැමිය යුතු වේ. උල් සපත්තුකාරයා වෙනුවෙන් පෙනි සිටිය යුතු වේ. උල් සපත්තු කාරයෙක් ම ඉල්ලා සිටිය යුතු වේ.

එතකල් "සහබාගිත්වය  බෝම වටිනවා" ය. මුල් වටයට සහබාගි වී ගෙදර එනවාය.

Friday, April 2, 2021

ප්‍රශ්න තුනක්

ලන්කාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න තුන මෙන්න මේවා ලෙස මම තුමා හදුනා ගන්නව.

1. විනිමය හිගය:

අපි ඉන්න ආර්තික මොඩලෙ රටක් කියන්නෙත් පවුලක් වගෙනෙ. රටේ බාහිර ගනුදෙනු වෙනුවෙන් රට (නෝට්: ආන්ඩුව නෙවි රට, මුලු රටේ මිනිස්සු සමාගම් ඔක්කොම) විදෙස් විනිමය උපයන්න ඔනෙ. ඒව වැය කරල රටට අවශ්‍ය දේවල් ගෙන්ව ගන්න පුලුවන්. ඒ කිව්වෙ අතමිට සරුවෙ තරමට තමා වැය කල හැක්කෙ. අතමිට කිව්වෙ විදෙස් විනිමය. එක්කො තමන්ගෙ දුප්පත් කම සලකල රටේම හදන දෙයක් කාල බීල විදල ආතල් අරන් රටේ තියෙන හිග පාඩු කටු කමින් දුකම ජීවිතේ තේමා ගීතෙ කරන් ඉන්න ඔනෙ. නෙවිනම් තමන්ට පිටින් ගන්න ඔනෙ ආතල් වලට සැහෙන ගානක් රටට උපයා ගන්න ඕනෙ.

ලන්කාවෙ මිනිසුන්ගෙ ආසා ගැන අවබෝදයන්, අවශ්‍යතා වල ස්වරූපයන් තරමක් ලොකුයි. ඒකට උන් උපයන විදෙස් විනිමය ගොඩක් පොඩියි. ඉතින් තමන්ට ඕනෙ දේවල් සපුර ගන්න හැමෝටම ඕනෙ නිසා ලොකු ගැප් එකක් තියෙනව. ඕක තමයි විනිමය හිගේ.

ඔය ගැප් එක පියවන්න රටේ නැති සෙල්ලම් දානව. සිරිමල 70-77 පෝලිම් යුගේ හැදුවෙ පෝලිම් වලට ආසාවට නෙවි එයාල කලේ මෙන්න මේ විනිමය හිගේ 0 කරනෙක. ඒත් ඒකෙන්වුනේ රටේ බොහෝ දේවල් හිග වීම අඩු වීම කෝටා කරන්න වීම. ඊට පස්සෙ නායකයින් ඩොලර් එන ආර්තික මොඩල හැදුවා. ආයෝජන කලාප, සන්චාරක කරුමාන්තෙ, සන්වර්ධන ව්‍යාපෲති වලට ගන්න ණය, එදා වේල පියවන්න ගන්න ණය, ශ්‍රමිකයන් රට යැවීම. මේ සමහර එව්වයෙන් ලොකු වාසි තිබ්බ. තව සමහර එව්වයෙන් වුනේ අනාගත වසරවල ණය වාරිකයකුත් වැඩිපුර වියදමක් වීම පමණයි. එසේම ආඅයෝජන කලාප හෙවත් ස්වෙට් හවුසස් වල සේවක සේවිකාවන්ගෙ ප්‍රශ්න, ශ්‍රමිකයන් කිව්වට බහුතරේ ගෲහ සේවිකාවන් ගිහින් ඇතිවෙන ප්‍රශ්න කුඩු වෙලදම් ලෝක වානිජ මගඩි හෙවත් මනි ලෝන්ඩ්‍රින් වල සෙන්ටර් එකක් වීම වගේ දහසක් ගැටලු ආව. මේ දවස්වල ආනයන නතර කිරීමක් කරන්නෙත් මේකයි ඒත් ආනයන නතර කලාම ඒ එක්කම අපනයනත් වැටෙනවනෙ අමුද්‍රව්‍ය නැතුව. ඉතින් ඒ වැඩේ කෝවිඩ් අර්බුදේ අවට මාස කීපෙට සෙට් වුණාට හැමදාම කරන්න බෑ. දිගකාලිනව වෙන්නෙ අපනයන ආදායම ඊටත් ලොකුවට වැටීමයි. දැන් මේ මොහොතෙ ලන්කාව ඉන්නෙ අන්න ඒකෙ මාජින් එකේ.

ආයෙමත් ප්‍රශ්නෙට ආවොත් උගත්කම බෝම වැඩි සාක්ශරතාව ඉහල රටේ මිනිස්සු ගොඩක්ම මධ්‍යම පන්තියට වෙල කරන්නෙ එක ඩොලර් එකක්වත් උපයන විදිහෙ වැඩ නෙවි. හැබැයි උන්ගෙ ආතල් වලට උන්ගෙ නඩත්තුවට ලොකු ඩොලර් ගොඩක් ඕනෙ. ඒ හිගේට උපයන්නෙ සමාජියව කොන් කරන කාන්තා මූලික පාර්ශ්ව තුනක්. තේ වැනි අපනයන වගා ආශ්‍රිත සේවකයන්, විදෙස් ගත වූ හවුස්මේඩ් මූලික ශ්‍රමිකයන්, ගාමන්ට් ඇතුලු අපනයන කර්මාන්ත වල සේවක සේවිකාවන්.

ඒත් මදි.

2. කොළඹට කිරි අපිට කැකිරි ප්‍රශ්නය සහ ඉඩම් අර්බුදය:

ජවිපෙ ලාන්කිය ලිටරේචරේට දූනු වටිනාම දේ කොළඹට කිරි අපිට කැකිරි කියන ටර්ම් එක. ඇත්ත්න්ම මේක ආවෙ උන්ගෙ බොක්කෙන් මොකද උන් නිර්මාණය වුනෙත් තනිකරම මේ ප්‍රශ්නෙ නිසා. ඉඩම් අර්බුදේ කියන්නෙ සපත්තුවට කකුල වගේ කකුලට සපත්තුව වගෙ ඕකටම ඈදිලා තියෙන තව එකක්.

ලන්කාවෙ සමාජෙ ඇතුලෙ ලෝක මේන්ස්ට්‍රීම් එකෙ සිග්නල් වැඩ කරන ඒකෙ ලියුම් බෙදෙන ඒක එක්ක ඔන්ලයින් ඉන්න මිනිස්සු ඉන්නෙ හරි ටිකයි. බොහොවිට භුගෝලියවම කොළඹ සහ නගරාශ්‍රිතව. කෙලින්ම මේන්ස්ට්‍රීම් ලෝකෙ දේවල් එක්ක අනුගත වෙලා නිදැල්ලෙ ඉස්සරාට යා හැක්කෙ මේ සුලුතරේට පමණයි.

ඉතිරි බර ගොඩක් මිනිස්සු ඒ වගක් දන්නෙ නෑ. සල්ලි නෑ ඉගෙන ගෙන නෑ උනන්දුවක් නෑ කරන්නෙ නෑ නෙවි සිරාවටම දන්නෙ නෑ. බහුතර ග්‍රාමවාසි මිනිස්සු තමන් සමාජෙ කොටස් කාරයින් ලෙස මේන්ස්ට්‍රීම් ලෝකෙට සෙට් වෙලා ඒකෙ පවතින්න අවශ්‍ය දේවල් ඉගෙන ගෙන ඒකෙ උවමනා වලට උපයාගෙන ලස්සනට ඉන්න විදිය දන්නෙ නෑ. නොදන්න කම නිසා බොහෝ දෙනා කරන්න ඔය ත්‍රී වීලර් එකක් කරකල කොහෙ හරි පොඩි රස්සාවක් කරල කීයක් හරි හොයන් ඉන්න එක. ඒකත් ලොකු දෙයක් නෙවිනම් හන්දියෙ රස්තියාදු ගහගෙන හවසට බීල වැටුනු තැන්වල කියල උන්ගෙ අම්මල ගැනු කියන්නෙ. ලමයි කරන්නෙ ආට්ස් කරල පෝලිමේ කැම්පස් ගිහින් සින්හලයි බෞ සන්ස්කෲතියයි තව මොකද්ද දෙක තුනකුයි ඉගෙන ගෙන එලියට ඇවිත් “ආණ්ඩුවෙන්” එයාලට පවතින්න රස්සා ඉල්ලමින් උද්ඝෝශණ කරනෙක.

මේ සුලු මිනිසුන්ගේ නොවටිනා දායකත්වයනුත් ආර්තිකේ ම තමයි. ඒත් බහුතර ජනගහනෙ මේ සරල නොදන්නා කම නිසා ලන්කාව රටක් ලෙස අර ලෝකෙ මේන්ට්‍රීම් එකට් දායක කරන ප්‍රමානෙ පොඩ්ඩයි. දැක්කනෙ ඉතින් පලවෙනි ප්‍රශ්නෙ ඩොලර් හිග වෙන්නයි හිගේට ගැනු සෙට් එකකට මාරාන්තික රස්සා කරන්නයි හේතු වෙන්නෙ ඒකයි. මේ තඩි කුට්ටියක අඩු දායකත්වය.

ඕකට බලපාන එක ප්‍රදාන හේතුවක් රටේ ජනගහනෙ රට පුරාම විසිරි ඉන්න එක. එහෙම නැතුව නාගරික කිපෙකට සන්කේන්ද්‍ර වුනානම් අර මේන්ස්ට්‍රීම් එකේ එලිය වැටෙනව සිග්නල් වදිනව උන්ට. බහුතර ජනගහනෙක ඩොටේ භාවය නිසා උන්ට මේ සිග්නල් එක කට් ඕෆ් වෙලා තියෙන්නෙ. අනික ඒ විසිරිය නිසා රටේම ඉඩම් යෙදවෙන්නෙ එදිනෙද ජීවිතේ හෙවත් ඩ්වෙලින් වලට ගෙයක් දොරක් හදාන ගමක ඉන්න තමා රටේ මුලු ඉඩම වගේ යෙදවෙන්නෙ. ඒ නිසා ගොවියට ගොවිබිම් අහිමි වෙනකොට ඌ කැලේ කපන එක තමා වෙන්නෙ රටේ වනන්තර වැස්ම අඩුවෙන්න වගේම භුමියෙන් කෙරෙන ඉපයීම අඩු වෙන්නත් මේ විකාර ජන විසිරිය බලපානවා. ඒ විසිරිය නිසාම උන් නිකම්ම ගොන් වෙල ඔහෙ වැටෙන දෙයක් කාල ඉන්නව.

ඕකනෙ ඉතින් ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න මිනිසුන්ටත් චින්නු ඇවිත් ෆැක්ටරි දාන්න අක්කර 15000 ඉල්ලුවම පාරට බහින්න හිතුනෙ. අර මොකද්ද එකෙක් කෝච්චි එන්ජින් හදන්න එනෝ කිව්වම කොහෙද ඉඩම් තියෙන්නෙ කියල ඇහුවෙ. කොහෙද ඔහොම ඉඩම් තියෙන්නෙ මිනීස්සු පදින්චි කැල්ලක් මැද්දට සෙට් නොවෙන?

3. ආර්තික බලය විමධ්‍යගත නොකිරීම:

ඔය දෙවෙනි ප්‍රශ්නෙම දිගුවක් කියන්නත් පුලුවන්. රටේ ආර්තික බලය කොළඹ මූලිකව කොළඹ කේන්ද්‍රව පවතින්නෙ. සෙසු නගර පලාත් ආදිය සියල්ලට යන්නෙ කොළඹ බ්‍රාන්චස්. ඒව තියෙන්නෙ කොළඹින් ගන්න තීන්දු වලට හූමිටි තියන්න. මේකෙන් රටේ බර පිරිසක් ඒලියනේට් වෙනව, ඔක්කොම පාටිය කොළඹ උන් නටන කොට සෙසු උන් තොපි ඕන මගුලක් කරගනිල්ල කියල දෙන දෙයක් කාල කියන දෙයක් කරල නිකම් ඉන්නව. ඒ නිසා මුළු රටම යැපෙන්නෙත් කොළඹින්.

මෙන්න මේ ආර්තික බලය විමධ්‍යගත වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය සමහර නෛතික තත්වයන් ලිහිල් වෙන්න ඕනෙ. කොළඹ සියල්ලෙ තීරන ගන්න එක වෙනුවට සියල්ලෙ රෙගියුලේටරි බොඩි එක වෙන්න ඔනෙ බලය බෙදිල එන ඒකක වලට තම තමන්ගෙ කුඩා ප්‍රදේශ වල සන්වර්ධනයට කෙලින්ම දායක වෙනන් අවකාශ දෙන්න ඕනෙ. කොළඹ ඒව මොනිටර් කළාම ඇති.

ඕවට ඕනෙ කරන ආයෝජන මන්ඩල ස්ටොක් එක්ස්චේන්ජ් එහෙමත් ඒ පාලන ඒකක වලට වෙන් වෙන්ව ලබාදෙන්න ඕනෙ. උන්ට වෙනම සීබීඩි හදාගන්න ඉඩ දෙන්න ඕනෙ. බේසිකලි එව්වයෙ ඉන්න උන්ට ආයෙ කොළඹ එන්න ලොකුවට හේතු තියෙන්න ඔනෙ නෑ.

අර හම්බන්තොට මූදු වෙරෙළෙ වැලිකැට ගානකට ඉන්දියන් සමාගමට දුන්න සීන්නෙක තියෙන්නෙ. ඕකෙ අයිතිය තියෙන්න ඕනෙ ඒ මිනිසුන්ට තීන්දුව ගන්න ඔනෙ හම්බාවෙ ආර්තික ආයතනයක්. බලය තියෙන්න ඕනෙ හම්බාවට ඒක තීන්දු කරගන්න ගානට. හැබැයි මේ ඉන්දියන් සමාගම මගෝඩිස් කෙනෙක් නම් අන්න එතකොට කොළඹ කට්ටිය බැහැල හම්බාවෙ ආයතනය කතා කරල ඩීල් එක සමතයට පත් කර දාන්න ඕනෙ. එහෙම නැතුව කොළඹට ඕනෙනම් වැලියු ඇඩ් කර අපනයනය කරනන් එයාලත් ඒ ගානට වැඩියෙන් ගෙවල වැලි ගන්නව මිසක. මේ රටේ ඔක්කොම තීන්දු ගන්නෙ අපි ඔක්කොම කරන්නෙ අපි කියාගෙන යන්න බෑ. ඒකෙ තමයි සෙසු රටේ උන් පොල්කුඩු වෙන්නෙ.

මන් කොහෙද මන්ද දැක්ක කාතන්කුඩි ලු ලන්කාවෙ ලොකුම මාකට් එක. ඒකෙ ඔක්කොම විකුනන්නෙ ඉන්දියන් හොරබඩුලු. ඔය කතාවෙ අවුල් වචනෙ මොකද්ද දන්නවද? “හොර” කියනෙක. කාතන්කුඩියෙ උන් පට්ට ලෙස වෙළදාමට දක්ශ නම් උන්ට විකුනන්න බඩුත් ලන්කාවෙ හදන්නෙ නැතිනම් අපිකරන්න ඔනෙ කාතන්කුඩියට ඉන්දියාවෙන් බඩු ගේන්න තියෙන විදි ලිජිටිමට් කරල පුලුවන් තරම් පිටරට උන්වත් එතෙන්ටම යවල පුලුවන් තරම් ඉන්දියන් බඩු ගානක් තියාගෙන විකුන ගන්න එකනෙ. දැන් ඔය සින්ගාවෙ මුස්තාෆ සෙන්ටරේ එහෙම දුවන්නෙ ඒ ක්‍රමේට නේද?

ආර්තික බලය බෙදෙනවා නම් ඒ ඒ පලාත් වල මිනිසුන්ට එක එකා කියනකම් ඉන්නෙ නැතුව උන්ගෙවැඩ ටික කරගන්න පුලුවන්නම් ඔය බලේ බෙදන්න වෙනම රටවල් දෙන්න කියන වාර්ගික ඉල්ලීම් පරම්පරාවක් දෙකක් යනකොට ඉබේම අහෝසියි.

අන්න එතකොට රටේ තරගෙ ඇතිවන්නෙ ඒ බල ව්‍යුහයන් අතර වැඩියෙන් සන්වර්දනය වෙන්න. එක්සාම්පල් ඕනෙනම් චීනෙ බලන්න. චිනෙ ප්‍රාන්ත අතර තරගය තමා ආයෝජන ඔතරම් යන්න හේතු වෙන්නෙ. ඒ තරගය බලපානව ප්‍රාන්ත ලොක්කට කොමි පක්ශෙ ඇතුලෙ තියෙන සේ එකටත්.

Tuesday, March 16, 2021

බයවෙන්න එපා, ඊලොන් මස්කුයි බිල් ගේට්සුයි ඇවිත් ප්‍රශ්න ඔක්කොම විසදල ඔයාලව බේරල දෙයි.

 ඉතිහාසය ගැන කතා කරන  ඕනෙම කෙනෙක්  පෙර  රජවරුන් ගැන  සන්තෝස වෙනවනෙ. රුවන්වැලිසැය  හැදුවෙ කවුද? සීගිරිය හැදුවෙ කවුද?  පරාක්‍රම සමුද්‍රය හැදුවෙ කවුද? මේ  ප්‍රශ්න  වලට  නිශ්චිත උත්තරයක් තියෙනව. කිසියම් කෙනෙක් ඉන්නව.

ඊජිප්තුවෙ  ෆාරාවෝ  වරුන්ගෙ  නිම්නය  මුර කරගෙන ඉන්න  ඒකශෛල  ඒ කිවෙ ගල් කෑලි  පූට්ටු නොකල  තනි  ගලෙන් කල  දැවැන්ත  ස්ඵින්ක්ස්  ප්‍රතිමාව  ගන්න. ඕක තමයි ලෝකෙ ලොකුම  සහ මෙතෙක් හමු වූ මුල්ම  ඒකශෛල  ප්‍රතිමාව.  මුල්ම එක ලොකුම එක බවට පත් කරන එක  ලේසි නෑ.  එයා  මුර කරන නිම්නයේ  අහසට  එසවෙන පිරමීඩ  හදන්න  අතිවිශාල ශ්‍රමයක් වැය වෙලා  තියෙනව.  දශක  ගානක් දහස් ගානක් මිනිස්සු  ගම්මාන හදාගෙන ඒ අවට පදින්චි වෙලා  කළ  නිර්මාණ.

අපි දන්නව මහා  ඇලැක්සැන්ඩර් පර්සියානු   අධිරාජ්‍ය්‍යයෙ  අනුප්‍රාප්තිකයා  වෙලා  හෙලනිස්ටික්  සන්ස්කෲතික ලක්ෂණ  ආසියානු කලාපෙටම යවන්න  දායක වුණා.  ඇලෙක්සැන්ඩර්ට ඕනෙ වුණා  ඩේරියස්  ට පහර දෙන්න ඔහු පස්සෙ පන්නන්න. අවසන ඉන්දියාවෙ ප්‍රාදෙශිය  රජෙක් එක්ක හැප්පෙන්නෙ.  සීසර් ට ඕනෙ  වුනා ගැලික්  පෙදෙස්  ඔක්කොම සුද්ද කරලම දාන්න. මේ  හැම කතාවෙම ඉන්නව  වීරයෙක්. මිනිහට  තියෙනව ඉලක්ක.

එයා  මාර බලවත්,  එයා  සේරම තීන්දු  ගන්නව. එයාට උපදේශකයින් ඉන්නව. හැබැයි  තීන්දු ගන්නෙ එයා.  එයාගෙ මතේට. ඒ කෙනා තනි මතේට ගන්න තීන්දු තීරණ  වලින් ඒ රටේම  ඉදිරි  වසර  විස්සක විතර කාලෙ නිර්ණය වෙනව. කල් හිටින හොද වැඩ කල අය වීරයෝ වෙනව.  දුර්දාන්ත වැඩ කල අය දුශ්ටයෝ  වෙනව.

මේ කාලෙ ජීවිත මාර සැපවත් ද? මේ කාලෙ ජීවිත ඉතාම දුක්බරයි.  කෙතරම් ද කිව්වොත් ඒක කියන්න පවා ඒ අයට ඉඩක් තිබිල නෑ.  ඒ මිනිස්සු බොහෝ විට මැශින් වල පාට්ස් වගෙ  අර මහා පුරුශයාගෙ උවමනාවක් ඉශ්ට  කරන්න කඹුරල මැරිල ගිහිල්ල. ඒ කෙනා එහෙම මැරිල යන උන් ගැන වොරීඩ් නෑ. උන්ට නමක් නෑ. මූණක් නෑ.  වීරයා සහ ඔහුගෙ ඉලක්කය පමණයි ඉතිහාස පොතේ  ලියවෙන්නෙ.

මොනවද මේ ඉලක්ක?  මහ පත ගල් ගෙඩියකින් දේව  රූපයක් අඹන එක?  වීරය මලාම  වළලන්න ස්කයි ස්ක්‍රේපර්  සුසාන  ගොඩනැගිල්ලක්  හදන එක? මේ  ක්‍රියා  නරක එව්ව නෙවි මේව තමයි ඓතිහාසය පුරා විද්‍යාව කියල  අප ආඩම්බර වන්නෙ.  ඒත් මේව එතරම ඒ කාලවල  මිනිසුන්ගෙ එදිනෙදා  ජීවිත  වලට යහපතක් කරලත් නෑ.  ඒත් වීරයා ගෙ තනි පුද්ගල ලෝක දැක්මෙ මේ කියන නිර්මාණය මාර ලොකු එකක්. හෙන වටින එකක්.  ඒකනෙ ඉතින් දාස් ගානක් මිනිස්සු දාල දශක  ගානක කෙරෙව්වෙ. 

කතාවෙ තියෙන ප්‍රශ්නෙ  මොකද්ද?  "වීරයගෙ ලෝක දැක්ම",  හෙවත් තනි මිනිහෙක්ගෙ ලෝක  දැක්ම.

තනි  මිනිහෙක්ගෙ ලෝක දැක්මෙන් ලෝකය ඉස්සරහට  යන එක  නරකම නෑ.  මේකෙ ලියු කොලෝසල්  වීරයො  සීසර් ල ඇලක්සැන්ඩර් ලා කළ  දේවල්  ඒ තරම් වේගෙන්  කරන්න බෑ එයාල  මහජන මතයන්ට  ඉඩ  දුන්නනම්.  මහජන සුබ සාධනය ගැන හිතුවනම් චන්දයක් ගානෙ  මිනිස්සුන්ට සහන දෙමින් උන්නනම්.  ඔය මොකවත් නොකර කෙලින්ම  තම ඉලක්කය කරා  කඩාබිදගෙන යන ගමන ඉක්මන් වේගවත් සාර්තක එකක්.  

ඉලක්කයට යන්න නියම ක්‍රමයක් 
තනි මිනිහෙක්ගෙ ලෝක  දැක්ම. හැබැයි  ඒ ඉලක්කයෙ  තේරුමක් තියේද  ඒකෙන් වෙන ප්‍රශ්න  තොගයක් නිර්මාණය වෙනවද කියන එක වෙනම කතාවක්.

හරි ඉතින් අපි ඔය කියන ලෝකෙ  වෙනස්  කළානෙ.  ඒ කරල අපි හැදුව අලුත් ලෝකයක්.  ඒකෙ  සීසර් ල ඇලෙක්සැන්ඩර් ලා උන්නු තැන්වල ඉන්නෙ මහජනය තෝරපු  නියෝජිතයන්.  තේරීමට පෙර  උන් දෙන  සැලසුම් ඉලක්ක ආදිය  මහජනය සලකා  බලල තමයි තෝරන්නෙ.  මහජන සහබාගිත්වයෙන් කෙරීගෙන යන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. අපි පත්කරන ආණ්ඩුව. ජනාදිපතිල  අගමැතිල මන්ත්‍රීල ඇමතිල.

ඔන්න දැන් අපිට වඩාත් මහජනයට යහපතක් වෙන දේවල් කෙරේ ඉලක්කගත වෙනන් පුලුවන්.  ඒත්  ඉස්සර වගෙ නෙවි පොඩි දෙයක් කරන්නත්  හෙනම  බියුරෝක්‍රටික  රමුවක් අස්සෙන් යන්න වෙනවා.  ස්ලෝ.  ලොකු දේවල්  වෙන්නෙ නෑ. පට්ට  දූශණ. හොරකම් වන්චා. මොකද ඉලක්ක අයිති  පොදු මහජනයට. ඉතින් නියෝජිතය බලන්න  පුලුවන් මාටිය පාරක් ගහන් සද්ද නැතුව ඉන්න.  

ඒකනෙ ඉතින් ස්ෆින්ක්ස් ප්‍රතිමාවක් ආයෙ මලාට නොහැදෙන්නෙ.

ඒ කතාවත් පරණයි.  දැන් අලුත්ම  කතාව තමා ඒ  ලෝකය තුල  ධනය ඒකරාශි කරන්න ගත්ත කීප දෙනෙක් අතට  අර නියෝජිත ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු වල බලය  යමින් තියෙන්නෙ. ආණ්ඩු නිකම්ම ග්‍රාමසේවකලා  වෙමින්.

ටෙක්නොක්‍රසිය  සහ මොනෙයොක්‍රසිය.  තාක්ශණ  හෝ  මූල්‍ය  ආයතන ජාල  හරහා ධනයත්  ඉන් පසු  බලයත් ඒකරාශි  කරගන්න අය විසින් ලෝකෙ පාලනය කිරීම.

මෙතනදි එයාල පාලනේ කරනව කිව්වට ඒකෙන් කියන්නෙ නෑ  දේශපාලකයන් වගෙ  පාලනේ කරනව කියල.  එයාල ට  තියෙනව අයිඩියාස්  එයාල ඒව පැළ  කරනවා.  ඒවට  ඩොලර් වක්කරනව.  ඒ ක්‍රියාදාමයතුල ලෝකෙ වෙනස් වෙනව  අපිට හිතාගන්න බැරි තාලෙට.  ඒ වෙනස තමා  එයාලගෙ පාලනේ.

ප්‍රශ්නෙ තියෙන්නෙ  කතාවෙ ෆ්ලෝ  එකේ අපි ආපහු ගිහින්. තනි පුද්ගල ලෝක  දැක්මවල් වලට. තනි පුද්ගල සැලසුම්.  මහජන නියෝජිත ආණ්ඩු  ග්‍රාම සේවක ගානට වැටුනම ලොකෙට   දැනෙන  යමක් වෙන්නෙ ඒ  තනි පුද්ගල සැලසුම් වලින්.

ඔව් මේ කියන්නෙ බිල් ගේට්ස්  ගේ  කෝවිඩ්  එන්නත්,  ඊලොන් මස්ක්  වරින්වර ලෝකෙ ප්‍රශ්න වලට  ගේන උත්තර, බීසෝ  බ්‍රැන්සන් සකර්බර්ග් වගෙ කට්ටිය ලෝක ප්‍රශ්න  විසදන්න හදාගෙන ඉන්න සන්විධාන  - ආන්න එව්ව ගැන  තමා  කියන්නෙ.

මේව  වේගෙන් කෙරෙන වැඩ.  සැහෙන  කවරේජ්  ලැබෙනවා.  මේවේගෙන් ආණ්ඩු වලට වැඩ කරන්න බෑ.

හැබැයි  මේවත්  අර ස්ෆින්ක්ස්  පිලිමෙ  මහ  පිරමීඩ ඊස්ටර් දූපතේ මහ  ගල් පිළිම  වගෙ ලොකු රෙලික් ලෙස  ඉවර වෙන්න පුලුවන්. තනි පුද්ගල  දැක්මක් නෙ. තනි මතනෙ.

ලෝකෙ ප්‍රශ්න විසදන එකත් ලේසි වැඩක් නෙවි.  හද්සියෙම  කෲශි   විශාරදයෙක්  වෙන්න  වෙනව.  තව කෙටි කාලෙකින් බලශක්ති නිශ්පාදනය,  වයිරස්  වලට එන්නතක් හැදීම, අප්‍රිකාවේ මැලේරියාව, ... ඔන්න ඔහොම.  ටෙක්නොක්‍රසියෙ  ටොප් සීට් එකත්  මේව ඔක්කොම මාස්ටර් කරන්න ඕනෙ.  රාජ කුමාරයන්ට දිසා පාමොක් ල දාල  ඔක්කොම ශිල්ප  උගැන්නුවෙ මෙ සියල්ලෙන් සෙස්සන්ට වඩා ඉහලින් ඉන්න.  

ඉතින්  මේව කරද්දි  එලියට පණින  එක  දෙයක්  තියෙනව. ඒ ඊගෝව.  සීසර්  ඇලක්සැන්ඩර් කාලෙ   උන්ගෙ මහ ඉලක්ක  වලට යන ගමන් ප්‍රශ්න කල උන්ට බොහෝ විට  ඔලුව  වෙන තැනක දාල  යන්න  සිද්ද වෙන්න ඇති. ඒ කාලෙ උන්නු රාජාන්ඩුවෙ සී ඊ ඕ ලා වගෙම තමා  අද ඉන්න ටෙක්නොක්‍රසියෙ  මහාධිරාජය්නුත්. ඊගෝවලින් සමානයි.

මතකනෙ  තායිලන්ත  ගුහාවක  ලමයි හිර වුණාම ඊලොන් මස්ක්  දවසින් රෙස්කියු පොඩ් එකක් හදන්නම් කිව්ව. කියු තාලෙටම ඒක හදුවනෙ.  හදල  ගෙනාවම  එතන උන්නු එක්ස්පර්ට් ඩයිවර් කෙනෙක් ඒක එපා කියනව. මොකද ලමයි  මුදා ගනන් එක  ඉතා පටු  සියුම් තැන් වලින් යන නිසා මේ උපකරණය ශුවර් නෑ. ඒත්  මස්ක් ගෙ  හැසිරීම් ඊට පස්සෙ  අවුල් යනව. මහන්සි වෙල  දවසින් හැදුවෙ එහෙම විසික් කරන්න නෙවි.  මේක  ඇවිල්ල "මගෙ සොලුශන් එක".  මේක මට කෙරෙන්නම ඔනෙ. ඊගෝව  නිසා  මස්ක් හැසිරෙන්නෙ ළමයි  ගුහාවෙ ඉන්න පොඩ්  එක  ටෙස්ට් කරන්න වගෙ. අන්තිමට  අර මනුස්සයට බැනල පස්සෙ වන්දියක් දීලයි ශේප් වුනේ.

මෙන්න මෙහෙම තමා  සීඊඕ ල ප්‍රශ්න  විසදන ලෝකෙ දුවන්නෙ. එයාල ගෙ කුඩා ලෝක දැක්මෙන් සහ කෙටි කාලිනව ගන්න  විශය දැනුමෙන් "එයාලට ඕනෙ එක" තමා කරන්නෙ.  ඒක  හරිම  දේ ද අදාල නෑ.  ඊගෝව නාසිසිටික් උවමනාවන්. එයාල   ගේන විසදුම  ස්මාරවිට අලුත් ප්‍රශ්න රාශියකට මූලයක්  වෙන්නත් පුලුවන්.

ඉතින්  ටෙක්නොක්‍රසිය  කියන්නෙ  ආයෙ  සීසර් ල ඇලෙක්සැන්ඩර් ලගෙ කාලෙට  ගිහින් තඩි ගල් පිලිම පිරමීඩ් වගෙ  රෙලික් හදන කාලයක්. ඒක  ඇතුලෙ  මහජනය ඉන්නෙ පාලකය තෝරන්න නෙවි. මහජනයට  ඒකෙ ලොකු සේ  එකක්නෑ.  පිරමීඩ හදලම මැරිල ගිය මූන නොදන්න නම නොදන්න උන් වගේ තමා. සී  ඊ ඕ මහාධිරාජයගෙ  නාසිසිටික් ඉගොස්ටික්  ඉලක්ක වෙනුවෙන් කඹුරල මැරිල යන එක තමා  මහජනයගෙ භුමිකාව.

ඉතින් 
බයවෙන්න  එපා,  ඊලොන් මස්කුයි  බිල් ගේට්සුයි  ඇවිත්  ප්‍රශ්න  ඔක්ක්කොම විසදල  ඔයාලව බේරල දෙයි. ස්පයිඩර්  මැනුයි බැට්මැනුයි  ඇවිත් හොරු ටික අල්ලල නගරෙ මිනිස්සු බේර ගත්ත වගේ.

ප.ලි:  මේකෙන් කියන්නෙ නෑ මන් මේ  ප්‍රකෝටිපතියන්ගෙ  යහපත් අදහස්  වලට එරෙහියි කියල. හෝ ඔවුන්ට අකමැතියි කියල.  මන් ඔවුන්ට කැමතුඉ වගේම ලොකු ගෞරවයකුත් තියෙනව.

ඒත් ලෝකෙ කියන තඩාර් නැව් තඩිය සල්ලි හම්බු කරපු නිසා ලොකු පොරක් වුන තනි මිනිහෙක්‍ට එහි සුක්කානම දීල නැවිගේශන් සයන්ස් නැවියන්ගෙ එක්ස්පිරියන්ස් සාමුහික තීරන, මහජන තේරිම් ආදි මෙතෙක් අපි ලබාගත් යහපත් ක්‍රමවේද සියල අරුගෙ සල්ලි වලට යට වෙන්න දීල ඌ ගට් ෆීලින් එකට සුක්කානම හරවන අතට යන එක ගැන මන් මනාප නෑ. මේක් ක්‍රමය ගැන විවේචනයක් මිස මිනිස්සු ගැන නොවේ.

මන් හිතන්නෙ බිලියනයර්ස් ලගෙන් මට එකග වෙන්නම පුලුවන් බේසෝස් ගේ පෙර බිරිය මැකෙන්සි එක්ක පමනයි. එයා ැයාගෙ බිලියන්ස් ලෝකෙට දෙනව. දෙන්නෙ ඉතාම වටිනා ආයතන වලට. ඒත් එයා ඩිසිශන් ගන්නෙ නෑ.

මේ මැකෙන්සි. මගේ අදහස ගානට සමප් වෙනව මෙතන.

“Me, Dan, a constellation of researchers and administrators and advisors — we are all attempting to give away a fortune that was enabled by systems in need of change,” Scott wrote in the blog post. “In this effort, we are governed by a humbling belief that it would be better if disproportionate wealth were not concentrated in a small number of hands, and that the solutions are best designed and implemented by others.”



Saturday, February 20, 2021

ටෙක්නොක්‍රසිය ඉදිරියේ රිළා නැටුමක් නටා කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගැනීම

ලෝන් ලෝන් අගෝ සමාජය තුල බලය හෙබවූවේ සුළු පිරිසක්. ඒ සුළු පිරිසේ යහපත උදෙසා විශාල පිරිසක් යෙදෙව්ව. ඒ යෙදවීම බොහෝ විට වහලෙක් හෝ ප්‍රවේනි දාසයෙක් ලෙස. ඒ අනුව සමාජයෙ ඉහල තට්ටුව වෙනුවෙන් කඹුරන එක පහළ මනුස්සය්ගෙ යුතුකමක් රාජකාරියක් වේතනයක් නොලබන බලහත්කාරි ලෙස යොද්වන ලද ක්‍රියාවක්. ඒ ක්‍රියාව අතරෙ ලැබෙන පොඩි ඉඩකඩක හෝ ඒ නිශ්පාදන ක්‍රියාවෙන් සුලු කොටසක් පමණක් ඌට තමන්ට තියාගන්න පුලුවන්.  ශ්‍රමය බලෙන් ගන්නව වේතනයක් නෑ.

දාසයා වහලා කියන කෙනා ක්‍රමිකව සේවකයා වුනාම එයාගෙ ශ්‍රමයට ගෙවන්න පටන් ගත්ත. වේත්නයක් කොන්තරත් කුලියක් වගේ. මේ වේතනය තුලින් තමන්ගෙ මූලික උවමනා සපුරා ගන්න ඔවුන්ට පුලුවන්. ඒ අනුව අලුත් තත්වයේ ශ්‍රමයට වේතනයක් ගෙවනව.

සමාජය දැන් වේගයෙන් ස්ව්‍යන්කරණය දිහාට යමින්.

මිනිස්සු රස්සා කියල කළ බර බහුතර්‍යට සිතීමේ අවකාශ තිබ්බෙ ඉතා පොඩ්ඩක් නිසා ඒව පරිගණක පද්ධති හෝ රොබෝල මගින් රිප්ලෙස් කල හැකියි. හිතන්න ගොඩක් තිබ්බ නීතිවේදින් වෛද්‍යවරුන් ගණකාධිකාරින් උන්ත් මහන්සියක් ගත්තොත් ඔටෝමේටඩ් සිස්ටම් එකකින් රිප්ලේස් කල හැකි. දැනටත් එහෙම එව්ව තියෙනව සහ හැදීගෙන එනවා. අතේ ගැටගහන ශරිරයෙ පල්ස් මනින යුනිට් එකක් හදාපු ෆිට්බිට් ලා ගූගල් විසින් ඩො බි 2.1 කට මිලට ගන්නෙ නිකම්ම නෙවි. ඔවුන් ලොවපුරා එකතු කර දත්ත සහ මේ වනවිටත් පැතිරි ජාලය සමග ගූගල් ගේ කෘතිම බුද්දි වැඩසටහන් වලට ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයකගෙ ශරිර තුලට එබි බලන්න පුලුවන්. ඒ හරහා හැදෙන ගූගල් වෛද්‍ය වරයා සාමාන්‍ය වෛද්‍ය වරයෙකුට වඩා බෙහෙවින් දක්ශ වෙන්න පුලුවන්.

ඔටෝමේශන් වදින්නෙ ඒ මට්ටමට පමනක් නෙවි බැන්කු සේවකයින් ලිපිකරුවන් රියදුරන් වගෙ අය සම්පුර්නයෙන්ම වගෙ එ රිප්ලේස් වෙන්න පුලුවන්. බොහො දෙනෙක් දැන් ඉපයීඉම් මාර්ගයක් කරගෙන ඉන්න ඌබර් ට ඔටෝනොමස් වාහන හැදුනු ගමන් ඒ මිනිස් ශ්‍රමය ඕනෙ නෑ. එසේම ඇමසන් කියන්නෙ දැන්ටමත් එයාලට ලාබයි කියල රොබෝලගෙන් එයාලගෙ මිලියනයක් පමණ වන පික් පැක් වර්ක්ෆෝස් එක රිප්ලේස් කරන එක.

කොවිඩ් 19 තුල අපි දැක්ක ලෝක බෝලෙ ශ්‍රමය විකුණන අයගෙන් කී දෙනාද අත්‍යාවශ්‍ය කියල. අපි දැක්ක එසේ අනවශ්‍යයි කියන් මිනිසුන්ට අත්වන ඉරණම. මේක ඉතා කුඩා දෙයක් ඔටෝමේශන් හෙවත් ස්ව්‍යන්කරණ ක්‍රියාවලිය තුල වෙන තත්වයට.

ලෝකය සමස්තයක් හැටියට මේකට මුහුණ දෙන්නෙ කෝමද? ඉතාම පැහැදිලිව කෝවිඩ් 19න් විසින් අපට ප්‍රි ප්ලේ එකක් දෙනව. මිනිසුන් ජොබ්ලස් වෙල ඉපයීම් නැවතීම ලෝකයට දරාගන්න බෑ. එතනදි අපි දකිනව රජයන් මැදිහත්ව මිනිසුන්ට කිසියම් හෝ දීමනාවක් දෙන හැටි. අපි දකිනවා එහෙම දීමනා දෙන එක තරමක් හෝ ව්‍යාකූල වෙන තැන්වල මිනිස්සු කෝවිඩ් අවදානමත් නොතකා බලයට එරෙහිව එක්‍ රැස් වෙන හැටි කැරළී ගහන හැටි. මේ තාම මාසෙකට අඩු කාලෙක ජොබ්ලස් තත්වෙක.

හැබැයි මේ විරෝදය එන්නෙ ඔටෝමේශන් එකට එරෙහිව නෙවි. කාලෙකට ඉස්සර මන් ඉගෙන ගන්න කාලෙ එක්තරා විවි ක ඒ නගරයේ දුම්‍රිය පද්ඪ්ඃඅතිය ඩ්‍රයිවර් ලා නැතුව දුවන්න පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් යුනියන් පවර් එක නිසා සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වුනා. ඒත් දැන් එහෙම නෑ, සිස්ටම් ඔටෝමේට් වෙන එක ගැන කවුරුත් විරුද්ද වෙන්නෙවත් නෑ. මෙන්න මේ චින්තන වෙනස පමණයි අවශ්‍ය. සෙස්ස ඉබේම වෙනව.

සම්හරු කියන්නෙ එතකොට ඒ මිනිසුන්ට අලුත් දේවල් ඉගෙන ගන්න වෙයි කියල. මන් ඒ අදහසට කැටිගරිකලි එකග නෑ. එදා පටන්ම වුනෙ තාක්ශණය විසින් සමහර අසිරු කම්බර්සම් රස්සා ඔටෝමේට් කරද්දි මිනිසා අලුත් එව්ව හදාගෙන ඉස්සරහට යන එකනෙ. ඒත් මේ වෙන්නෙ එහෙම රැකියා උපදවන අවකාශයක් නැති තැනෙක ඔටෝමේශන් විසින් මිනිසා කරන බහුතරයක් එව්ව සුලු කාලෙකින් රිප්ලේස් කිරීම.

එතකොට මොකද කරන්නෙ. මිනිස්සු සනසන්න සිද්ද වෙනව. ජීවිකාවක් දෙන්න වෙනව. ආන්ඩු වශයෙන් තරමක් දෙයක් කළ හැකි. එත් සියල්ල පිනට දෙන එක ලොජිකල් නෑ. මේ කෝවිඩ් 19 විරැකියා අර්බුදේම ඔබ දකිනවා සහනාධාරයකින් සනස්සන්න බෑ. ඔකියුපේශන් කියන්නෙ සල්ලි පමණක් නෙවි කරන්නත් යමක් තියෙන්න ඕනෙ.

අනික ආන්ඩුවට ම බහින්න බෑ දිගුකාලිනව. එතකොට ටෙක්නොක්‍රසියට තමා මැදිහත් වෙන්න වෙන්නෙ. මේ ඔටෝමේශන් ඩ්‍රයිව් එකේ කෙළවර ඉතුරුවෙන හැම සමාගමක්ම සමුපාකාර සන්ගමයක් ම කෙළවර වන්නෙ ටෙක්නොලොජි ආයතනයක් වෙලා. අනාගත ටෙක්නොක්‍රසිය කියන්නෙ ගූගල් මයික්‍රොසොෆ්ට් වගේ කීපයක් නෙවි ෆාමර්ස් යුනියන් ෆොන්ටෙරා වගෙ සාමුහික ආයතන පවා ටෙක්නො ආම් එකක් හදාගන්නව. අන්න ඒ සමුච්චිත ටෙක්නොක්‍රසියට සිද්ද වෙනව මිනිස්සුන්ට පවතින්න යමක් දෙන්න.

ඉස්සරින්ම එයාල මිනිසුන්ට එක දෙයක් දේවි එනම් මූලික අවශ්‍යතා රශියක මිල පහල යාවි. ඔටෝමේශන් වල මූලික හේතුවත් අඩු පිරිවැය. අඩු කියන්නෙ ඔල්මොස්ට් නතින්. ඉතින් සමාගම් කොච්චර ලාබ අට්ටි ගැහුවත් කාගෙත් අනාගත යහපත තකා ඒ වාසිය මිනිස්සුන්ටත් බෙදනවා. ඒ අඩු වියදම් තත්ව යටතෙ මිනිසා පවත්වා ගන්න ඒ සමාගම් දීමනාවක් දේවි.

නිකම්ම දෙන එකක් නෑ. ඒ වෙනුවෙන් කරන්න මොකක් හෝ මෝඩ පහේ විකාර වැඩකුත් පවරා දේවි. නිකම්ගේම් එකක් ගහනව වගෙ විකාරයක්. යුටියුබ් චැනල් එකක් දුවනව වගෙ විකාරයක්. ඔන්ලයින් මාකටින් වගෙ විකාරයක්. මේවයෙන් වෙන වාසිය ලොකුවට මනින්න පුලුවන්කමක් නෑ. බොහොවිට අපි ඔව්ව කළා කියල සමාගම් වලට ලොකුවාසියක් කියල නෑ. ඒත් මේව ඕනෙ අර රැකියා විරහිත උන් පවත්වා ගන්න. අන්න ඒක මත උන්ට ගෙවීම් ලැබෙයි අඩුවන මූලික වියදම දරාගෙන ඉන්න.

ඉන් සිම්පල් අර කිසිම වේතනයක් නොලබා නිශ්පාදන ක්‍රියාවලියෙ උන්නු වහලාගෙන්, කරන මෙහෙවරට වේතනයක් ලද සේවකයා දක්වා වෙනස් වෙච්ච සාමාන්‍ය මනුස්සයට ඉස්සරහට උරුම වෙන්නෙ නිශ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් අනවශ්‍ය තත්වයකට. තව දුරටත් ඔබේ ශ්‍රමය අනවශ්‍යයි. ඒත් වේතනයක් දෙන එපයි. ඉතින් අවසන් පලය වෙන්නෙ වැදගත් ශ්‍රම දායකත්වයක් නොදී නිකම් වේතනයක් ලබන එක.

ඔව් ෆ්‍රෙන්ස් සුපර්ස්ටාර් තරග යුටියුබ් චැනල ඔන්ලයින් මාකටින් ටික්ටොක් ඔව්ව තමයි අනාගතේ. ටෙක්නොක්‍රසිය ඉදිරියේ රිළා නැටුමක් නටා කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගැනීම.

Tuesday, June 2, 2020

ප්‍රන්ස විප්ලවය සහ මිනිහා-පොලිස්

An illustration of a crowd of women marching with various weapons


1789 දවසක පැරිස් ගැහැනු කන්ඩායමක් එකළ නගරයට බොහෝ දුරින් තිබ්බ වර්සායි රාජ මාලිගයට පාගමනින් යනව. උන් ඒ යද්දි අතට අහුවෙන කඩු පොලු කොහු ඉදල් පමනක් නෙවි කළින් දවසක රයට් එකකදි හමුදාවෙන් කොල්ල කාපු කාලතුවක්කු හේමත් ගෙනියනව.

16 වන ලුයි සහ මේරි ඇන්ටනිට් ඉන්නෙ තම පුත් කුමාරය මළ සොවින්. ළමය මැරිල තිබ්බෙ ඒ දවස් වලම [මෙ කාලෙ ළදරු මරණයක් පවුලකට නෝම් එකක්].

පැරිස් මිනිස්සු ගැහැනු සහ ළමයි ඉන්නෙ බඩගින්නෙ, ඊට හේතු වෙන කාරණා කෙටියෙන් කිව්වොත්, 1781 විතර ලැකි ගිනි කන්දෙ විදාරණයෙන් සූරයයා අවහිර වෙල අස්වනු අඩුවීම, 1789 තියෙන සුලු අස්වැන්නත් කපන්න ඔන්න මෙන්න තියල විසාල හේල් එකකින් ඩැමේජ් වීම, කලින් රජකල 15 වෙනි ලුයි ගේ සෙල්ලක්කාර පිස්සු වියදම් නිසා ආන්ඩුව බන්කොලොත් වීම, ආන්ඩුවට ණයක් වත් දෙන්නෙ නැති ගානට වැටිම, තත්වය යට ගහන්න ට්‍රයි කරන මුදල් ඇමතිගෙ එ ක්‍රියා නිසා මහ ජනය වලපල්ලටම වැටෙනකම් මේ බව නොදැනීම, රජ බිසව සතුරු රටක වීම සහ ආඩම්බර කාරියක් වීම එවකට පටන්ගෙන තිබ්බ එලිටය සහ සාමාන්‍ය මිනිහ අතර දෙශපාලන විවාදය තුලින් පෝශනය විම ආදි හේතු රාශියක්. තව ඇති.

පැරිසියෙ සාමාන්‍ය ජනයාට තමන් කිසිම තෙරුමක් නැති මිනිස්සු කියල හිතෙන එකත් තමන්ගෙ එදිනෙදා බේසික් උවමන පියවන්න අසිරු තත්වයක් පේන එකත් ඒ අතර එක්තරා පැලැන්තියක් [ඔව් හැමෝම කියවන බූර්ශුවා හෙවත් ලගදි සල්ලි හොයාගත්ත සුලු දනවතුන්] ධනය එක්ස්‍රස් කර එසටබ්ලිශ් වීමත්, විකෘති අසාදාරන ටැක්ස් සිස්ටම් වගෙ විවිද හේතු නිසත් කාලෙක සිට මෝරණ ඇරියස් එකක් තියෙනවා. මෙන්න මේක තමා ක්‍රිටිකල් ම දේ.

ගැණු යන්නෙ රජ පවුල සහ එලිටයේ පරිභෝජනයට මාලිගාවෙ ධාන්‍ය හන්ගලා තියේ කියන කටකතාව නිසා. ඒ වෙද්දි රජා මහජනයාගෙ නියොජිතය ලෙස සැලකෙන නිසා ඌට හොදවයින් දෙකක් කියල ධාන්‍ය අරන් එන්න. අර මුදල් ඇමති සහ 15 වන ලුයි නිස ආන්ඩුවට හෙනට සල්ලි සහ සන්චිත තියේ කියල මතයක් ස්තාපිත වෙලා තියෙන්නෙ.

ඒ ගැනුන්ට පොඩි විරෝදයක් එනව මුලදි. දෙගොල්ල කාලතුවක්කු රවුමක් තියාගන්නව. එකෙක්ද මන්ද මැරෙනව [මතක නෑ]. ඒත් මාලිගයෙන් අණක් එනව තමන් එයාලගෙ නියොජිතය නිසා වෙඩි තියන්න එපා කියල. එයාලට ඇතුලට යන්න ලැබනව. රජ පවුල රහසිගත ස්තාන වල සැගවෙනව. එයාල මාලිගේ රේඩ් කරල ධාන්‍ය හොයල ඒකෙත් නැහැ කියල දැක්කම ආපහු යනව. ඇත්තටම රජාත් ඒ ගානටම බන්කොලොත්.

මෙන්න මේ රේඩ් එක සිග්නිෆිකන්ට්. සාමාන්‍ය මිනිහට මාලිගේ කියන්නෙ ලොකු බක්කක් නෙවි කියන්න. ඕකෙන් පස්සෙ මිනිස්සු මීට දශකයකට කලින් දෙවියන්ගෙ නියෝජිත කියල හිතා උන්නු ඒ වෙද්දි එයාලගෙ නියෝජිත ලෙසින් උන්නු රජාව මාලිගේටම ගිහින් පැරිසියට එක්ක ගිහින් තනතුරෙන් පහ කරල වාසගමකුත් දීල [රජුන්ට වාසගම් නෑනෙ] තව ටික කාලෙකින් ගිලටින් කරල දානව.

පොයින්ටෙක මේකයි. බලය ආයුද සහ රජකම පවා හිමි වන්නෙ තනතුර දරන්නට නෙවි. දහසය වන ලුයි කියන්නෙ දහසයවන් ලුයි නමින් අභිශේක කල කුමාරයට නෙවි. ඒ කුමාරය විසින් ආරුඩ කරගන්න තනතුරක් ඒක. ඒ තනතුර සම්මුතියක්. ඒ සම්මුතිය කැඩුනම අර බලය තිබ්බට වැඩක් නෑ.

දහසයවන ලුයි කියන්නෙ මිනිස් ඉතිහාසෙ උන්නු ශිශ්ටම රජෙක් බවත් ජන මතයට හිස නමන්නෙ ජීවිත අවදානම් නොතකා බවත්, පොරට ඕනෙමනම් කෙලල දාන්න තිබ්බ බවත් ඒම කරන්න කියල රජ පවුලෙ උන් කිව්ව බවත් ඇත්ත. ඒත් ඌ කොහොම කලත් තනතුර තියෙන්නෙ ජනයා - එවකට පැරිසියෙ නාගරික සාමාන්‍ය ජනයා - ඒ එස්ටබ්ලිශ්මන්ට් එක පිලිගන්නකම් පමණයි.

රායිට් දැන් මෙතනට ආවොත්, ඔව් වයිට් හවුසිය රේඩ් කරන්න ට්‍රයි කරනව. ප්‍රෙමිසස් වලට පවා මිනිස්සු එනව. ට්‍රම්පා හැන්ගිලා තියෙනව. ඉරාකෙ ගම් පිටින් දූලි කර දාපු සිරියාවට කොල්ලො දම්මල ගස්සපු වියට්නාමෙට කෙමිකල් රේන්ස් දාපු බල කේන්ද්‍රය ලයිව් බුලට් එකක්වත් ෆයර් කරන්නෙ නෑ. ඇයි ඒ. පෝටස් උන්නැහෙත් තනතුරක්. 1789 ප්‍රන්ශෙටත් වඩා අද ඒ තනතුර වග කියන්නෙ මහජනයාට. සම්මුතියක්. සම්මුතිය කඩා ගන්න බෑ. 16 වන ලුයි තරම්ම නිහතමානි මිනිහෙක් නම් ඔය ක්‍රවුඩ් එකට කතා කරන්න ගිහින් කුනු බිත්තර පාරක් හෝ කන්න තිබ්බ. ට්‍රම්පා අන්ඩපාලයා නිසා ඌ හැන්ගුනා.

ඇමරිකාවෙ වෙන්නෙ විප්ලවයක් ද? නෑ ඇමරිකාවෙ වෙන්නෙ ඇනකික් රයට්ස් සීරිස් එකක්. ඒත් ඒ ඇනකික් රයට්ස් සීරිස් එක අස්සෙ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මිනිස්සුන්ගෙ එස්ටබ්ලිශ්මන්ට් එක එක්ක තියෙන සම්මුතිගත පිලිගැනීම දෙදරන්න පුලුවන්. මට කියන්න තියෙන්නෙ ප්‍රන්ශ විප්ලවෙ කියන්නෙත් විප්ලවයක් නෙවි දිගට වෙච්ච රයට්ස් සෙට් එකක් පමණයි. පැහැදිලි ඇනකික් රයට්ස්. නායකයෙක් සැලසුමක් නෑ. අද හිතෙන එකට අද ගැහුව. 1789 ප්‍රන්සෙ වෙන්නෙ රයට්ස් සහ ගිනිතැබිම් වෙඩි තැබිම් පමනයි. එතන සිට අවු 10 ක් වෙන්නෙ එකිනෙකාට චෝදන කරගෙන කරන බෙලිකැපිම් පමණයි. ප්‍රන්ශ රයට් සහ ඝාතන සීරිස් එක කිව්වත් වරදක් නෑ. ඔලුවක් නැති විප්ලවයක්.

ඒත් එතන මිනිස්සු එස්ටබ්ලිශ්මන්ට් එක එක්ක තිබ්බ විස්වාසය පලුදු වුනා. සමස්ත එස්ටබ්ලිශ්මන්ට් එකම කලප්ස් වුනා. ඒ කලප්ස් එක ඇතුලෙ ලොකු චින්තන වෙනසක් වුනා. ඇත්තෙම්ම ප්‍රන්ශ විප්ලවේ කියන්නෙ ඒ චින්තන වෙනසට.

ඇමරිකාවෙ චින්තන වෙනසක් වෙනවද ? ඔව්. ශුවර් එකටම. ඉස්සරම කලු උන් කිප සීයක් බ්ලැක් ලයිව්ස් මැටර් කියාගෙන ගිය එකෙ දැන් ඉන්නෙ සුද්දො කල්ලන්ට වඩා දාස් ගානින්. දැන් කලු සුදු බේදෙට වඩා තියෙන්නෙ පැරිසියෙ මිනිස්සු වගේ සමාජියව මාජිනලයිස් වෙච්ච උන් සහ එහෙම නොවෙන උන් අතර වෙනසක්.

මේකෙන් ප්‍රන්ශ විප්ලවෙ දශකය වගෙ ඇනකික් කාලයක් එන එකක් නෑ ගිලටින් එන එකක් නෑ. ඒත් ජන සම්මුතිය ටික ටික මෙහෙම කඩා වැටුනොත් හෙමිහෙමින් දිගුකාලිනව පද්දතිය පිරිහෙනවා. ඇමරිකාව වෙනස් වේවි. ඇමරිකාව කියන 1770 ගණන් වල මිනිස්සු - අති සාමාන්‍ය මහජනය - බිහිකරාපු උන් විසින් මේන්ටේන් කරන් ආපු සම්මුතිය, හෙවත් මහේශාක්‍ය කතන්දරය [සෑම රටක්ම කතන්දරයක් පමනයි] ක්‍රමයෙන් දුබල වේවි. කතන්දරයක් වෙනුවට කන්ස්පරසියක් වේවි මිනිස්සු සම්මුතිගතව අදහන්නක් වෙනුවට සැකෙන් බලන්නක් වේවි.

මේ කතා වලට ජෝජ් ෆ්ලොයිඩ් හෝ නම නොකියයුතු පොලිස් මරුවා අදාල නෑ . ඒ දේවල් වෙද්දි උන් ගැන සදහනක් වත් නොවෙන්නත් පුලුවන්. පැරිසියෙ වර්සායි රේඩ් කල වෙලේ ගැනු එකෙක් හෝ දෙන්නෙක් වෙඩි කෑවද? උන්ගෙ නම් දන්නෙ කවුද? මතකවත් නෑ. ඒ මරණ ඒ රයට්ස් ප්‍රන්ස විප්ලවය නෙවි. නොවන්නෙත් නෙවි.

මේකත් ඒ වගෙ තව ඉන්සිඩන්ට් එකක්. තව ටික දවසක් ඇදෙයි, පැරුණු හිත් තවත් පාරවා හෙමිට යට යයි. ආයෙ එස්ටබ්ලිශ්මන්ට් එකෙන් තව පිස්සුවක් කෙලිනකම්.

වෙනස්වෙන ක්‍රියාදාමය දිගටම වෙනව යටින්, හිත්වල.

ඉස්සර බෙදුනෙ කෝමද?

අප්‍රිකානු සම්භවය ඇති මිනිස්සු වහල්ලුන්ගෙන් පැවතෙන. දුප්පත් සමාජියව සන්ස්කෘතිකව පසු ගාමි. යුරෝපියානු සම්භවය ඇති මිනිස්සු සල්ලි කාර බිස්නස් හිමි උගත් ඉහල පාන්තික....

ඒත් දැන් ....

දුප්පත් මිනිස්සු, ක්‍රමයෙන් සමාජියව අවලන්ගු වෙන. හරියටම පැරිසියෙ නාගරික සාමාන්‍ය මිනිස්සුන්ට දැනුනා වගේ, තමන් අවලන්ගු බව දැනෙන මිනිස්සු. අනිත් පැත්තෙන් එස්ටබ්ල්ශ්මන්ට් එක. ඉස්සරින්ම ධනයේ ඊට පස්සෙ බලයේ අන්තිමට ටෙක්නොක්‍රසියේ ඉන්ෆොක්‍රසියේ මනාව ස්තානගත වෙච්ච ඒ තුල බලවත් වෙන සමාජය. යුටියුබ් හදන ශෙයාස් ගන්න ඒ මත ව්‍යාපාර හදන මිනිස්සුන්ට එරෙහිව යු ටියුබ් එකේ වදුරු නැටුමක් නටා හිට්ස් වලින් කීයක් හෝ හොයාගන්න පෙලැන්තිය.

අන්න ඒ දෙක අතර වෙනස මායිම් කරන පොලිසිය.

දැන් ගහගන්නෙ ඒ දෙගොල්ල. වර්ණ භේදය නෑ නෙවි. තියෙනව. ඒත් මැරුණ එකා අපේ එකෙක් කියල හිතන්නෙ උගේ හමේ පාට උන් නෙවි ඌ උන්නු බිමේ පාට උන්. දූවිල්ලට ලග උන්. දූවිල්ලක් පමණක් වෙන උන්. අප්‍රිකානු සම්භවය ඇති පොලිස් කාරයින්ට යුරෝපියානු සම්භවය ඇති උනුත් ගල් විසික් කරනව.

මිනියාපොලිස් .... ටක්කෙමට කිව්වොත් මිනිහා පොලිස්.... තව ටිකක් එහාට ගියොත් නිකම් මිනිහට එරෙහිව පොලිස්සිය, ආයතන, එස්ටබ්ලිශ්මන්ට් එක, ටෙක්නොක්‍රසිය.

යුරෝපියානු සම්භවය ඇති කොල්ලෙක් ස්කේට් බෝඩ් එකකින් සී එන් එන් එකේ වීදුරු බිත්තියට ගහද්දි අප්‍රිකානු සම්භවය ඇති පොලිස් කාරයින් ඒක ගාඩ් කරන තැන තමා කතාවෙ තීරනාත්මක ට්විස්ට් එක තියෙන්නෙ.

ඒ ඇට්ලන්ටා වල. ඒත් ඒ කොහෙ වුනත් මිනිහා-පොලිස්. ඒක තමා මේකෙ දෙපැත්ත.

ආවෙ කොහෙන්ද මූලය මොකද්ද හමෙ පාට මොකද්ද කියනවට වඩා, මේන්ස්ට්‍රීම් එකේ ඉන්නෙ කොතනද කරන්නෙ මොකද්ද, තමන්ගෙ පදනම මොකද්ද, ටෙක්නොක්‍රසියෙ මෙහෙයවන්නෙක් ද, වදුරු නැටුම් නටන්නෙක් ද, කියන එකයි බෙදුම.

ජෝජ් ෆ්ලොයිඩ්. අදාළ නෑ. මිනිහා-පොලිස්. ඒකයි අදාල.

නිකම් මිනිහා-බලවත් මිනිහගෙ පොලිස්සිය.

ෆවුන්ඩේසන් එක ඉරි තලමින්.

Saturday, May 16, 2020

එකමත් එක ‍රටක, එකමත් එක ඉස්කෝලෙක, එකමත් එක විශ්ව විද්‍යාලෙක ...

එකමත් එක ‍රටක, එකමත් එක [කාටත් අන්තර්ජාල පහසුකම්තියෙන] කාලෙක මන් ඉස්කෝලෙ යන්න පටන් ගත්ත. ඉස්කෝලෙ හරිම වෙනස්. ඉස්කෝලෙ ටීචර් ලා කියල කට්ටියක් ඇවිදින් ඉගැන්නුවෙ නෑ. ඉස්කෝලෙ වැඩිපුර කාලයක් දුන්නෙ දේවල් ඉගෙන ගන්න හැටි හොයා ගන්න. ගුරුවරු හිටියෙ ඒකට මග පෙන්වන්න. එයාල දුන්නෙ දැනුම හොයාගන්න ක්‍රමවේද ගැන, දැනුම ධාරණය කරගන්න ක්‍රමවේද ගැන දැනුම, යමක් තාර්කිකව හිතනාකාරය ගැන දැනුම. මෙටා එඩියුකේශන්

අපි උදාහරනෙකට යමු. නිකම් හිතන්නකො මෙහෙමත් කාලයක් තිබ්බනෙ. ඔන්න ගුරුතුමා එනව සමාජ අධයනෙ උගන්වන්න. ලමයි ගන්නව පොත. පලමු ලෝක යුද්දය. ලමයි දන්නවද පලමු ලෝක යුද්දෙට ආසන්න හේතුව - සරාජිවෝ [සරයීවෝ කියන්න ඇක්සන්ට් මදි] නගරෙ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ට් කුමාරයට සර්බියානුවෙක් වෙඩි තිබ්බ එක - අම්මට හුඩු දැන් මේක තමා ගේමක් නැති හේතුව. වෙන හේතු නෑ. තියෙන්නත් බෑ. පොතෙ තියෙන එක ගුරා කිව්ව එක. නිකම් ගනිතය වගේ ඉහල පේලිය සරාජිවෝ වල ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්, ඊ ගාව පේලිය ලෝක යුද්දෙ. උත්තරේ එනවට කරන්න දෙයක් නෑ.

මේ කාලෙ මතකද? අද බලන්න මිනිස්සු ෆේස්බුක් එකේ ඔව්ව කතාවෙනකොට කීයක් අතුරු කාරනා ගේනවද? කී දෙනෙක් තර්ක කරනවද නෑ මන් කියන්නෙ ඔයිට වඩා සීන් තිබ්බ ඕකම එකම හේතුව කියනන්බෑ කියල. කීයක් වෙනස් ඔපිනියන් එනවද මේ නොවිදිමත් ෆෝරම් වල. ඕක විලියොන් කයිසර තුමාගෙ සපත්තුව අස්සෙ ගල් කැටයක් ගිහින් වුන සීන් එකක් වෙන්න බැරිද?

මොකද්ද මේ වෙනස. ඒ වෙනස තමා අන්තර්ජාලය සහ දැනුම ලබන ක්‍රම වෙනස් වීම. ඉස්සරට වඩා බොහෝ දේ ග්‍රහණය කල හැකියි . දැනුම ටෙක්ස්ට් බුක් එකේ ලයින් වල තියෙන කට්ට කලු රිජිඩ් අකුරු නෙවි. දැනුම දැන් ඊට පුලුල් සහ ඒ නිසාම වේග්. සත්‍ය වගේම බොරුත් පිරිල.

ඉතින් මේ එකමත් එක කාලෙ ආයෙ ගුරුතුමා කියල දැනුම ගැන නිසි බලදාරියෙක් ඇවිදින් අර රිජිඩ් අකුරු කියදෙන්න ඕනෙ නෑ. දැන් ඕනෙ අර වඩාත් පුළුල් සහ වේග් අවකාශෙ අසම්පුර්න සහ වැරදි සහිත දැනුම උකහා ගන්න හැටි පුරුදු කරවන එක. පෙර සේ ටක්කෙට රිජිඩ් නොවෙන දැනුමක් ග්‍රහනය කර ගන්න තේරුම් ගන්න උදව් වෙන එක. විලියොන් කයිසර තුමාගෙ සපත්තුව අස්සෙ ගල් කැටයක් ගිහින් ලෝක යුද්දෙ වුනා කියල කියන එකාටත් ඒ මතය ඔප්පු කරන චලෙන්ජ් කරන එක. පන්ති කාමරේට සයිබර් ෆෝරම් එකක ස්වරූපය ගෙනියන එක.

ඉතින් ඒම තමා කරල තිබ්බෙ. මන් ඒ ඉස්කෝලෙන් අවුට් වෙද්දි මම දැනුම කියල එකතු කරන් උන්න සියල්ල මගේ එහා සීට් එකේ එකාගෙ දැනුම ම නෙවි. මන් ඒක දන්නෙ මොකද අපි පන්ති කාමරේ ඒ තරම් ටොපික්ස් ගැන් සන්වාද කර නිසා. අපි ස්ටඩි කලේ ටොපික්ස් අපි ඉවර කලේ කන්ක්ලුශන් වලින් නෙවි ඔපිනියන් වලින්.

මන් ලොකුවට දෙයක් නොදන්නව තමා. රිජිඩ් දැනුමක් නැති කෙනෙක් ඒත් මන් දැනුම ගන්න හැටි සහ එහි භාවිතාව ගැන හොදට දන්නව.

මම ඉස්කෝලෙන් අවුට් වුනාම මට තිබ්බෙ මෙන්න මෙහෙම තත්වයක්. දැන් කට්ටියගෙ තාර්කික සුවතාවයට මේ එකමත් එක රටේ තිබ්බෙ ෆ්‍රී එඩියුකේශමක් කියල හිතමුකො. මේ රටේ තිබබ් විස්ව විද්‍යාල කියල ජාතියක්. ඒවයෙ තිබ්බෙ මෙන්න මෙහෙම තත්වයක්.

1. එලිමෙන්ටරි එඩියුකේශන් හෙවත් මූලික අද්‍යාපනය් කියල ඒරියා එකක් තිබ්බ. ඒකෙ තිබුනෙ අප විසින් අපෙ කොලිෆිකේශන් අනුව තෝරා ගන්නා සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක මූලික දැනුම. මෙතනින් අපිට ගන්න පුලුවන් මූලික සබ්ජෙක්ට් නොලේජ් එකක්. මේක රජය විසින් පවත්වන තරග විබාග වලින් තෝරලා රජයේ වියදමින් රටට අවශ්‍ය ප්‍රොෆෙශනල්ස් ලා හදන්න නිර්මානය කරන රාමුවක්. මෙක නේවාසිකව ඉගෙන ගන්න වෙනව. මොකද විශය දැනුම වගේම විශය ශික්ශණයත් දෙන්න ඕනෙ නිසා.

2. පලවෙනි එකෙ උගන්වන සුට්ටෙන් රස්සාවක් කරන්න බෑ ඒ නිසා දෙවෙනි එක තමා ස්පෙශලයිසේශන් කියන එක. මේක විවි ඇතුලෙ හෝ ගෙදර සිට කල හැකි. වෛද්‍ය වගෙ එව්වටනම් හොස්පිටල් වල තමා ඉගෙන ගැනෙන්නෙ. මේ මට්ටමේදි රටෙ ලෝකෙ භාවිතා වෙන තාක්ශන පැරඩයිම ආදිය ගැන් කෙටි කෝස් කීපෙකින් කවර් කිරීම තමයි වෙන්නෙ. පාස් අවුට් වෙනව කියල නෑ. ඉගෙනීමේ සීමාවකුත් නෑ. මේ ස්ටේජ් එකේදි සමහර විට එක්තරා කෝටාවක් නිකම් දුන්නට එතනින් එහාට අපිට ගෙවන්නත් වෙනව, අපිට රස්සාවක් කරමින් වුනත් මේ ස්පෙශලයිසින් කරගන්න පුලුවන්. බොහෝ සබ්ජෙක්ට් වල මැරෙනකම්ම ඉගෙන ගන්නත් වෙනව. මේකත් විවි විසින්ම පවත්වා ගෙන යන පද්දතියක්.

3. සමහර සබ්ජෙක්ට්ස් තියෙනව ඒවට ස්පෙශලයිසින් කරන්න බෑ. ඒ වගේම ඒව ප්‍රොෆෙශනල්ස් ලා හදන්නෙ නෑ. රජය කියන්නෙ ප්‍රොෆෙශනල් කෙනෙක් නොහදන විශයකට කෙනෙකුව මැන්ඩටරි ලෙස අනුයුක්ත කරන්න සහ රජයෙන් නේවාසික සිසුවට ගෙවන්න ඕනෙ නෑ. ඒකට අර අහවල් තරග විබාගෙ ඕනෙත් නෑ. ඒ සබ්ජෙක්ට් මුලු රටටම නොමිලේ ඔන්ලයින් දෙනව. ඕනෙ කෙනෙකුට ඒ කෝසස් කල හැකි. දැන් ඔය විශ්ව විද්‍යාල වල නේවාසික උනාමනෙ සිසුන් ගාන සීමා කරන්න එතකොට කටෝෆ් මාක් දාන්න ඕනෙ. දැන් මේව ෆ්‍රී ඔන්ලයින් කලාම මේ සබ්ජෙක්ට් වලට සීමා දාන්න ඕනෙ නෑ. ඒ හරහා රටේම දාර්ශනික අධ්‍යාපනය ලෙවල් අප් කරගන්න පුලුවන්.

ඔන්න ඔහොම රටක් ගැන හීනයක් තියෙනව. බෝම දුර හීනයක්.

හරි හරි දන්නව තාම ඉස්කෝල බරගානක් අත හෝදන්න වතුර නෑ, ටොයිලට් නෑ. අන්තර්ජාල දාගන්න කතාව ඉම්ප්‍රැක්ටිකල්.

ඒත් ඒකනෙ කිව්ව්වෙ මේක දුර හීනයක්.

හැබැයි ලෝකය මේ දිනවල පසු කරමින් ඉන්න පැරඩයිම වෙනස්කම් එක්ක තවදුරටත් අර්තවත් ආයතන රාමු ලෙස පවතින්න නම් පාසල් සහ විවි වලට මේ වෙනස හෝ මෙවැනි තවත් වෙනසක් කරන්න වෙනව.

මගේ කතාව අඩුපාඩු සහිතයි. ඒකයි කතාවක් වගෙ ලිව්වෙ. මේක මට එක පෝස්ට් එකකින් තනියම ලියන්න පුලුවන් එකක් නෙවි. මේක මෙහෙම්ම වෙන්න ඕනෙත් නෑ. ඒත් මේකට අවශ්‍ය මතය සමාජගත කරන්න විතරයි මට අවශ්‍ය

හොලිස්ටික් පොයින්ට්ස් හයිලයිට් කලොත්.

1. මෙටා එඩියුකේශන්

2. රිජිඩ් ෆැක්ට්ස් වෙනුවට පුලුල් එහෙත් වේග් දැනුම

3. කන්ක්ලුශන් වෙනුවට ඔපිනියන්

4. ප්‍රොෆෙශනලිස්ම් පමනක් නේවාසිකව ශික්ශනය සහිතව

5. ස්පෙශලයිසින් කියන එක සබ්ජෙක්ට් එකට ආවෙනික කෙටි කෝස් වලින් ජීවිත කාලෙ පුරාම.

6. ප්‍රොෆෙශනල් නොවෙන සියලු විශය හැකි සියලු දෙනාටම ඔන්ලයින් විවෘත කිරීම.

ආ උපාදි සහතිකේ නේද? ඒක ලොකුවට රෝල් කරලා ...

.

.

.

පරිස්සමට තියන්න. පුලුවන් වෙලාවක ලැමිනේට් කරගම්මු.

Saturday, January 5, 2019

හායි එව්රිවන් - වඳුරන් සහ දැලි පිහි කතා වස්තුව කෙසේද යත් ...

බය හිතෙන වීඩියෝ එකක් බැලුවා. ඒ නිසා ලින්ක් එක දාන්නේ නෑ. ලින්ක් එක ලොකුවට අදාලත් නෑ. මම කමෙන්ට්‍රිය දෙන්නම්.

"පසෙකින් වනෙහි තණකොළ කමින් සිටින අලි රජානෝය. අනෙක් පසින් දෙකක් නවාගෙන වනයට ඇදෙන ගොන් රජානෝ ය. පසෙකින් රුදුරු ලෙස හිස ඔසවා බලා සිටින අලි රජානෝ ය. අනෙක් පසින් පඳුරකට මූත්තරා කරන්න යන සෙයින් කලබලෙන් ඇදෙන ගොන් රජානෝ ය. පසෙකින් අඩියක් පෙරට තබා ඔරවා සිටින අලි රජානෝ ය. අනෙක් පසින් උදේ පාන්දර කාමරේ බඩ කහමින් ඇවිදින සෙයින් ඌ අසලටම යන ගොන් රජානෝ ය. පසෙකින් කාන්තාර මේඝයෙන් එන ධූලි වලා සේ බිම ධූලි අවුස්සා වෙසමුනියා සේ දිව එන අලි රජානෝ ය. අනෙක් පසින් හෝල්ට් මිස් කරන බසයක් නවතන සෙයින් අත ඔසවා නැවතී සිටින ගොන් රජානෝ ය. පසෙකින් එසවූ හොඬ ඔරවූ කන් ඇති ටොනේඩෝවක් මෙන් දිව එන අලි රජානෝ ය. අනෙක් පසින් හෙලෝ ෆ්‍රෙන්ඩ් යන අනුකරණයෙන් අලි බස යයි තමා සිතන ජිබරිෂයෙන් ඌ අමතන ගොන් රජානෝ ය ..."

ඇතිනේ ඉතින්. ඊට පස්සේ ලොකු දෙයක් උනේ නෑ. හොඬවැල් රන් ඔන්චිල්ලේ පැදලා බිමට සැපත් වුන ඒ ගොන් රජානෝ ට අලියා ඉස්සරහ කකුලෙන් සූටි තට්ටු දෙකක් දාල යන්න ගියා. රෙස්ට් වොස් හිස්ට්‍රි. ගොන් රජානෝ වොස් හිස්ට්‍රි ටූ.

දැන් ඔය ගොන් රජානෝ කියල ගරුසරු ඇතුව ලිව්වේ සාහිත්යාලන්කාර පිණිස වුනාට මේකාගේ නම බින්දු ද කොහෙද. අලි මන්තර වල ස්කිල් එක පෙන්නන්න යන ගමනක් මේ. ලංකාවේ උන්ගේ මන්තර ගැන විස්වාසයයි [මන්තර නෙවි කිසියම් තාර්කික පදනමක් නැති ඕනේ මැජික් එකක් ගැන මාර අන්ධ විස්වාසෙක ඉන්න රටක්. ලොජිකල් නැති තරමට තමා විශ්වාසෙ වැඩි] ඌ බීල හිටිය නිසයි සමහර විට මීට කලින් අලියා මූට බයවෙලා දුවල පරණ එක්ස්පීරියන්ස් එකයි ආදිය නිසා ඒ බූරුවා ගිහින් අලියට කියල චප්පන් කර ගත්ත, මගේ කන්සර්න් එක හෝ සර්ප්‍රයිස් එක ඒ යකා නෙවි. මොකද ඔය දූපතේ ඕනෙම හන්දියකින් එකෙක් දූවිලි පිහල අරගත්තොත් උගෙන් ඔය වගේ බූරුවෙක් කපා ගන්න පුළුවන්.

හැබැයි පසුබිමේ ඌට සෙට් වෙලා උන්නු කට්ටිය මේක රෙකෝඩ් කරන්නේ ෆේස්බුක් වගේ එකකට දාන්න හිතාන වෙන්න ඇති නේද? උන් ඔක්කොම අරු වගේ අසිහියෙන් උන්න වෙන්න බෑනේ. ගෑනියෙක් එපා කියනවා, ඒත් පිරිමි බොන තැනක සාමාන්‍යයෙන් ගෑනියෙක් කියන්නේ සත පහකට ගණන් නොගන්නා චරිතයක්. කෝමත් ගෑනු ඉතින් එපා කියාගත්වනම නේ ඉන්නේ එහෙම තැන්වල. ඒත් මූ එක්ක බොන පිරිමි. උන්ට මේක වලකන්න තිබ්බ. ඒත් උන් කියනවා පොඩ්ඩක් ඉන්න මේක රෙකෝඩ් කරන්න [ඔය වගේ යමක්]

පොයින්ට් එක නම්; ලෝකය දැන් මාර දියුණුයි ලු නේ. තවම සාගින්නෙන් මිනිස්සු මැරුණට සාගර ජල මට්ටම ඉහල ගියාට මිහිතලය රත් වුනාට වසංගත රෝග තිබ්බට, පහුගිය දශකේ විතර හැමෝගෙම සාක්කු වල තිබ්බ කෝල් ගන්න ගැජට් එක ස්මාට් වෙලා කැමරාවක් සහ කම්පියුටරයක් වෙලා අන්තර්ජාලේ එක්කත් සම්බන්ධ වෙනවා. අන්තර්ජාලේ ෆේස්බුක් බ්ලොග් යු ටියුබ් වගේ සමාජ ජාල ඒ සම්බන්ධය වෙනුවෙන් පුල පුලා බලා ඉන්නවා. හැමෝටම ඕනේ මාර මැජික් එකක් කරන්න. හැමෝම මුල් තැන දෙන්නේ රේකොඩින් එකට. ඉස්සර ඔය එක්ක ගිය කෙල්ලක් ඉම්ප්රෙස් කරගන්න එකට බීපු යාළුවන්ට දීපු පොර ටෝක් එකක් ඔප්පු කරගන්න කල ගොන්කම් වගේ නෙවි දැන් ඒ වීරත්වය අන්තර්ජාලය සිසාරා සුවාසු දහසක් දෑස් වලට යනවා. අපි තවම නන්නාදුනන මුත් ෂුවර් එකටම ඉන්න ඒ දෑස් ඔක්කොම ඉම්ප්රෙස් කරන හැකියාව තුල අර වගේ දහස් ගුණයක ගොන්කම් කරන්න අවශ්‍ය තල්ලුව ලැබෙනවා. කරන එකාට වගේම රෙකෝඩ් කරන උන්ටත් ඒක මාර වටිනවා. ඒ සමග එපා කියන එකාගේ භූමිකාව පමණක් නැතිවෙලා යනවා.

කෝමත් දැන් අලුත් පරම්පරාවේ උන් කතා කරන්නෙත් "හායි එව්රිවන්" කියල. ඔය එව්රිවන් කියන්නේ අර අපි නාදුනන දාස් ගාන. හෝ ලක්ෂ මිලියන් ගාන.

අනික මේ තාක්ෂණය ලෝකෙට ගෙනාපු වේගෙට සහ චීන කොපි ෆැක්ටරි ඒකෙ මිල අඩු කල වේගෙට මේ තාක්ෂණ ගැවසෙන්නේ ඒ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි මිනිස්සු අතේ. තාක්ෂණය දැලි පිහි වගේ මුවාත් වෙමින් ශික්ෂණයෙන් අවබෝධයෙන් වඳුරෝ ගානට වැටුණු උන් දක්වා ගමන් කරනවා. හෙවත් තාක්ෂණය ගොඩයට මැජික් වෙනවා.

මේ සියල්ල සමග අභාවයට යන්නේ කොමන් සෙන්ස්. ඉස්සර කියලත් ලොකුවට එකක් තිබ්බේ නෑ, දැන් ඒ ටිකත් නෑ.

මෙන්න මේ අලුත් මානව මනෝ විකෘතිය නිසා තමා ඒ අලි මන්තර කරුවා මිය යන්නේ. මොකද එහෙම නොවෙන්න ඌ ගියත් වෙන එකෙක් ඌ නවතනවා.

අපිට ඉස්සරහට මේ වගේ අවාසනාවන්ත සිද්ධි සෑහෙන්න දකින්න ලැබෙයි. සමහරවිට ඒවාට වෙනම නාමකරණයක් වර්ගීකරණයක් එහෙමත් එයී. දැනටත් ඇවිල්ල ඇති සමහරවිට.

මන් කිව්වේ අපි දැන් මාර දියුණුයි ලු නේ. අපිට ස්මාට් ෆෝන් තියෙනවා.

පසු සටහන:

දිනෙක සිල්වා ගරු අලි මන්ත්රාචාර්ය තුමා මේ ගොන්පාට් ෂෝ වලට තමන්ගේ දස හැවිරිදි දුව යොදා ගන්නා බව දැනගන්න ලැබුණා. අලි එලවන්න තම මන්ත්‍ර බලය කෙතරම් ප්‍රබල දැයි පෙන්නන්න පොඩි එකා කෙලිම්ම අලියා ඉස්සරහට යවන වීඩියෝ එකක් වයිරල් වෙනවා. ඒකත් සයිබරයේ වයිරල් කර පොර වීමේ අරමුණින් කරන තවත් මෝඩ වීරකමක්. 
කුඩා දරුවන් මෙවැනි අනතුරුදායක දේවල් වලට යොදා ගන්න එක මෝඩකමක්  පමණක්  නොවේ  අපරාධයක් කියා කියන්නත්  පුළුවන්. මේක සම්බන්ධයෙන් එතුමාට එරෙහිව බලධාරීන් කටයුතු කලත් වරදක් නෑ.

Wednesday, December 26, 2018

දෙසැම්බර් 26: මතකයන් ගෙන් ඔබ්බට

සුනාමිය ඇවිත් ගොස් අවු 14 කි. සුනාමිය ගැන ලියු කවි [මාත් එකක් ලියා තිබේ] තවම නැවත පළ වේ. ප්‍රතිපත්තියක් ලෙස දසවැනි සමරුවෙන් පසු ඒ ගැන කවි කතා තව දුක සීන් මැරුණු අය ගැන ස්මරණ පළ කිරීම නවතා දැමුවේ එකම දේ නැවත පළ කිරීමෙන් එහාට අලුත් යමක් නොවෙන නිසාත් සුනාමිය රෙටෝරික ප්‍රකාශයක් සහ "අපි ඒ කාලෙත් ඔය ගැන ලිව්වා" තාලේ අපේ අතීත හපන්කම් ගණයට වැටෙමින් පවතින නිසාත් ය. එහෙත් සුනාමිය සපුරා අමතක කර දැමීමට වඩා මිනිසුන් තවම ඒ නොස්ටල්ජිය බියකරු සිහිනයේ ගිලී යාම යහපත් තත්වයකි. සුනාමියක් ආයෙත් පැමිණිය හැකි බැවිනි.

ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. ඊයේ පෙරේදා සුමාත්‍රා සහ ජාවා වෙරළ දෙකට භූ කම්පනයකින් තොරව පැමිණි [ගිනිකදු ආශ්‍රිත පස් කඩා වැටීමක් නිසා හටගත්] සුනාමිය හඳුනා ගන්නට ඔවුන් අපොහොසත් විය. ඒ පුවත් අතර මා දැක්කේ සුනාමිය හඳුනා ගන්නට මුහුදේ දැමු උපකරණ සැලකියයුතු තරමක් සොරුන් සහ විනාශ කරුවන් අතින් වැනසී ඇති බවයි. භූ කම්පනයක් කම්පනයෙන් හඳුනා ගත හැකි නිසා මේ දක්වා මෙය ඉස්මතු නොවුවද, ඉන්දීය සාගර කලාපය තවමත් සුනාමියක් හඳුනාගත හැකි මට්ටමක ඇත්දැයි නොදන්නෙමු. සෑම සුනාමියක්ම හටගන්නේ භූ කම්පනයකින් ම පමණක් නොවේ.

සුනාමියෙන් ලංකාවේ ජන අවබෝධය සහ වගකිවයුත්තන්ගේ අධීක්ෂණය භූ කම්පන කෙරෙහි යොමුවිය. 2004 ට පසු කම්පන කීපයක් සිදු වූ බව [ජාත්‍යන්තර මාධ්‍ය සහ භූගෝල පර්යේෂණ ආයතන මගින්] දැන ගන්නට සහ අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට ලංකාව සමත්විය. මෙය හපන්කමක් නොවුනත් 2004 දෙසැ 26 ඇමරිකානු භූ සමීක්ෂණ ආයතනය සහ පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය එවූ පණිවුඩ නිවාඩු ගිය ඔෆිසියක ඊමේල් එකවුන්ට් එකක නාස්ති වී ගිය සුනාමිය එනවා කිව්වා එයාපෝට් එකට ගියා කියා ජෝක් හැදුනු රටට ඒකත් වැඩකි. ඒ අතර 2012 සුමාත්‍රා ආශ්‍රිත මුහුදේ සිදු වූ භූ කම්පනය අවස්තාව කළමනාකරණය කළ ආකාරය සුවිශේෂී වේ. එහෙත් භූ කම්පනයක බලපෑමෙන් තොරව සිදුවන සුනාමියක් හඳුනා ගන්නට ලංකාවට පමණක් නොව කලාපයට ද බැරි බව සතියකට පෙර ඔප්පු විය.

සුනාමිය ආ සමයේ වෙරළාසන්න ගොඩනැගිලි අඩු කරන්නට කතාවිය. ඇත්තටම කතාවූ සමුද්‍රාසන්න උද්‍යාන සංකල්පය ලංකාව වැනි ජනාකීර්ණ රටකට කල නොහැක්කකි. එහෙත් අනතුරු කලාප හඳුනා ගැනීම පලායන්නන් හට නිරවුල් උපදෙස් පළ කිරීම, ස්තානිය උස සලකුණු කිරීම, හැකි සෑම සාගරාසන්න මිනිස් වාසයක් ම ඉවත් කිරීම [සංචාරක ව්‍යාපාරය සමග එකතු වුනොත් පිරිවැය ගැටලුවක් නොවනු ඇත] වෙරළ මත ඇති ධීවර පැල්පත් ඉවත් කිරීම, සුනාමි සයිරන් පද්ධති පරික්ෂා කිරීම ආදී ලෙස කල හැකි දේ බොහෝ සෙයින් ඇත. මේවා වෙනවාද නොවේද කියා අප දන්නේ නැත. නොවන්නේ නම් මේ ස්මරණ දිනය ඒවා අධීක්ෂණය කිරීමට රජය විසින් වෙන්කළ යුතුය.

ස්මරණය කාව්‍යකරණය සහ නොස්ටල්ජියාව වෙනුවට අනාගතයට මුහුණ දීමට කලාපය සූදානම් විය යුතුය. ඊ ගාව එක වැඩි දුර නොවිය හැක.

Saturday, May 26, 2018

මතු රැකෙනා ශිල්පය මයි උගතමනා - රස්සාවක් නොලැබෙන උපාධි විනෝදාංශ බවට පත් කළ යුතු වේ

මෙම  සබැඳියේ   දැක්වෙන  වීඩියෝව  ලංකාවේ  රැකියා  විරහිත  උපාධිධාරිනියක්  කරන  කතාවක්. 

මේක බැලු බොහෝ දෙනෙක් ඇය උපහාසයට ලක් කරනවා. ඇත්තෙන්ම ඔවුන්ගේ උපහාසයට ලක්වියයුතු අදහස් සිතුම් පැතුම් තියෙනවා, ඒත් "පුංචි මල් කැකුළු" [අපි නෙවි රටේ උන්ම තමා ඕම කියන්නේ] වගේ  ඉස්කෝලෙන් එලියට එන මිනිස්සුන්ගෙන් මෙහෙම තින්කින් ස්ට්‍රීම් එකක් හදන්නේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් ම තමා, ඉතින් ඒ හිනාවෙන්නේ අපිටම මිස ඇයට නොවේ.

අවුරුදු ගානක් මහන්සි වෙලා යමක් ඉගෙන ගෙන ඊට පස්සේ ඒකෙන් රස්සාවක් කරන්න බෑ කියල තේරුණාම එන ෆීලින් එක ඉතාම අමාරු එකක්. විශේෂයෙන්ම ඒ උපාධිය තමන් තේරු එකක් නොවේ, තමන් විශ්ව වීද්යාලේ ගියාම තමන්ට බලෙන් පවරා දීපු එකක් වුනාම ඒ ෆීලින් එක දෙගුණ වෙනවා. ඒ විකාර තත්වය තුල ආණ්ඩුවේ ජොබ් ඉල්ලීම පෙන්ෂන් සහිත රස්සා  ඉල්ලීම, පාරේ උද්ඝෝෂණ කිරීම [සහ ඒවා මාර කැරලි කියා හිතා සිටීම] ඊට පස්සේ දේශපාලකයන් පස්සේ යාම, ඔය ඔක්කොම විකෘති. ඒත් ඒ සියලු විකෘති නිර්මාණය කලේ විශ්ව විද්‍යාලය විසින්.

ඕකට දැනටමත්  රස්සා කරන හාන්සිපුටු විද්වතුන් දෙන උත්තරේ තමා, සමහර විෂයන් තියෙන්නේ රස්සා කරන්න හෙවත් වෘත්තිකයන් හදන්න නෙවි, ඒවායෙන් වෙන්න ඕනේ චින්තකයන්, දාර්ශනිකයන්, ශාස්ත්‍රීය බුද්ධිමතුන් හදන එක. හරි, එහෙමම කියමුකෝ ඉතින් එහෙනම් මොකටද ඒ උපාධියට ජොබ් ඉල්ලන්නේ? රටටත් වැඩක් නැතිනම් වාණිජ ලෝකෙටත් වැඩක් නැතිනම් ඇයි කවුරුහරි ජොබ් දෙන්නේ?

ඊටත් වැදගත් ප්‍රශ්නය නම් රස්සාවක් කරන්නත් බැරි, සමාජයට බුද්ධිමය දායකත්වයක් දීනත් බැරි කෙහෙම්මල් උගන්වන්නේ ඇයි? ඕවා ඕනෙමනම් විනෝදාංශයක් ලෙස ඉගෙනගන්න බැරිද? මිනිසුන්ගේ වටිනා කාලය මේ බහුබූත ඔළුවට පටවන්න කා දමන්නේ ඇයි?

ඇත්තම කිව්වොත් ඊට තියෙන්නේ වෙනත් හේතු දෙකක්. එකක් තමා මේ විශ්ව විද්‍යාල වල අරටු බැහැල ඉන්න එසේම ලෝකයට වැඩක් නැති බූත උගන්වන ලෙක්චරර් පරපුරේ වෘත්තීය පැවැත්ම උදෙසා මේවා පවත්වාගෙන යන්න ඔවුන්ට බලය තියෙන ඒ ආයතන කෙරෙහි කරන බලපෑම. අනික තමා වත්මන් සමාජය වෙනුවට් වෙනත් යුතොපියන් සුරංගනා කතාවක් එක්ක ජීවත් වෙන විවිධ විශ්ව විද්‍යාල සිසු කල්ලිවලට ඒ වෙනස හෙවත් වාණිජ ලෝකයේ අරමුණු වෙනුවෙන් තෘතියික අධ්‍යාපනය වෙනස් කිරීමට ඇති විරෝධය. සමහරවිට මේ කාන්තාවත් ඒ මතයම දරන්න ඇති දැනුත් දරනවා ඇති.

මේවා මෙහෙම වෙද්දී කලා අංශයේ වැදගත් රැකියා ජනනය කරන ක්ෂේත්‍ර වන ටීචින් විෂුවල් ආට්ස් ඇඩ්වටයිසින් වගේ ක්ෂේත්‍රවලට නිසි නිපුනතා නැති කමින් නොගැලපෙන අය බඳවා ගැනෙනවා හෝ පුද්ගලික පාටමාලා සැපයෙනවා. ලංකාවේ උපාධිධාරී ගුරුවරුන් කීයකට අධ්‍යාපනවේදී කියන ස්පෙෂලයිසේෂන් එක තියේද? වෙනත් රටවල නම් ඒක අත්‍යාවශ්‍ය යී බොහෝ ගුරු තනතුරු උදෙසා. ඉන්දියාවේ එය සුලබව තියෙනවා.

ඔය කාටත් ඔප්ෂන් දෙකයි තියෙන්නේ, දෙකම කරන්න බෑ එකක් තෝරන්න වෙනවා.

1. විවි වල "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන හෙවත් රටේ කිසිම රැකියා අවශ්‍යතාවක් නැති බහුබූත විෂයන් උගැන්වීම නවතා කෝස් එක ඉවර වුනාම  පවතින වාණිජ ලෝකයෙන් නිකම්ම 
රස්සාවක් ලැබෙන තත්වයට කලා වැනි උපාධි වෙනස් කිරීම

2. "වෘත්තිකයන්" වෙනුවට සෝ කෝල්ඩ් "බුද්ධිමතුන්" බිහි කරන එකනම් වෙන්න ඕනේ දේ, ඒ බුද්ධියත් අරගෙන උපාධිය අරගෙන ගිහින් කුලියක් මලියක් කරලා ජීවිතේ ගැටගහගන්න එක. මොකද වෘත්තිකයෙක් වෙන් හොඳ නැත්නම් උපාධියෙන් වෘත්තියක් දෙන්නත් හොඳ නෑනේ.

ඔය දෙක ඇරෙන්න වෙනත් විකල්ප නෑ.

සමාජයට වැදගත් ගුණයහපත් දැනුමැති මිනිහෙක් හදන්න ඕනේ පාසලින්. තෘතියික පද්ධතිය කල යුත්තේ රටේ ශ්‍රම අවශ්‍යතා සමාජීය බුද්ධි අවශ්‍යතා සපුරන එක. සිම්ප්ලි කෝස් එක කල කෙනාට  එලියට ආවම රස්සාවක් නැතිනම් ඒ කෝස් එක වැඩක් නෑ. එහෙම වෘත්තික අරමුණක් නැතුව තනිකර දර්ශනවාද කලා ආදී දේවල් හදාරණ පිරිසක් ඉන්න ඕනේ නම්  ඒ සෙට් එක වෙනුවෙන් ජාතික ධනය වැය කිරීම නාස්තියක්, අවශ්‍ය නම් ඒවා ඔන්ලයින් කෝසස් වගේ තියන්න පුළුවන්, කැමති  කෙනෙකුට  කරන්න. එසේම ඒක   වොලන්ටියර් ලෙස මිසක් 
විශ්ව විද්‍යාලයට ගියාම නෝ චොයිස් තාලේට හදන්න හොඳ නෑ, ඔය කාන්තාව  වීඩියෝ එකේ කියන්න වගේ උන්ව කැම්පස් ගෙන්නලා උගන්වන එකෙන් උනුත් කැපකිරීමක් කරනවනේ අවුරුදු ගානක්. ඊට පස්සේ උන්ටත් ඕනේ රස්සාවක්. සොරි ඔයා අපි හැදුවේ දාර්ශනිකයෙක් වගේ හිත හිතා ඉන්න ඔයාට ජොබ්ස් නෑ කියන්න බෑනේ. ඉතින් එහෙම මිනිස්සුන්ට දෙන්න ඕනේ වෘත්තික අවකාශ මිස දාර්ශනික අවකාශ නෙවි.

එක්ස් කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න තිස්සෙම කියනවා ඔහු දැනුම නිර්මාණය කිරීමේ කටයුත්තෙන් ලංකාවේ අකඩමියා එක පරාජය කළා කියල. ඒ කිව්වේ ඔවුන් විනෝදාංශයක් [හා දේශපාලන අරමුණක්] ලෙස දර්ශනවාද ගැන කියවීමෙන් එක්රැස් කල දැනුම ඒ අංශවල ඇකඩමිය එක ඉක්මවා ගියා කියන එක. එහි සත්‍යතාවය කුමක් වුවත් ඒකෙ ඉන්වර්ස් ඒකයි වැදගත්, පිරිසකට පොත් කීපයක් කියවා දාර්ශනික සංවාද කරලා බීට් කල හැකි තරම් සුළු දෙයක් උගන්වන්න ඔය සමහර ආට්ස් වගේ කෝසස් වල මනුස්සයෙකුගේ ජීවිතේ වටිනාම අවු 3, 4 ක් කා දාල කරන්නේ. එව්වා එක්ස් එවුන් කල තාලෙට කරගන්න දීල ජාතික ධනයෙන් රටේ දරුවන්ගේ කැපවීමෙන් උගන්වන එව්වා සියල්ල 
වෘත්තීය දිහාවට ගෙනගියා නම් හරි.

සිම්ප්ලි අපිට රස්සා දියව් කියල එකෙක් කෑගහනවා කියන්නේ උන්ට කෝසස් හදාපු 
විශ්ව විද්‍යාලයෙ අවුලක්, හරිනම් කෝස් එක කරන්න ඕනේ රස්සා තියේ නම් පමණයි, නෙවිනම් වෙනස් කල යුතුයි.

මතු රැකෙනා  ශිල්පය මයි උගතමනා කියල  තින්කින්  වෙනස්  කරගන්න  සුදුසු  කාලේ  ඇවිත්.

ප.ලි.


කට්ටිය අර රැකියා විරහිත උපාධිධාරීන්ට බණින තරම වැඩියි මගේ හිතේ. මේක තනිකරම ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් කරලා මුහුණුවර පෙනුම කතා විලාශය ඉලක්ක කරගෙන කරන අදහස් දැක්වීම් අස්සේ කියවෙන්නේ නෑ ඒ මිනිසුන්ට අවුරුදු තුන හතරක් කිසියම් අරුත්සුන් දෙයක් "බලෙන්" [ඔව් බලෙන් තමා] උගන්නපු බව. දැනටත් බැච් කීපෙකට ඒ වැඩේ කරමින් ඉන්න බවත් අනාගතෙත් එහෙම කරන්න නියමිත බවත්. එතකොට අපි මේ දකින්නේ ඩෙංගු රෝගීන් වගේ අපේ සිස්ටම් එක ජෙනරේට් කළ ආසාදිතයන් පිරිසක්. වසරින් වසර ඉලක්කම ඉහල යනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා හෝ ඔවුන් කියන දේ හරි කියා කියනවා නෙවි. ඒ වගේම ඔවුන් වයලන්ට් නම් ඔවුන්ව වයලන්ට් තාලෙට මර්ධනය කරන්න වේවි. හැබැයි වරද ඔවුන්ගේ කියන තැන අපි කරන්නේ ප්‍රශ්නය අමතක කරන එක.

මනුස්සයෙකුට උපාධියක් කරලා ඉවර කලාම එකෙන් රස්සාවක් කරන්න බැරිනම් වරද විශ්ව විද්‍යාලේ නේද? එතකොට ඒ සිසුවාට ඒ විශ්ව විද්‍යාලය සහ ඒ කෝස් එක ඇරෙන්න වෙනත් උසස් අධ්‍යාපන විකල්ප දෙන්නේ නැතිනම් හෙවත් ඒකම කරන්න ෆෝස් කලානම් වරද රටේ නොවේද? එක උපාධිධාරිනියක් පිස්සු වගේ කියෙව්වට, ඇත්තටම "බලෙන්" තමා එයාලව ඔය විෂයේ උපාධිධාරීන් කරලා තියෙන්නේ. අවුරුදු ගානක් නාස්ති කර අපට වෙනත් විකල්ප නොදී මේ වැඩක් නැති ෆීල්ඩ් එකෙන්ම අප උපාධිධාරීන් කලේ ගෙදර ලගින්නද කියන එක ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේද?

කට්ටියක් කියනවා ගෙදරදී තව මොනවා හරි ස්ටඩි කරන්න තිබ්බලු. ඒ වාක්‍යය තුල ම ෆේලියර් එක තියෙනවා. උපාධියේ කරන දේවල් රටට අනවශ්‍යයි කියල තියෙනවා. ඔබ හිතන්නේ උන් ගෙදරදී මොකුත් ස්ටඩි කලේ නෑ කියලද? කරපු උන් ඇති, උන් එතන නැතිව ඇති. හැබැයි වෘත්තීය අධ්‍යාපනය සෙල්ෆ් එඩියුකේෂන් එකක් වෙන්නේ නෑනේ. කරගන්න ලෙහෙසි නෑ. ඔය බැරිවෙච්ච උන්. ඔක්කොම දේවල් ගෙදර ඉගෙන ගන්න නම් මොකටද විවි දුවන්නේ.

උන්ට ඔන්ටප්රිනර් කරන්න කියනවා. දැන් ඔයිට වඩා ඩිමාන්ඩ් තියෙන ඉංජිනේරු වගේ ක්ෂේත්‍ර වලින් පාස් අවුට් වෙන කීයක් ඔන්ටප්රිනර් කලාද? ඔන්ටප්රිනර් ස්ටාටප් කියන එව්වා වංචා ටැක්ස් ෆ්රෝඩ් කියල හිතන වල් වැදිච්ච බහුතරයක් උපාධිධාරින් ජොබ් කම්ෆර්ට් එකේ සැනහෙන රටක් ඕක . අනික ඔන්ටප්රිනර් කියන්නේ රස්සාවක් නැති හැම එකාටම ගෙදර ගිහින් කරන්න හැකි එකක් නෙවි. සීයක් කලොත් එකෙක් ගොඩ යයි. අනික ඊට මූල ධනයක් ඕනේ ටික කලකටවත්. උත්තරේ නම්, ඔව් සාර්ථකව ඔන්ටප්රිනර් කල කීපෙකුත් ඇති. උනුත් ඔතන නැතුව ඇති.

ආයේ කියනවා අවුල් බව දන්නවා නම් ඩිග්රි එක පටන් නොගන්න හරි දාල යන්න තිබ්බලු. සීන් එකනම් ඒ ස්ට්‍රීම් වල ඔක්කොටම අවුල් නෑනේ, සමහර සබ් ස්ට්‍රීම් වල උන් ගොඩ. කාලකන්නි විවි පද්ධතිය නොකරන්නේ ඒ වගේ දේවල් හෝ වෙනත් අලුත් දේවල් වැඩියෙන් හඳුන්වා දී ගොඩයන ප්‍රමානේ වැඩි නොකරන එක. අනික එහෙම දාල ගිය උන් හැලිච්ච උන් ඉන්නවා. උන් ගියාම විවි ඒ අනවශ්‍ය කෝස් වහල දන්නේ නෑ වෙන සෙට් එකක් ගන්නවා. මේ ඒ සෙට් එක.

සමස්ත කතාව කෙටි කලොත්, ඔය විදිහේ රටට අනවශ්‍ය පාටමාලා සිසුන්ගේ ඇඟේ බලෙන් ගහනකම් ඔය මොන විදිහට මොන මනුස්සය ගොඩ ගියත් සිස්ටම් එක වෙන එකෙක් ඇදලා අරගෙන ඒ අනවශ්‍ය කෝස් එක බලෙන් පොවනවා. ඔය සෙට් එක වෙන විදිහකින් ගොඩ දැම්ම නම් වෙන සෙට් එකක් අද ඔතන ඉන්නවා.

මේක ඒ ඉන්ඩිවිජුවල්ස් ල ගේ වරදක් නොවෙන්නේ ඒකයි.

අනික් කාරණේ ලංකාවේ ආට්ස් කරන අය කැම්පස් යනවා හොඳටම වැඩියි. ඉන්ටේක් අඩු කරලා රටට වැඩක් ඇති වෙනත් ක්ෂේත්‍ර ගන්න ඕනේ. ඒ සඳහා පාසල් මට්ටමින් උසස්පෙළ විෂයන් ඔක්කොම රට පුරා අවේලබ්ල් නෑ.

නතර කල යුත්තේ විවි පද්ධතිය විසින් ඔය පිරිස නිර්මාණය කිරීම. ඔය පාරේ ඉන්න සෙට් එක දැනටමත් ඩෙංගු ආසාදිතයන් වගේ. මැරෙන්න අරිනවද ජාතික ධනය නාස්ති කර නිකම් පඩියක් දීල ඩෙංගු ලෙඩ්ඩුන්ට ලේ දිදී බේරාගන්න හදනවා වගේ බේරා ගන්නවාද කියන එක නෙවී වැදගත් ගැටලුව. ලබන අවුරුද්දේ මීටත් වඩා වික්ටිම්ස් ලා ගොඩක් ඔතනට එවන විවි පද්ධතිය හෙවත් රෝග නිධානය වෙනස් කරනවද කියන එක. ඒක තමා දැන් කතිකාව වෙන්න ඕනේ.

අර කූඹියෝ එකේ කියන්න වගේ යන්තම් ජොබ් කට්ටක් අරගෙන ලීස් කරලා වාහනයක් අරන් නාගරික බ්ලොක් එකක ණය වෙලා ගෙයක් හැදුවා [හෝ කරන්න හිතා ඉන්නවා] කියල මුන්ට ටෝක් දෙන අනිත් කට්ටිය ලොකු සීන් නෙවි. උනුයි අනික් උනුයි අතර වෙනසක් නෑ. ඒ වගේම ඔය ටෝක් දෙන උන්ව අරගෙන ගිහින් කසිකබල් උපාධි කෝස් එකකට දාල "ඔයාල වෘත්තික නෙවි චින්තක හෙවත් ලොරි ටෝක් දාර්ශනික වෙන්න" කියල තෙලක් බෙදුවනම් මේ කට්ටියත් අද ඔතනම තමා.