Sunday, March 26, 2017

බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ

බ්ලොග් සම්මානයක් ගැන ලොකු කතාවක් යනවා, මේක ලියන්නේ වෙනද වගේ කොන් නොවී ඉන්න නෙවි. මේක මගේ දරදඬු දේශපාලන මතයක් එක්ක ලියන එකක් 

මේක වුණේ අදට වසර හතකට කලින්. එවකට ලංකාවේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ. ඒ කාලේ තිබ්බ මහින්දගේ යුද වැඩසටහනෙන් කැඩිලා ආපු මානෙල් මල් වියාපාරේ කියල එකක්. ඕක දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ. 2010 විතර ඔවුන් පටන් ගත්ත සම්මාන උළෙලක් තියල බ්ලොග් කාරයින්ට සම්මාන දෙන්න. ඕකත් දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ.

පළවෙනි සම්මාන වටේ පට්ට, ටැබූ ට සම්මානයක් දීල තිබ්බ පට්ට දේශපාලන බ්ලොගා ලෙස. සුපුරුදු පරිදි අතත්යභාවය ගැන ලොරි ටෝකක් දීල පොර ආවේ නැහැ. හැබැයි පස්සේ ලියල තිබ්බ ප්‍රේක්ෂකයෙක් ලෙස ගිහින් දැක්ක ටික වෙනම. රසිකට දීල තිබ්බ නොස්ටල්ජීය ආත්ම ප්‍රකාශනය ගැන සම්මානය. චාමි ව්‍යන්ග රචනය සහ පැරඩි අංශය දින්න. සූර්යාලෝකයට නිරාවරණය වුනොත් වාෂ්ප වෙන්න තියෙන අවදානම නිසා චාමි ආවේ නැහැ, විපුලව එවල තිබ්බ [ඒ වෙද්දී ඌ අබිනිස්ක්රමනේ කරලා නැහැ]. මේ අය විතරයි මතක මුන් මගේ ෆේවා හින්දා. තව තිබ්බ හෙළ බ්ලොගා කියල එකක්, ත්‍රස්ත විරෝධී නිර්මාණය අරක මේක. මානෙල් මල් එකේ නේ.

පළවෙනි එකේ ප්‍රධාන අමුත්තා කාලෝ ෆොන්සේකා. දර්ශනය රඹටි හැලෙන්න දාලා කාලෝ දුන්න දේශනෙකුත්. පට්ට.

ඕක අවුරුදු කීපයක් කෙරුනා. 2012 වෙද්දී සම්මාන උළෙල කරපු කට්ටියගේ නම වෙනස් වෙලා තිබ්බ නිල් බලකාය කියල. 2012 පොඩි සීන් එකක් වුනා රසික එක්ක. මොකද කිසිම කෙනෙක් නොදැන සම්මාන ලබාදෙන වෙලාවේ සම්බාවනීය අමුත්තන් අතර ඉඳල තිබ්බ අර රගරුත් ගහන චන්දෙත් ඉල්ලන රාජපක්ෂ බුවා. දීර්ග කාලින බ්ලොග්කරණය පිලිබඳ ස්වර්ණ ස්පේස් බාර් සම්මානය ගන්න ගිය රසික මේ ගැන පොඩි කොක්කක් ඇද ගෙන. රසිකට සාමාන්‍යයෙන් ඔය වගේ "කුප්‍රකට" දේශපාලක ඩයල් වලින් සම්මාන ගන්නවා තියා එකම වේදිකාවේ ඉන්න පවා අපුලයි කියල අපි දන්නවානේ. මේ කේස් එකේදී ඉවෙන්ට් ඕගනයිසර් කියල තිබ්බේ අපි නිල් බලකාය අපි අපේ ආරාධිතයෝ තෝරන්නේ ඔහෙට පාන් ද කියල. රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ආයි නිවාඩුවට ආවම හම්බෙමු කියල අමු සීන් එකයි. ඕක ගැන චාමි මොකද්ද කතාවක්   ලියල චාමිය වෙනුවට එදා ආපු විපුලය පස්සේ මොකද්ද වාහනයක් නිතර පන්නන සීන් එකකුත් උනා, අබිනිස්ක්රමනෙට හේතුවක් වුනා මගේ හිතේ ඕක.

ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව. 


වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්]

ඔක්කොම සීනියර් බ්ලොග්ගු [කිව්වේ පරණ එකාල] ගියේ නැහැ. ඒ වුනාට අලුතෙන් පිබිදෙන පුංචි බ්ලොග් කැකුළු එකතු කරගෙන වැඩේ කරගෙන ගියා. නොගිය උන් කීපයක් වහෙන් ඔරෝ ලිව්වත් ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු.

ඇත්තෙන්ම මේක ආයිත් වෙන්නේ නැහැ. 2015 අපි ඒ යුගය නිමා කලානේ, ආයිත් මෙහෙම තත්වයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. අපිට මාර ෂුවර් ඒ ගැන. ඒ නිසා මේක දැන් පරණ සීන් එකක්. මේ බ්ලොග් සම්මාන උළෙල මිසක් වෙන එකක් ගැන නොලිව්වේ එව්වා ගැන ලිව්වොත් කට්ටියට නොතේරෙන නිසා. 


බ්ලොග්  ලෝකෙට  අලුතෙන්  ආපු අය  සීරියස්  ගන්න  ඉඩ  තියෙන  නිසා කියන්න  ඕනේ.  මේක  වෙච්ච  දෙයක්  නෙවි. හදාපු  කතාවක්. හැබැයි  මෙතෙක්  නොවුණට හෙට වෙන්න බැරි  නැති  එකක්.

කොටිම්ම ඔය  මානෙල්  මල්  එකෙන්  ඔහොම  සම්මානයක්  දුන්නද  නැතිනම්  මෙව්වා  හදල  ලිව්වද  කියන  එකත්  අදාළ  නැහැ.  අදාළ  වන්නේ ඕනෑම තත්වයක ඕක  වෙන්න  පුළුවන්  බවයි. මල මොකද්ද දේශපාලන  ප්‍රවාහය  මොකද්ද  කියන  එක  වෙනස්  වෙන්න  පුළුවන්.


දැන් මෝරල කොලම මොකද්ද? බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ. ඕකයි කතාව.

මේ මුළු කතාවම දේශපාලනිකයි. බ්ලොග් ලිවීම තුල දේශපාලනයක් පවතී කියා හිතන දේශපාලන වැඩසටහන් තියෙනවා. ඒ දෙවැනි දේශපාලන වැඩ සටහන් වලට දිගටම ඒ අවකාශය තුල පැතිරී එහි අයිතිය දරන්න ඕනේ වෙනවා, සරල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සඳහා බ්ලොග් කරණයේ මධ්‍ය ලක්ෂය අවශ්‍ය වෙනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා.

හැබැයි බ්ලොග්කරණයේ මධ්‍ය ලක්ෂයක් නැහැ. මේක ලෝක බෝලේ වගේ ගෝලයක්. කැරකෙන්නේත් නැති නිසා මැද්දක් කියල එකක් නැහැ. හැම එකාම ඌ ඉන්න තැන මැද්ද කියා හිතාගෙන ඉන්නවා. ඒකයි මේක නිදහස් කියන්නේ. මේ සිදුවීමෙන් වෙන්නේ කෙනෙක් මේ බෝලය කරකවලා ධ්‍රැවයක් හදලා මධ්‍ය ලක්ෂය නිර්මාණය කිරීම. කාලෙකින් ඒක කැරකෙන්නේ එතන වටේ. 

අන්න ඒ දවසට සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි ඇවිත් සම්මාන දුන්නත් අපිට මොකුත් කියන්න බැහැ. ඇත්තෙන්ම කිව්වත්  කවුරුත් අහන්නේ නැහැ. බෝලේ කැරකෙන්නේ මධ්‍ය ලක්ෂය වටේ. අපි වටේ නොවේ.


පුද්ගලිකව මේ කාටවත් මගේ විරෝධයක් නැහැ, පරණ හිතවත්කම් එලෙසින්ම පවතී කියා හිතනවා. හැබැයි මම හිතනවා සම්මාන නොදිය යුතුයි කියල. නොගත යුතුයිත් කියල. මේ විවේචනය බ්ලොග් සම්මාන දීම ගැනීම එහි අභ්‍යන්තර දේශපාලනය ගැන විනා ගත්ත එවුන් දීපු එවුන් සම්මාන දෙන්න ආපු එවුන් වගේ සිල්ලර කරුණු ගැන නෙවි. 

මෙහෙම කිව්වම නිදහස සීමා වෙනවා සම්මාන දෙන්න සහ ගන්නත් නිදහස අවශ්‍යයි කියල මට විවේචනයක් එන්න බැරි නැහැ. ඕනෑම දෙයක් කරන්න, විවේචනය කරන්න, ඒ විවේචනය විවේචනය කරන්න ආදී ලෙස බාබර් සැලුන් එකේ සමාන්තර කන්නාඩි දෙක ඉස්සරහ අනන්තය දක්වා තියෙන නිදහස හැමෝටම තියෙනවා. ඉතින් මේ අපි කියන මතය. මේක කිව්වම අහිංසක බ්ලොග් කැකුළු වල සම්මාන වලට අවනම්බු වෙනවා වගේ කතානම් කියන්න එපා. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.


ආයිමත්, බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ 

සම්මාන දිනා ගත්ත අනාගතේ දිනා ගන්න හැමෝටම මගේ සුබ පැතුම්.

46 comments:

  1. // වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්] //

    ඒ අතින් PRRAජිත උතුම්...

    මරපු ගාන දාහට කිට්ටුයි ලු නේ..

    ReplyDelete
  2. /* රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා */

    හැබැයි අදින්න ගිය පොරටම තේරුණා වැඩේ අප්සෙට් කියලා, මොකද මං ඇඳලා හිටියේ නිල්පාට ටී ෂර්ට් එකක්.

    http://3.bp.blogspot.com/_ptW2Fuvc2g0/S9NL23wOIEI/AAAAAAAAAUY/TscLOyyZaeQ/s320/SBUTshirt1.jpg

    ඔව් අර හැමදාම අඳින එක. ඒකෙන් ටී ෂර්ට් තුනක් ම මා ලඟ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. හරියටම සිද්ධි මතක නැහැ . ඇද්ද ද අතැරිය ද චාගේ එව්වා. රසික ඕක ගැන බ්ලොග් සීරිස් එකක් ම ලිව්වනේ. එව්වයේ තව එව්වට ලින්ක් දාල.

      මට මතක දේවල් දෙකයි.

      1. ප්‍රතිපත්තියක් ලෙස කුප්‍රකට දේශපාලකයෙක් ගෙන් රසික කවදාවත් සම්මානයක් ගන්නවා තියා ඌ ඉන්න සබාවකවත් ඉන්නේ නැහැ.

      2. ඕනෑම මිනිහෙකුට මිලක් තියෙනවා, ප්‍රයිස් එකට ආවම ප්‍රතිපත්හි අවුලක් නැහැ ඌ විකිනෙනවා. [ප්‍රයිස් කියන්නේ ඉතින් සල්ලිම නෙවි නේ]

      Delete
  3. සම්මාණ දුන්නට අවුලක් නෑ.. සම්මාණ ගත්තත් අවුලක් නෑ.. හැබයි සම්මාණ දෙන උන්ගේ ඇජෙන්ඩා වලට වැඩ කරන්න යන්න නරකයි..

    සම්මාණ උළෙලට සහභාගී වීමට 5% දෙන සම්මාණ උළෙලක් ගැන මම නම් ඇහැව්වමයි...

    තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කොර ගන්න පුළුවන් නම් ඔය මොන මළදානෙට ගියත් අවුලකුත් නෑ... හැබයි දැන දැන ඇන්දෙන්නත් හොඳ නෑ.. කරන් උන්ම කියනවා නම් මේක විකාරයක් කියලා... තව මොන කතාද අප්පා...

    ReplyDelete
    Replies
    1. සම්මාන දෙන එකෙන් ඉබේම ඔය තත්වය හැදෙනවා.

      ඕනෑම සමාගමක් තමන්ගේ සන්නාමය සහිත කාඩ් එකට 5% දෙනවා. සමාගමක් හා සන්නාමයක් බව නොදකීමයි අවුල

      Delete
    2. නෑ නේ... සම්මාන ලැබුන අය මේ පාර නොගියේ ඒක නේ...

      Delete
    3. එකඟයි. වැඩේ තියෙන්නේ ඕක ඩයිනමික්. පරණ අය නොගියට සීන් එක දුවනවා. සංසාරේ වගේ, මැරුණට ඉවර වෙන්නේ නැහැ

      Delete
    4. සීන් එක ගියාට අවුලක් නෑ...

      ඒකයි මම කියන්නේ... අපේ රටේ උගත්තු උන්නට... බුද්ධිමතුන් නෑ..

      ඔක්කොම බබාලා...

      Delete
    5. මාතලන් මම වෙන තැනකත් මේ පිලිතුරම දුන්න . උඹ ඒවා කියවනවද? 5% යෝජනාව යෝජනාවක් විතරයි. ඒක ක්‍රියාත්මක කලේ නැහැ. ඒ අවධියට ගියේ නැහැ. සංවිධනය කරන කොට උඹ හිටිය මේල් ලිස්ට් එකේ. ඊට පස්සේ අපි කාටවත් මේල් අයින් කළ බව උඹ දන්නේ නැතිව ඇති . සුජීව මහත්මයෙක් විදිහට ඔහුට හිම සම්මනය් එපා කිව්වා. ඒක ට මම කැමතියි/ ඒකනේ වෙන්න ඕනේ.

      Delete
    6. අපිත් ඔය මළදානෙන් කලින්ම කියලම අයින් උනේ මහත්වරු වගේ ජීවත් වෙන්න ඕන නිසා තමයි. උඹ ඒකත් දන්නවනේ..?

      Delete
  4. ඔබේ ස්තාවරය මුලින්ම පැහැදිලිව ඉදිරිපත් කර සම්මාන සඳහා නිර්දේශ වීමෙන් නම ඉවත් කරගත් පිලිවෙලට පුද්ගලිකව මම බොහොම කැමතියි. ඒ නිසා විනිශ්චය මණ්ඩලටත් බොහොම පහසු උනා. අපි දුන් ඒ අවස්තාව නිවැරදිව බාවිතා කලේ ඔබ වැනි මහත්වරුන් කිහිප දෙනෙක් පමණයි. කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි අය හා අවසන් මොහොත දක්ව පැමිනෙන බව පවසා නොපැමින සිටි 'ලොකු මහත්වරුන්' නිසා විනිශ්චය මඩුල්ලත් සංවිධායක මඩුල්ලත් බොහෝ අපහසුතා වලට ලක් උනා. ඒ අතර ඔබ බොහොම වැදගත් මහත්මයෙක්. ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මෙතැනදී මම මේ වැඩසටහන වෙනුවෙන් ස්වේච්චාවෙන් වෙහෙසෙන මිනිස්සු රාශියකගේ ශ්‍රම දායකත්වය අවතක්සේරු කරනවා. මට ඒකට කරන්න දෙයක් නැහැ, මොකද මගේ ඉලක්කය වැඩ සටහන නිසා. හැබැයි තනිකර නෙලුම් යාය නෙවි මේ වර්ගයේ සියලු වැඩසටහන්.

      ඒත් මේ ප්‍රශ්න කිරීම නොකර බැහැ

      Delete
  5. කිසියම් ක්ෂේත්‍රයක සම්මාන දීම වගේම ගැනීමත් වරදක් නොවේ. සිනමා, නාට්‍ය, සංගීත, රූකඩ, රූපවාහිනී, රේඩියෝ, සාහිත්‍ය, ජනමාධ්‍ය ආදී මෙකී නොකී සම්මාන අස්සෙ බ්ලොග් සම්මාන දීම වැදගත්. ඒත් නෙළුම්‍යාය බ්ලොග් සම්මාන උළෙල අර්ථපතියන්ගෙ සැඟවුණ අභිමතාර්ථ ඉටු කරගන්න බ්ලොග්කාරයින් යොදා ගත් නිහීන අවස්ථාවක්.
    නැති පිළිගැනීමක් ගන්න ලොකු හෝටලේක තියල, සල්ලි කාබාසිනිය කරනවට වඩා කොළඹ කේන්ද්‍රීයව, ගමනාගමන පහසුකම් ඇති තැනක මීට වඩා උත්කර්ශවත්ව සම්මාන දීල, ගමන් වියදම්වත් පියවගන්න 2,3 ස්ථාන වලට මුදලක් දෙන්න වටිනව. සල්ලි නැතිව නොවෙයිනෙ. හෝටලෙන් දුන්න කන්න බැරි රෝල්ස් වගේ ඒවට කීයක් යන්න ඇද්ද..
    අනෙක ජන ඝාතක PRRAජිත වගේ එකෙක් ගෙනල්ල එතැන ගූ ගෑව. ඒ මදිවට යුගයේ සේනක බිබිලේ කියල වර්ණනා කරල බිබිලේටත් අපහාස කළා.
    මේ සේරම Lanka News Web එකේ hideen agenda බව ඉතා පැහැදිලියි. මේළඟ වතාවෙ ඔහොම ගොංපාට් කරන්න ගියොත් බ්ලොග්කරුවන් සංවිධානාත්මකව විරෝධය දක්වන්න දැන් තියාම සූදානම් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් මුල ඉඳලම ගොන්නු ටික හැරෙන්නෙ පොල් පැලේට කියලා දැනගෙන හිටියා හිටන්!

      Delete
    2. ප්‍රා ජිත කතාවට නම් මට කියන්න තියෙන්නේ හෙන්රි ඔයා ජවිපෙ කෙනෙක් නම් ඔයාල තමා අර අහින්සකයව මැරුවේ - දයා පතිරණ බෙල්ල කපල. එතකොට ඔයාලත් ඝාතකයෝ. අන්දුබ්=වේ හිටි රනිල් ලත් එතනට් වැටෙන්නේ. ජවිපෙ නොවන අයත් මැරුනනේ . ඉතින් මෙතන වෙන්නේ එක ඝාතක සෙට් එකක් තව ඝාතක සෙට් එකකට චෝදනා කිරීමක්. මම දෙගොල්ල එක්කම් කතා කලොත් කරනවා. අර දේශප්‍රිය වගේ. මීළඟ වතාව මම ඉඳියි කියල කියන්න බැරි නිසා ඒක අදාල නැහැ. හැබැයි වෛරී ටෝක් දෙන පුන්සිරි ලට කියන්න තියෙන්නේ මම තවම ලංකාවේ කියල. ගිය අවූරු ද්දේ කල එකට හෙන්රි කිවේ ළමා වැඩක් කියල. මේ අවුරුද්දේ තවත් මොකක්ද හේතුවක්. අනේ ඉතින් - විවේචනය කරන්න ඕනේ වුනහම ඔක්කොම විව්වෙචනය කරනවා. ඕකනේ වෙන්නේ.

      Delete
    3. ඔය හිඩ්න් ඇජෙන්ඩ බලමු හෙන්රි. සරසා නමැති මරාවාදී යහළුවෙක් ලෙස පෙනී සිටින්නාගේ යහළුවෙක් තමා ප්‍රා කොමන්ට් දමන ප්‍රදීප්. ඔවුන් එකටමයි සිටින්නේ. ඔය ප්‍රා ම තමයි චන්දිමකියන ලංකා නිව්ස් වෙබ් එකේ තදයා ගේ නීතිඥ යහළුව. මාර්තු මුල වනතුරුත් බුක් කරලා තිබ්බේ මහවැලි කේන්ද්‍රය. හිටපු ගමන් සරසා නැමැත්තා රතු වරෙන්තු කතාවකට බ්ලොග් ලිපියක් දානවා . මහවැලි කේන්ද්‍රය වෙනුවට වෝටර්ස් එජ් එනවා. සරසා දිගටම ගහනවා. මම සල්ලි හොරකම් කලා කියල. අර රතු වරෙන්තු කතා අතරේ මේ වැඩ මෙහම්ම් යනවා. පසුගිය දින කිහිපයේ මම හොයාගත් දෙයක් තමයි සරසා සහ චන්දීම් අතර පොදු යහළුවන් තවත් ඇති බව. එතකොට මෙතන සරසට සල්ලි කුට්ටියක් මාරු වුනාද. අපි පුක ඉරාගෙන බ්ලොග් තෝරනවා. අපහාස විඳිනවා. ළමයින්ට සපත්තු දෙකක් වෙනුවට වියදම් කරගෙන් එනවා. වෙන කවුරුහරි ගොඩ යනවද? මමං මුල ඉඳන්ම දන්නා දෙයක් තමයි තමන්ගේ හොරකම වහගන්න අනුන් හොර කරනවය කියන එක. අන්තිමට මමත් අටමත් කල්‍යාණ මිත්‍රත් කලේ හැමෝම මේල් ත්‍රෙඩ් එකෙන් අයින් කරපු එක. අපි කරන කතා පිට යනවට. දැන් සුජීව ගේ මේ කතාව ඇහුවම මගේ සැකය සාධාරණයි වගේ. ප්රාජේ මොකද කියන්නේ ?

      Delete
    4. ෂ් ෂ් ෂ් අජිත් කෑගහන්න එපා . සාරස ඉල්ලුවේ ඔයාට ලැබුණ කුට්ටියෙන් 25% ක් විතරයි. මං අර 35% ක් ගත්තේ 10% මට.

      Delete
    5. චී චී අජ්ජෝ...

      කාපු බීපු දේවල් ගැණ ඔහොම කතා කරනවද...

      ඔහෙම නෙවෙයිද ප්‍රා ජේ අතේ මට පවුම් පන්දාහක් එවුවේ පුලුවන් තරම් චන්දිමට ගහපන්, ඒකා ඉන්ටර්පොල් එකෙන් හොයන හාදයෙක් ය කියලා? පුලුවන් නම් නැහැ කියපන්!

      මම සල්ලි බාරගත්තෙ චතුර සේනාරත්න ඉදිරියේදී ....

      Delete
    6. නෙලුම්යායේ අභ්‍යන්තර සල්ලි වලි ගැන මම දන්නේ නැහැ. හැබැයි මගේ පොයින්ට් එක එවැනි දේවල් වෙන්න පුලුවන් බවයි. සන්නාම කරණය සහ කොමඩිටි අගයක් ලැබීම වලකන්න බැහැ. මාධ්‍ය අනුග්‍රහ ආදිය වෙළඳ අගයක් සහිත දේවල්.

      මෙතැනදී මම මේ වැඩසටහන වෙනුවෙන් ස්වේච්චාවෙන් වෙහෙසෙන මිනිස්සු රාශියකගේ ශ්‍රම දායකත්වය අවතක්සේරු කරනවා. මට ඒකට කරන්න දෙයක් නැහැ, මොකද මගේ ඉලක්කය වැඩ සටහන නිසා. හැබැයි තනිකර නෙලුම් යාය නෙවි මේ වර්ගයේ සියලු වැඩසටහන්.

      ඒත් මට මේක අහන්නේ නැතුවම බැහැ

      [[චන්දිමකියන ලංකා නිව්ස් වෙබ් එකේ තදයා]]

      මේ කවුද? මොනවාද කරන්නේ?

      ඕක අජිත් මෙතන වැදගත්ම ප්‍රශ්නයක්. මොකද අපි ජීවත්වෙන ලෝක රාමුවේ මිනිස්සු ගොඩක් ඉන්නේ කියන අහකට මැරතන් එක දුවන්න. එකෙක් දෙන්නෙක් තමා ඊ තලේ ගහලා දිශාව පෙන්නන්නේ. රේස් එකෙන් වෙන්නේ මොකද්ද කියල දුවන එවුන් තියා පිස්තොලේ පත්තු කරලා දුවන්න සන් කරන අයවත් දන්නේ නැතුවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය දැනගැනීම වැදගත්

      මම මුළු නෙලුම් යායට ම දන්නේ අජිත්ව විතරයි [ඒ එහි සංස්කාරක වරයෙක් ලෙස - මෙය වගකීම දරණ තනතුරක් නොවේ ස්වෙච්චා ගරු සේවයක්] නිව්ස් වෙබ් එකටම ෆ්‍රී ලාන්සර් ලිව්ව එකෙක් දෙන්නෙක් දන්නවා මිසක වෙන කවුරුත් දන්නේ නැහැ. කවුද මේ මිනිස්සු? මොකද්ද ඔවුන්ට ඕනේ?

      Delete
    7. @සාරස, අජිත් හත්දාහක් එව්වා. මං වැලියු ඇඩ් කොරලා දෙදාහක් ටැක්ස් කොලා

      Delete
    8. ගරු අජ්ජා මැතිතුමා එවූ පවුම් හත්දාහම මට නොදී දෙදාහක් වන්ගුදැමීම නිසා දෙවන වරටත් මා ඔබව මිතුරු ලැයිස්තුවෙන් කපා දමන ලදී.

      Delete
    9. // කවුද මේ මිනිස්සු? මොකද්ද ඔවුන්ට ඕනේ? //

      ඔවුන් හොර ඔප්පු ලියා මාට්ටු වූ අයයි. ඔවුන් ට ඕනෑ සින්හල බ්ලොගර්ස් ලා ව විකුනලා ගානක් හම්බ කරගන්නයි!

      Delete
    10. // Ajith DharmaMarch 27, 2017 at 1:45 PM

      ඔය හිඩ්න් ඇජෙන්ඩ බලමු හෙන්රි. සරසා නමැති මරාවාදී යහළුවෙක් ලෙස පෙනී සිටින්නාගේ යහළුවෙක් තමා ප්‍රා කොමන්ට් දමන ප්‍රදීප්. ඔවුන් එකටමයි සිටින්නේ. //

      ශුවර් එකටම සමනලයෝ වෙන්න ඇති නේද අජ්ජෝ?

      Delete
    11. මං හත්සිය පණහක් විතර දෙන්නම් සරාස්තුමෝ ආයි යාලුවෙමු. තව කොන්ත්‍රාත්තු වලට ටෙන්ඩර් දාමු. ඊලඟ උත්සවය නෙලුම් අජිත්ටත් අපේ ජාතියේ සෙන්ස් ඔෆ් හියුමර් ඇතිවීමේ ප්‍රීතිය වෙනුවෙන්

      Delete
    12. එහෙනඇඩ්ඩින් එකේ දාන .ය කියන 25% කුට්ටියෙන් ඔයාටත් දෙන්නම් ප්‍රා , සරසා වගේම මාවත් නියෝජනය කරන්න. කවුද අප්පා දන්නේ මේවා මෙච්චර ප්රෝෆිටබල් කියල.. සුජීව ඔයා හොඳ ගවේෂණාත්මක මාධ්‍ය කරුවෙක්නේ. හොයා බලන්න. ඔයාගේ හැම ලිපියක්ම වගේ මම කියවනවා ඔක්කොම ඇඩ්ඩින් එකේ දාන .

      Delete
    13. ප්‍රා ජේ මම සරසා මැති තුමා ගැන සම්පුර්ණ වැරදි මතයකින් නේ ඉඳල තියෙන්නේ.

      Delete
    14. අජ්ජාතුමා සහ සරාස්තුමා එක altitude එකේ අය. මං මේ වෙනත් තලයක ඉඳලා බ්‍රෝකර වැඩේ කොරලා ගාණක් කපා ගත්තා විතරයි. කපුවා අමතක නොකරන්න

      Delete
  6. අනුර කුමාර දිසානායක සංස්කෘතික ඇමති ලෙස සහභාගී වුණු සම්මාන ප්‍රදානෝත්සවයේ දී හොඳම නිර්මාණශීලි සම්මානය දිනා ගත් චතුර සේනාරත්න සම්මානය ප්‍රතික්‍ෂේප කළා නේද මිනීමරු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයෙකුගෙන් සම්මාන ගන්නේ නෑ කියලා!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ අනුරය අර කොත්තු කඩේක දීපු විප්ලවීය සම්මාන උළෙලේ නෙවි, ඕක වෙලා තියෙන්නේ වෝටර්ස් එජ් එකේ තිබ්බ නෙලුම් යාය සම්මාන උළෙලේ. සම්මාන උළෙලේ "වසරේ සයිබර චරිතය" ට හිමි සම්මානය දුන්නේ චතුරට. චතුර ඔතනට ආවට මිනිහා දැනගෙන ඉඳල නැහැ ආරාධිතයා කවුද කියල. අමුත්තව දැක්කම දූෂිත [කුප්‍රකට] දේශපාලකයෙකු දෙන මේ සම්මානේ එපා කියල චතුර නැගිටලා ගෙදර ගියාලු. එහෙම කරන්න පිට කොන්දක් තිබ්බේ පොරට විතරයි කියල කියන්නේ. අනික ඉතින් පොර කිව්වනම් ඉතින් දූෂිතම තමා.

      Delete
  7. Javapakaru Moneragala

    "නෙළුම් යාය" ඊනියා බ්ලොග් සම්මාන උලෙළ වූ කලී යනු පැහැදිළි දේශපාලන ව්‍යාපෘතියකි. ඊට වියදම් කරන මුදල, උළෙල පවත්වන උත්කර්ෂවත් ආකාරය, ආරාධිතයින් සේ සහභාගි වන දේශපාලකයින්, රජයේ මාධ්‍ය වලින් ඊට ලැබෙන දැවැන්ත අනුග්‍රහය යනාදී දේ දෙස බලන විට මෙය පැහැදිළිය. ඊනියා බ්ලොග් සම්මාන තේරීමේ යම් විවෘත භාවයක් හා සාධාරණත්වයක් තිබෙනවා විය හැකිය. නමුත් අප තේරුම් ගත යුත්තේ මේ ආරම්භය පමණක් බවයි. ගොනා හැරෙන විට කන්නේ මොන පොල් පැලයද අපට වැටහේ.

    මේ කුජීත දේශපාලන ව්‍යාපෘතියේ නිරුවත සුජීව කොකාවල ලියා ඇති බ්ලොග් සටහනකින් යම් ප්‍රමාණයකට වටහා ගත හැකිය. නමුත් එතැනද සම්පූර්ණ කථාන්තරය නැත.

    මේ දේශපාලන ව්‍යාපෘතිය ඉතාම ස්මාර්ට් ආකාරයෙන් හීන් නූලෙන් කිරීම ගැන එහි සංවිධායකයින්ට අපේ ගෞරවය හිමිවිය යුතුය. ඔවුන් එය කරන්නේ ඔවුන්ගේ මුහුණු සඟවා සාපේක්ෂව රටේ යම් පිළිගැනීමක් ඇති නාලක ගුණවර්ධන, අජිත් පැරකුම් ජයසිංහ වැනි චරිත හරහාය. මේ දෙදෙනාම වෘත්තීය ලෙස මෙවැනි කටයුතු කරන බවත් ඔවුන්ගේ ගාස්තුව ගෙවා ඔවුන්ගේ සේවාව ඕනෑම කෙනෙකුට මෙවැනි අවස්ථාවක ලබා ගත හැකි බවත් රහසක් නොවේ. එයින් මේ කටයුත්තට අමුතු වලංගු භාවයක් නොලැබේ.

    මේ හැරුණු විට සම්මාන දීමේ වරදානය මත ලෙහෙසියෙන් බා ගත හැකි යම් "ප්‍රවීණ" බ්ලොග්කරුවන් පිරිසක් සංවිධායකයින් විසින් බාගෙන ඇත. මේ ව්‍යාපෘතිය පිළිබඳව සත්‍යය පෙන්නා දෙන්නන්ට, දෙඤ්ඤං බැටේ ක්‍රමයට පෙරළා පහර දීමේ ඉදිරියෙන්ම සිටින්නේ ඔවුන්ය. (උදා: රසික සූරියාරච්චි) මේ සමහර පුද්ගලයින් කිසිත් නොදන්නා ළදරුවන් සේ හැසිරෙන අවස්ථාද දකින්නට තිබේ. සමහරවිට රසික සූරියාරච්චි මෙයටද තමන්ගේ බබා මෙතඩ් එකට පිළිතුරක් දෙන්නට ඉඩ ඇත.

    දීර්ඝකාලීන දේශපාලන ව්‍යාපෘතියක කොටසක් සේ බ්ලොග් රචකයින්ට සම්මාන දීම බැලූ බැල්මට වැරදි දෙයක් නොවේ. නමුත් සැබෑ අරමුණ සඟවා මාර නිදහස් මාර ඵලදායී කටයුත්තක් සේ හුවා දක්වා මෙය කිරීම කුජීත වැඩකි. ප්‍රශ්න කළ යුත්තේ ඒ කුජීත ක්‍රියාවයි. ඊට යමකු බ්ලොග් ලියන්නේද නැද්ද බ්ලොග් කියවන්නේද නැද්ද වැනි කාරණා වැදගත් නොවේ.

    https://www.facebook.com/groups/804276106323782/permalink/1294465180638203/?comment_id=1295535730531148&notif_t=group_comment_follow&notif_id=1490523232030177

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම් මෙයයි. මේ ලියන තැනැත්තාද එවැනිම වූ කුජිත් දේශපාලන ව්‍යාපාරයක කෙනෙකි. එය ඔහු සඟවන්නේ නැත. එයට ගරු කරමි. සුජීව කියන ආකාරයට සඟවා කිරීම ගැන මගේ මනා පයක්ද නැත. සම්මාන දෙකේ සිටම මේ උළෙල දක්වාත් බ්ලොග්කරුවන් තේරීමේදී දේශපාලන බලපෑම් තිබුනේ නට. සංවිධායක වරුන්ගේ බලපෑම් තිබුනෙත් නැත. නමුත් සුජීව මතු කරන ප්‍රශ්නය ඉතා වැදගත් බවත් ඒ ගැන සැහෙන දුරට සිතා බැලිය යුතු බවත් හඟිමි.

      Delete
    2. මම අජිත් හඳුනා ගන්නේ අදාළ කණ්ඩායමේ අමතර සඟරාවක් වන නෙලුම් යායේ බ්ලොග් සංස්කාරක මෙහෙවර ගරු ස්වෙච්චා සේවයක් ලෙස කරන කෙනෙක් ලෙස. අජිත් දරන්නේ නිළයක් නොවේ. ඒ නිසා අජිත්ට මේ ගැන දෙන්න පුළුවන් නිරීක්ෂණයක් විනා පොරොන්දුවක් නෙවි කියා කිව්වොත් මම නිවැරදි නේද?

      දෙවැන්න සම්මාන තේරීම එක දෙයක් පමණයි. පරිබාහිර කණ්ඩායමක් ලංකාවේ බ්ලොග් අවකාශයේ කෘතීම මධ්‍ය ලක්ෂයක් හදන එක ගැටලුවක්. හෙට බ්ලොග්කාරයාගේ නියෝජිත වරයා ලෙසත් එයාලම එන්න පුළුවන්. පෙර ලියු මනක්කල්පිත කතාවේ මේ ටික නැවත සටහන් කරනවා.

      "ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව.

      ...

      ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු."

      එදාට මමයි අජිතුයි අතරේ වෙනසක් නැහැ නේද? අපි දෙන්නටම කළ හැක්කේ බ්ලොග් එකක් ලිවීම පමණයි.

      මම තව එකක් කියන්නම්. අහන්න ලැබුණු කතාවක්. පහුගිය චන්දෙ කාලේ රට ඉඳල ලංකාවට ඇවිත් එජාපයට වැඩකළ එකෙක් හිටියලු [පොර නිර්නාමිකව ලියු නිසා අපි දකින්නේ නැතුව ඇති] මේ පොර තමා සාමාන්‍යයෙන් සයිබරය ගැන අඩුවෙන් දන්නා දේශපාලකයින් එක්ක මේ අවකාශය සම්බන්ධීකරණය කලේ. හැබැයි චන්දෙ එජාප/මෛත්‍රී කඳවුර වෙනුවෙන් ලියපු බහුතරය මේ මනුස්සය දාපු එවුන් නෙවි උන් ජෙනුයින් රාජපක්ෂ විරෝධයට ලිව්ව තනි මිනිසුන්. චන්දෙන් පස්සේ මේ බුවා නොමිනේෂන් ඉල්ලුවලු පක්ෂෙන්, පොර ඒ සඳහා දීපු හේතුව සයිබර් අවකාශය මෙහෙයවීම.

      කොමඩිටි කියන්නේ භාණ්ඩ හා සේවා පමණක් ම නෙවි. කීර්තිනාම සමූහ විතරක් නෙවි ෆේස් බුක් ලයික් ගූගල් සර්ච් ඕඩර් එහෙමත් මූල්‍ය අගයක් සහිත දේවල්

      Delete
    3. මා මුදල් නොගෙන ගරු තනතුරක් දරන බව ඇත්තකි. මගේ බ්ලොග්කරණයේ විනෝදය නිසා හවසට ගෙදර ඇවිත් කරන වැඩකි. අපි වැඩ වලට කවුරු හරි ගොඩ යනවා නම් එතනම් ප්‍රශ්නයකි.
      //මම තව එකක් කියන්නම්. අහන්න ලැබුණු කතාවක්. පහුගිය චන්දෙ කාලේ රට ඉඳල ලංකාවට ඇවිත් එජාපයට වැඩකළ එකෙක් හිටියලු [පොර නිර්නාමිකව ලියු නිසා අපි දකින්නේ නැතුව ඇති] මේ පොර තමා සාමාන්‍යයෙන් සයිබරය ගැන අඩුවෙන් දන්නා දේශපාලකයින් එක්ක මේ අවකාශය සම්බන්ධීකරණය කලේ. හැබැයි චන්දෙ එජාප/මෛත්‍රී කඳවුර වෙනුවෙන් ලියපු බහුතරය මේ මනුස්සය දාපු එවුන් නෙවි උන් ජෙනුයින් රාජපක්ෂ විරෝධයට ලිව්ව තනි මිනිසුන්. චන්දෙන් පස්සේ මේ බුවා නොමිනේෂන් ඉල්ලුවලු පක්ෂෙන්, පොර ඒ සඳහා දීපු හේතුව සයිබර් අවකාශය මෙහෙයවීම.
      //මේ කතාව මමත් අසා තිබේ.

      Delete
    4. මට නම් හිතෙන්නේ බ්ලොග් වල ස්වභාවය තුලම සාගර, අජිත් හෝ වෙනයම් පුද්ගලයෙකු බ්ලොග් ලෝකයේ නියෝජිතයෙක් වීමේ උත්සාහයන් පරාජය කෙරෙනවා. සම්මාන ලබාදීම යටින් සිදුවන මහා පරිමාණ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට බ්ලොග් අවකාශෙ ඉඩ නෑ කියන එකයි මගේ අදහස.

      දේශපාලකයන් අතින් සම්මාන ලබාදීම පිළිබඳව මගේ අකමැත්තක් තියනවා. නමුත් මම කොහෙ හරි කියවලා තියනවා මෙහෙම කතාවක්. රාජ්‍ය සම්මාන කියන්නේ දේශපාලකයා විසින් දෙන සම්මානයක් නෙවෙයි, ජනතාව විසින් යම් කිසි කාර්යභාරයක් සඳහා පත්කරගත් නියෝජිතයෙක්, එම සම්මාන ක්‍රියාවලියේදී ස්ථානගත වන එක ආකාරයක් පමණයි කියලා. ඔව් මේක රාජ්‍ය සම්මාන නෙමෙයි තමයි, ඒත් දේශපාලකයෙකුගේ ක්‍රියා කලාපය සහ ඔහු රජයේ නියෝජිතයෙකු ලෙස යමකට සහභාගීවීම දෙකක් කියලා මට හිතෙන්නේ. අපි එතරම්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපට කිසි දෙයක් කරන්න බෑ. රටේ ජනාධිපති අතින් සම්මානයක් ලැබීමට ඒ තනතුරේ ඉන්නේ මෛත්‍රී ද මහින්ද ද කියන එක අදාල කරගත යුතු නෑ, සම්මාන දීමේ මූලික අරමුණු එක්ක ඝට්ටනයක් නැත්නම්.

      සම්මාන උළෙල විවේචනය කරන අයගෙත් යම් පිළිගැනීමක් තියනවා සම්මාන විනිශ්චය පිළිගතහැකි එකක් බව. මට නම් සම්මාන උළෙලක තියන වැදගත්ම කාරණය ඒකයි. වෙළඳ ගනුදෙනු, දේශපාලන අරමුණු අස්සේ විනිශ්චය විසින් සම්මානයට අගයක් එකතු කරනවා නම් එතැන ඇත්තේ මූලික අරමුණු ඉෂ්ට වීමක්. චන්දිමලාගේ ඇජෙන්ඩාව ප්‍රශ්න කලයුතුයි. හැබැ‍යි එතන තියෙන්නේ බ්ලොගර්ස්ලාව බා ගැනීමේ උත්සාහයක් වගේ නම් මට කියන්නේ තියෙන්නේ චන්දිමලා පව් කියලා තමයි.

      Delete
    5. [[චන්දිමලාගේ ඇජෙන්ඩාව ප්‍රශ්න කලයුතුයි.]]

      ඒ චන්දිම සහ වෙනත් සියලු චන්දිම ලාගේ අජෙන්දාවට එහා යමක් මම ප්‍රශ්න කර තියේද? එක සම්මානයක්වත් දුන්නේ ඇයි අහවලාට හෝ නොදුන්නේ ඇයි කියා අහල තියේද? සම්මාන උළෙලට රාජිත ආවද කරු ආවද කියල අහල තියේද? එව්වා සිම්ටම්. අපි සිස්ටම් එක හදල එයාලට දුන්නට පස්සේ එව්වා කොහොම කෙරුණත් කියවල වැඩක් නැහැ,

      චන්දිමලාගේ ඇජෙන්ඩාව ප්‍රශ්න කලයුතු නම් මේ ඒ ප්‍රශ්නය තමා අහන්නේ.

      [[මට නම් හිතෙන්නේ බ්ලොග් වල ස්වභාවය තුලම සාගර, අජිත් හෝ වෙනයම් පුද්ගලයෙකු බ්ලොග් ලෝකයේ නියෝජිතයෙක් වීමේ උත්සාහයන් පරාජය කෙරෙනවා]]

      පළමුවෙන්ම සාගර දැම්මේ අජිත් ට නෙවි. හරියට බැලුවොත් අජිත් මේ කතාවේ නැහැ, ඔහු බ්ලොග් ලියන ස්වෙච්චා බ්ලොග් ලිපි සංස්කාරක වරයෙක්.

      හැබැයි ඉතිරිය එනම් මේක පරාජය වේවි කියල ඔබ හිතන එක තියෙනවා නේද? ඒක අර ගංවතුරෙන් බේරෙන්න ඉන්න මිනිහට දෙවියන් වහන්සේ හෙලිකොප්ටර් එව්වා වගේ එකක්. ඒ උත්සාහය පරදන්න ඕනේ නිසා තමයි මෙහෙම ලිව්වේ. ඒ ගැන මොකුත්ම නොලියා උඩ බලාගෙන උන්නොත් ඒක ඉබේ පරදින්නේ නැහැ.

      අනික මේ නියෝජිත බව එන්නේ බ්ලොග්කාරයින්ගේ චන්දෙන්ම නෙවි. හැබැයි එයා මෙහෙම බ්ලොග් ලෝකය මාධ්‍ය තුල නියෝජනය කලාම වැඩේ ඉබේම වෙලා ඉවරයි.

      මේ උදාහරනේ බලන්න. බස් ගැමුණු කියන්නේ හද්ද චාටර් එකෙක්. බස් ස්ට්‍රයික් කරකර උන්නු ගල් මූසලයෙක්. ටිපිකල් ක්රෝනියෙක්. දැන් ලංකාවේ සුපිරි දූෂණ විරෝධී යහපාලිත සීන් එකක් වේ නම් එහි නියෝජිත වෙනෙන් ඒ ගැමුණු, ඒක වුණේ මහජන චන්දෙන් නොවේ, මීඩියා තුල ඒ වචනය නිතර කියවීමෙන්,

      මේ තව එකක්. අහන්න ලැබුණු කතාවක්. පහුගිය චන්දෙ කාලේ රට ඉඳල ලංකාවට ඇවිත් එජාපයට වැඩකළ එකෙක් හිටියලු [පොර නිර්නාමිකව ලියු නිසා අපි දකින්නේ නැතුව ඇති] මේ පොර තමා සාමාන්‍යයෙන් සයිබරය ගැන අඩුවෙන් දන්නා දේශපාලකයින් එක්ක මේ අවකාශය සම්බන්ධීකරණය කලේ. හැබැයි චන්දෙ එජාප/මෛත්‍රී කඳවුර වෙනුවෙන් ලියපු බහුතරය මේ මනුස්සය දාපු එවුන් නෙවි උන් ජෙනුයින් රාජපක්ෂ විරෝධයට ලිව්ව තනි මිනිසුන්. චන්දෙන් පස්සේ මේ බුවා නොමිනේෂන් ඉල්ලුවලු පක්ෂෙන්, පොර ඒ සඳහා දීපු හේතුව සයිබර් අවකාශය මෙහෙයවීම.

      Delete
    6. කොකා මෙහම් ලියන එක හොඳයි කියල කියන්නේ ඒකයි. ඔය අන්තිමට කරන වැඩේ වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් දේශපාලකයෝ රවටුනට අපි රැවටෙන්නේ නැහැනේ.
      //
      ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු."
      // දැන් එහෙම තටහ්වයක් තියනවා තමයි. නමුත් මේකන් බ්ලොග් ලෝකේ එයාල අල්ල ගන්නවා කියනකථාව නම් බොරුවක්. එහෙම කරන්න කාටවත් බැහැ . කවුරු හරි එහම් කියනවා නම් ඒ ගොල්ල බ්ලොග් ගැන දන්නේ නැහැ.

      Delete
  8. දේශපාලන බලපෑම් තිබුනේ නැත යනුවෙන් වෙනස් විය යුතුය.

    ReplyDelete
  9. මම නම් දේශපාලන බලපෑමක් විදියට දැක්කේ රාජිත සේනාරත්න, කරු ජයසුරිය ආපු එක විතරයි ඕන්.. ඒ වෙනුවට හොඳ ලේඛකයෙක් ආවා නම් වටිනවා. මොනවා උනත් වැඩේ වරදක් තිබ්බේ නෑ. මම දැක්කේ එක පැත්තක් විතරයි. ඇතුලේ මොනවා උනාද දන්නේ නෑ. හැබැයි පිටට වැඩේ පලුද්දක් නම් පෙනුනේ නෑ. අනික තමන්ගේ කැමැත්තෙන් ලියලා අනිත් අය එක්ක බෙදාගන්නවට සම්මානයක් දීල දිරිමත් කරාට මක් වෙනවද. (අදහස් දැක්වීමක් පමණි)

    ReplyDelete
    Replies
    1. මම කතා කලේ පාර්ලිමේන්තු දේශපාලනය ගැන විතරක්ම නොවේ. පරිබාහිර පිරිසක් අනවශ්‍ය මධ්‍යගත ඇඟිලි ගැසීමක් දක්වා ගියොත් එයත් දේශපාලනයක් තමා. විශේෂයෙන්ම ඒ පිරිසට දේශපාලන අරමුණු තියේනම්.

      මේක තවම වෙලා නැහැ, පස්සේ වෙන්න තියෙන ඉඩකඩ නිසා දැම්ම ලිව්වේ.

      Delete
  10. බ්ලොග් සම්මාන ඉතිහාසය ගැන දැනං උන් නෑ.ස්තූතියි තොරතුරු වලට.සාහිත්‍ය තබා මොන අට මගුලක් වත් නොදන්න දේශපාළුවො අතින්සම්මාන ගන්න වෙන එක නං පට්ට අවුල්

    ReplyDelete
    Replies
    1. මේක අතීතය නොවේ. මේ කතාව නිර්මාණය කළ එකක් පමණයි. හැබැයි මේක අනාගතය නොවේ කියන්න බැහැ. අන්න එකයි ගැටලුව

      Delete
    2. වත්සලා මේ කොකා ලියල, තියෙන්නේ පැරඩියක්. මම උද සරසා හා ප්‍රා ගැන ලියල තියෙන්නෙත් එහෙම එකක්. මුල්ම සම්මාන උළෙලේ කලේ රාජකීය විද්‍යාලේ 'අසෙනිය කුසුම/ ඊට පස්සේ buzz රේඩියෝ එකෙන්. ඊට පස්සේ අපි 2015. දේශපාලු කතාවට මම ලිපියක් ලියනවා. ඒක කියවන්න එන්න.

      Delete
  11. අපි වගේ බ්ලොග් වලට ආධුනිකයින්ට මේවගේ ලිපි බොහෝම වැදගත්.
    නොදැනුවත් කමින් අනික් උන්ගේ අඬහැරේට දුවන්නේ නැතුව වට පිට වෙන දේ ගැන අවබෝධයක් ලබන්න.

    ReplyDelete
    Replies
    1. කොකා ලියල තියෙන්නේ සිදුවිය හැකි දෙයක් ගැන කියල ලංකා දන්නවනේ.

      Delete