කුඩා කාලයේ මා ඇසුරු කළ පොතපත අතර වැඩියෙන් තිබ්බේ රුසියන් පොත්ය. නිවෙස් වලට බෙදු සෝවියට් දේශය පොත "ලෝකය ගැන දැනගන්නට තිබු" එක ප්‍රධාන දොරටුවක් විය. බයිකල් වෙරළක, යුක්රේන් ගොවිබිමක, උස්බෙකිස්ඨාන කපු බිමක සොඳුරු පින්තුරවලින් අපේ ළමා සිහින පිරවූ සෝවියට් දේශය සඟරාව කොමියුනිස්ට් වාදයෙන් අපට වඩා මදක් වියපත් පරපුරට බලාපොරොත්තුවක් දුන්නේය. ඒ කිසිවක් කුලාක් නමින් සිදුකල ඝාතන ගැන හෝ සිරකරුවන්ගේ මල මිනි වළලා දැමීම නිසා අද "මිනි ඇට පාර" ලෙස හඳුන්වන සයිබීරියාවේ කොල්මා හයිවේ එක ගැන කතා කලේ නැත. අප ලද ඒ ලෝක දැනුම හුදු ෆැන්ටසියකි.
ලංකාදීපයෙන් අපි වික්ටර් හාරා ගැන කියෙව්වෙමු. සිංහල පොතේ කැප්පෙටිපොලයන් සුද්දාගේ ආයුධ අහක දමා හටන් කළ හැටි කියා දුන්නේය. නන්දා සුනිල් දෙපල වම සහ රට ජාතිය ගැන කියා දුන්හ. ඉන්දියන් බුද්ධිය රට හැර ගලා ගොස් බටහිර ප්‍රාග්ධනය පැකට් කර රටට එවද්දී නන්දා සමග අපි සරුංගලේ වරල් සැලේ ගැයුවෙමු.
අපේ මුරලි ලෝකය දෙවනත් කලේ අමුතු අතකිනි. අපේ මාලිංග ස්ටම්ප් කුඩු කලේ අමුතු ඇක්ෂන් එකකිනි. විසල් ක්‍රිකට් ලෝකයක මිලියන විස්සක් වූ අප ඒ ක්‍රිකට් ලෝකයේ අසාමාන්‍යතා තොග වශයෙන් නිපදවන්නෙමු.
මේ කිසිවක් වැරදි ලෙස නොදකිමි. එහෙත් මුළු කතාවෙන් ගන්නට ඇති දේ නම් අපි අසාමාන්යතාවය හඹා යන පිරිසක් බවයි. අපි පද්ධතිය ප්‍රතික්ෂේප කරන්නෙමු. අපි පද්ධතියට පිටින් අමුතු යමක් තනන්නට වෙර දරන්නෙමු. අපි පද්ධතිය නොතනන්නෙමු. අපි ක්‍රමයට විරෝධී වන්නෙමු.
මේ ක්‍රම විරෝධය එලියට එන්නේ වසරක් පාසා රතු පටි බැඳගෙන චේ වගේ මෝටර් බයික් පදින ලාංකීය කොලු කෙල්ලන්ගෙන් පමණක් නොවේ. ඒ එළිපිට අපි දකින ක්‍රම විරෝධයයි. ඊට වඩා අභ්‍යන්තරික ක්‍රම විරෝධයක් අපි බොහෝ ලාංකිකයන්ගෙන් දකිමු.
ලාංකිකයෝ තාක්ෂණික විෂය මූලික ක්ෂේත්‍රවල කෙල පැමිණියද දක්ෂ ඉංජිනේරුවන් වෛද්‍යවරුන් බිහිකළ ද, ලාංකිකයන් අතරින් ඉදිරි පෙළ මැනේජර් වරුන් පාලකයන්, සාමාන්යධිකාරින්, ව්‍යවසායකයන් බිහි වී නැති තරම්ය. තාක්ෂණික හෝ විෂය මූලික අන්තවල සිටින අපේ විද්වත්තු ඒ අන්ත ගැන සතුටු වෙති. මැනේජරයින් ආයතන ප්‍රධානින් වැනි මජරයන් නොවීම ගැන තුටු වෙති. රටේ ජාතික මට්ටමේ ව්‍යාපාරික ව්‍යවසායක මෙහෙයුම පාදඩ දූෂිත වංචනිකයන්ට ඉතුරු කරති. අක්‍රිය සැඟවුණු ක්‍රම විරෝධය මෙයයි. චේ වෙන්න දඟලන කොලු කෙල්ලන්ට වඩා පද්ධතියට හානිකර මෙයයි.
මේ තුලින් මගේ මිතුරියක් වරක් ඇසු ඇගේ අසල්වැසි ඉගෙනුමට දක්ෂ තරුණයා සත්‍යා නදෙල්ලා නොවුනේ මන්ද, ඒ වෙනුවට පූර්ණ කාලින වාම දේශපාලන ක්‍රියාධරයෙක් වූයේ මන්ද කියන පැනයට සහ මගේ තවත් මිතුරෙක් ඇසු කවදාවත් ලාංකිකයෙකුට ෆෝචුන් 500 ව්‍යවසායකයෙකු වෙන්න නොහැකි වනුයේ මන්ද කියන පැනයට පිළිතුරක් ගැබ්ව තිබේ.
බටහිර ප්‍රාග්ධනය පෙරදිග ශ්‍රමය සොයද්දී උන් ඉල්ලුවේ සරල තත්වයන් කීපයකි. සම්මත කරමවේදය සමග යාමේ සරල අවශ්‍යතාවය පමණි. ඒ තත්වයන් ලබා දුන්නේ පෙරදිග තිබු දියුණුම පද්ධති පමණක් නොවේ. සිංගප්පුරුව තායිවානය මැලේසියාවෙන් පටන්ගෙන දකුණු කොරියාව චීනය හරහා හමා යන ඒ ප්‍රවාහය අද ඉන්දියාව බංග්ලාදේශය බුරුමය තායිලන්තය වියට්නාමය වැනි රටවලට ද, ඉනුත් නොනැවතී ඉතියෝපියාව කෙන්යාව උගන්ඩාව රුවන්ඩාව වැනි අප්‍රිකානු රටවලට ද පැතිරේ.
ඇත්තෙන්ම බටහිර ප්‍රාග්ධනය හරහා කාර්මීකරණය වෙන කතාවේ කවුරුත් අපව පසුකර නැත. අප ආරම්භයේදී ඔවුන් සියල්ලන්ට වඩා ඉහලින් හුන් බව කීවද එය වැරදි කතාවකි. සත්‍යය නම් අප කවදාවත් ඔවුන් සමග එකම රේඛාවක නොසිටි බවයි. මේ රටවල් බටහිර ප්‍රාග්ධනයට ශ්‍රම වෙළඳපොල සපයද්දී අප හිතා උන්නේ සහලින් රට ස්ව්‍යන්පෝෂණය කරන්නය. එහෙමත් නැතිනම් අපේ සහජ දක්ෂතා ඇති නිර්මාණකරුවන්ගේ [අමුතු] නිෂ්පාදන වෙන රටවල එවුන්ට හොරකම් කරන්න නොදී අපේ රටේ තියාගෙන අපේ රජයේ ආධාරයෙන් දියුණු කරන්නය. අපි උන්ට පේටන්ට් අරන් ඒ පේටන්ට් බහුජාතික සමාගමකට විකුණන්න කියා කීවේ නැත. අපි ලෝකයේ සාමාන්‍ය දේ කලේ නැත.
අපි සාමාන්‍යයෙන් අසාමාන්‍ය අය වන්නෙමු.
අප සතු ක්‍රම විරෝධය ඉච්චා භංගත්වය සහ අසාමාන්‍යතාවය එලි දකින්නේ විවිධකාරයෙනි. එය රතු පටි බැඳගෙන මෝටර් බයික් පදින උන්ගේ සිට ටෙකි පොරවල් වී නර්ඩ් මුළුවල ලගින් උන්ගේ සිට මෙන්න මෙවැනි අමුතු එවුන් දක්වා පැටලේ. ලංකා පවුලේ මේ පුත්‍රයා අද ජාත්‍යන්තරයට යන්නේ අනුන්ගේ පාටි වලට කඩා පැනීමේ කලාව ප්‍රගුණ කිරීමෙනි. පාස්පෝට් වැටවල් සීයක් පැනගොස් දෙයියනේ කියා කාල බීල ඉන්න හෝ ඊට එහා ගමනක් යන්න සීමාවක් නැති අවකාශයක අපේ එකා ලෝකාවධානය දිනන්නේ ක්‍රමයට මෙන්න මෙහෙම අභියෝග කිරීමෙනි. ඒ ක්‍රියාවලිය තුල ලෝක සම්මත වැදගත් උත්සව හා ඉතා වැදගත් ආධාර අරමුදල් ද අස්සෙන් හිරිකිත ලෙස රිංගා යාමට ඔහු සමත් වී ඇත. ඊට දැරූ මහන්සියෙන් ඔහුට මාක් සකර්බර්ග් සර්ජි බ්රින් කෙනෙක් නොවේනම් අඩුම ගානේ චැරිටි එකකට කීයක් හෝ එකතු කර දී ලෝකයට යමක් කර ලොවෙන් නමක් දිනන්නට ඉඩ තිබුණි.
මගේ තර්කය බිඳින්නට සමත් ලෝක පූජිත නම් දහයක් කොමෙන්ට් වල කොටන්නට ඔබට හැකිය. එහෙත් ඒ එසේ නොවන දහසකගෙන් කීපයකි. ලෝකයේ වේදිකාවේ අපට ලයිම් ලයිට් වදින්නේ මෙහෙම සිද්ධි වලටම පමණි. ඉතිරි සියලු අපේ කෙරුම් රිවිර පත්තරෙන් හෝ ගොසිප් කොලමකින් අපිම අපට ගහගත් ලක්ෂපාන ටෝච් එකක් පමණි.
කතාවේ හැම තැනම ඇති පොදු සාධකය නම්, බහුතර අපි මේ පද්ධතිය කෙරෙහි තනාගත් විවිධ ඉච්චා භංගත්වයෙන් එහි විවිධ අහුකොන්හි සිටිමින් එහි ප්‍රධාන ධාරාවට පය නොතබා අපට අවැසි අමුතු පාර හොයමින් ඉන්න බවයි. අපි මේ පිටස්තර මෙට්ටයේ නොලැග ඉස්සී අමුතු පාරක් බලන කූඩැල්ලන් බවයි.
අපි සාමාන්‍යයෙන් අසාමාන්‍ය අය වන්නේ එබැවිනි.
ප.ලි. අවංකවම මෙහි සැහෙන තරමක් ස්වයන් විවේචනයක් ද වන බව නොකියාම බැරිය. මා ද ලාංකිකයෙක් මි.

තේරුම තේරුම් ගැනීමට උත්සාහ ගනිමින් ..
ReplyDelete?
ReplyDelete/* නිවෙස් වලට නොමිලේ බෙදු සෝවියට් දේශය පොත */
Are you sure?
මා නම් හිතන්නේ ඒ පොත් ලැබුණේ සබ්ස්ක්‍රිප්ෂන් ගත් අයට පමණක් කියායි!
නොමිලේ තමා. අපි ගෙවල නැහැ. බලෙන් බෙදුවා වෙන්න බැහැ. කවුරු හෝ ඉල්ලලා වෙන්න ඇති. පොත මම පුංචිම කාලෙත් ආව නිසා ආපු හැටි දන්නේ නැහැ. සංගමේ කඩා වැටීම හෝ ජවිපෙ කැරැල්ල නිසා නැවතුනේ.
DeleteWe had to subscribe for Soviet desaya. There was a annual subscription form attached to the magazine.
Deletei have no idea. someone at my place must have paid for. honestly didn't know
DeleteThere was a subscription, but we didn't have to pay for the magazines
ReplyDelete