බ්ලොග් සම්මානයක් ගැන ලොකු කතාවක් යනවා, මේක ලියන්නේ වෙනද වගේ කොන් නොවී ඉන්න නෙවි. මේක මගේ දරදඬු දේශපාලන මතයක් එක්ක ලියන එකක්
මේක වුණේ අදට වසර හතකට කලින්. එවකට ලංකාවේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ. ඒ කාලේ තිබ්බ මහින්දගේ යුද වැඩසටහනෙන් කැඩිලා ආපු මානෙල් මල් වියාපාරේ කියල එකක්. ඕක දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ. 2010 විතර ඔවුන් පටන් ගත්ත සම්මාන උළෙලක් තියල බ්ලොග් කාරයින්ට සම්මාන දෙන්න. ඕකත් දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ.
පළවෙනි සම්මාන වටේ පට්ට, ටැබූ ට සම්මානයක් දීල තිබ්බ පට්ට දේශපාලන බ්ලොගා ලෙස. සුපුරුදු පරිදි අතත්යභාවය ගැන ලොරි ටෝකක් දීල පොර ආවේ නැහැ. හැබැයි පස්සේ ලියල තිබ්බ ප්‍රේක්ෂකයෙක් ලෙස ගිහින් දැක්ක ටික වෙනම. රසිකට දීල තිබ්බ නොස්ටල්ජීය ආත්ම ප්‍රකාශනය ගැන සම්මානය. චාමි ව්‍යන්ග රචනය සහ පැරඩි අංශය දින්න. සූර්යාලෝකයට නිරාවරණය වුනොත් වාෂ්ප වෙන්න තියෙන අවදානම නිසා චාමි ආවේ නැහැ, විපුලව එවල තිබ්බ [ඒ වෙද්දී ඌ අබිනිස්ක්රමනේ කරලා නැහැ]. මේ අය විතරයි මතක මුන් මගේ ෆේවා හින්දා. තව තිබ්බ හෙළ බ්ලොගා කියල එකක්, ත්‍රස්ත විරෝධී නිර්මාණය අරක මේක. මානෙල් මල් එකේ නේ.
පළවෙනි එකේ ප්‍රධාන අමුත්තා කාලෝ ෆොන්සේකා. දර්ශනය රඹටි හැලෙන්න දාලා කාලෝ දුන්න දේශනෙකුත්. පට්ට.
ඕක අවුරුදු කීපයක් කෙරුනා. 2012 වෙද්දී සම්මාන උළෙල කරපු කට්ටියගේ නම වෙනස් වෙලා තිබ්බ නිල් බලකාය කියල. 2012 පොඩි සීන් එකක් වුනා රසික එක්ක. මොකද කිසිම කෙනෙක් නොදැන සම්මාන ලබාදෙන වෙලාවේ සම්බාවනීය අමුත්තන් අතර ඉඳල තිබ්බ අර රගරුත් ගහන චන්දෙත් ඉල්ලන රාජපක්ෂ බුවා. දීර්ග කාලින බ්ලොග්කරණය පිලිබඳ ස්වර්ණ ස්පේස් බාර් සම්මානය ගන්න ගිය රසික මේ ගැන පොඩි කොක්කක් ඇද ගෙන. රසිකට සාමාන්‍යයෙන් ඔය වගේ "කුප්‍රකට" දේශපාලක ඩයල් වලින් සම්මාන ගන්නවා තියා එකම වේදිකාවේ ඉන්න පවා අපුලයි කියල අපි දන්නවානේ. මේ කේස් එකේදී ඉවෙන්ට් ඕගනයිසර් කියල තිබ්බේ අපි නිල් බලකාය අපි අපේ ආරාධිතයෝ තෝරන්නේ ඔහෙට පාන් ද කියල. රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ආයි නිවාඩුවට ආවම හම්බෙමු කියල අමු සීන් එකයි. ඕක ගැන චාමි මොකද්ද කතාවක් ලියල චාමිය වෙනුවට එදා ආපු විපුලය පස්සේ මොකද්ද වාහනයක් නිතර පන්නන සීන් එකකුත් උනා, අබිනිස්ක්රමනෙට හේතුවක් වුනා මගේ හිතේ ඕක.
ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව.
වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්]
ඔක්කොම සීනියර් බ්ලොග්ගු [කිව්වේ පරණ එකාල] ගියේ නැහැ. ඒ වුනාට අලුතෙන් පිබිදෙන පුංචි බ්ලොග් කැකුළු එකතු කරගෙන වැඩේ කරගෙන ගියා. නොගිය උන් කීපයක් වහෙන් ඔරෝ ලිව්වත් ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු.
ඇත්තෙන්ම මේක ආයිත් වෙන්නේ නැහැ. 2015 අපි ඒ යුගය නිමා කලානේ, ආයිත් මෙහෙම තත්වයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. අපිට මාර ෂුවර් ඒ ගැන. ඒ නිසා මේක දැන් පරණ සීන් එකක්. මේ බ්ලොග් සම්මාන උළෙල මිසක් වෙන එකක් ගැන නොලිව්වේ එව්වා ගැන ලිව්වොත් කට්ටියට නොතේරෙන නිසා.
බ්ලොග් ලෝකෙට අලුතෙන් ආපු අය සීරියස් ගන්න ඉඩ තියෙන නිසා කියන්න ඕනේ. මේක වෙච්ච දෙයක් නෙවි. හදාපු කතාවක්. හැබැයි මෙතෙක් නොවුණට හෙට වෙන්න බැරි නැති එකක්.
කොටිම්ම ඔය මානෙල් මල් එකෙන් ඔහොම සම්මානයක් දුන්නද නැතිනම් මෙව්වා හදල ලිව්වද කියන එකත් අදාළ නැහැ. අදාළ වන්නේ ඕනෑම තත්වයක ඕක වෙන්න පුළුවන් බවයි. මල මොකද්ද දේශපාලන ප්‍රවාහය මොකද්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්.
දැන් මෝරල කොලම මොකද්ද? බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ. ඕකයි කතාව.
මේ මුළු කතාවම දේශපාලනිකයි. බ්ලොග් ලිවීම තුල දේශපාලනයක් පවතී කියා හිතන දේශපාලන වැඩසටහන් තියෙනවා. ඒ දෙවැනි දේශපාලන වැඩ සටහන් වලට දිගටම ඒ අවකාශය තුල පැතිරී එහි අයිතිය දරන්න ඕනේ වෙනවා, සරල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සඳහා බ්ලොග් කරණයේ මධ්‍ය ලක්ෂය අවශ්‍ය වෙනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා.
හැබැයි බ්ලොග්කරණයේ මධ්‍ය ලක්ෂයක් නැහැ. මේක ලෝක බෝලේ වගේ ගෝලයක්. කැරකෙන්නේත් නැති නිසා මැද්දක් කියල එකක් නැහැ. හැම එකාම ඌ ඉන්න තැන මැද්ද කියා හිතාගෙන ඉන්නවා. ඒකයි මේක නිදහස් කියන්නේ. මේ සිදුවීමෙන් වෙන්නේ කෙනෙක් මේ බෝලය කරකවලා ධ්‍රැවයක් හදලා මධ්‍ය ලක්ෂය නිර්මාණය කිරීම. කාලෙකින් ඒක කැරකෙන්නේ එතන වටේ.
අන්න ඒ දවසට සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි ඇවිත් සම්මාන දුන්නත් අපිට මොකුත් කියන්න බැහැ. ඇත්තෙන්ම කිව්වත් කවුරුත් අහන්නේ නැහැ. බෝලේ කැරකෙන්නේ මධ්‍ය ලක්ෂය වටේ. අපි වටේ නොවේ.
පුද්ගලිකව මේ කාටවත් මගේ විරෝධයක් නැහැ, පරණ හිතවත්කම් එලෙසින්ම පවතී කියා හිතනවා. හැබැයි මම හිතනවා සම්මාන නොදිය යුතුයි කියල. නොගත යුතුයිත් කියල. මේ විවේචනය බ්ලොග් සම්මාන දීම ගැනීම එහි අභ්‍යන්තර දේශපාලනය ගැන විනා ගත්ත එවුන් දීපු එවුන් සම්මාන දෙන්න ආපු එවුන් වගේ සිල්ලර කරුණු ගැන නෙවි.
මෙහෙම කිව්වම නිදහස සීමා වෙනවා සම්මාන දෙන්න සහ ගන්නත් නිදහස අවශ්‍යයි කියල මට විවේචනයක් එන්න බැරි නැහැ. ඕනෑම දෙයක් කරන්න, විවේචනය කරන්න, ඒ විවේචනය විවේචනය කරන්න ආදී ලෙස බාබර් සැලුන් එකේ සමාන්තර කන්නාඩි දෙක ඉස්සරහ අනන්තය දක්වා තියෙන නිදහස හැමෝටම තියෙනවා. ඉතින් මේ අපි කියන මතය. මේක කිව්වම අහිංසක බ්ලොග් කැකුළු වල සම්මාන වලට අවනම්බු වෙනවා වගේ කතානම් කියන්න එපා. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.
ආයිමත්, බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ
සම්මාන දිනා ගත්ත අනාගතේ දිනා ගන්න හැමෝටම මගේ සුබ පැතුම්.