[අසු නවය ගැන දැමු මුහුණු පොත් ප්‍රතිචාරයක් ඇසුරිනි]
අසූ අට - අසූ නවය සමය මුළු රටම පීඩා විඳි සමයකි.
සහෝදරත්වයේ තුවක්කුවට බියේ දහවල නිවෙස් තුල සැඟව උන්නෙමු. සමහරු බඩගින්නේ හිටි අතර නීති කඩකර බඩගිනි නිවන්නට ගිය උන් ගල් කටස් පහරට ලක්විය.
රාජ්‍ය නිල හා නොනිල හමුදා වලට බියේ රෑ නොනිදා හුන්නේමු. රාත්‍රිය දහවල තරම්වත් නිශ්චිත නොවුනි. මිනි මැරුනේ බේබද්දන් පාරේ ඇවිදින්නාක් මෙනි.
හුදෙක් නීතියක් කියා දෙයක් නොතිබි පූර්ණ අරාජික සමයකි.
කිනම් හෝ හේතුවකට පිරිසක් අවි බලය අතට ගෙන අවියෙන් දිනන්නට උත්සහ කරන විට අරාජික තත්වයක් උද්ගත වේ. 1971 හා 1987-89 දකුණේ ඇතිවූයේද, 80 මුල කාලයේ සිට 2009 දක්වා [වරින් වර ලද "පිට් ස්ටොප්" හැරුණු විට] උතුරේ ඇති වුයේද මේ තත්වයයි. එම පරිසරය තුල නීතිය අතුරුදහන් වූ විට, වනචාරි සමයක් ඇරඹේ. ආයුධය ආයුධයකින් විනා වෙනත් ආකාරයකින් පරාජය කල නොහැකි නිසා ආයුධයට හා එය දරන්නාට රිසි සේ ක්‍රියා කිරීමේ නිදහස ලැබේ. ලොව කිසිම යුද්ධයක් ජිනීවා සම්මුතියට අනුව සිදු නොවන්නේ එබැවිනි.
අප අත්දුටු 87-89 වැනිම තත්වයක් 2006-2009 උතුරේ ඇති වන්නට ඇත. ගල් කටස් එක්ක හැප්පෙන්න ඔතරම් මහන්සියක් ගන්න උනා නම් ස්ලින් ගුවන් යානා දක්වා ගිය සංවිධිත යුධ යන්ත්‍රයක් එක්ක හැප්පෙන්න තව මොනවා කරන්නට ඇතිද?
මේවා අස්සේ මිය ගිය දහස් ගණන් අහිංසකයින් ඇති. එහෙත් අවසානයේ කියන්නට ඇත්තේ පළමු වරදකරු නීතිය අතුරුදහන් කල කෙනා බවයි. නීතිය වෙනුවට ආයුධය සරණ ගිය ඔවුන් ලඟා කල ප්‍රතිපලය වනුයේ ඔවුන් නවතන්නට එවැනිම අවි බලයකට නිදහස ලබා දීමයි. අවියකට එරෙහි අවියක් යන පදනම තුල මේවා සිදුවීම පුදුමයට හේතු නොවේ.
කෙතරම් දූෂිත වුවද අප ජීවත්වන සමාජයේ සිවිල් නීති පද්ධතිය අප කෙතරම් ආරක්ෂා කරන්නේද යන්න මෙහි හරයයි. කිසියම් ගැටලුවක් ඇතොත් එය සිවිල් නීති පද්ධතියට එරෙහිව නොයා හැකි පමණින් එය තුල හිඳ විසඳා ගැනීම අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි.
සමාජය වෙනස් කරන්නට පෙර ලෝකාවබෝධය ලැබිය යුතුය. සමාජය වෙනස් විය යුත්තේ මිනිහෙකුට හෝ අවි දරන පිරිසකට ඕනේ දිහාවට නොවේ. තමන්ට මතය තාර්කික රාමුවකින් පෙරට ගෙන යා නොහැකි නම් එය අතහැර දැමිය යුතුයි. ලෝකය කොහොමත් අසාධාරණ ගොඩකි. එකෙකු එහි සාධාරණය කියා තනන්නේ වෙනකෙකුට අසාධාරණයක් ම පමණි.
යම්කිසි පිරිසක් අවි අරගෙන එන්නේ මේන් ස්ට්‍රීම් එකේ පරාජිත මතවාදයක් නිසාවෙනි. මේන් ස්ට්‍රීම් එකේ සාර්ථක මතවාද රාජ්‍ය බලයෙන් මර්ධනය කල නොහැක. එහි පරාජිත මතයක් කෙනෙක් අරගෙන යුද්ධ කරන්න ආවාට පස්සේ අවි බලය යොදා ගන්න එක හැරෙන්න විකල්පයක් නොමැත. දෙගොල්ලම කරන්නේ මිනි මරණ එකයි. එක පැත්තක් මැරුවේ නැතිනම් අනිත් පැත්තෙන් මරණ එක වැළකිය නොහේ. ඒ නිසා පළමු ඝාතකයා වැලකීම රටක හමුදාවක වගකීමක්.
ඒ නිසා ආයුධයක් ගෙන නීතිය අතුරුදහන් කරන්නා අදාළ නෛතික රික්තය තුල සිදුවන සියලු ක්‍රියා වලට මූලිකව වග කිව යුතු අතර, ඒ පාර්ශ්වය විශේෂයෙන්ම එහි නායකත්වය වනසා දැමීම අද්‍යතන මානව හැකියාවන් තුල කළහැකි එකම විසඳුමයි. 89 දීත් 2009 දීත් ඔප්පු වන එකම සත්‍යය එයයි.
ඉල් මහ සැමරිය යුතු මතකය එපමණකි.
ප.ලි. කැරලි මර්දනය යන ලේබලය යටතේ පාලක පක්ෂයක් කරන සියලු ක්‍රියා මින් සාධාරණීකරණය නොකරන්නෙමු. ක්‍රියාවේ බරපතලකම මත ඒවා ගැන පරික්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම සිදුවිය යුතුය. එහෙත් නීතිය අතුරුදහන් කල එකාට අවනීතියේ වැරැද්ද ගැන චෝදනා කරමින් වසරක් ගානේ හඬා වැටෙන්නට අයිතියක් නැත.

කොහෙන් හෝ ගෙඩිය පිටින් ගිල දැමූ තමාටවත් නොතේරුණ දෙයක් වෙනුවෙන් සමාජයක් පීඩාවට පත් කරමින්.. (සමාජය වෙනුවෙන්ම කරනු ලබන සටනක් යැයි අර්ථ දැක්වූවත්..)කරනු ලැබූ අනවශ්‍ය මොහොතක..අනවශ්‍ය අන්දමින් සිදු වූ සිදුවීම් රැසක්.. ප්‍රතිඵලය භිෂණය ගෙන ආ උන්ටම භීෂණයෙන් උත්තර ලැබීම...
ReplyDeleteසමරන්ට කාරණාවක් නෙවෙයි..හරි නම් දුක් වෙන්න ඕන... හරි කියලා හිතාගෙන තමන්ගේම පංතියේ මිනිස්සුන්ව මරන්න තුවක්කු උස්සපු වරදට...
එහෙම නැතිව වරද කල උන් භීෂණයේම ගොදුරු වීම සමරන්නට තරම් කාරණයක් නෙවෙයි...
විප්ලවයක් යනු අවි බලයෙන් බලයට පත් වීම පමණක්ම යැයි සිතීම නිවැරදිද..?
කොයි දේටත් කාලයක් තිබේ. සුදුසු මොහොතක් තිබේ... බලහත්කාරයෙන් ගස් පීද්දවිය නොහැක.. එසේ පීද්දූවද ලැබෙන්නේ විකෘති ඵලමය...
[[එහෙම නැතිව වරද කල උන් භීෂණයේම ගොදුරු වීම සමරන්නට තරම් කාරණයක් නෙවෙයි...]]
Deleteසිදු වූ සිද්ධි වලින් ස්වායත්ත ව එක්කෙනෙක් මරා දැම්මෝ කියා කෑ ගහනවා. මේක ඒ අයගේ මතයෙන්ම කිව්වොත් සිද්ධි දාමයක ප්‍රතිපලයක්. මරපු උන්ට සාප කර වැඩක් නැහැ.
[[විප්ලවයක් යනු අවි බලයෙන් බලයට පත් වීම පමණක්ම යැයි සිතීම නිවැරදිද..?
කොයි දේටත් කාලයක් තිබේ. සුදුසු මොහොතක් තිබේ... බලහත්කාරයෙන් ගස් පීද්දවිය නොහැක.. එසේ පීද්දූවද ලැබෙන්නේ විකෘති ඵලමය...]]
විප්ලව කරන්නා විසින් කල යුතුම කාරණය නම් විප්ලවයෙන් පසු කරන්නට ඉන්නා දෙය මනා සේ පහදා දීමයි. එතැනදී බොහෝ විප්ලවකාරයින් ගෙන එන්නට සිතා සිටින්නේ තියෙන තත්වයටත් වඩා භයානක තත්වයකි.
ඊජිප්තුවේ ජස්මින් විප්ලවය කල ලිබරල් මතධාරීන්ගේ කරපිටින් ඉස්ලාමිය අන්තවාදය බලයට ආවාක් මෙනි.
පශ්වාත් විප්ලවීය යුගය බොහෝ විප්ලව කරුවන්ට අනුව "they all lived happily ever after" වර්ගයේ සුරංගනා කතාවක් පමණි.
This comment has been removed by the author.
ReplyDeleteබහුතර ජන මතය බෞද්ධාගම බලපෑමේන් ගොඩ නැංවී ඇති සමාජයක, හිංසාව,දඩුවම ආයතනගත කිරීම, බොරුවට හරි හැමදාම පන්සිල් ගන්න සිංහල බෞද්ධ සමාජය කෙසේ ජීරණය කර ගෙන ඇත්දයි සැකයකි.
ReplyDeleteබටහිට සමාජය ආගම හා නීතිය ප්‍රපංචය' සීසර් ගේ දේ සීසර්ටත්, දෙවියන්ගෙ දැ දෙවියන්ටත් දෙන්න' කියා ස්ව්‍යං මානසික සාධාරණයක් කල ගත්තද, බෞද්ධ සිංහල සමාජයට බුදුවදනේ එවන් පිහිටක් නොමැති වීම අයුධ අතට ගත් කොල්ලන් දෙස සානුකම්පිත බැලිමකට යොමු කලා.
කෙසේ නමුත් නීතිය හා රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය යනු එකක් නොව දෙකක් බව මයියාගේ පිලිගැනීමයි