Saturday, May 19, 2012

ඔක්සිජන් [තෙවර්ෂ පූර්ණ සමරුව]

තුන් වසරකට පෙර අප හුස්ම ගත්තේ අමාරුවෙනි. ඔක්සිජන් නොතිබුණි. නිතර හුස්ම හිරවීම සිදු විය. බාල මහලු බේදයකින් තොරව ජනයා මිය ගියහ.

ඔක්සිජන් ගෙනෙන ගමන එසේ මෙසේ එකක් නොවේ. නිර්භීත ජීවිත බොහෝ කැප කරන්නට සිදු විය. එසේ ජීවිත පූජා කලේ එකතැන් වුනේ අංග විකල වුනේ සිය කැමැත්තෙනි. අනික් එවුන්ගේ හෙට දවස වෙනුවෙනි. හුස්ම ගන්නට ඇති අයිතිය වෙනුවෙනි.

"හයියෝ ඔයා තාම ඔය පරණ කතාව ද කියන්නේ" වර්තමානය අසයී.

"මොනවාද ඔය තෙවසරකට පෙර ලැබුන මහා ලොකු බම්බුව?"

"දැන් මොකද්ද ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ? අද මොනවාද ලැබිල තියෙන්නේ?"

වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි. අනික් අතට හුස්ම ගැනීමේ නිදහස සිහි වන්නේ ඔක්සිජන් අහිමි වූ දිනයක පමණි.

මේ සටහන අර ශ්‍රේෂ්ට අමරණීය මිනිසුන් වෙනුවෙනි.

14 comments:

  1. අපි නම් මරණයේ ගැට්ටටම ගිහින් ආවේ . ගෙවල් ලඟත් බෝම්බ පිපිරුව . පොඩි එකී ඉස්සෙල්ලම ඉස්කෝලේ ගිය අවුරුද්දේ භාගයක්ම ගෙදර . දැන් මැරෙයි කියන බය නැතුව පාරක ඇවිදින්න පුළුවන්කම හදල දුන්න ..ඒ වෙනුවෙන් ජීවිතය පුද කරපු ..අතපය අහිමි වුන ඒ මිනිසුන් වෙනුවෙන් මගේ හදවතේ නම් ලොකු ඉඩක් මැරෙන කම්ම තියෙයි . ඔවුන්ගේ සමිපත්මයිනි ..ඔවුන් බිලි දී අපි ජිවත් වෙනවාට සමාවෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දී අපි ඒ අයට නය ගැතියි.

      මට මේ කැපකිරීම කරන්න බැහැ. මගේ හිත බයයි. මා වටේ යැපෙන්නෝ ඉන්නවා. මට සිහින තියෙනවා

      හැබැයි අපිට හිතෙන්නේ ඔවුන් එහෙම නැහැ කියලද? ඔවුනුත් අපි වගේම අය. ඔවුන්ටත් යැපෙන්නෝ ඉන්නවා. යුධ බිමේ ඉද්දිත් හිත යට සිහින තියෙනවා.

      ඒ හේතුව නිසා මේ කැප කිරීම තවත් තීව්ර වෙනවා.

      Delete
  2. /*වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි.*/ සහතික ඇත්ත... කීපදෙනෙක් හරි මතක තියාගමු...

    ReplyDelete
    Replies
    1. ඒ කිහිප දෙනාට ඔව්ව මතක කොරල ටොකු කන්න වෙන දවසක් එනවා ළඟදීම.

      Delete
  3. ශ්‍රේෂ්ඨ අමරණීය මිනිස්සු එක් ගෝත්‍රයකට නිදහස දුන්හ. එනිසා ඒ ගෝත්‍රයට හැමදා ඔවුන් ශ්‍රේෂ්ඨ අමරණීය මිනිසුන්ය.

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික චින්තනයෙන් දැන්වත් අත් මිදෙන්න.

      Delete
  4. පසුව මෙසේ සිතිණි. යම් මිනිස් පිරිසක් එක ගෝත්‍රයකට ඔක්සිජන්ද තවත් ගෝත්‍රයකට කාබන් ඩයොක්සයිඩ්ද දුන්නෝය. ඔක්සිජන් ලැබූ ගෝත්‍රිකයෝ ඔවුන්ට ශ්‍රේෂ්ට අමරණීය මිනිස්සු කීහ. කාබන් ඩයොක්සයිඩ් ලැබූ ගෝත්‍රිකයෝ ඔවුන්ට වේසිගෙ පුත්තු කීහ.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි......

      Delete
    2. මෙතන ඔබ ගෝත්‍ර ලෙස දකින්නේ ශ්‍රී ලංකාව හා බෙදුම්වාදී ත්‍රස්තවාදය නම් ඔබ හරි.

      ඇත්තටම කාටවත් කාබන් ඩයොක්සයිඩ් දෙන්න ඕනේ නැහැ. වැඩේ තියෙන්නේ මේ කස්ටිය කාබන් ඩයොක්සයිඩ් බෝම්බ හදලා පුපුරවපු අය නේ. ඔක්සිජන් පුළුස්සා විනාස කල අය.

      වෙන ඉතින් කොරන්න දෙයක් තිබ්බේ නැහැ.

      Delete
  5. අනුන් වෙනුවෙන් තමන්ගෙ අද දවස, තමන්ගෙ අනාගතය පූජා කරන මිනිසුන් ශ්‍රේෂ්ඨයින්. අනුන් වෙනුවෙන්, අනුන්ගෙ අනාගතය වෙනුවෙන්, කිසිවෙක් කිරීමට අකමැති කාර්ය කොටස ඉටු කරන්නට හිත හදාගැනුමත් පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම කුඩා කල පටන් පර පණ නැසීම වරදක් බව හිතන්නට පුහුණු කළ සමාජ කොට්ඨාශයකින් එන්නෙකුට එලෙස හිත හදාගැනුම අපහසුයි.
    තම ජන කොට්ඨාශය වෙනුවෙන් පමණක් නොව, ත්‍රස්තයින් බිහි කළ ජන කොට්ඨාශයද, තමන් පෙළන අනෙකුත් ජන කොට්ඨාශයන්ද වෙනුවෙන් සිය සිරුරු දන් දුන්, සිය ජීවිත දන් දුන් අපේ ත්‍රිවිධ හමුදා රණවිරුවන් ශ්‍රේෂ්ඨයින්මයි.

    සිය ජන කොට්ඨාශයේ දුප්පතුන්හට ත්‍රස්තවාදීන් වීමට පාර කපා, තමන් කැනඩාව, නෝර්වේ, ඕස්ට්‍රේලියා ආදී පහසු ජීවන ක්‍රම සහිත රටවලට පැනගත් පොහොසත් දෙමළ ජාතිකයින්ට "අපේ ජාතියේ රට" යයි ඒ රටවල වෙසෙන අනික් මිනිසුන්හට පෙන්වීමට රටක් නැතිකමට අපට කළ හැකි දෙයක් නැත. ත්‍රස්තයින් වෙනුවෙන් පෙනී සිටීම ඉට්ටැයිල් එකක් කරගත් "අන්තර්ජාතික" මානසිකත්වයෙන් යුතු මිනිසුන් වෙනුවෙන්ද අපට කළ හැකි දෙයක් නැත. ඔවුන් රට වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් කරන දෙයක්ද නැත.

    ReplyDelete
    Replies
    1. කොටි ප්‍රශ්නේ තිබ්බ ලොකුම අවුල ඔබ ඉතා කෙටියෙන් ලිව්වා "සිය ජන කොට්ඨාශයේ දුප්පතුන්හට ත්‍රස්තවාදීන් වීමට පාර කපා, තමන් කැනඩාව, නෝර්වේ, ඕස්ට්‍රේලියා ආදී පහසු ජීවන ක්‍රම සහිත රටවලට පැනගත් පොහොසත් දෙමළ ජාතිකයින්". මේක ප්‍රොක්සි යුද්ධයක්. කවුරුන් හෝ වෙනුවෙන් වෙන කවුරුහරි දම්මලා කරපු.

      නලිනි ඔය ලිස්ට් එකට අලුතින් එකතු වෙනවා "ඒ මිනිසුන්ගේ මරණය මත පූජනීය වී තම පුද්ගලික අරමුණු වෙනුවෙන් ඔවුන් විකුණන පාලකයිනුත්"

      Delete
  6. මේකට ලියන්න දේවල් ගොඩයි..ඒවා ලිව්වොත් කමෙන්ට් එක පෝස්ට් එකක් වෙනවා...

    ReplyDelete
  7. රාවණා රජතුමාගේ කාලයේදී ඔක්සිජන් නැමැති වචනයවත් නොතිබුණි. හෙළ යකෙක් වීම ගැන ආඩම්බර වන්න.

    ReplyDelete
    Replies
    1. ඔක්සිජන් = ඔක් + සි + ජන්

      ඔක් කියන්නේ ඔක්කොටම. සි කියා කෙටි කරන්නේ ශක්තිය හෙවත් සවිය. ජන් - ජනනය කරන්නා

      ඒ කියන්නේ ඔක්කොටම සවිය ජනනය කරන්නා. මේ වදන හෙළ වදනක් දරුවා. ශ්‍රී ලාවන යුගයේම ඔය වදන අපේ රටෙන් හොරකම් කරගෙන ගිහින්. ඊට පස්සේ අලුතින් අපිටම කියා දෙනවා.

      එදා අපේ පැරණි හෙළ යක් පරපුර සයිල තුල සිදුවන ශක්ති ජනන ක්‍රියාවලියට ඔක්සිජන් වලින් කරන කාර්යය දන හුන්න බවට මේ සාක්ෂි. ආඩම්බර වෙන්න [හෙට පස් දෙනෙක් එක්ක මූනට හම්බු උනාම උඩ බලන් යන්න]

      Delete