තුන් වසරකට පෙර අප හුස්ම ගත්තේ අමාරුවෙනි. ඔක්සිජන් නොතිබුණි. නිතර හුස්ම හිරවීම සිදු විය. බාල මහලු බේදයකින් තොරව ජනයා මිය ගියහ.
ඔක්සිජන් ගෙනෙන ගමන එසේ මෙසේ එකක් නොවේ. නිර්භීත ජීවිත බොහෝ කැප කරන්නට
සිදු විය. එසේ ජීවිත පූජා කලේ එකතැන් වුනේ අංග විකල වුනේ සිය කැමැත්තෙනි.
අනික් එවුන්ගේ හෙට දවස වෙනුවෙනි. හුස්ම ගන්නට ඇති අයිතිය වෙනුවෙනි.
"හයියෝ ඔයා තාම ඔය පරණ කතාව ද කියන්නේ" වර්තමානය අසයී.
"මොනවාද ඔය තෙවසරකට පෙර ලැබුන මහා ලොකු බම්බුව?"
"දැන් මොකද්ද ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ? අද මොනවාද ලැබිල තියෙන්නේ?"
වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි. අනික් අතට හුස්ම ගැනීමේ නිදහස සිහි වන්නේ ඔක්සිජන් අහිමි වූ දිනයක පමණි.
මේ සටහන අර ශ්‍රේෂ්ට අමරණීය මිනිසුන් වෙනුවෙනි.