Tuesday, May 10, 2011

Adoption instead of Abortion

[වජිරදේවියගේ  සටහනකට දැමු පිළිතුරක්. සංකල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙහි ද පළකරන්නේ]

ගබ්සා ගැන කෙල කෝටියට කට්ටිය වාද කරන ලෝකෙක අපි ඉන්නේ. සමහර අය හිතන හැටියට ලිබරල් වාදයේ හා නිදහස් චින්තනයේ සංකේතයක් මේක. ඒ වගේම ආගමික අන්තවාදීන් මිනි මරාගන්න මාතෘකාවක්. ලංකාවේ නම් ගබ්සාව, ළදරු ඝාතන, බිලිඳුන් මග දමා යාම කියන්නේ එකම යක්ෂයාගේ ජිවන චක්‍රයේ තුන් අවධියක්.

ගබ්සාව කියන්නේ තහනම් කලයුත්තක් නොවෙයි. එහෙත් බාහිර සාධක මත කරන සියලු ගබ්සාවන්ට මා නම් විරුද්ධයි. කලලයක් දරුවෙකු වන නිශ්චිත දවසක් කියන්න බැහැ. ඕක දෙවියන් වහන්සේ ජිව දානය කරන දවසද, ගන්ධබ්බයෙක් පිළිසිඳ ගන්න දවසද, යනාදී වශයෙන් ගිරව් වගේ කියවනවා මිස විද්‍යාත්මකව කිව නොහැක්කක්. ඉතින් ගබ්සාව පාර්ශ්වීය මිනි මැරුමක් [0-100 අතර අගයක් සහිත].


ගබ්සාව කලයුතු අවස්ථා තියෙනවා. බිහි වුනොත් දුක විඳලා මියයන කලලයක්, මවට ජිවිත හානි ගෙන දෙන බව ස්ථිර වන අවස්ථා වගේ ඒවා. මේවා වෛද්‍ය නිගමන විය යුතු වනවා සේම, අන්තවාදී නොවී පිළිගැනීමත් අපේ යුතුකමක්. මොකද උපද්දන දරුවා දුක් විඳින එකට අපට වග කියන්න වන නිසා.

ඒත් ගබ්සාව කොස්මටික් ඔපරේෂන් එකක් වගේ හිතන සමහරුන් ගැනත්, ගෑනිගෙන් තව ආතල් ගන්න කොටපාරක් වගේ දකින උන් ගැනත්, වෙන වෙන සමාජ සිද්ධි නිසා කරන හා කරන්න බල කරන එවුන් ගැනත් මගේ තියෙන්නේ පිළිකුලක්.

ලංකාවේ නම් ගබ්සා බොහොමයකට හේතුව [අවිවාහක] පියා පිතෘභාවය ගන්න අකමැති ගැබ් ගැනීම්. ගබ්සා විතරක් නොවේ ළදරු ඝාතන හා මග දමා යාම් වලටත් මුලික හේතුව මේක. තමන්ට අනවැසි දරුවන් පාලිත ක්‍රමවේදයක් තුල දරුවන් නැති අයට දෙන්න පුළුවන් නම් [නිත්‍යානුකුලව] ගබ්සා, ළදරු ඝාතන, මග දමා යාම් කොච්චර අඩු කර ගන්න පුලුවන්ද?



අදටත් ලංකාවේ "විසි කරන්නට දරුවන් හැදෙනා" [නන්දා මාලිනිය කිව්වේ "හදනා" කියලා, නමුත් ප්‍රායෝගික ඇත්ත නම් මෙය හිතා මතා ම කරන්නක නොවීමයි] බොහෝ විට උන්ගේ පණ බේරෙන්නේ නීතියට හොරෙන් ඒ දරුවන් අරන් හදා ගන්නා ජිව විද්‍යාත්මකව දරුවන් හැදිය නොහැකි දෙමව්පියන් නිසා යි. අනේ මේ රහස රැක ගන්න උන් විඳින දුකක්. නීති ගත කළා නම් කොච්චර දෙයක් ද?


ලංකාවේ කාන්තා, ළමා, මානව අයිතීන් ගැන කතා කරන අයටත් මේ පොයින්ට් එක මිස් වෙන්නේ ඇයි?

ස්ලෝගන් එකකුත් ඕනනං දෙන්නම් "Adoption instead of Abortion" 

2 comments:

  1. යථාර්තය කටුකයි සහෝදරයා... අදින් පසු http://vajiradevi.blogspot.com/ වෙබ් ලිපිනයෙන් වජිරදේවිගේ ලිපි සමඟ එකතු වෙන්න.

    ReplyDelete
  2. @වජිරදේවි;

    ආවාට ස්තුතියි.

    යතාර්ථය කියන්නේ යතාර්ථය. එයට සංසන්දනාත්මක උපමා දෙන්න අමාරුයි. ෆැන්ටසිය සුන්දර නම්, ඉන් පිටත නොබලා එකේම හැංගිලා ඉන්නවනම් එක පාරට අල්ලලා පොළොවේ ගැහුවම යතාර්ථය කටුකයි කියා හිතෙනවා. අභිනික්මන් කරන්නත් ඉඩ තියෙනවා.

    ඒකනේ හැමදාම මඩ පොළොවත් එක්ක ඔට්ටු වෙන පොලොසියෙන් ගුටි කන මුඩුක්කුවේ ලගින එකෙකුගෙන් සිද්ධාර්ත කෙනෙක් බිහි නොවන්නේ.

    මගේ උත්සාහය යථාර්ථයේ මේ සාපේක්ෂ ස්වභාවය ගැන විස්සෝප වෙනවාට වඩා, හෙට දවස වඩාත් සුවපත් කරගන්න මට හැකි දෙයක් කරන්න. [ඇත්තෙන්ම මේ ගැන බ්ලොග් සටහනක් ලියනවට වඩා මහා දෙයක් මටත් කරන්න බැහැ. මමත් තවත් එක මනුස්සයෙක්.] වඩාත් කිව්වේ උපරිමය නොවේ. හෙටත් වැඩක් තියෙයි අනිද්දා ඊට වඩා යහපත් කරගන්න.

    මොකද ඔයාගෙම බාසාවෙන් කිව්වොත්; මේ අසු කෙළක් මනුස්ස ප්‍රාණීන් යතාර්තේ ෆැන්ටසියත් එක්ක සමපාත නොවන නිසාවෙන් වෙන විස්සොපෙට පිළියම් හොයන්න කියලා නටන නාඩගම නවත්තලා, යතාර්තේ මොන රෙද්දක් හරි කමක් නැහැ අපි ඒක වඩා යහපත් කරමු කියලා හිතුව නම් ලෝකය මිට වඩා සුවපත් තැනක්.

    ReplyDelete