2015 ජනවාරි අට වැනිදා පොරොන්දු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නයි. එහෙත් එය සිදු වූ ආකාරය ඔබ දන්නවාද?
පොරොන්දු ප්‍රකාරව ගරු ජනාධිපති තුමා බලය ගත් වහාම එනම් දිවුරුම් දුන් වහාම සිදු කර ඇත්තේ තම විධායක බලතල අහෝසි කිරීමයි. එහෙත් තවදුරටත් එතුමා ජීවත් විය යුතු නිසා තනතුරට සම්බන්ධ සුළු සුළු යැපීමට අවශ්‍ය අවම දේවල් එනම් බෝල් පොයින්ට් පෑනක්, ජොගින් සූට් එකක් වගේ විශාල දේවල් හෝ බෙන්ස් කාර් රට සපත්තු වැනි සුළු දේවල් කීපයක් එතුමාගේ අවම පැවැත්මට ඉතුරු කරගෙන ඇත. අහෝසි කරන එකේ අමුතුවෙන් කියන්න දෙයක් නැති නිසාත් එතුමා ෂෝ එකට දේවල් කරන කෙනෙක් නොවන නිසාත් මෙය ලොකුවට රටට දැනුම් දුන්නේ නැත. කෙසේ වෙතත් දැනට විධායක ජනාධිපති ධුරයේ එතුමා කටයුතු නොකරයි
එහෙත් තම අවංක භාවය නිසා කලබලේට අහෝසි කළ ද අගමැති වරයාට බලතල පවරන්නට එතුමාට අමතක විය, ඒ නිසා තවම ඉන්නේ නාමික අගමැති වරයෙකි. ඔහු හුදෙක් පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවන ආණ්ඩුවේ නාමික නියෝජිතයෙකි. තනතුරේ කටයුතු එලෙසින්ම ඉටු කරන එතුමා පාර්ලිමේන්තු සංවාද වල විකට කතා කීම [ඒ තුලින් එහි මොරාල් එක පවත්වා ගන්න පිළිවන] සහ විදෙස් රටවල ආණ්ඩුව නියෝජනය කරමින් සංචාර කිරීම සිදුකරයි. ඊට එහා දෙයක් කරන්නට එතුමාට බලයක් නැත. විධායක බලතල පවරා දී නැති නිසාය.
විධායකයේ ඉතිරිය කැබිනට් එකයි. ප්‍රකාශකයින්ම බරගානක් ඉන්නා මේ මෙගා කැබිනෙට්ටුවේ ඇමති වරු තමාට පැවරුණු බලතල පාවිච්චි කරති එහෙත් විධායක ජනාධිපති කෙනෙකු නැතිනිසා ඔවුන් අතර නිසි එකාග්‍රතාවයක් නැත. තනි තනිව ගන්නා තීන්දු විවාදාත්මකය. උදාහරණයකට ගංවතුර අවස්තාවක ආපදා ඇමතිවරයා සිතුවේ අඩු මිලට ගුවන් ටිකට්ටුවක් ලැබෙන තුරු ඇමරිකාවේ මහ මග බස් හෝල්ට් එකක නිදා ගැනීමටයි. මහජන මුදල් ඉතුරු කිරීම ආපදා කලමනාකරයට වඩා වටින බව ඔහුගේ මතයයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සිතන්නේ තමා නියෝජනය කළ යුත්තේ අධ්‍යාපනය විකුණන වෛද්‍ය විද්‍යාලය බවයි. ක්‍රීඩා ඇමති තුමා ක්‍රිකට් නගා සිටුවීමට හොඳම පන්දු යවන්නාට තරග තහනමක් දුන්නේය. මේවා විධායක ක්‍රියා වන නමුත් ජනාධිපති තුමා තනතුර හැර ගිය නිසා නිසි මෙහෙයවීමක් නැති කමින් ඒවා එතරම් නිවැරදි නැත.
දැන් සාලාවේ සාමසර කන්දේ ගංවතුරේ කුණු කන්දේ බණ්ඩාරවෙල මිනිස්සු පාරට බැස ඉල්ලුවාට විසඳුම් දෙන්නට හැකියාවක් නැත. විධායක ජනාධිපතිතුමා බලතල හැර ගොසිනි. ඒ යද්දී අගමැති තුමාට බලතල පවරා දෙන්නට අමතක වී ගොසිනි.