එකලැ එම දීපයෙහි රජ සබ වරණය උදෙසා අඬබෙර ගැසුම් නවත්නා දින පැමිණියේ යැ. ජයන්තිය අතින් මැ සාදා දුන් බෙලිමල් බඳුනෙක රහ බලන මෙත්පල්හු විජරම් නිවස්නේ නෙක පැහැ විසිතුරු පුෂ්ප විකසිත පඳුරු අතෙර මද සක්මනෙක නියැලුණහ. එකෙණෙහි එක වරම මහා හඬින් ගෝරනාඩුවෙක් ඇසුණි.
"එම්බා නරය"
අනුන්ගේ පුරෝහිත කමින් රජකම් කලත් සකල ශ්‍රිලන්කාධීශ්වර වූ මෙත්පල්හු මේ ඇමතුමෙන් පුදුමයට පත් වැ වට පිට බැලූහ. මිනිස් පුලුටෙක් නැති.
"තොප කවුද?"
"තට මා කවරෙක්දැයි දැන ගැනුම පලෙක් නැති. මා කියන්නක් අසව. නැතහොත් මම තගේ හිස මෝරුන්ට කන්නට දමමි. සිරුර සූට් කේසයක දමා රථ නැවතුමේ තබමි"
පියස්ධිය ද විසුරුවා ලූ කලැ මේ නම් සැබෑම තර්ජනයෙකියි බියට පත් මෙත්පල්හු සැලෙන හඬින් තොපට අවැසි කුමෙක්දැයි විමසීය.
"තා නමට පමනෙක් නයුවෙකු වන සන්ධාන නම් පසෙක් වෙද ?"
"එසේ යැ"
"එහි ලෙහෙකම් කරන පෙම්ජයන්තයා නම් පුඟුලෙක් වෙද"
"එසේ යැ"
"තා වහා ඒ පෙම්ජයන්තයා ලෙහෙකමින් පහ කරව"
".... කෙ ... කෙසේ නම් එය කරම්ද? මා හට කුනුහබෙන් ඇසුමට වන හිටන් යැ"
"තා එසේ නොකලත් උහු තට තෙපලන්නේ කුනුහබෙක්මැයි නරය. තට හැව්ලොකයේ රිය අනතුරෙක් රිසි ද?"
"න් ... නැත නැත ස්වාමිනි. මම වහා එසේ කරමි. එ ද මා ඉනික්බිති ලෙහෙකමට ගන්නේ කවරෙක්ද?"
"වණපලයා ගනුව"
"මොකා... "
"වණපලයා බොල වණපලයා, විසුවා වණපලයා තට තාගේ කුමාර සමයේ කෙළිදෙළෙන් එකම කැබිනෙට්ටුවේ හුන් මිතුරු තෙම අමතක ද?"
"විසුවා වණපලයා. මා උන්නේ ඌ මියැදිලා කියා හිටන් යැ. මේකා තවමත් යෙහෙන් සිටීද?"
"කට කට නරය. තා ඌට කලින් මැ වාලුකා ගාමාගමනයට රිසි ද?"
"කමා කරනු මැන ස්වාමිනි. මම වහාම ඒ විසුවා වණපලයා ලෙහෙකමයා කරමි හිටන් යැ"
"කදිමයි නරය."
රුව නුදුටු මුත් මේ හඬ නම් යකෙක්ගේ මැ යි සිතා රක්තාක්ෂියා දුටු සේ බියට පත් මෙත්පල්හු වහා ශිරාලයා බණවා ලිපිය ලියා එය සන්ධාන පසටැ යැවී යැ. එකෙනෙහිම මුළු දීපයේ මැ බයි දනෝ කැලැඹුමට ද ටොයි දනෝ ප්‍රීති ප්‍රමෝදයට ද පත්වැ මහත් කලබල ද සැණකෙළි ද කරන්නට වන්හ. ඒ මහා ගෝෂා මැද විජරම් නිවස්නෙහි මනාකොටැ වැඩුණු පුෂ්ප විකසිත පඳුරෙකින් මෑත් වැ පැමිණි විසුවා වණපලයානෝ මෙත්පලුන් දෑත් පටලාගෙනැ පිය මිතුරු සම්භාෂණයෙන් උහු අමතන්නාහු
"මා පිය මිතුරු පස්වාන් දහසකටැ බුදුබව කපන ලද මෙත් පලුනි කිමැ මට එන්නට කීවේ"
"මා මිතුරු වණපලෙනි, මා තව මැ තට එන්නට කීවේ නැති. එ ද ශිරාලයා බනවා එසේ කීමට සිතා උන්නෙමි. තා කෙසේ නම් මගේ සිත කියවූයේද කියා නොම දනිමි හිටන් යැ"
"ඒ මන්ද එසේ කරන්නට උන්නේ?"
එවිට මෙත්පලුන් සතර දෙසැ බලා අත්ලෙන් කට වසාගෙන රහසින් තමන්ට වූ අකරතැබ්බය පැවසී යැ.
"ඉදින් ඒ නොදුටු යක්ෂයා මා මරන්නට පෙර මම තට ලෙහෙකම දුනිමි"
"නැත නැත මෙත්පලුනි ඒ යකෙකු නොවේ. මා දිසාපාමොක් සමයේ කෙළ පැමිණි එක් මතුරෙක් වෙයි. එම මතුර මා නමින් වණපල් මතුර ලෙස පකට යැ. ඒ මතුරට අනුවැ මා හට ලෙහෙකම දෙන්න කියූ ඒ යක් තෙම ද මා මැ වන්නෙමි" කී යැ
"බම්බුවක් වෙ ද වණය, දැන් සිරිලක් නිදහසේ මුළු මහත් උදහසම මා මත පතිත නොවන්නේද? තා මා ලූ අමාරුවෙක මහත හිටන්" යැයි උරණ වැ පවසන මෙත්පල්හු වහා ඇණිබලිය අමතා කල යුතු දේ විමසී යැ.
සෝබිතයාගේ තැටියේ රොටි පුච්චා පුරුදු ඇණිබලිය මේ තැටියේද උණුහුම බලා "එසේනම් තා සිරිලක් නිදහසේ ලෙහෙකම් දරන අනුර පියදසුන් යහපුන් ද නෙරපා ඒ තැනට මා කීකරු දුමිඳුන් පත් කොට උන්ගේ උදහස ද චකබ්ලාස් කොරව" යැයි ඒ තැටියෙන්ද රොටියක් පුළුස්සා ගත්තා යැ.
එනයින් වණපල් මතුර රිමික්සුව නිමියේ යැ.